Vampire Love EPISODE 07

Vampire Love EPISODE 07

Sula..🤟

To the previous episode 👇👇

https://telegra.ph/Vampire-Love-EPISODE-06-11-16


For an immortal life



"අපි ආවෙ ට්‍රාන්සිල්වේනියානියාවෙ ඉදල.. අහල තියනවනෙ.. ඔයා හිතනව වගේ අපි යක්කු නම් නෙවෙයි හැබැයි.. අපි වැම්පයර්ස්ල.. ඒත් අපෙන් ඔයාට කිසිම අනතුරක් නෑ කියන එක අපි පොරොන්දු වෙනව.. අපිට ඕනෙ කරල තියෙන්නෙ ආත්මීය පුශ්පය කියන ගොඩාක් වටින මල හොයාගන්න.. ඒත් ඒකට අපේ වැම්පයර්වරු ලඟ ශක්තිය නෑ.. ඒක කරන්න පුලුවන් එකම එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නෙ..


අපි මෙච්චර දුරක් ආවෙ ඒ කෙනාව හොයාගෙන.. ඉතින් අපි ඒ කෙනාව හොයාගත්ත.. එන්සා කියන ලේ ප්‍රභේදෙන් මේ ලෝකෙටම ඉන්න එකම අන්තිම මනුශ්‍යයා.. ඒ වෙන කව්රුත් නෙවෙයි ඒ ඔයා.. ඔයාට විතරයි පුලුවන් අපිට උදව් කරන්න.. "


බිලී කිව්වෙ තමන්ට ඉස්සරහ තනි සෝෆ එකේ ඉදන් ඉන්න කෙල්ලගෙ මූන දිහාම බලාගෙන..


කෙල්ලත් ඇහිපිල්ලමක්වත් ගහන්නැතුව ඇස් දෙකත් ලොකු කරගෙන කතාව අහන් ඉන්නෙ ලොකු පුදුමෙකින්..


"අපිට උදව් කරනව නේද.." කිසි දෙයක් නොකිය තාමත් තමන් දිහා බය මුසු පුදුමෙකින් බලන් ඉන්න කෙල්ලගෙන් බිලී ඇහුවෙ ඇහි බැම් දෙකත් උඩට කරල..


"ම්ම්මං අහල තිය්යනව එඒගොල්ලො ගැන්න්න.. එයාල.. එයාල මිනිස්සුන්ගෙ ලේ බොනව..ඔයාල මගෙ ලේත් බොයි.. අන්නේ යන්න මෙහෙන්.. මං වඳින්නම් ප්ලීස්.. අනේ මං පව්..මාව මරන්න එපා.."


"ඔයා අපිට උදව් කරන්න කැමති උනොත් අපෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.."


"මගෙන් උදව් අරගෙන ඔයාල මුලින් මගෙ ලේ බීල මාව මරයි.. "


"එහෙම දෙයක් වෙන්නෙ නෑ.. වැම්පයර්වරු පොරොන්දු කඩන්නෙ නෑ.."


"ඒත් මට ඔයාල ඔය කියනව වගේ මලක සුවඳක් එන්නෙ නෑ ඇත්තමයි.."


"හ්ම්ම් දන්නව.. ඒක නිකන්ම දැනෙන්නෙ නෑ.. " විකී එහෙම කිව්වෙ බිලීට ඇස්වලින් ගෙදර කුස්සිය පැත්ත පෙන්නන ගමන්..

ඒත් එක්කම කුස්සියට ගිය බිලී ආයෙ ආවෙ පොඩි පිහියක් එක්ක ග්ලාස් එකකුත් අතේ තියාගෙන..


වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි කෙල්ල ඉන්නෙ කටත් ඇරගෙන පුදුමෙන් ඒ දිහා බලාන.. 


පිහිය අතට ගත්ත විකී කිසි බයක් නැතුවම තමන්ගෙ අත ටිකක් කපාගත්තෙ කැපුම ලඟින් ඒ තත්පරේම ලේ ගලද්දි..


විකීගෙ ලේ වලින් බිලී අතේ තිබුන වීදුරුව පුරෝනව දැක්ක කෙල්ල නම් අහක බලාගෙන ඇස් දෙකත් පියාගත්තෙ මේක හීනයක් වෙන්න කියල හිතන ගමන්..


"ආ.." කෙල්ල ගැස්සිලා ඇස් ඇරියෙ විකීගෙ කටහඬට..


"මොමොක්කටද " විකී රාධි දිහාට දික් කලේ ඒ ලේ පුරෝපු වීදුරුව..


"මේක බොනව.. ඊටපස්සෙ අපේ වැඩේ කරල දෙන්න පුලුවන්.."


"මොක්කක්.. මට බෑ.. ඊයා.. "


"හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ.. දැන් අපිට උදව් කරන්න කැමති උනානෙ.. ඉතින් මේක බොනව.. එතකොට ආත්මීය පුශ්පය තියන තැන දැනෙයි.."


"අනේ ම්ම්මේ.. මට බෑ.. මොන ජරාවක්ද.. මං ඔයාල වගේ නෑ.. ඕක අහක් කරන්න.. මට ගඳයි.."


"අන්තිම පාරට හොදින් කියන්නෙ.. මේක බොනව.."


"මාත් අන්තිම පාරට හොඳින් කියන්නෙ මට බෑ ඔය ජරාව බොන්න.."


"ආ එහෙමද තමුසෙ.."


අතේ තිබුන ලේ වීදුරුව මේසෙ උඩින් තියල රාධි දිහාට යන විකීගෙ ඇස් දෙක කහපාටට හැරිල දඩයම් දත් තව තවත් තියුණු උනේ කට කොනේ පොඩි හිනාවකුත් රැඳෙද්දි..


"යනව යන්න.. ලගට අවොත් ගහනව හරිද.. " කෙල්ල කෑගැහුවෙ අහල පහල තිබ්බ අතට අහුවුන දෙයක් අරගෙන..


විකී කෙල්ල ලඟට ඇවිත් සෝෆ එකේ ඇදි දෙකට අත් දෙක තියාගත්තෙ කෙල්ල තමන්ට ගහන්න කියල තියාගෙන ඉන්න දේ දිහා හරි සමච්චලේට බලල..


අතේ තියාගෙන ඉන්නෙ ප්ලාස්ටික් මල් වාස් එකක් කියල කෙල්ලත් දැක්කෙ එවෙලෙ.. ඒක ගානක්වත් ගත්ත නැති කෙල්ල මල් වාස් එකෙන් දමල ගැහුවෙ විකීගෙ මූනට.. හැබැයි ඒ පාර විකීට වැදුනෙ නැත්තෙ විකීගෙ අත් දෙක කෙල්ලගෙ අත් දෙකට වඩා වේගවත් උන හින්ද..


කෙල්ලගෙ අත් දෙක තදින් අල්ලගෙන විකී ටිකෙන් ටික කෙල්ලගෙ ගෙල ලගට ලං උනේ කෙල්ල බයේ කෑගහද්දි..


ඇත්තටම කව්රුත් ගැන අනුකම්පාවක් හිතිල නැති කොල්ලට පළවෙනිවතාවට රාධි ගැන අනුකම්පා හිතුන.. ඒ හින්දමයි රාධිගෙ ගෙල ලඟම මුව තියාගෙනත් තමන් ගත්ත තීරනේ ගැන ආයෙ ආයෙ හිතුවෙ..


කෙල්ල හොදටම අඩනව.. විකීගෙන් මිදෙන්න උත්සාහ කරනව.. ඒත් බැරිම තැන..


"අනේ හරි මං බොන්නම් අනේ මාව අතාරින්න.."


කෙල්ල කිව්ව නෙවෙයි කියවුනා..


ඒ වචන ඇහෙනවත් එක්කම කොල්ලගෙ ඇස් දිලිසුනේ දැනුන සතුටටමයි.. කොල්ල කෙල්ලගෙන් ඈත්වුනා..


"අනේ මාව මරන්න එපා.." කෙල්ල තවමත් ඇස් දෙකත් පියාගෙන හිමින් හිමින් මුමුනනව.. ඒ ඇස් වල කදුලු බේරෙනව..


කෙල්ලගෙ කදුලු දැකල විකීටත් දුකක් දැනුනත් ලේ පුරවපු වීදුරුව අතට අරගෙන කෙල්ල දිහාට දික් කලේ තමන්ගෙ ඉලක්කය ලගටම ඇවිල්ලත් අතෑරල දාන්න බැරි හින්ද..


කදුලු පුරෝගත්ත ඇස් වලින් විකී දිහා බලපු කෙල්ල අත් දෙකෙන්ම තමන්ගෙ කට වහගත්තෙ බෑ කියන්න වගේ ඔලුවත් දෙපැත්තට වනන ගමන්..


විකී අයාසයෙන්ම ඇස් දෙක කහ පාටට කරගත්තෙ කෙල්ලට කොහොමහරි ඒක පොවන්න ඕනෙ නිසා..


බය උනු කෙල්ලගෙ අත් වීදුරුව දිහාටගියේ ඉබේටම වගේ.. වීදුරුවෙ රස්නෙ අත්වලට දැනෙද්දි කෙල්ලගෙ අප්පිරියාව තව තව වැඩි උනා.. කෑ ගහල අඩන්න උවමනාව තිබුනත් කෙල්ල කොල්ලගෙ යක්ශ පෙනුමට හොදටම බයවෙලයි හිටියෙ..


අමුතු ඇස් වලින් රවාගෙන තාමත් තමන් දිහාම බලාගෙන ඉන්න විකීව දැකපු කෙල්ල ලොකු හුස්මක් අරගෙන ලේ වීදුරුව බීගෙන බීගෙන ගියේ අනිත් අතින් නහයත් වහගෙන..


දැනුන අප්පිරියාව නිසා ඒ එක්කම ආපහු වමනෙ කලත් විකීගෙ ලේ ඒ වෙනකොටත් කෙල්ලගෙ ඇගට උරාගෙන තිබුන..


ටික වෙලාවකින් කෙල්ලට ඔලුව කැරකිල්ලක් වගේ හැදුන නිසා කලන්තෙ දාල සෝෆ එක උඩම වැටුන..


- - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - - - - - --- - - - - - - - - - - - - - - - - - - - - - - - -


"ඩියෝන්.. සේරම ලෑස්තියි නේද.. "


"ඔව් උතුමාණනි.."


"හරි ඉක්මනට පිටත් වෙමු.. දැනටමත් අර විකීල මගෙ බලාපොරොත්තු කඩ කරලද දන්නෙ නෑ.. ඩියෝන් උබ හින්ද තමයි මේ ඔක්කොම දේවල්.."


"සමාවෙන්න යශ් උතුමාණනි..


"දැනගන්නව මේ යශ් එහෙම ලේසියෙන් සමාව දෙන් ජාතියෙ කෙනෙක් නෙවෙයි.. ඒත් උබ මට කරල තියන , කරන්න තියන උදව් එක්ක මං උබට සමාව දෙනව.. "


"කරන්න තියන උදව්?? තව මොනවද උතුමාණනි මගෙන් වෙන්න ඕනෙ.."


" ඒව පස්සෙ බලමු.. මේ ගමන ගියාම ඔයාටම ඒව දැනගන්න ලැබෙයි.. බෙන්.. ඩියෝන්ව අරගෙන එන්න... අපි යමු ශ්‍රී ලංකාවට.. අපි යමු මගෙ තුරුම්පුව හොයාගෙන.."


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


සොරි අනී කතාව පරක්කු උනාට..




ම‍ං,

  sula..🤟

Report Page