Tsutomu miyazaki ( serial killer files )

Tsutomu miyazaki ( serial killer files )

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



ටුටොමු මියසාකි කුඩා ලමුන්ව මරු තුරුලට යවපු ජපානෙ හිටපු අනුක්‍රමික ඝාතකයෙක්.. 1962 අගෝස්තු මාසෙ ටෝකියො වල ඉට්සුකයිචි වල උපත ලබන ටුටොමු නොමේරු ලදරු උපතක් විදියට තමා මේ ලෝකෙට බිහි වෙන්නෙ... ධනවත් පවුලක වැඩිමහල් පුත්‍රයා විදියට ඉපදුන මියසාකි උපතින්ම ඔහුගෙ අතේ ඇටකටු වියලනය වී තිබූ අතර මැනික් කටුවෙන් අත ඉහලට නැමීමට හැකියාවක් තිබ්බෙ නෑ.. මියසාකි පවුලට නගරයේ පුවත්පත් ව්‍යාපාරයක් තිබුනා.. ටුටොමු මියසාකිගෙ සීයා එහෙම ඒ පැත්තෙ ප්‍රසිද්ද පුද්ගලයෙක්.... වෙන අය වගෙ නෙමෙ ටුටොමුගෙ ආශාව උනේ photographer කෙනෙක් වෙන එක.. ඒ නිසාම ඒ සම්බන්දව ඉගනගන්න උසස් අද්‍යාපනය ලබන කාලෙ ඉදන්ම පෙලබෙනව

මෙයා කවදාවත් පියාගෙ රැකියාව බාරගන්න කැමති උනේ නෑ මොකද දෙමවුපියන් එක්ක තිබ්බ සම්බන්දතාව අඩු නිසා.. කරපු අපරාද නිසා හිර බාරෙට අරගන ප්‍රශ්න කරනකොට ටුටොමු කියල තියනව තමන් වැඩියෙන්ම ආස කරපු දේ තමන්ගෙ ප්‍රශ්න වලට කවුරු හරි ඇහුම්කන් දෙන එකලු.. ඒත් තමන්ගෙ පියාටවත් මවටවත් ඒවට ඇහුම්කන් දෙන්න වෙලාවක් තිබිලා නෑ ඒ අය ගොඩක් කාර්‍යබහුල ජීවිත ගත කරපු නිසා.. මියසාකිට කවුරු හරි සමීප උනා නම් ඒ එයාගෙ සීය විතරයි.. සහෝදරියන් දෙමවුපියන් ඔහුව එච්චර ගනන් අරගන නෑ.. සමහරවිට අනික් ලමයින්ට වඩා වෙනස් කෙනෙක් වෙච්ච නිසා වෙන්න ඇති.. කොහොම හරි ටුටොමුගෙ ජීවිතයට හයියක් වෙන්න හිටපු එකම කෙනා එයාගෙ සීයා 1988දි මිය පරලොව යනව.. මේ සිදුවීම මියසාකිට ඉවසගන්න බැරි වෙනව වගේම මානසික පීඩනය වැඩි වෙන්න ගන්නව.. මියසාකි හුදකලා වෙනව.. මියසකි කියන විදියට නම් එයා තමන්ගෙ සීයගෙ මිනී අලු වලින් කොටසක් ආහාරයට අරගන තියනවලු.. ඒ වගේම මේ සිදුවීම් වෙනවත් එක්කම දවසක් මෙයා මෙයාගෙම සහෝදරි නාන දිහා බලන් ඉදල තියනව.. සහෝදරි මෙයාට යන්න කියල බැන්න වෙලාවෙ සහෝදරීටත්.. පස්සෙ අවවාද කරන්න ආපු තමන්ගෙ මවටත් පහර එල්ල කරල තියනව.. මේ ඔක්කොම තමන්ගෙ සීයා මිය යාම නිසා මානසිකව බලපාපු දේවල් කියල තමා කියන්නෙ

1988 තමන්ගෙ සීයගෙ මිය යාමත් එක්කම මෙයා දරුනු ඝනයේ වැඩ කරන්න පෙලබෙනව.. මානසික ව්‍යාකූලත්වය නිසාම 1988 -1989 කාල වකවානුව ඇතුලත වයස අවුරුදු 4 සිට 7 දක්වා කුඩා ගැහැනු ලමුන්ව පැහරගන යාම ඝාතනය කිරීම .. මැරුන මල සිරුරු සමග ලින්ගිකව එකතු වීම වගෙ භයානක ක්‍රියාවන් වල නිරත වෙනව

මියසාකි දිවා කාලය තුල අහින්සකව හැසිරුනත්.. රාත්‍රි කාලයෙදි තමා මෙයා වැඩ ආරම්බ කරන්නෙ .. ඝාතන ශෛලියෙ විශේශ දෙයක් දකින්න තියනව ඒ තමා ඝාතනය උන හැම ලමයගෙම දෙමවුපියන්ට නිහඩ ඇමතුම් යැවීම.. මෙහෙන් ගන්න කෝල් එක එහෙන් ආන්ස කලේ නැත්තන් එක දිගට කෝල් අරගන්නත් මෙයා අමතක කරල නෑ හැබැයි එක වචනයක්වත් කතා කරන්නෙ නම් නෑලු

#පලමු_ඝාතනය

මියසකිට දැන් වයස 26යි.. උපන්දිනය අගෝස්තු 21.. ඊට පහු වෙනිද අගෝස්තු 22 වෙනි දින මාරි කොන්නෝ නම් 4 හැවරදි දැරිය තමන්ගෙ යාලුවකුගෙ ගෙදර වත්තෙ සෙල්ලම් කරමින් ඉන්නකොට එක වරම අතුරුදහන් වෙනව.. පැය ගනන් හෙව්වත් හොයාගන්න අපොහසත්කම නිසාම පොලිසියට දන්වනව.. මියසාකි කොන්නෝ සමග තමන්ගෙ නිසාන් කාර් එකේ ටෝකියො වල බටහිර පැත්තෙ තියන වනාන්තර ප්‍රදේශයකට ගිහින් කොන්නෝ සමග පැය බාගයක් විතර කවුරුත් නැති පාලමක් අසලක ඉදගන ඉදල පස්සෙ තමා ඝාතනය කරන්නෙ.. ඝාතනයෙන් පස්සෙ කොන්නෝ සමග ලින්ගිකව හැසිරෙන මියසාකි පැය කීපයකට පස්සෙ ආපහු ගෙදර යනව.. ගෙදර අසල තියන කදු වැටියට කොන්නෝගෙ මල සිරුර විසි කරල ඇදුම් ටික ගලවගන ගෙදර ගේනව.. ඔහොම ඉදල ටික වේලාවකින් මියසාකි කොන්නොගෙ දේහය ආපහු ගෙදර ගෙනල්ලා අත් කකුල් කපල අයින් කරල ඉතුරු කොටස් පුලුස්සලා අලු ටිකයි ඇදුම් ටිකයි ලියුමක් සමග කොන්නොගෙ දෙමව්පියන්ට තැපල් කරනව.. මියසකි කොන්නොගෙ මස් කොටස් අනුබව කලා කියලත් කියනව...ඒ වගේම කපා ඉවත් කරපු අත් දෙකයි කකුල් දෙකයි පොලිසියට කොටු වෙච්ච දවසෙ පොලිසිය විසින් මියසකිගෙ නිවසෙ තිබිලා හොයාගන තියනව

#දෙවන_ඝාටනය

1988 ඔක්තොම්බර් 3 වන දින මියසාකි ග්‍රාමීය මාර්ගයක ගමන් කරමින් ඉන්නකොට වයස 7ක මසාමි යොෂිසාවා පැහරගන යනව.. කාර් එකක යන්න ආසාවෙන් හිටපු කෙනෙක් තමා මසාමි කියන්නෙ මොකද ජපානයේ ග්‍රාමිය පරිසර නාගරික පරිසර වලට වඩා හාත් පසින්ම වෙනස් ස්වරූපයක් ගන්න නිසා.. කාර් එකේ පොඩි දුරක් එක්කගන යනව කියල රවට්ටගන මසාමිව එක්කගන එනව කොන්නොව මරපු තැනටම.. මෙයා එක්කත් ටික වෙලාවක් ඉදගන හිටපු මියසකි මසාමිව ඝාතනය කරල මල සිරුර සමග ලින්ගිකව එකතු වෙනව.. ඔක්කොම ටික කරල ඉවරුනාට පස්සෙ මසාමිගෙ ඇදුම් ටික ගලවගන ගෙදර ගෙනියනව සිරුර එතනම දාලා

#තෙවන_ඝාතනය

1988 දෙසැම්බර් 12 වන දින මියසාකි වයස 4ක දැරියක් වෙච්ච එරිකා නම්බාව බලහත්කාරයෙන්ම වාහනයට දාගන පැහරගන යනව.. ඒ වෙනකොට එරිකා මිතුරියකගෙ ගෙදන් ඉදන් යාබද තමන්ගෙ ගෙදරට පැමිනෙන ගමන් ඉදල තියෙන්නෙ.. කොහොම හරි පැහරගන ගියපු එරිකාව වාහන නවත්තන ස්තානයකට එක්ක ගිහින් ඇදුම් සේරම බලහත්කාරයෙන්ම ගලවලා ඒ ඔක්කොම ෆොටෝ ගහල තියනව.. චායාරූප ගැනීමෙන් පසුව එරිකාව ඝාතනය කරල .. අවශ්‍ය වැඩ ටිකත් කරගන එරිකාගෙ සිරුර ඇඳ ඇතිරිලි වලින් ඔතලා කකුල් අත් පිටි පස්සට ගැට ගහල යාබද වාහන නවතන ස්තානයකට මල සිරුර විසි කරල දාලා මියසකි පිටත් වෙනව.. පොලිසියට එරිකාගෙ මල සිරුර හම්බ වෙන්නෙ මේ සිද්දිය වෙලා දවස් 3කට පස්සෙයි .. කොහොම හරි මේ මානසික පීඩනය නිසා උමතුවෙන් මිනී මරන මියසකි එරිකාගෙ දෙමව්පියන්ට ලියුමක්‍ යවනව සගරා වලින් කපාගත්ත අකුරු බාවිත කරලා "Erika. Cold. Cough. Throat. Rest. Death." කියල

#අවසන්_ඝාතනය

1989 ජූනි 6 වන දින මියසාකි වයස 5ක අයකෝ නොමොටෝගෙ චායාරූප ගන්න පටන් ගන්නව.. මොකද ඉතින් මියසකි පොටොග්‍රැපර් කෙනෙක්නෙ.. පස්සෙ බලෙන්ම අයකෝව වාහනයට නග්ගගෙන කලින් කෙනාට කරපු දේම කරනව.. හැබැයි මේ ඝාතනය කලින් එව්වට වඩා වෙනස් අරමුනකින් තමා කරන්නෙ.. ඝාතනය කරල ඉවර වෙලා මල සිරුර තමන්ගෙ ගෙදරට ගෙනියනව... ඉදිරි දවස් දෙකම ගත කරන්නෙ අයකෝගෙ මල සිරුර එක්ක ලින්ගිකව එකතු වෙමින්.. නිකන්ම ලින්ගිකව එකතු වෙන්නෙ නෑ වයස 5ක පුන්චි අයකෝගෙ නිරුවත් සිරුරෙ චායාරූප ගනිමින් .. ලින්ගිකව එකතු වෙන විදිය වීඩියො එහෙම කර කර තමා මේ දවස් දෙක ගත කරන්නෙ.. ශරීරය කෙමෙන් කෙමින් නරක් වීගන එනකොට හිස වෙනම කඳ වෙනම අත් වෙනම කපල දානව.. ඊට පස්සෙ හිස සොහොනකට විසි කරලා කඳ කොටස කදුකරයට විසි කරලා අත් දෙක ගෙදර තියාගන්නව.. මම කලින් කිව්වනෙ මෙයා අයකෝ එක්ක අනවශ්‍ය වැඩෙ කරනකොට වීඩියො එහෙම කලා කියලා.. ඊට අමතරව මෙයාගෙ ලින්ගික හැගීම් ජනනය වෙනකොට අයකෝව සපා කාලා ලේත් බීලා තියනව.. පොලිසිය කොහොමත් දැන් මේ උම්මන්තකයව හොයනව.. නිව්ස් වලට එහෙම කතාව යන නිසා මියසාකි ටිකක් බය වෙලා ඉන්නේ..ඒ නිසාම විසි කරපු අයකෝගෙ හිස සහ කඳ කොටස ආපහු විසි කරපු තැන් වලින් අරන් ඇවිල්ල ගෙදර තියාගන්නව

මේ තමා මියසාකි කරන අවසන් ඝාතනය

මියසකි ඇනිමේ කාටුන් වගේම ත්‍රාසජනක චිත්‍රපට වලට පිස්සු වැටුන කෙනෙක්..1989 ජූලි 23 වන දින මියසකි ටෝකියො වල හචියිජි උද්‍යානයෙ සෙල්ලම් කරන සහෝදරියන් දෙදෙනෙකුගෙ චායාරූප ගනිමින් ඉන්නකොට මේ සහෝදරියන් දෙදෙනාගෙන් වයසින් බාල කෙනාව බලෙන්ම නිරුවත් කරලා චායාරූප ගන්න හදනකොට මෙතනට ඒ අයගෙ තාත්තා එනව.. ඔන්න ඔතනදි තමා මියසකිගෙ වැඩේ කෙලවෙන්නෙ..

මේ සිද්දියෙන් පස්සෙ පොලිසිය මෙයාව කොටු කරගන්නව.. ගෙදර පරීක්ශා කරාට පස්සෙ කලින් ඝාතනයන්ගෙ ඉතුරු කරගත්ත ශරීර කොටස් වගේම අයකෝගෙ කොටස් කරපු සිරුර හම්බ වෙනව..

මියසකිගෙ ගෙදර තිබිලා කුඩා ලමුන්ගෙ සහ ඝාතනය කරපු හතර දෙනාගෙ වීඩියො 5763ක් හම්බ වෙනව මේ වීඩියො වලින් සමහරක් එව්ව සංස්කරනය කරල කෙටි චිත්‍රපට විදියට නිශ්පාදනය කරලලු තිබුනෙ.. පොලිසිය සහ මනෝ වෛද්‍යවරුන් කියන විදියට කුඩා කල සිටම පවුලෙන් නොසලකා හැර තිබීම වගේම තමන්ගෙ ප්‍රශ්න වලට සවන් නොදීම මේ අපරාද වලට මුල් වෙලා තියනව.. කොකටත් තෛලය වගේ ලගම හිටපු සීයගෙ මිය යාම නිසා මානසිකව විකුර්ති වෙච්ච මේ යක්ශයා නිසා දෙමව්පියො හතර දෙනෙක්ට කුඩා මල් කැකුලු හතරක් අහිමි උනා වගේම හොද ජීවිතයක් ගත කරන්න වාසනාව තියන අහින්සකයෙක් තමන්ගෙ ජීවිතේම උම්මන්තකයෙක් විදියට හැසිරිලා නැති වෙලාම ගියා

Page name :- Psycho Jaka

#ජැකා

Report Page