WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-11-3


6 - කොටස

ඕන කෙනෙක් සමග ඉක්මනින් කතාවට වැටෙන විහග එහෙම අහද්දී අශේන් කොල්ලා දිහත් බලලා ඈත ඇමතුමක ඉන්න දේව් දිහත් බලලා හිනාවුනේ විහගත් පෙරලලා අශේන්ට හිනාවකින් සංග්‍රහ කරද්දී.


" අරූව මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ පේනවද බන් "


සුහද කතා බහකින්ම අශේන් විහගට පිලිතුරු දෙද්දී කොල්ලො දෙන්නම හිනාවුනේ අවී විනූ දෙන්නා කොල්ලො දෙන්නටම රවලා අහක බලාගනිද්දී. කෙල්ලො දෙන්නගේ කට ඇද වෙන විදිය අශේන්ගෙත් ඇස්වලට අසු වුන නිසාම කොල්ලා විහග දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුව නිසා විහග කෙල්ලො දෙන්නා දිහා බලලා හිනාවෙන්න ගත්තා.


" අයියො සර් ගනන් ගන්න එපා මුන් දෙන්නට කොහොමත් මූලග්ගින්න තමා නැද්ද සමාධි අපි දෙන්නම මුන් එක්ක ඉන්නවා වෙන උන් නම් මෙලහකට මුන් දෙන්නා ඉන්න දිහා බලාගන වතුර උගුරක් බොන්නෑ "

" විහා උබ මැරෙන්න ආසද "

" අවියෝ මේ පොලිස් ඔෆිසර් කෙනෙක් ඉස්සරහා නේද උබ මට ඔය මරණ තර්ජන එල්ල කරන්නේ "

" පොලිස් ඔෆිසර් නෙමේ උබ තව වචනයක් හරි කීවොත් මීඩියා ඉස්සරහා තියලා උබේ බෙල්ල මිරිකන්නේ බුරුවා "


අවී කේන්තියෙන් දත්මිටි කන ගමන් එහෙම කියද්දී විහග අශේන් දිහා බලලා ඇස් වලින් ඉගි කරේ ඒ කියන කතාව ඇත්තටම වුනත් කෙල්ලට කරන්න බැරි කමක් නැති විත්තිය. කොල්ලො කොල්ලො කවදත් ඉක්මනින් මිතුරු වන නිසාම අශේන් විහග එකිනෙකා ගැන නොදන්නවා වුනත් ඒ වෙනකොටත් සුහදව කතාව පෙළඹිලා අවසන් වුනා. ඒත් එක්කම දේව් කොල්ලාගේ දුරකතන ඇමතුම අවසන් කරලා අශේන් අසලටම ආවෙ අශේන්ට නැවත පැමිණීමට අදහස් නොපෙනන නැති බව කොල්ලට තේරුණ නිසා.


" උබ ආවද අරුන් කොයි හරියෙලුද ඉන්නේ "

" තව ටික වෙලාවක් යයි කීවා අශා වෙනුකයයි ෂෙහානයයි නම් පාර්කින් එකේ විහස්ට ටිකක් වෙලා යයිලූ "

" අහ් අවුලක් නෑ හෙට නිවාඩු දවසනේ"


දේව් එතනට පැමිණෙනවත් එක්කම අවී කොල්ලා දිහා හොරෙන් බැලුවත් කෙල්ල කොල්ලව ගනන් නොගන්න විදියටම හැසිරුනේ හිත ඇතුලේ සියුම් ගැස්මක් ඇති වෙද්දී. කෙල්ලගේ හිතේ තියන කෙල්ලගේ අරමුණට යන ගමනෙදී දේව් කෙල්ලට ලොකු ප්‍රශ්නයක් ඇති කරනව බව අවීට විශ්වාසයි මොකද දේව් කියන්නේ අවංකවම රාජකාරිය ඉටු කරන කෙනෙක් කියන්න කෙල්ල හොදටම දන්නවා.

ඒත් ඊට වඩා කෙල්ලගේ අධිෂ්ඨානය ශක්තිමත් වුන නිසාම කෙල්ලගේ හිත දැනුන සියුම් බයත් නැති වෙලා යන්න ගියේ තත්පරයයි. අහම්බයක් වුනත් අවී දේව් දෙන්නා අද දිනයේ දෙවනි වතාවටයි මේ හමුවුනේ ඒ වගේම ඊයේ දිනයෙත් දෙවරක්ම දෛවෝපගතව මේ හමුවීම සිද්ද වුනා. මේ වෙලාවේ කෙල්ල කොල්ලා දිහා නොබල ඉන්න උත්සහා කරත් කොල්ලගෙත් කෙල්ලගෙත් හිත් දෙකම අසමාන්‍ය රිද්දමයකට ගැහෙන්න ගත්තේ අහම්බෙන් වගේ දෙදෙනගෙම ඇස් එකිනෙක මුණගැසුන වෙලාවෙමයි.


" මම අශේන් මෙහේ ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ට කෙනෙක් එතකොට මේ ඉන්නෙ මගේ සහොදරයා එහෙම නැත්තන් ඉතින් මගේ බොස් OIC සදෙව්"

" මම විහග මේ මල් කෙල්ලො දෙන්නව නම් සර්ලා දන්නවා කීවනේ නේද ඒත් අදුන්වලා දෙන්නම්කො මේ අවිනි එහා කෙළවරේ ඉන්නේ විනූමි එතකොට මේ ඉන්නේ සමාධි මානසික වෛද්‍යවරියක් අපි හතරදෙනාම එතනින් පොඩිකාලේ ඉදලා යාලුවෝ තමා "

" ෂා මරුනේ විහග අපෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් අද මේ කට්ටිය කාලෙකින් හම්බෙන්න කියලා මෙහෙ ආවේත්. වැඩත් එක්ක හම්බෙන්න වෙලාවක් නෑනේ බන් එතකොට උබ මොකක්ද කරණ ජොබ් එක "

" විහා යමන් පොඩි හදිස්සියක් "


ඒ ප්‍රශ්නයත් එක්ක අවී එකපාරටම දුරකතනය දිහා බලලා කොල්ලගේ අතිනුත් ඇදගන යන්න ගියේ ඉතුරු වුන කෙල්ලො දෙන්නත් ඒ පිටිපස්සෙන් ඇවිදන් යද්දී. යාලුවෝ හතරදෙනාම යන දිහාම බලන් ඉදපූ අශේන් ඔළුවත් කසන ගමන් දේව්ගේ පැත්තට හැරෙද්දී කොල්ලා තාමත් බලන් හිටියේ ඔවුන්ට පිටුපාලා යම අවී දිහාමයි.


" දේව් මොකක්ද බන් ඒ වුනේ ආ "

" කවුද දන්නේ බන් ඒ වුනත් මට අර කෙල්ල දැක්කම අමුත්තක් දැනෙනවා "

" කවුද අර හිනා කඳුළක් මූණේ නැති කෙල්ලද "

" ම්ම් ඔව් එකි තමා "

" ඒ කෙල්ල හෙන ගුපතයි වගේ දේව් "

" ගුප්ත වගේම තමා ලොකු රහසක් හන්ගන් ඉන්නවා අපි බලමුකෝ මට තවත් සැකයක් තියනවා මෙකි අපිට පෙන්න හදන්නේ වෙනස් දෙයක් ඒත් ඇත්තටම මේ කෙල්ල වෙනත්ම කෙනෙක් "

" ඇයි උබ එහෙම කීවේ "

" සමාන්‍ය විදියට හිතපන් ඒ කෙල්ලගේ හැසිරීම කතා බහ ඒ දේවල් එක්ක ෆ්ලව ෂොප් එකක් නෙමේ සිල්ලර බඩු කඩයක්වත් දාගන දියුණු කරන්න බෑ. වෙලදාමෙදී ඕනෙම කෙනෙක් සුහදව හිනාවෙන්න කතා කරන්න වගේ දේවල් වලට හැඩ ගැහෙනවා. ඒත් මේ කෙල්ල අමුතුයි එකිගේ ඇස්වල තියෙන්නේ කේන්තියක් හිස් බවක් බන්"

" උබ යකෝ එකිගේ බොක්කටම එබිලා බැලුවද "

" උබ දන්නවද ඔන්න ඔය හේතුව නිසා තමා එකටම ඩිපාර්ට්මන්ට් එකට ආපූ අපි දෙන්නගෙන් මම OIC වෙන්නත් උබ ඔහොම ඉන්නත් හේතුව "

" අනේ පලයන් දේව් යන්න මට ඔය ලොකු ලොකු බලාපොරොත්තු නෑනේ මේ විදියට ඉන්න එක හැමෝටම හොදයි "


කොල්ලා අශේන් දිහා බලලා නෝන්ඩියට හිනාවෙමින් කිව්ව දේට අශේන් කොල්ලගේ පිට හරහා පාරක් ගහලා එහෙම කීයද්දී දේව්ගේ හිනාව තවත් වැඩි වෙලා ගියා. අවීලා යනවත් එක්කම වෙනුක ෂෙහාන් එක්ක කොල්ලො දෙන්නා ලගට එනකොට කොල්ලො දෙන්නා වෙනම කතාව හිර වෙලා හිනාවෙවී ඉන්නව දැක්කා.


" මොකද උබලා දෙන්නා කැකිරි පලන්නේ "

"නෑ අපේ නෑනා හම්බුනා කොල්ලනේ ඔන්න"

" නෑනා මොනාද අශා කියවන්නේ කියන මගුලක් තේරෙන්න කියපන් "

" ඒක මෙහෙම කියන්න බෑ දිග කතාවක් ඊට කලින් බඩට මොනාහරි දාගන්න ඕනේ "

" අපෝ උබේ හිගන බඩ වරෙන් යන්න ෂිට් ඔහොම කුතුහලය ඇති කරන්න එපා මිනිහෝ "


වෙනුක කොල්ලගේ ඔළුවටත් එකක් අගහලා එහෙම කියද්දී අශේන් හිනාවෙවීම ඉස්සර වුනේ කෑම ගැනීමට සුදුසු ආපනශාලාවක් තෝරාගැනීමට. ඒ වෙනකොට විහස් පැමිණෙමින් සිටි නිසාම කොල්ලටත් ඇමතුමක් දීලා යන්න බලාපොරොත්තු වුන ආපනශාලාව ගැන දැනුවත් කරේ විහස්ට කෙලින්ම එතනට එන්න කියන්න. විහස් පැමිණ මිතුරන් හතරදෙනාට එක් වෙද්දී අශේන් දේව්ට අවීව හමුවුන වෙලාවෙ සිටම මෙ වෙනකන් සිද්ද වුන දෑ අකුරක් නෑරම කොල්ලො තුන්දෙනාට කීවේ දේව් නිශ්ශබ්දව ඒ දේවල් අහන් ඉද්දී.


" අඩෙ ඔය කියන විදියට ඒ කෙල්ල භයානකයි වගේ නැද්ද විහස් "

" භයානක වුනත් මට හිතෙනවා අපේ එකාට ගැලපෙනම කෙනා කියලා "

" අනේ මේ විහස් මැරුම් කන්නෙ නැතුව ඉදපන් "


වෙනුක ඇහැක් ඉගි කරන ගමන් විහස්ට කියපු දේට විහස් දුන්න පිලිතුරත් එක්ක දේව් කොල්ලට රවන ගමන් එහෙම කියද්දී කොල්ලො හතදෙනාම ඉන්නේ කොතනද කියලාවත් මතක නැතුව හිනාවෙන්න ගත්තේ දේව් පුදුමෙන් වටේටම ඇස් යවද්දී. කොල්ලො පස් දෙනා අසුන්ගෙන් ඉදිය මේසයට ආසන්න මේසවල අසුන්ගෙන අහාර ගනිමින් ඉදිය හැමෝගෙමත් අවදානේ කොල්ලො පස්දෙනාට ගියේ නිතැතින්මයි.

එකිනෙකා පරදන කඩවසම් බවින් යුතු වුන කොල්ලො පස්දෙනා මේ විදියට විනෝදෙන් හිනාවෙද්දී අනික් අයත් ඒ දිහා බලන් ඉදියේ ආසාවෙන්. දේව් අශේන් පොලිස් නිල ඇදුමිනුත් ෂෙහාන් කළු කලිසමක් සුදු කමිසය කළු කෝට් එක කළු පාටින්ම ටයි පටියත් පැලද සිටි නිසාම කොල්ලා වෘත්තියෙන් ලෝයර් කෙනෙක් බව ඕනම කෙනෙකුට හිතාගන්න පුළුවන් වුනා.

වෙනුකත් තද නිල් පාටට හුරු ඇදුම් කට්ටලයකින් සැරසි සිටි නිසාම කොල්ලත් යම් වැදගත් ස්තානයක සිටින බව කිසිම කෙනෙකුට සැකයක් වුනේ නෑ. මෙතරම් වැදගත් තරුණයන් සමග ඉදගන ඔවුන් සමග හරි හරියට හිනාවෙන විහස් ගැනත් අන් අයට දැනුනේ සාම්න්‍ය ඇදුමකින් සැරසී සිටියත් කොල්ලා ඇද පැලදගන සිටින ආකාරයත් අතේ බැදි ඔරලෝසුවත් නිසාම අන් අයට නොදෙවෙනි ලෙසින් කොල්ලත් යම් උසස් තැනක ඇති බව.

රංචු ගැසෙමින් කොල්ලෝ කණ්ඩායම් පිටින් නාස්තිවෙලා යන සමාජයක මේ විදියට උසස් තනතුරු හොබවමින් මිතුරුකම් පවත්වාගන යන කොල්ලො පස්දෙනා ගැන ඉතින් එවැනි ගෞරවයක් ආදරයක් ඇති නොවෙන්නෙ කාටද. ඒ නිසාමයි එහිදී අන් කාටත් වඩා දැඩි අවදානයක් තමන් වෙත යොමු කරගන්න නොදැනුවත්වම වුනත් මේ කොල්ලො පස්දෙනාට පුළුවන් වුනේ.


" ඇයි දැන් උබලා හිනා වුනේ "

" හිනා යන්නෙ නැද්දේ දේව් දැන් විහස් කීවේ උබලා දෙන්නා හොදට ගැලපෙනවා කියලනේ ඉතින් කියලා කටගන්න හම්බුනේ නෑ අර කෙල්ල ඉස්සෙල්ලා අර විහගට බැන්න කියපු විදියටම උබ දැන් මූට බැන්නනේ ඒකෙන්ම තේරෙනවා උබලා දෙන්නගේ ගැලපීම නැද්ද ෂෙහා. උබ ඉතින් අපේ නීති උපදේශකයනේ මේ ගැලපීම ගැනත් වචනයක් කතා කරපන්කො "

" ස්තූතියි වෙනුක ඔව් මම කියන්නේ "

" අනේ මේ උබේ ලෝයර් පට්ටම් තියාගනින් උසාවියට නැත්තන් විහස්ට කලින් මම උබව තමා මරලා දාන්නේ. උබලා නම් මගේ කරුමෙට හම්බුම යාලුවෝ ටිකක් "


ෂෙහාන් උසාවියේදී වගේ කතාව පටන් ගන්න යද්දිම දේව් කොල්ලගේ කකුලට පයින් පාරක් දීලා එහෙම කියද්දී ආයම කොල්ලො හතරදෙනාක හිනා වෙන්න ගත්තා. දේව්ගේ හිතේ උදේ ඉදන් විශාල බරක් හිරවෙලා වගේ දැනුනත් මේ හමුවීම නිසා ඒ බර කොල්ලගේ හිතින් මදක් අඩු වෙලා ගියා. කොල්ලො පස්දෙනාම සතුටින් අහාර ගෙන තම තමන්ගේ නිවෙස් බලා පිටත් වුනේ හැමොටම හෙට දවසේ දේව්ගේ නිවසට එන්න කියලා මතක් කරන ගමන්. අශේන්ගේ අදහස ක්‍රියාවට නන්වන්න අත්තිවාරම හෙට දිනයේ හැමෝගෙම අදහස් එක්ක දාන්න කොල්ලා තීරණය කරේ අශේන්ගෙ අදහස දැනගත්ත අවස්තාවෙදිමයි.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" අවියා මේක උබට ඇවිත් තියෙන්නෙ මට පෙන්නේ මොකක් හරි ඉන්විටේෂන් එකක් වගේ "

" මට කවුද බන් පාර්ටි වලට ඉන්වයිට් කරන්නේ කෝ දීපන් බලන්න "


පහුවදා උදෑසනම නිවසට ලැබුන ලිපි පිරික්කසන අතරේ විනූ කෙල්ල වෙතට රතුපාට ලියුම් කවරයක් දික් කරලා එහෙම කියද්දී අවී කුතුහලයෙන් කවරය අතට ගත්තා. හිමින් සැරේ කවරය විවෘත කරලා ඇතුලත තිබුණ කාඩ්පත විවෘත කරලා බලලා කෙල්ල කට කොනින් හිනාවෙලා විනූ දිහා බලද්දී විනුත් කෙල්ල දිහා බලන් ඉදියේ ඇරයුම කාගෙන්ද වග දැනගන්න.


" කවුද බන් "

" ආ උබම බලපන්කො "


කෙල්ල අතේ තිබුන කවරයත් එක්කම ඇරයුම් පතත් විනූගේ උකුලට විසි කරලා දාලා මුළුතැන්ගෙට ඇතුල් වුනේ උදෑසන කිරි එක හදාගන්න. අවී යන දිහා බලන් ඉදපූ විනූ උකුල මත තිබුන ඇරයුම් පත විවෘත කරලා බලද්දී කෙල්ලගේ ඇස් පුදුමෙන් විශාල වෙලා ගියා. ඒත් පියවි සිහියට පැමිණි පලමු මොහොතෙම විනූ කෙල්ලව හොයාගන මුළුතැන්ගෙට ආවෙව් කලබලෙන් වගේ.


" අවී උබ යනවද "

" උබ හිතන්නේ යන්න ඕනද එපාද "

" එපා උබ හොදටම දන්නවා ඔතනට ගියොත් උබට මූණ දෙන්න වෙන දේවල් "

" මම ඒ දේවල් වලට බය නෑ සමාධි ඒත් තාම තීරණයක් නෑ යනවද නැද්ද කියලා "

" යන්න එපා අවී මම කියන්නේ යන්න එපා කියලා ඒත් ඇයි මේ එකපාරටම උබට ඉන්වයිට් කරලා තියෙන්නේ. මට නම් හිතෙන්නෙ මේක උගුලක් කියලා "

" එහෙනම් ගොඩක් ඉන්ටර්ස්ටින් වෙයි පාර්ටි එක "

" තව හිතපන් අවී හොදම තීරණේ ගනින් ඒත් මම විතරක් නෙමේ විනූ විහග ඒ කවුරුත් කැමති වෙන එකක් නෑ උබ මේ ගමන යනවට "

" තාම තීරණයක් නෑ කීවනේ උබ ඕක උන් දෙන්නට කියලා පුළුවන් නම් මට කනක් ඇහිලා ඉන්න නැති කරපන්කෝ"

" අනේ මන්දා උබට නම් වලියකට නොයා ඉන්නම බෑනේ අවී ඕන මගුලක් කරගනින්"

සමාධි කෙල්ලට පුළුවන් උපරිමයෙන් රවලා මුළුතැන්ගෙයින් පිටවෙලා කාමරයට වැදුනා. කෙල්ල දන්නවා අවී තීරණයක් ගත්තොත් ඒ තීරණය ලේසියෙන් වෙනස් නොකරන වග ඒ තීරණ වෙනස් කරන්න පුළුවන් දෙන්නයි මේ ලෝකේ කෙල්ලගෙ ජීවිතේ හිටියේ ඒත් ඒ දෙන්නම අද කෙල්ලට බලපෑමක් කරන්න පුළුවන් දුරක නොහිටි නිසාම අවීගේ හිතුවක්කාරකම් වලට සීමාවක් තිබුනේ නෑ.


" උබ ඕකට ගියොත් මොන වගේ දෙයක් සිද්ද වෙයිද කියලා මට බයයි අවී ඒත් උබ ලේසියෙන් තීරණ වෙනස් කරන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් ඔය තීරනේ වෙනස් කරන්න පුළුවන් දෙන්නා ගැනත් මම දන්නවා එයාලට මේක කියලා කලබල කරන්න බැරි වුනත් මගේ හිත කියන්නේ ඒක කියන්න කියලා. මම මොකක්ද දෙවියනෙ කරන්න ඕනේ මගේ යාලුවා විහින් ගිනි ගොඩකට පනින්න යද්දී පැත්තකට වෙලා බලන් ඉන්න මට බෑ "


" සමාධි උබ වැඩක්ද "

" නෑ අවී කියපන් "

" උබ කල්පනා කරේ මේක ඒ දෙන්නට කියනවද නැද්ද කියලා නේද "

" අවී මම "

" එයාලා ඇහුව දැක්ක දරාගත්ත දේවල් හොදටම ඇති සමාධි තවත් කරදර ඕන නෑ එ දෙන්නට. මම වෙනුවෙන් ගොඩක් දේවල් දරාගත්තා ගොඩක් දේවල් නැති කරගත්තා ඒ නිසා නිදහසේ ඉන්න ඒ දෙන්නට ප්‍රශ්න එපා. බයවෙන්න එපා උබ හොදටම දන්නවනේ මම ඕනාවට එපාවට තීරණ ගන්න කෙනෙක් නෙමේ කියලා "

" මම දන්නවා අවී පරිස්සමෙන් බන් කරන දෙයක් උබ කීවා වගේම ඒ දෙන්නට ප්‍රශ්න ඇති තවත් කරදර ඕන නෑනේ "

සමාධි කෙල්ලගේ අතක් පටලන් එහෙම කියද්දී අවී කෙල්ල එක්ක ලස්සනට හිනා වුනා. ඕනම දුකක් ප්‍රශ්නයක් අමතක කරන්න අවීගේ සැගවුන හිනාවට තිබුනේ හිතාගන්න බැරි තරන් බලයක්. ඒ නිසාමයි කලබලෙන් බයෙන් පිරිලා තිබුණ සමාධිගේ හදවත කෙල්ලගේ හිනාව ඉස්සරහදී සන්සුන් වෙලා ගියේ. එදා ඉරිදා දිනයක් නිසාම කෙල්ලො දෙන්නම හිටියේ නිවසට වෙලා.

" අවී කම්මැලි ගෙදරට වෙලා ඉන්න කොහේ හරි යමු "

" උබලගේ ගෙදර යමුද "

" හා "

අවීගේ අදහසට එක වරම සතුටින් එකග වුන සමාධි ඉක්මනින් නාම කාමරයට වැදුනේ සති දෙකකට විතර පසුව කෙල්ලගෙ දෙමව්පියෝ බලන්න යන නිසා. අවීටත් සමාධිගේ දෙමව්පියෝ තමන්ගෙම දෙමව්පියෝ වගේ දැනුන නිසාම සමාධි නිවසට යන ගොඩක් දවස් වලදී කෙල්ලත් ඒ ගමනට එකතු වුනා. සමාධිගේ අම්මයි තාත්තයි නුවර එළියේ පදිංචිව සිටි නිසාම එක දිගට තවත් දින දෙකක් නිවාඩු දිනයන් වීම සමාධිට සහනයක් වුනා. අවීටත් ඒ ගැන ගානක් නොවුනේ කෙල්ල කොහේ කොහොම හිටියත් කෙල්ලට අදාල රාජකාරිය අකුරටම සිද්ද වුන නිසාම හිරාන්ගෙන් කෙල්ලගේ වැඩ වලට අනවශ්‍ය විදියට මැදිහත් වීම්ක් නොවුන නිසාමයි.

" සමාධි අර උබේ නෑනා පොඩ්ඩ තාම උබලගේ ගෙදරද ඉන්නෙ බන් "

" දන්න විදියට නම් ගෙදර තමා ඉන්නේ ඇයි"

" එකි මාත් එක්ක හෙන ඇරියස්නේ අර උබලගේ ඉස්සරහා ගෙදර ඉන්න කොල්ලා මගේ පස්සෙන් එනවට. මම හිතන්නේ ඒකී ඒ කොල්ලට කැමති නැත්තන් මොකටද මාත් එක්ක එල්ලෙන්න එන්නෙ. හැබැයි පුතේ මේ පාර නම් මට මොනාහරි කියාගන ආවොත් ඔකිගේ එක දතක් හරි ගලවනවා මම "

" මටත් ඒක කරගන්න බැරුව ඉන්නෙ පුළුවන් නම් කරලා දීපන් අපේ අම්මටයි තාත්‍තටයිත් මුකුත් කරගන්න බැරුව ඉන්නේ බන්. කොහෙද තාත්තගේ නන්ගි හෙන බෝම්බේ උබට මතකනේ කිරි අම්මගේ දානෙට ඇවිත් අල්ලපු අඩව්ව "

" ම්ම් බලමුකො "

කෙල්ලො දෙන්නම මාරුවෙන් මාරුවට වාහනේ පදවන ගමන් පැමිණි නිසාම ගමන ගොඩක් පහසු වුනා. උදෑසනින්ම පිටත් වුන නිසාම කෙල්ලො දෙන්නා සමාධිගේ නිවසට ගොඩ වෙද්දී දවල් දොලහා පමණ වුන හින්දම ගමන් මහන්සියටත් එක්කම දෙන්නටම දැඩි කුස ගින්නක් දැනෙමින් තිබුනත් මගදි අහාර නොගත්තේ සමාධිගේ මවගේ අතින්ම උයපූ කෑම ටිකක් අවීට කන්න ඕනමයි කියපු නිසා.

" අම්මා "

" පුතේ මම ඒත් මග බලාගන හිටියේ දෙන්නා එනකන් අවී දුවේ කොහොමද ඉතින් කෙල්ල නම් ඇදිලා ගිහින් හරියට කෑමක් කන්නෙ නැද්ද දරුවො "

" කතා කරලා වැඩක් නෑ අම්මා මෙකිට රැයක් දවාලක් නෑනේ මොකාහරි පස්සෙ දුවනවා ආර්ටිකල් ලියන්න කියාගන "

" අනෙ මේ සමාධියේ ආපු ගමන් ඔය බෙලෙක්කේ හොල්ලනේ නැතුව ඉදහන් අම්මා බඩගිනි කන්න ඔනේ "

" වොෂ් දාගන එන්නලකෝ කෑම ලෑස්ති "

" අම්මා කෝ අර උරචක්කරමාලේ "

" සමාධි මොනාද ලමයො කියන්නෙ ඒ ලමයට ඇහුනා නම් එහෙම "

" හරි හරි කෝ දැන් එයා "

" රූම් එකේද කොහෙද අද ඔෆිස් නිවාඩුනේ "

" ම්ම් වරෙන් අවී යන්න බඩගිනි ඉක්මනින් කන්න ඕනේ "

අවී කවදත් කෙල්ලගේ යාකුවන්ගේ අම්මලාට කතා කරේ කට පුරා අම්මා කියලා නිසාම කෙතරම් දැඩි ගතිගුණ තිබුණත් ඒ හැම කෙනෙක්ම කෙල්ලට ගොඩක් ආදරේ කරා. කෙල්ලො දෙන්නම සමාධිගේ කාමරයට වැදිලා ඇග සෝදගම ඇදුම් මාරු කරගන පහලට බැස්සේ බඩගින්න නිවාගන්න වුනත් කෑම මේසේ වාඩිවෙලා ඉන්න කෙනා දැක්කම නම් කෙල්ලො දෙන්නගේ මූණ ඇඹුල් වෙලා ගියා.

මූණට මූණ බලාගත්ත කෙල්ලො දෙන්නා ඇවිත් කෑම මේසෙන් වාඩිවෙලා සමාධිගේ තාත්තගේ නන්ගිගේ දුව වුන ටිනා දිහාට බැල්මක්වත් නොයවා කෑම බෙදාගන්න පටන් ගත්තා. කෙල්ලො දෙන්නගේ හැසිරීම ටීනටත් මීට කලින් ඉදලම හිතට ඇල්ලුවේ නැති නිසාම ඒ හැසිරීමේ ලොකු බලපැමක් වුනේ නැති තරම්.

" ආ ආවද දෙන්නා ඔන්න දෙන්නා ආසම කෑම හැදුවේ ඇති තරම් කන්නලකෝ "

" අම්බෝ බඩ පැලෙන්න කන්න ඕනේ අම්මා මෙහෙම රස කෑම ඉතින් ගෙදර ආවම විතරනේ "

" ටිනා ඔයත් කන්න "

" හරි නැන්දා මම කන්නම් දනුක අයියත් ආවම "

" අම්මා ඉස්සරහා ගෙදර බෝඩ් වෙලා ඉන්න කොල්ලත් මෙහෙන්ද කන්නේ එතකොට "

" ඔව් පුතේ ඒ ලමයා මාසෙකට ගානක් දෙනවා එක්කෙනෙක් නෙමේ දැන් දෙන්නෙක් ඉන්නවනේ "

" ම්ම් ඒකත් හොදා අම්මලට මම එවන ගාන විතරක් මදිනේ නේද් "

" අපිට මහ ලොකු වියදම් යනවැයි ලමයෝ ඔයා එවන ගාන අපිට වැඩිත් එක්ක ඒත් ඒ ළමයි දෙන්නනා කඩෙන් කන්න බෑ කියලා මගෙන් ඇහුවා කෑම එකක් දෙන්න පුළුවන් ද කියලා මම ඉතින් හා කීවා සල්ල වලට වඩා ඒක ලොකු පිනක්නේ "

" ම්ම් ඔව් අම්මා "

ඒ කතාව එතනින්ම නැවතිලා ගියේ ඒ වෙලාවෙම කෑම කාමරයට පැමිණි අවුරුදු විසි අටක් වගේ වුන තරුනයක් දෙදෙනෙක් නිසා. එතනින් එක්කෙනෙක් අවී සමාධි දෙන්නා හදුනනවා වුනත් අනික් තරුණයා නම් කෙල්ලො දෙන්නා දැක්ක පලමු වතාව වුනා. කොල්ලො දෙන්නා හැමෝම එක්ක හිනවෙලා ඇවිත් කෑම මේසයට වාඩි වුනත් අවීගෙන් නම් ලැබුනේ සුහද ප්‍රතිචාරයක් නොවෙයි. දනුකට අවීගේ හැසිරීම මීට කලින් හුරු වුනත් අදීශගේ හිතේ කෙල්ල ගැන ඇති වුනේ අනික් අය වගේම මුලින්ම දකින කෙනෙක් කෙල්ලගේ උද්දච්චකම ගැන ඇති කරගන්න අදහසමයි.

" උදේද ආවෙ නන්ගි "

" නෑ අයියේ දැන් මේ ආව ගමන් වොෂ් එකක් දාගන කන්න ආවා ඉන්න බෑ බඩගිනි. මඟදී කෑවෙත් නෑ අම්මගේ අහින් උයපූ කෑම ටිකක් කන්න ඕන කීවා අවීටත් "

" ඔව් එහේ ඉතින් කඩෙන්මනේ කන්නේ "

" නෑ අයියා ඒක නෙමෙ මෙයා කොහොමත් ගෙදරක කෑම කාලා නෑනේ පොඩිකාලේ ඉදලා ඉතින් අම්මා තාත්තා නැතුවනෙ හැදුනේ "

" ටිනා තමුසේගේ ඔය ජරා කට වහගන්නවා"

දිනුකත් සමාධිත් අතර වුන කතාබහ මැද්දට බලෙන්ම වගේ ඇතුල් වුන ටීනා එහෙම කියද්දී සමාධි කෙල්ලගේ ඇගට කඩා පැන්නේ කේන්තියටම අවීගේ වම් අත මිට මෙලවෙද්දී. අවීගේ ජීව්තේ ගැන කිසිම දෙයක් නොදන්න ටීනා ඒ විදියට කෙල්ල ගැන කියද්දී හැමදාමත් අවී වෙනුවෙන් ඉදපූ සමාධිය ඒ දේවල් අහන් ඉන්න පුළුවන් වුනේ නෑ. දිනුක ටීනගේ මේ වගේ බාල ගති ගුණ පිලිකුල් කල නිසාම කොල්ලත් ටීනා දිහා බලලා රැවුමක් පා කරලා අවී දිහා බැලුවේ අනුකම්පාවෙන්.

ඒත් දිනුක නොදන්න දේ වුනේ කෙල්ල ටීනගේ වචන වලටත් වඩා වෛර කරේ දනුක කෙල්ලට යොමු කරපූ අනුකම්පා සහගත බැල්මට බව. කෙල්ල තවත් දනුකගේ අනුකම්පාවෙන් පිරුණ බැල්ම දරාගන්න බැරි වුන නිසාම ඉක්මනින් කෑම මේසෙන් නැගිටලා අතත් හොදගන බොන්න වතුර පුරවලා තිබුන වතුර විදුරුව අතට අරන් වතුර එක දිනුකගේ මූණට විසික් කරලා පඩිපල නැගලා සමාධිගේ කාමරේට වැදුනා.

" අවී ඔහ් දිනුක අයියේ සොරි ටීනා තමුසේ ගැන මම පස්සෙ බලාගන්නම් අයියේ අනේ තරහ වෙන්න එපා "

සමාධිත් ඉක්මනින් අත හෝදගන කොල්ලගෙනුත් සමාව අරගන කෙල්ලගේ පස්සෙන්ම ගියේ අවී ඉන්නේ කේන්තියෙන් වග දැනුන නිසා. ටීනා බයෙන් වගේ දනුක දිහා බලන් ඉදියත් කෙල්ල හිත යටින් සතුටු වුනේ මීට පස්සේ දනුකගේ හිතේ අවිනි ගැන තියන අදහස අත ඇරලා තමන් ගැන හිතන්න පටන් ගනී කියන අදහසින්. අදීශටත් මුලින්ම ටිනා කෙල්ල ගැන කියපු දේවල් නිසා අවී ගැන අනුකම්පාවක් ඇති වුනත් තමන්ගේ යාලුවට කරපු දේ නිසාම කොල්ලට කෙල්ල ගැන පෙර තිබුනටත් වඩා ලොකූ අපැහැදීමක් කේන්තියක් ඇති වුනා.

" ෂිට් මොන වගේ එකියක්ද බන් ඒ බලපන් කෑම එකෙත් වතුර නන්ගි ටවල් එකක් ගෙනත් දෙන්න පුළුවන් ද මුගේ ඔළුවේ හිටන් වතුර "

" ආ ඉන්න අදීශ අයියේ මම ගෙනත් දෙන්නම් "

අහිංසක විදියට මූණත් හදාගන එහෙම කියපූ කෙල්ල මේසෙන් නැගිටලා ගියත් දිනුක නම් තාමත් බලන් හිටියේ සමාධිගේ කාමරයේ දොර දිහාමයි. කොල්ලට හිතාගන්න බැරි වුනා එක පාරටම කෙල්ල ඇයි ඒ විදියට හැසිරුනේ කියන එක. අවී කියන්නේ නපුරු ගති ගුණ තියන කෙනෙක් බව දැනන් ඉදියත් කිසිම වරදක් නොකරම කෙල්ල කොල්ලට කල දේට කොල්ලගේ හිතත් කල කිරිලා ගියා.

" බඩගිනි නෑ අදිශ යමන් ගෙදර "

" යමන් මගෙත් බඩ ගින්න ගියා "

ටිනා තුවායත් අරන් එන ටිකට කොල්ලො දෙන්නම තමන්ගේ නිවසට ගියේ අවුල් වුන හිත් ඇතුව. මේ අතරේ සමාධි අවීව හොයාගන කාමරේ ඇතුලට ගියත් කෙල්ල කාමරේ ඇතුලේ නොහිටි නිසාම සදළු තලයට ගියේ අනිවාර්යයෙන්ම අවී එතන ඇති කියලා දැනුන නිසා. සමාධි හිතුව වගේම කෙල්ල අහස දිහා බලගන ලොකු කල්පනාවකට වැටිලා හිටියේ. කතාවකින් තොරවම අවී ලගට ලන් වුන සමාධි කෙල්ලගේ උරයකට අතක් තියලා ආරක්ෂක වැටට හේත්තු වෙලා නිහඩම අවී දිහා බලන් හිටියේ කැළඹුන හිතකින්.

" අවි "

" සමාධි උබලගේ ගෙදරට ආපූ කෙනෙක්ට මම එහෙම කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ ඒත් ටීනා කියපූ දේවල් වලටත් වඩා මට කේන්ති ගියේ දනුක අයියා මම දිහ බලන් ඉදපූ විදියට. උබ හොදටම දන්නවා සමාධි මට ගරහන උන්ටවත් මම වෛර කරන්නෙ නෑ මට අනුකම්පා කරන උන්ට වෛර කරන තරම් "

" මම දන්නවා බන් අර ටීනාව මට මරන්න තරම් කේන්ති මගුල ෂිට් ඕකි මගේ නෑදෑයෙක් කියන්නත් ලැජ්ජයි "

" ටිනා කියපු දේවල් මට මහ ලොකුවට දැනුනේ නෑ බන් උබ ඒක් හිතන්න එපා අරුන් දෙන්නා උබලගේ අම්මට කියයිද මම කරපු වැඩෙ එහෙම වුනොත් නැන්දා මම ගැන මොනවා හිතයිද "

" අම්ම දැනගත්තත් මුකුත් කියන්නේ නෑ අවී අම්මා උබ ගැන දන්නවා "

" ඒත් දුක් වෙයි බන් "

" අපි දනුක අයියා හම්බෙලා කතා කරමුද "

" මට බෑ බන් උබ දන්නවා "

" අම්මා වෙනුවෙන් "

" හරි යමූ "

සමාධිගේ මව වෙනුවෙන් අවී සමාධිගේ අදහසට කැමති වෙද්දී සමාධි කෙල්ලවත් ඇදගන පහලට දිව්වේ දිනුකගේ නිවසට යන්න. සමාධිගේ මවත් සාලෙට වෙලා රූපවාහිනිය නරඹමින් ඉදි නිසාම කෙල්ලො දෙන්නා එළියට යන විත්තිය නිමාලිට ගානක් වුනේ නෑ. දනුකගේ බෝඩිම් නිවසේ ගේට්ටුවත් ඇරගන ඇතුල් වුන කෙල්ලො දෙන්නා දොරේ සිනුව නාද කරලා බලන් හිටියේ කවුරු හරි ඇවිත් දොර අරිනකන්. දෙපාරක් පමණ සීනුව නාද වෙද්දී අදීශ ඇවිත් දොර විවර කරත් කොල්ලා කෙල්ලො දෙන්නා දිහ බලන් ඉදියේ නොරුස්සන මූණකින්.

" ඇයි "

" දනුක අයියා "

" ආය වතුර නාවන්නද "

අවී දිහා නොපහත් බැල්මකින් බලන ගමන් අදීශ එහෙම කියද්දී අවී පුළුවන් උපරිමයෙන් කොල්ලට රවන්න ගත්තා. ඒත් කොල්ලගේ හිතේ කෙල්ල ගැන තිබුණ වැරදි ප්‍රතිරූපය නිසාම කොල්ලා කෙල්ලට තවත් ඇනුම් පද කියන්න ගියත් අදීශගේ පිටුපසින් හිටගත්ත දනුක නිසා ඒ කතාව එතනින්ම අවසන් වෙලා ගියා.

" නන්ගි ඔයාලා "

" දනුක අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද "

" හරි එන්න ඇතුලට අදීශ අයින් වෙයන් බන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ නැතුව "

අදීශ දොර ළඟින් ඉවත් වෙද්දී කෙල්ලො දෙන්නම නිවස තුළට ගොඩ වැදුනා. දිනුක කෙල්ලො දෙන්නට පුටු දෙකක් පෙන්නනදී කෙල්ලො දෙන්නම පුටු දෙකෙන් අසුන් ගත්තේ කොලො දෙන්නා එ ඉස්සරහි අසුන් ගද්දී. සමාධිගේ මූනේ පසුතැවිලි වන පෙනුමක් තිබුනත් අවීගේ මූණේ නම් සුපුරුදු පරිදි නපුරු පෙනුමකින් යුක්ත වුනා.

" කෑම කන වෙලාවෙදී සිද්ද වුන දේට සොරි "

" හෙලෝ ඔයා ඔය ඇත්තටමද සමාව ගත්තේ ඒත් ඒකේ කිසිම පසුතැවිලි වෙන පෙනුමක් තිබ්බේ නෑනේ "

දිනුක කෙල්ලගේ සමාව පිලිගන්න ගියත් අවී දමලා ගහන්න වගේ සමාව ගද්දී අදීශ ඉස්සර වුනා. ඒත් අදීශ නොහිතපූ වීදියට අවීගේ මූණ පෙරටත් වඩා නපුරු වෙලා යද්දී කෙල්ල පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන්මයි.

" මේ හලෝ මම තමුන්ට නෙමෙයි සොරි කීවෙ අනික් දේ තමා මම ඒ කරපු දේ ගැන පසුතැවෙන්නෙ නෑ ආයම එහෙම අවස්තාවක් ඇති වුනො මම ආයම කරන්නෙ ඔය දේ තේරුණාද... "

කෙල්ල කේන්තියෙන් කියන්න ගිය දේවල් කියාගන්න බැරුව ගියේ කෙල්ලගේ දුරකථනය නාද වෙන්න ගත්ත නිසා. දුරකතන තිරයේ වැටිලා තියන නම දිහා බලපූ කෙල්ල නැවත වරක් අදීශ දිහත් බලලා ඇමතුමට සම්බන්ද වෙලා සමාධිටත් කියලා එලියට ගියේ ඇමතුම ලැබුනේ විහගගෙන් නිසා.

" සමාධි විහග ගන්නේ මම කතා කරලා එන්නම් "

කොල්ලෙක්ගේ නමක් ඇහෙද්දිම දිනුකගේ ඇස් ගෑස්සිලා ගියේ කෙල්ල නොහිතුවත් දිනුකගේ හිතේ කෙල්ල ගැන ඇත්තටම ආදරයක් තිබුන නිසාමයි. අවී එලියට යනකන් බලන් හිටපු සමාධි කොල්ලො දෙන්නා දිහාට හැරුනේ මේ වෙලාවේ කෙල්ලට ඇමතුමක් ලබා දුන්නට විහගට හිතින් පින් දෙමින්. කෙල්ලට ඕන් වුනේ අවී ගැන කොල්ලො දෙන්නට පැහදිලි කර දීලා මේ ප්‍රශ්නය මෙතනින්ම ඉවර කර දමන්න.


" දිනුක අයියේ අදීශ අයියේ අවී වෙනුවෙන් මම සමාව ගන්නම් "

" ඔයා මොකටද සමාව ගන්නෙ වරද කරේ ඔයා නෙමේනෙ නන්ගි "

"අදීශ නන්ගිට කතා කරන්න දීපන්කො"

" ඔව් ඉතින් උබ මුන් කියන හැම එකම හිස් මුදුනින් පිලිගනින් ගොනා "

" අයියේ එහෙම දෙයක් නෙමේ අවී එවලේ එහෙම හැසිරුනේ හේතුවක් ඇතුව. ඔයාලා අවී ගැන දන්නෙ බොහොම ටිකයි. ඒත් එකි මගේ යාළුවා මම කාටත් වඩා හොදට ඒකි ගැන දන්නවා. එවලේ ටිනා කියපූ දේවල් ඔයාලටත් ඇහුනනේ ඒ දේවල් වලට මම කේන්ති ගත්ත තරම්වත් අවීට කේන්ති ගියේ නෑ "

" එහෙනම් මොන එහෙකටද මුගේ ඔළුවට වතුර එක හැලුවේ "

" අවීය ටීනා එක්ක කේන්ති නොගියත් දිනුක අයියා එකි දිහා අනුකම්පාවෙන් බලද්දී කේන්ති ගියා. අවී මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන්නේ දේවල් දෙකකට විතරයි ඒක ගොඩක් අය දන්නවා වුනත් අවී තවත් දේකට තදින්ම වෛර කරනවා එක තමයි අනුකම්පාව "

" මොකක්ද මට මුකුත් තෙරුණේ නෑ "

" මම ඒකනේ අදීශ අයියේ කීවේ ඔයාලා අවී ගැන කිසිම දෙයක් දන්නෙ නෑ එකි අද ඔහොම හැසිරෙන්න ගොඩක් හේතු තියනවා. ඒ දේවල් කාටවත්ම අදාල නැති බව ඇත්ත ඒත් එකිගේ ජීව්තේට ඒ දේවල් ගොඩක් බලපානවා ඔයලා පුළුවන් තරම් අවීගෙන් ඈත් වෙලා ඉන්න "

" සමාධි නන්ගි මම අවී නන්ගිට ආදරේ කරනවා "

හැමදේම නිහඩම අහගන ඉදපූ දිනුක එහෙම කියද්දී සමාධි අසරණ විදියට හිනා වුනේ ඒ ආදරය කවදාවත් සාර්තක වෙන දෙයක් නොවන නිසා.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍

හී අදත් රෑට බෝනස් එකක් දෙනෝ කමෙන්ට් වැඩියෙන් තිබ්බොත් මොකො කියන්නේ හැබැයි මගේ හිත පිරෙන්න කමෙන්ට් ඕනේ නැත්තන් බෝනස් නැතෝ. ලමායි වීගේ උරුමක්කාරයා ගැන මම කුතුහලයක් ඉතුරු කරා ඔයාලම කියන්න බලන්න කාවද හොද කියලා දේව් , අශේන් , දිනුක , අදීශ ද....🕊️

To be continue 🤝

⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️

Report Page