Weird Kid Has Fall in Love

Weird Kid Has Fall in Love

Vinuradi
සොඳුරු ආදර අන්දරය


කොහොමද මගේ ආදරණීය රසික රසිකාවියනේ.මං ඔබට සාදරයෙන් පිරිනමනවා මගේ දෙවනි කතාව


❣️Weird Kid Has Fall in Love❣️


ඉතින් මගේ පලමු කතාව A Strange Marriage කියවලා නැත්තම් ඒකත් ගිහින් කියවලම එන්න(අන්තිම කොටස් තාම නෑ හොඳේ).මේ කතාවට ඒකේ සම්බන්ධයක් නෑ තමයි anyway මේක තමා මගේ දෙවනි කතාවේ හඳුන්වාදීම


THE හඳුන්වාදීම

+++++++++++++×++++++++



____________

මං ආසයි හිරු වෙන්න ඇයට මාව දකින්න නොහැකිවුනත් මට පුලුවන් ඇයට නව දවසක් ගෙන දෙන්න....


මං ආසයි සඳු වෙන්න රාත්‍රියේ ඝන අඳුර මකා ඇගේ මුවගට සිනාවක් ගේන්න....


මං ආසයි ඇගේ මාලය වෙන්න එවිට මට පුලුවන් ඇගේ පපුවට තුරුලු වෙලා ඉන්න....


ඔව් මං ආසයි ඇයගේම වෙන්න.මතු භවයන් සියල්ලේම ඇගේ වෙන්න....


නමුත් මට බියයි.මගේ ළඟම සිටින යක්ෂයන්ට ඇය බියවෙයි කියා....


නමුත් මට බෑ හංගන්න මං ඇයට කෙතරම් ප්‍රේම කරනවද කියා....

______________


හැමෝගෙම පන්තියක අමුතු ලමයෙක් ඉන්නවා අමුතු වැඩ කරන .මගේ පන්තියෙත් එහෙම ලමයෙක් හිටියා.එයා වැඩිය කතාවට එන්නෙ නැහැ.ආවත් එයා සමහරවෙලාවට කියවන්නේ මහ අමුතු දේවල්.කරන්නෙත් අමුතු දේවල්.කවදාවත් එයා හරියට හිනා වුනෙත් නෑ. ඒ අමුතු ජීවිතය මගේ ජීවිතයට මෙච්චර ලං වෙයි කියලා මං හිතුවේ නෑ


××××××××××××××××××××××


මගේ පන්තියේ ගැහැනු ලමයෙක් හිටියා.ඇය තනිකරම කලේ පිස්සු වැඩ.ඇයට තිබ්බේ මට කවදාවත් අමතක නොවෙන හිනාවක්.මට නොදැනිම මං ඒ හිනාවට ආදරය කලා.ඇය ජීවිතය ගැන හිතුවේ හරිම සැහැල්ලුවෙන්.මටත් නොදැනීම මං ඒ හිතට පෙම් බඳියි කියලා මං හිතුවේ නෑ


×××××××××××××××××××××


මේ අපේ කතාවයි.හිතූ දෙවල් නොවෙන ලෝකෙක හිතුවේ නැති විදියට ආදරයක් පටන් ගත්ත කතාවයි


××××××××××××××××××××××



_______________________________

ප්‍රධාන චරිතත් මං හඳුන්වලා දෙන්නම්කො


ලිලියානා ඇන්ඩර්සන්:-

අපි මෙයාට ලිලී කියමු.ඇත්තටම මෙයාගැන කෙටියෙන් විස්තර කලොත් මෙයා පිස්සු කෝච්චියක් වෙලාවකට කොරන්නෙත් පිස්සු වැඩියි.ගොන් ගහක් මෙයා.ඒ වුනාට ලස්සන කෙල්ලෙක්


ඊතන් වෙල්සන්:-

මෙයා නම් රහස් ගොඩක් හංගන් ඉන්න කෙනෙක්.මට මෙයා ගැන කියන්න පුලුවන් එකම දේ මිනිහා හොඳ කවිකාරයා.තව මෙයා ඉන්නේ ලිලීට එහාපැත්තේ


ජොහානා ජේකබ්:-

ලිලීගේ පාපතර බෙස්ටියා තමා මේ ඉන්නේ.ගැලපෙන අය හමුවෙනවා කියන්නේ ඒ වගේ මෙයත් ලිලීට සෙකන්ඩ් නෑ තනිකර ගොං ගහක්.අපේ ජොහානාට හැමදාම ක්රශ් කේස්.මෙයාගේ ක්රශ් එක ගැනත් මං කියන්නම්


පීටර් හැරිසන්:-

ජොහානාගේ ක්රශ් නම්බර් 01 ලිලීගෙයි ජොහානාගෙයි හොඳ මිත්තරයෙක්.ජොහානාට නම් මිනිහා යාලුවෙක් වගේ සලකන්නේ නෑ


ජෝන් හැරිසන්:-

ජොහානාගේ ක්රශ් නම්බර් 02 බයවෙන්න එපා ජොහානාට ක්රශ් දෙකයි ඉන්නේ.මෙයා පීටර්ගේ සහෝදරයා.හරි වැඩේනේ


ජොහානා මේ දෙන්නට කැමතියි වගේ තමා මේ දෙන්නත් ජොහානට ලව්.ඉතින් දෙන්නා ජොහානා වෙනුවෙන් මරාගන්නවා.අපි බලමුකො මෙයාලගේ ආදරේ කොහොම වෙයිද කියලා


මට හිතෙන විදියට ජොහානායි,පීටරුයි,ජෝනුයී



ඉතින් මෙයාලා තමා කතාවේ ප්‍රධාන චරිත


මේ කතාවේ ආදර කතා දෙකක් තියෙනවා හොඳේ.කතාව ස්පොයිල් නොකර තමා මං හැඳින්වීම හැදුවේ.මේක වෙනස් කතාවක් කරන්නයි මට ඕන ඒ කියන්නේ සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි වෙනස්ම වෙනස් ආදර කතාවක්


මේ කතාව කුණු ගොඩක්දෝ කියලා හිතෙනවා.කියවලම බලන්නකෝ


A Strange Marriage කතාවේ අවසාන කොටසින් පසු මේ කතාව බලාපොරොත්තු වන්න



මේ කතාවට මං ඔයාලගෙන් කමෙන්ට්ස් වැස්සක් බලාපොරොත්තු වෙනවා.



_____________________________________

තව අනිවාර්යයෙන්ම කිවයුතුයි මේ කතාව ඔයාට කියවන්න ලැබෙන්නේ කතා ලෝකයෙන් පමණක් බව

______________________________________


එහෙනම් A Strange Marriage කතාවේ අවසානයට පසු නැවත මේ කතාවෙන් ඔබව හමුවට එන මම


Vinuradi💚


Bye 👋👋

Report Page