WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-12-5


9 - කොටස 


" අපෝ නන්ගි ඔයා නම් ඩොක්ට කෙනෙක්නේ ඔයාටනේ වැඩ තියෙන්නෙ මේ මල් කඩයක් කරන කෙනාට මොන වැඩද අනේ. ඕන නම් ඔය හම්බෙන කීයක් හරි නැතුව යයි ඒත් නෑ තව කෙනෙක් ඉන්නෙ කඩේ බලාගන්න. අනික ඉතින් ඔය හම්බෙන සොච්චම නැති වුනා කියලා පාරේ හිගා කන්න වැටෙනවා කියලා වැයි"

" දේව් මූ දැන් නම් ඉල්ලලා කන්න යන්නේ "

" මුකුත් නොකියා බලන් ඉදපන් මේකා කොහොමත් අහක යන නයි රෙද්ද අස්සේ දාගන කනවෝ කනවෝ කියන්න ආසයිනේ ගෝතයා "


අශේන්ගේ කතාවත් අවීගේ මිට මෙලවෙන අතත් දැක්ක ෂෙහාන් දේව්ගේ කනට කරලා හිමින් එහෙම මුමුණද්දී දේව්ත් කාටවත් නෑසෙන විදියට පිලිතුරු දුන්නේ අශේන් කියන්නෙ ගලේ ගහලවත් හදන්න බැරි කෙනෙක් බව දන්න නිසාමයි. ඉතින් කොල්ලො තුන්දෙනාට තිබුණේ සිද්ද වෙන්නේ මොකක් වුනත් නිහඩවම ඒ දිහා බලාගන රස විදීමයි. තවත් අවී ගැන මොන මොනාදෝ කියන්න ගත්ත නිසාම කෙල්ල මේසේ මත තිබුණ වතුර වීදුරුව අතට ගද්දිම දිනුකත් අදීශත් කෙල්ලගේ ලගින් අඩියක් පස්සට වුනා. කොල්ලො දෙන්නටම එකපාරටම සිහි වුනේ දහවල් කෙල්ල දිනුකගේ ඔළුවට වතුර විදුරුව හලපූ විදිහ. 


" හරි උබට ඇදුන ටිකට් එක ඔන්න දැන් අරූට ඇදෙන්න යන්නේ " දිනුකගෙ උරහිස උඩින් බලන ගමන් අදීශ එහෙම කියද්දී දිනුකත් කෝකටත් තවත් අඩියක් පිටුපසට වුනා. 

" ඒ අදීශයා කිව්ව කතාව මතකනේ කෝකටත් ඔන්න ඕකට ඕන මගුලක් කරගන්න කියලා පස්සට වෙයල්ලා "


වෙනුක හිමින් එහෙම මුමුණමින් දේව්ගෙත් ෂෙහාන්ගෙත් උරහිසට උඩින් අත්දෙක දාගන කොල්ලො දෙන්නව පිටිපස්සට කරත් අශේන් නම් තාමත් අවී එක්ක එල්ලෙන්න මගක් පාදන ගමන් ඉදියේ. කෙල්ලගේ ඉවසීමේ සිමාවත් උපරිමයෙන් පැනලා තියෙද්දී අශේන් නවත්තන්නේ නැතුවම කෙල්ල එක්ක එල්ලෙන්න යද්දී සමාධි බය වුනේ කෙල්ල මේ පාර වතුර විදුරුවෙන්ම කොල්ලට දමලා ගහයි කියලා.

ඒ නිසාම සමාධි කෙල්ලගේ උරහිසට අතක් තියලා ඇස්වලින් සන්සුන් වෙන්න කියලා ඉගි කරද්දී කෙල්ල අතේ තිබුණ වතුර විදුරුව එක හුස්මට හිස් කරලා දැම්මේ සමාධිත් අශේන් ඇර කොල්ලො පස්දෙනත් හොද හුස්මක් අරන් පිට කරද්දී. ඕනම කෙනෙක් දකිද්දී ඒ කෙනාගේ චරිත ලක්ෂණ තේරුම් ගන්න පුළුවන් වුන දේව්ට වුනත් එවලේ හිතුනා කෙල්ල වතුර විදුරුවෙන්ම අශෙන්ට දමලා ගහන්න ඉඩ ඇති බව ඒ නිසාමයි අවී වතුර වීදුරුව එක හුස්මට හිස් කරලා දාලා සන්සුන් වෙන්න දගලද්දී දේව් සැනසුම් හුස්මක් හෙලුවේ.


" ඒ වෙනුක මම නම් හිතුවේ අද අරූ ඉවරයි කියලා "

" මාත් බන් ෂිට් ඒ වුනාට කෙල්ලට ඔකෙන් මූට දීලා අදින්න තිබ්බේ මොලේ පෑදෙන්නත් එක්ක ආ දේව් එහෙම ගැහුවා නම් කෙල්ලව හිරේ දාන්න පුළුවන් ද "

" මොකක් "

" ආ උබ වැඩක් නෑ උබත් ඉතින් අරූ වගේම හොරාට සල්ලි දීලනේ පොලිසියට බැදුනේ ෂෙහාන් උබ දාඩිය කදුළු හෙලලා පාඩම් කරලා නේද ලෝයර් කෙනෙක් වුනේ උබ කියපන් අවීනි අශේනයට අර වතුර විදුරුවෙන් ගැහුවා නම් කෙල්ලව හිරේ දාන්න පුළුවන් ද "

" දැන් තෝ කට වහගත්තේ නැත්තන් මම උබව හිරේ දානවා වෙනුක එතකොට නම් ෂෙහානයටවත් බැරි වෙයි උබව බේරගන්න"

" බයවෙන්න එපා දේව් මගේ බල්ලවත් එන්නෙ නෑ මූව බේරගන්න "


දේව් ඇස් දෙකත් හීනි කරලා වෙනුක දිහාම බලාගන කොල්ලෝ දෙන්නට ඇහෙන විදියට විතරක් එහෙම කීවා. ෂෙහානුත් වෙනුක දිහා බලලා නෝන්ඩියට හිනාවෙමින් ඊට පිලිතුරු දෙද්දී වෙනුක කොල්ලෝ දෙන්නම දිහා බලන් ඉදියේ සමච්චල් පෙනුමක් මූණට ආරූඪ කරගන.

මේ අතරේ අශේන් නොන්වත්වම අවීව කේන්ති ගස්සන්න විවිධ දේ කියමින් විහිළු කරද්දී මීට සුළු මොහොතකට පෙර මහසෙන් නිමාලි යුවල විසින් කපපු කේක් එක ටිනා එතනින් අරන් යමින් ඉදියා. අශේන්ගේ වචන වලට උපන් කේන්තිය ඉහ වහා ගිහින් ඉදපූ කෙල්ල ටිනාගේ අතින් කේක් ගෙඩිය තබා තිබුණ බන්දේසිය උදුරගන කොල්ලගේ මූණ පුරාම කේක් එක අතුල්ලලා දැම්මේ කෙල්ලො දෙන්නත් කොල්ලො පස්දෙනත් පුදුමෙන් කෙල්ල දිහත් අශේන් දිහත් බලාගන ඉද්දී.


" අර වතුර වීදුරුවෙන්ම ගැහුවා නම් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද ෂෙහාන් මීට වඩා අපරාදේ කේක් එක බන් මේ වගේ බුරුවෙක්ට ගහලා නාසිති කරානේ "

" ඔච්චරම අපරාදේ නම් ගිහින් අරූගේ මූන ලෙවකාපන් ඇයි යකො "


වෙනුක ෂෙහාන්ගේ කනට කරලා මුමුණද්දී කොල්ලා රවන ගමන් වෙනුකට එහෙම කීවත් වෙනුකගේ අදෝනාවේ නම් අඩුවක් වුනේ නෑ. අශේන්ගේ මූණ පුරා අතුල්ලා දාපූ කේක් එක තිබුණ බන්දේසිය නැවත ටිනා අතටම දුන්න අවී මූණ පුරා සුදු පාට අයිසින් ගෑවුන අශේන් දිහා බලලා කට කොනින් හිනාවෙලා යන්න ගියා. සමාධිත් ටිනත් අශේන් දිහාම බයෙන් වගේ බලන් ඉද්දී අනික් කොල්ලො පස්දෙනාම එකපාරටම හිනාවෙන්න ගත්තේ අශේන් අත් දෙකෙන්ම ඇස්වල ගෑවිලා තිබුන අයිසින් ටික පිහදලා කොල්ලො පස්දෙනා දිහා ලැජ්ජාවෙන් බලද්දී. ටිනාටත් සමාධිටත් හිනා නොවී ඉන්න බැරි වුන නිසාම කෙල්ලො දෙන්නත් හොද හැටි හිනාවෙන්න ගත්තේ අශේන්ගේ දිහා බලලා හිනානොවී ඉන්න කිසිම කෙනෙක්ට නොහැකි වුන නිසාමයි. 


" හොද වැඩේ උබට අහක යන කුණු ගොඩවල් අවුස්සනවට අනේ මන්දා මේකා කවදා හැදෙයිද කියලා. වෙලාවට වටේ පිටේ කවුරුත් හිටියේ නෑ නැත්තන් අන්කල්ටත් එක්ක ලැජ්ජාව "

" ඒ කතාව නම් සීයට සීයක් ඇත්ත ෂෙහාන් ලොකු තාත්තා එහෙම මේක දැනගත්තොත් මූට රෙද්දක් ඇදන් ගෙදර ඉන්න නෙමේ බුරුවා "


ෂෙහාන්ගේ කතාව අනුමත කරමින් දේව් කට කොනින් හිනා වෙමින් එහෙම කියද්දී වෙනුක අශේන් ලගට ගිහින් කොල්ලගේ මූණ පිහදාගන්න උදව් කරා. හිනාවෙවී හිටපූ සමාධිටත් එකපාරටම අවීව මතක් වුන නිසාම කෙල්ල කොල්ලො හයදෙනාටම හිනාවෙලා නිවස ඇතුලට දිව්වෙ මේ වෙලාවේ අවී ලොකු කේන්තියකින් හිටිය නිසාමයි. 


" අයියේ අනේ එයා වෙනුවෙන් මම සමාව ඉල්ලන්නම් මහ පිස්සුවක් අප්පා ඒ කෙල්ල. මේ අපේ අක්කත් මොකට ඔය කෙල්ලව එක්කගන එනවද මන්දා. මනුස්සයෙක් එක්ක හිනාවෙන්නෙ නෑ මූසල කමට ඔරවගන ඉන්නවා. ඔව් ඉතින් අනාතයෙක් වුන එක අහන්න දෙයක්වැයි ඔහොම ඉද්දී මොන මනුස්සයද ඉතින් ළඟින් ඉන්නෙ. මට නම් පේන්න බෑ ඔය කෙල්ලව අපේ මාමටයි නැන්දටයි නම් ඉතින් එයාට වඩා කෙනෙක් නෑ විකාර. අයියා යමූ මම බාත්‍ රූම් එකට එක්කගන යන්නම් එතනින් හෝදගන්න "


අවී ගැන තිබුණ කේන්තිය නිසාම ටීනා මේ වෙලාවෙදී කෙල්ලගේ වැරදි පිට අය ඉදිරියේ කියමින් දොස් කියන්න ගත්තා. ඒත් අදීශ ඇර වෙනත් කිසිම කෙනෙක් කෙල්ලගේ කතාවට ඇහුම්කම් නොදුන්නේ ටිනාගේ කතා විලාසේ කාටවත් හිතට ඇල්ලුවේ නැති නිසාමයි. අශේන් වුනත් තාමත් හිටියේ ලැජ්ජාවෙනුත් පුදුමෙනුත් මිශ්‍ර හැඟීමකින් නිසාම කොල්ලටත් ටිනාගේ වචන බලපෑවේ නෑ. ඒත් අදීශ නම් මුණ ගැහුන වෙලේ ඉදලම කෙල්ල ගැන විවේචනය කරන්න ගත්ත නිසාම ටීනගේ වචන කොල්ලට තවත් රුකුලක් වුනා.


" මොනා නැත්තන් ඒ කතාව නම් ඇත්ත නන්ගි උදේ දිනුකයා එක්ක එල්ලුනා දැන් මූ එක්ක. අනේ මන්ද මොන ජාතියේ කෙල්ලෙක්ද කියලා අඩුම ගෙදරට ආව අමුත්තෙක් කියලාවත් හිතුවේ නෑනේ එකි. අශේන් නන්ගි එක්ක ගිහින් මූණ හෝදගන වරෙන් කවුරු හරි දකින්න කලින් "


අහල පහල කවුරුත් නොසිටි නිසාම අශේන්ට අපහසුවකින් තොරව නානකාමරයට යාගන්න පුළුවන් වුනා. කොල්ලා මූණත් සෝදගන නැවත මිතුරන්ට එකතු වුනේ තාමත් ලැජ්ජාවෙන් රත්පැහැ ගැන්වුන මූණකින්මයි.


" කොල්ලා සුදු වෙලාද මන්දා අයිසින් මූණේ ගාන් ඉදලා "

" අනේ මේ වෙනුක උබ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉදපන් මගුල "


වෙනුක අශේන්ව අවුස්සන ගමන් එහෙම කියද්දී කොල්ලෝ ටික හිනාවෙන්න ගත්තේ මීට මොහොතකට පෙර සිද්ද වුන සිදුවීම් යලි යළිත් මතක් කරමින්. මුලින්ම කේන්තියෙන් ලැජ්ජාවෙන් ඉදියත් ටික වෙලාවකින් අශේන්ටත් ඒ සිද්දිය මතක් වෙනකොට හිනා නොවී ඉන්න බැරි වුනා. කොල්ලා දන්නවා අවී ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඒ දේ කරන්න පෙළඹුණේ කියලා. ඒ නිසාම කොල්ලට කෙල්ල ගැන හිතේ කහටක් තියාගන්න ඕන වුනේ නැත්තේ.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" අවී උබ හොදින් නේද "

" මට මොනා වෙන්නද බන් මේ ඉන්නේ"

" නෑ උබ කේන්තියෙන් ආව නිසා ඇහුවේ "

" කේන්ති නම් ගියා ඒත් අරූට ගැහුවේ කේන්තියට නෙමේ ඒ කන්දොස්තිරියාවක් ඉවසන් ඉන්න බැරි කමට. අනෙ මන්දා බන් මූ ඩිපාර්ට්මන්ට් එකට ගියේ අල්ලස් දීලද මන්දා ඉදපන්කෝ ඔක්කොටම කලින් මේකා ගැන ආර්ටිකල් එකක් ලියලා පත්තරේට දාන්න ඕනේ. ෂිට් මට නම් කේක් එක ගහලා නිකන් ඉන්න හිතුනේ නෑ දත් දෙක තුනක් බඩට යවන්න හිතුනේ ර් ර්.... "


අවී දත් මිටි කමින් කියවද්දී සමාධිට කෙල්ලගේ මූණ දිහා බලන් ඉද්දී හිනාවක් ගියා. මෙච්චර කේන්තියෙන් ඉද්දීත් සමාධි තමන්ට හිනාවුන නිසා අවී කෙල්ලටත් රවලා සදළු තලයට ගියේ රාත්‍රී සුළඟ කෙල්ලට යම් සන්සුන් බවක් ගෙන ආපූ නිසා. අවී කවදත් රාත්‍රියේදී තනියම මේ හැගීම විදින්න ගොඩක් ආස කරා ඒත් අද නම් කෙල්ලට වැඩි වෙලාවක් හිත පුරා ඒ පහස විදගන්න බැරි වුනේ කෙල්ල සදළු තලයට පිවිසි ගමන්ම පහල ඉදිය කොල්ලො ටික පුදුමෙන් වගේ කෙල්ල දිහා බලන් ඉදපූ නිසා.

කොල්ලෝ හයදෙනාම පුදුමෙන් කෙල්ල දිහාම බලන් ඉදියේ මීට මොහොතකට කලින් එතනින් එද්දී කෙල්ලගේ මූනේ තිබුණ නපුරු පෙනුම දශමයක්වත් කෙල්ලගේ මූනේ තිබුනේ නෑ. කෙල්ල ඇස් දෙක පියාගන දෑත් විහදලා සිසිල් සුළගේ පහස විදගද්දී කෙල්ලගේ මුණෙන් දිස් වුනේ සන්සුන් පෙනුමක්. ඒ නිසාමයි කොල්ලෝ හයදෙනාම කෙල්ල දිහාම පුදුමෙන් බලන් ඉදියේ. ඒත් ඒ සිසිල් සුලගේ පහස විදගනිමින්ම කෙල්ල ඇස් විවර කරලා බලද්දී කොල්ලො හයදෙනාගෙම ඇස් තමන් වෙත තිබෙන බව දැනෙද්දී කෙල්ලගේ හිතේ සැනසීම හොරු අරන් ගියා වගේ දැනුනේ.


" ෂිට් මල වදයක් මේක නිදහසේ ඉන්නත් නෑ සමාධි ආය නම් මම මේ පැත්ත පාලාතේ එන්නෑ "

" අනේ මේ අවී මේ කොහෙවත් යන උන් හින්දා තෝ එහෙම කරොත් මතක තියාගනින් අපේ යාළුකම ඉවරයි. ඕන එකෙක්ට ඕන එකක් කරගන්න කියලා උබ දැක්කේ නෑ වගේ ඉදපන්කෝ "

" මාත් එහෙම තමා යකෝ ඉන්නේ කොහෙද අර පොලිස්කාරයෝ දෙන්නා මගේ ඔළුව කනවනේ මගුල "

" හරි හරි දැන් ඕක අමතක කරලා යමන් පහලට කෑම කන්න අම්මලා බලයි මොකද අපි දෙන්නා පෙන්න නැත්තේ කියලා "

" උබ පලයන්කො මට මේල් එකක් යවන්න තියනවා හෙට ආර්ටිකල් එක තාම දැම්මේ නෑ මගේ බොස් ඉතින් විනූගේ තාත්තා නිසාම හොදා නැත්තන් ඉවරයි "

" ඔව් ඉතින් නැත්තන් වෙන මොකාද උබේ ඔය යක්ෂ ගති ඉවසන්නේ හා හා කරන වැඩක් කරගන ඉක්මනින් වරෙන් "


සමාධි කෙල්ලගේ පිටටත් තට්ටුවක් දාගන කාමරෙන් පිට වෙද්දී කෙල්ල ඇද වියනට හේත්තු වෙලා උකුලු පරිඝනකයත් උකුළ උඩින් තියාගන ආයම වතාවක් කෙල්ල ලියපු ලිපිය කියවලා බැලුවා. අවී කවදාවත් තමන් කල වැඩක් වෙනත් කෙනෙකුට පෙන්න කලින් නැවත වරක් පරික්ෂා කිරිම කෙල්ලගේ පුරුද්ද ඒකෙන් කෙල්ලෙගේ අතින් සිද්ද වෙන වැරදී අවම කරගන්න පුළුවන් වුනා.

සේවා ස්තානකයදී වුනත් අපි වටේ ඉන්න හැමෝම අපෙ මිතුරන් ගනයට ඇතුලත් නොවන නිසාම ඕනම දෙයක් තමන්ට හොදින්ම තහවුරු වුන පසුව අනෙක් කෙනාට පෙන්වීම සිදු කල යුතුයි. එහෙම නැති නම් ඕනම කෙනෙක්ට පුළුවන් අපි කරලා අවසන් කරන ලද වැඩය විනාශ කර දාන්න ඒ නිසාමයි ඉදිරිපත් කිරීමට මොහොතකට පෙර හෝ නැවත පරික්ෂා කල යුත්තේ. 


" හෙලෝ විනු මම මේල් එක දැම්මා අන්කල්ට පොඩ්ඩක් බලන්න කියපන් හොදේ පොඩ්ඩක් පරක්කු වුනා. අද සමාධිගේ තාත්තගෙයි අම්මගෙයි ඇනිවසරි එකනේ වැඩ ගොඩක් තිබ්බා"

" හරි මම කියන්නම් මායි විහගයිත් එන්න හිටියේ කොහෙද ඉතින් අපි තුන්දෙනාම නැති වුනොත් කේස්නේ බන් "

" හරි හරි අනික උබලා දෙන්න ආව නම් මෙතන නට නට ඉදි ඊටපස්සේ ඉතින් පත්තරේ හිස් පිටු තමා ගහන්න වෙන්නෙ "

" හරි හරි උබ වගේ විනෝද වෙන්න ගිය තැනත් වැඩ කරන හැකියාව අපිට නෑ ඒක උබට විතරයි පිහටලා තියෙන්නේ "

" උබලට මොලයක් නෑ කියපල්ලා "

" අනේ ඇත්තටම කාටද දන්නෑ අනේ මගෙන් මුකුත් අහගන්න එපා "

" අහන්න කියපන්කො "

" ඒක නෙමේ බන් උබ අර මර්ඩර් එක ඔක්කොටම කලින් ලිව්ව සීන් එකත් එක්ක මේ වයිට් රෝස කතන්දරෙත් ඇදිලා ගිහින් පොලිසිය දැන් පිස්සු වැටිලා වගේ අපේ පත්තරේ රයිටස්ලා ගැන හොයන්න අරන්. ඒත් උබ ගැන දන්නේ කීප දෙනෙක් විතරනේ ඒ නිසා ලොකු සීන් එකක් නම් නෑ ඒත් පරිස්සමෙන් පොලිසිය හෙන කපටි එළිපිට බැරි වුනොත් අපේ පිටිපස්සෙන් හරි ගේම ගහන්න බැරි නෑ "

" බලමුකෝ "


කෙල්ල කට කොනින් හිනාවෙලා එහෙම කියද්දී විනුගේ මුවෙත් ඇදුනේ හිනාවක්. මීට පෙරත් පොලිසියෙන් කීප දෙනෙක්ම එවලා තිබුණා රහසේම බොහොම රහසිගත ලිපි ලියන කතෘවරු ගැන සෝදිසි කරන්න ඒත් එයින් බොහො දෙනාම එලි වුන නිසාත් අවී කියන්නේ ලේසියෙන් පරදන්න බැරි චරිතයක් බව දන්න නිසත් විනූගේ හිතට ලොකු බියක් දැනුනේ නෑ. විනුට සමුදීලා ඇමතුම අවසන් කරපූ කෙල්ල පහලට යන්න සූදානම් වුනේ මේ වෙනකොටත් බොහො වෙලාවක් කාමරය ඇතුලේ ඉදපූ බව කෙල්ලටත් දැනුන නිසා. 


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" සමාධි කෝ අවී දුව "


දේව් ඇතුළු කොල්ලෝ ටික කෑම කමින් ඉන්න අතරේ නිමාලි එතනින් යමින් ඉදිය සමාධිගෙන් එහෙම අහද්දී අශේන්ට එකපාරටම කැස්සක් ඇති වුනා. කෙල්ලගේ නම ඇහෙද්දිම කොල්ලා කහින්න පටන් ගත්ත නිසාම අනික් කොල්ලො පස්දෙනත් සමාධිත් අමාරුවෙන් හිනාව පාලනය කරගද්දී නිමාලි ඉක්මනින් කොල්ලට වතුර වීදුරුවක් දුන්නේ ඒ වෙනකොටත් කොල්ලගේ ඇස් කදුලු වලින් පිරිලා ගිහින් තිබුණ නිසා.


" මොකක්ද පුතා එකපාරටම වුනේ "

"ආ නෑ ආන්ටි මේ පොඩ්ඩක් හිර වුනා ලොකු දෙයක් නෙමේ "

" අහ් පරිස්සමෙන් කන්න පුතා "


අශේන් මූණත් රතු කරගන හිස වනද්දී සමාධි කොල්ලා දිහා බැලුවේ කොල්ලව සමච්චල් කරන්න වගේ හිනාවක් මූණට ආරූඪ කරගන. දේව් ඇතුළු අනික් කොල්ලො ටිකගෙත් මූණුවල ලොකු වෙනසක් වුනේ නෑ. 


" අම්මා අවී එයි එයාට මේ කෝල් එකක් ආවා "

" කවුද විනූ දුවද විහග පුතාද " 

" දන්නෑ අම්මා කෝල් එක එද්දිමයි මම පහලට ආවේ ආ අර එන්නෙ කෝල් එක ඉවර වෙලා "

" ආ පූතේ එහෙනම් දෙන්නා එක්ක ගිහින් කෑම කන්නකො ඔය දෙන්නා දවලුත් ගොඩක් මහන්සි වුනානේ දැන් බඩගිනිත් ඇති "

" හරි අම්මා "

" අවී දුව සමාධි එක්ක කෑම කන්න පුතේ බඩගිනිත් ඇතිනේ "

" හරි අම්මා කන්නම් "


නිමාලිට හිනාවකින් සංග්‍රහ කරලා කෙල්ල එහෙම කියලා සමාධිත් එක්ක කෑම බේදා ගන්න ගියා. කෙල්ලො දෙන්නත් කෑම බෙදාගනම කොල්ලෝ කෑම කමින් ඉදපූ තැනටම ආවේ ඒ වෙනකොටත් සැවොම කෑම ගනිමින් සිටි නිසාම හිස්ව පැවතුන පුටු නොතිබුන නිසා. අකමැත්තෙන් වුනත් අවීටත් සමාධිටත් කොල්ලා ටික ලගට එන්න සිද්ද වුනේ කොල්ලෝ හයදෙනා ළඟින් හිස් පුටු දෙකක් තිබෙන බව දැක්ක නිසයි.

ඒ වෙලාවෙම වගේ ටීනාත් කෑම එක බෙදාගන එතනට ආවේ කෙල්ලො දෙන්නා ඉදගත්ත පුටු දෙකට අමතරව තවත් පුටුවක් හිස්ව පැවතුන නිසා. මේ වෙනකොටත් අවීගේ හැසිරීම තේරුම් ගෙන ඉදි නිසාම අශේන් කෙල්ල එක්ක වාදයට යන්න මදක් පසුබට වුනා. ඒ නිසාමයි කොල්ලා කෙල්ල දිහත් හොරෙන් බලලා කොල්ලගේ පාඩුවේ කෑම කන්න ගත්තේ. මේක දැකපු අනික් අයට නම් පුළුවන් තරම් හිනාවෙන්න ඕනේ වුනත් අවීගේ මුන දැක්කම මේ අවස්තාව ඊට නොසුදුසු බව තේරුම් ගත්තේ අවීව කේන්ති ගස්සන එක හොද දෙයල් නොවන නිසා.


" සමාධි අක්කේ ඔයාලා කවද්ද යන්නේ"

" අපිට ඕන දවසක අපි යනවා ඔයාට මොකද ඉතින් "

" නෑ ඉතින් මෙයාගේ මූණ දැක්කම මුළු දවසම ඉවරයි තව කී දවසක් දකින්න වෙයිද කියලා දැනගන්න "

" ඉතින් ඔච්චර අමාරු නම් ගෙදර යනවකෝ පිනට කකා බිබී ඉන්නේ මහ ලොකුවට ජොබ් එකක් කරනවා වුනාට අඩුම ගෙදරට හාල් ඇටයක්වත් ගෙනත් දානවද. මම එවන සල්ලි වලින් කාලා බීලා තමුසෙගේ සල්ලි රටේම තියන සැලුන් වලට වියදම් කරන එකනේ කරන්නේ. අනික් තමුසේ ඔය හැමදාම ගිලින බත් ඇටයට මෙකිත් මට නැති වෙලාවට සල්ලි දෙනවා ඒ ගෞරවයවත් තියලා කතා කරනවා ටීනා. නිකන් දෙකයි පනහේ ගෑනූ වගේ ඕන එකයි එපා එකයි කියවන්නේ නැතුව දැන්වත් කනවා පිනට කන බත් එකටත් අපහස කරනවා. මාත් ආස නෑ කන්න දුන්න එක කියවන්න ඒත් තමුසේ ඔහොම ජරා කතා කියවද්දී මේවත් නොකියා බෑ. මොකද මෙතන පිට මිනිස්සුත් ඉන්නවනේ ඒ අයත් දැනගන්න එපැයි දැන් මෙතන සුද්දවන්ති වෙන්න හදන එකිගේ හැටි. අනුන්ට මඩ ගහන්න කලින් තමන් ගැනත් කල්පනා කරනවා "

" සමාධි ඇති බන් "

" අනේ ඉදපන් අවියා උබත් මගුල මේ වගේ උන්ට මෙහෙම කියන්නම ඕනේ නැත්තන් බෑ කොහොමත් මේක මැටි ගොඩක්නේ ෂිට් "

" සමාධි අක්කා ඔයා ඇයි ඔහොම කතා කරන්න මම ඔයාගෙ නන්ගි මේයාට කලින් ඔයාට මාව හම්බුනේ "

" මනුස්සයෙක් හම්බුන කාලේ වැදගත් නෑ ටිනා ඒ මනුස්සයගේ හදවතයි බලන්න තමුසේ වගේ උන් දන්නෙ කන්න දුන්න අතත් හපාකන්න ඒත් මෙකි ඒ වගේ දෙකයි පනහේ බලූ වැඩ කරන්නේ නෑ යාලුවා වෙනුවෙන් ඕන දේකට ඉන්නවා "

" පුහ් මහ ලොකු යාලුවා මූණේ හිනාවක් නෑ අඩු ගානේ පවුලක් තියා ආදරේ කරන්නවත් කෙනෙක් ඉන්නවද"

" මේ ටීනා තමුන් සමාධිගේ නන්ගි කියලා මෙච්චර වෙලා ඉවසුවා හැබැයි තමුන්ට අයිතියක් නෑ මේ පිට මිනිස්සු ඉස්සරහා මගේ පෞද්ගලික දේවල් ගැන කතා කරන්න. ආදරේ කියන වචනේ තේරුමවත් තමුන් දන්නවද ආ ආදරේ කියන දේ ඇති වෙන්න ඕනේ හදවතින් මටත් කොහොමත් ඕනේ නෑ මාව තේරුම් ගන්න බැරි මිනිහෙක්. මම ඉන්නෙ කොහොමද මාව තේරුම් අරන් මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නොලැබුනොත් තනියම ජීවත් වෙනවා මම. මට ඒකට හයියක් තියනවා තමුන්ලා වගේ කෙල්ලොන්ට තමා කොල්ලෙක් නැතුව කඩේකටවත් යන්න බැරි. මගේ කටින් තවත් දේවල් පිට වෙන්න කලින් පාඩුවේ කට වහන් ඉන්නවා සමාධි මට කෑවා ඇති මම රූම් එකට යනවා හෙට උදේම මම යනවා උබ අනිද්දා වරෙන් "


අවී සුපුරුදු නපුරු හිනාවෙන් ටිනා දිහාම දරුණු බැල්මකින් බලාගන එහෙම කියලා යන්න නැගිට්ටත් සමාධි කෙල්ලගේ අතින් අල්ලලා නවත්තගත්තා. සමාධිට දුකයි ටිනා නිසා අවීගේ හිත පැරුණ නිසා ඊටත් කෙල්ලගේ පෞද්ගලික දේවල් පිට අය ඉදිරියේ කියද්දී අවීට දැනෙන අපහසුව ගැන සමාධිට අමුතුවෙන් පහදන්න ඕන වුනේ නෑ. කෙල්ලො තුන්දෙනා අතර වාදය සිදු වුනත් කොල්ලෝ හයදෙනාම වචනයක්වත් නොකියා ඉන්න තීරණේ කරලා තිබුනා.

අශේන් වුනත් හැමදේම අහගන ඉදියේ කොල්ලට අවී ගැන තිබුණ පොඩිම කේන්තිය වුනත් කෙල්ලෝ තුන්දෙනාගේ කතාවන් අහන් ඉද්දී බැහැර වෙලා ගිය නිසා. දිනුකත් අනුකම්පාවෙන් කෙල්ල දීහා බලන් හිටියේ ඇත්තටම කොල්ලා කෙල්ල ගැන දුක් වුන නිසාමයි. දේව්ත් කෙල්ලෙගේ කළු පාට නපුරු ඇස් දිහාම බලන් වෙනම කල්පනාවක වැටුනා.


"මේ කෙල්ල නම් පුදුම කෙල්ලෙක් වෙන කෙල්ලෙක් නම් මේ වෙලාවට එක්කෝ අර කෙල්ලගේ බෙල්ල මිරිකනවා එහෙනම් නැත්තන් දෙස් තිය තියා අඩයි ඒත් මේකිගේ ඇස්වල කිසිම හැගීමක් නෑනේ. ඇත්තටම මේ කෙල්ල මොන වගේ කෙල්ලෙක්ද මෙච්චර දෙයක් සිද්ද වෙලත් අනික් කෙල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසිම රිඇක්ෂන් එක්ක නෑනේ. මෙකිගේ යාළුවා දිහා බලද්දී මේ කෙල්ල ඊට වඩා කේන්තියෙන් හැසිරෙන්න එපැයි ඒත් ඒ කිසිම දෙයක් වුනේ නෑනේ. තමුසේ එන්න එන්නම ලොකු ප්‍රෙහලිකාවක් වෙනවා අවිනි හැබැයි මාත් කැමති අමාරු ප්‍රෙහලිකා විසදන්න තමා අපි බලමුකෝ. අහම්බෙන් හෝ හිතලම තමුන් මගේ පාරට ඇවිත් ඉවරයි මේ දේව්ට ලේසියෙන් වරදින්නේ නෑ ඉවක් දැනුනොත්. අපරාදකාරයෝ නිකන් නෙමේනේ මට පොලිස් බල්ලා කියන්නේ මේ ඉව ගොඩක් විශ්වාසවන්තයි "


" දේව් උබ පිලිකුල් භාවනාව කරනවද මෙච්චර ලස්සන කෙල්ලෙක් දිහ බලාගන "

" ලස්සන කෙල්ලෙක් නෙමෙ යකෝ ලස්සන යක්ෂණියක් මෙකි නම් මහ අමුතු කෙල්ලෙක් වෙනුකයා උබට එහෙම හිතෙන්නෙ නැද්ද "

" ඔව් බන් මෙකි නම් අමුතු කෙල්ලෙක් තමා අනේ මන්දා මගේ ඔළුවත් පිස්සු වැටුනා "


වෙනුක දේව්ගේ කකුලට පා පහරක් දෙමින් කොල්ලගේ කනට කරලා මුමුණද්දී දේව් අවිනිගේ නපුරු ඇස් දිහා ආයම වතාවක් බලලා එහෙම කියද්දී වෙනුකත් කෙල්ල දිහා උනන්දුවෙන් බැලුවා. දේව්ට විතරක් නෙමේ අනික් කොල්ලො පස්දෙනාටත් අවීගේ හැසිරීම හිතාගන්න බැරි වුනා. කෙල්ල ටිනාට කියපූ වචන කේන්තියෙන් කීවත් ඒ කේන්තිය වචන වල අරුතින් මිසක් වෙන කිසිම අයුරකින් පිට කර හැරියේ නෑ. මොකද ඒ තරම් සන්සුන් විදියට කෙල්ලගේ මුවින් ඒ වචන ටික පිට වෙලා ගියේ. 


" අවී උබ ඔය ඇත්තමද කීවේ හෙට උදේ උබ යනවද "

" ඔව් බන් හදිස්සි වැඩක් තියනවා ඉවර කරන්න බයවෙන්න එපා මම මේ යන්නේ එක එක්කෙනා කියපු දේවල් වලට හිත රිද්දගන නෙමේ. උබ දන්නවනේ බුරන බල්ලො හපා කන්නේ නෑ කියලා අනික් බල්ලො බිරුවා කියලා උන්ට ගල් ගහන්න මගේ ගමන මගින් නවත්තන්න තරම් මම මෝඩ නෑ"

" එහෙනම් කෑම කාලා පලයන් උබ තාම බත් කටවල් දෙකක් විතර කාලා තියෙන්නෙ "

" බඩගිනි ගියා බන් අද ටිකක් මහන්සී ඒකයි උබ කාලා හිමීට වරෙන් උදේම යන්නත් එපැයි මම නිදාගන්නවා. ආ සමාධි හෙට මෙහෙන් බස් එක කීයටද තියෙන්නේ බන් එලාම් එක තියන්න ඕනේ"

" ම්ම් උදේ පහට බස් එක තියෙන්නෙ බන් උබ ඇයි බස් එකේ යන්නේ කාර් එකේ පලයන් "

" නෑ උබ කාර් තියාගනින් මම බස් එකේ යන්නම් මට පොඩි වැඩ වගයක් තියනවා කරගන්න ඒකට බස් එකෙන් යන එක ලේසි"


කෙල්ල එහෙම කියලා එතනින් කාමරයට එන්න ආවේ සමාධිත් කෑම පිගාන අස් කරලා අත හෝදන්න යද්දී. ටිනා නම් කිසිම ගානක් නොවුන විදියට කොල්ලෝ හයදෙනා එක්ක කතාවට වැටෙන්න උත්සහා කරත් කාටවත් කෙල්ල එක්ක සුහද කතා බහකට හිත යොදන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාමයි හැමෝම කෑම කා අවසන් වුන විදියට කෑම පිගනුත් අරගන අත සෝදගන්න ගියේ. කෙල්ලට තමන්ව මගහැර යන කොල්ලෝ ගැන කේන්තියක් ඇති වුනත් ඒ හැමදේම හිතින් අයින් කරලා කෑම කන්න ගත්තා.


" අශේන් ගෙදර යමුද හෙට උදේම වැඩ ටිකක් තියනවා "

" වැඩ අනික උබට නුවරඑළියේ මොනාද තියන වැඩ ආ දේව් "

" අර මැරුණ මිනිහගේ කෝල් රෙකෝඩ්ස්වල තිබිලා හම්බුනා නුවරඑළියේ පැත්තේ නම්බර් එකක්. ඒ නම්බර් එකට තමා මිනිහා වැඩියෙන්ම කෝල් අරන් තියෙන්නෙ. ඒත් නම්බර් එක රෙජිස්ට වෙලා තියෙන්නෙ මිනිහගේ නමට ඒ නිසා අපි ඒ සිම් එක ට්‍රැක් කරලා කෝල් අරන් තියන්නේ කොහෙන්ද කියලා හොයාගත්තා. මම ළඟ ඇඩ්‍රස් එක තියනවා අපි හෙට ඒ පැත්තේ රවුමක් දාලා බලමූ "

" මම ඒකනේ බැලුවේ මෙච්චර මර්ඩර් කේස් එකක් වෙලා තියෙද්දී අපේ OIC මහත්තයා කිසිම ගානක් නැතුව නුවරඑළියේ එන්න කැමති වුනේ ඇයි කියලා "

" ඒක තමා වෙනුක මාත් ඕක ගැන කල්පනා කරා හැබැයි මට නිකමට වගේ හිතුනා මූ ට්‍රිප් එකක් වගේ මෙහේ ආවේ මොනාහරි මේම දේකට කියලා නැද්ද අශේන් "

" ලෝයර් මහත්තයගේ තර්කෙට මාත් එකගයි "


අශේන් හිනාවෙවී එහෙම කියද්දී කොල්ලෝ ටික ඔක්කොම හිනාවෙන්න ගත්තා. දිනුක අදීශ දෙන්නම නිමාලි එක්ක කතා කරන්න ගිහින් තිබුණ නිසාම කොල්ලො හතරදෙනාම එලිමහනට ඇවිදින් ඉන්න අතරෙයි මේ කතාව වුනේ. ඒත් එකපාරටම දේව් මීට කලින් අවී හිටගන ඉදිය සමාධිගේ කාමරයේ සදළු තලය දිහා බලද්දී කොල්ලා දැක්කේ කිසිම සිහියක් නැතිව අහස දිහා බලන් ඉන්න අවිව. කොල්ලගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් ඇති වුනා එවලෙ කෙල්ලව දැකගන්න ලැබෙයි කියලා ඒ නිසාමයි කොල්ලා ඒ දිහාට ඇස් යැව්වේ. කෙල්ලට වඩා මදක් විශාලා කමිසයකුත් දනහිසය දිග ඩෙලිම් කලිසමකුත් ඇදලා කොණ්ඩය කඩා දාලා ඉදපූ කෙල්ලව දේව්ට පෙනුනේ තාමත් පාසල් යන දරුවෙක් වගේ. කෙල්ලට මේ වතාවේ නම් වට පිටාව ගැන ගානක් වුනේ නෑ කෙල්ල අහස දිහා බලාගන ලොකු කල්පනාවකට වැටිලා හිටියේ.


" දේව් මොනාද උබ ඔච්චර බලන් ඉන්නේ "

" ආ අපේ මල් කෙල්ල දිහාද "

" උබ තාමත් මෙකිට කියන්නේ මල් කෙල්ල කියලද අශේන් මතක නැද්ද උබට ඔකි කරපු දේ "


දේව් කට කොනින් හිනාවෙලා කෙල්ල අශේන්ට සිදුකල දෙ කොල්ලට නැවත මතක් කරද්දී අශේන්ගේ මූණේ ඇදුනේ දගකාර හිනාවක්. දේව් පුදුමෙන් කොල්ලා දිහා බැලුවේ කෙල්ල මෙච්චර දෙයක් කරලත් කොල්ලා කෙල්ල කල දේ මතක් කරද්දී හිනාවෙන්න ගත්ත නිසා. වෙනුක ෂෙහාන් දෙන්නත් බලන් හිටියේ පිස්සෙක් වගේ හිනාවෙන අශේන් දිහාමයි.


" ඔහොම බලන්න එපා බන් ඇත්තටම මට මුලින්ම කේන්ති ගියා තමා බන් ඒත් ඒ කෙල්ල ඔහොම නපුරු වෙන්නත් හේතුවක් ඇතිනේ. අපි ඉපදෙනකොටම මේ හැසීරීම අරන් ආවේ නෑනේ ඒ නිසා අපි අනික් කෙනා ගැන හරියටම දන්නේ නැත්තන් ඒ කෙනා ගැන ජජ් කරන එක වැරදි වැඩක්. අනික මම කැමති අවිනි වගේ කෙල්ලන්ට මම තවත් කැමති ඒ වගේ කෙල්ලෙක් මගේ නෑනා වෙනවා නම් "


මුල් ටික කෙල්ල දිහා බලාගන කීවත් අන්තිම වචන කීපය දේව් දිහා බලලා ඇහැක් ඉගි කරමින් කියද්දී කොල්ලා අශේන් දිහා බැලුවේ කට කොනක හිනාවක් රදවගන. අශේන්ගේ කතාවත් එක්කම ෂෙහාන් වෙනුක කොල්ලො දෙන්නත් හිස වනලා ඒ කතාව අනුමත කරද්දී දේව් කට කොනින් හිනාවෙලා කෙල්ල දිහා බැලුවා.


" මට කෙනෙක් හොයාගන්න තියනවා ඊටපස්සේ තමයි මගේ ජීවිතේ මොන තීරණේ ගත්තත් ගන්නේ "

" අපෝ දේව් උබ තාමත් ඒ ගැන හොයනවද කවුද යකෝ දන්නේ ඒ කෙල්ල දැන් මැරි කරලා ලමයිනුත් ඉන්නවද කියලා "

" කමක් නෑ වෙනුක ඒත් මම එයාව හොයාගන්නවාමයි අනිවාර්යයෙන්ම "


දේව් දැඩි හඩකින් එහෙම කියද්දී කොල්ලො තුන්දෙනා තවත් ඒ පිළිබඳව කතා කිරිම නවතා දැමුමා. කුඩා කල දේව්ගෙත් අශේන්ගෙත් හොදම මිතුරිය වුනේ කොල්ලෝ දෙන්නගෙම රෝස මල. කොල්ලො දෙන්නටම වඩා අවුරුදු තුනක් බාල කොල්ලෝ දෙන්නගේ සුදු රෝස මල ගැන අදටත් කිසිම හෝඩුවාවක් ලැබුනේ නෑ. ඒත් අශේන්ට කෙල්ලව අමතකව ගියත් දේව්ට කවදාවත් කොල්ලගේ සුදු රෝස මල අමතක කරන්න පුළුවන් වුනේ නෑ. කෙල්ලගේ කුඩාකල රුව පමණක් කොල්ලගේ හිතේ තාමත් ඇදි


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


අදත් බෝනස් එකක් දුන්නා ඔන්න හැබැයි කමෙන්ට් ඕනේ හොදේ මොකො හිතන්නේ අවී ගැන. එතකොට දේව්ගේ පොඩිකාලේ යාලුවා කවුරු කියලද හිතන්නේ ආ මොකක්ද ඒ රහස. හී ඊළග කොටසෙන් ස්ප්‍රයිස් එකක් තියනවා බලන් ඉන්නකො..🕊️


To be continue 🤝


⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️







Report Page