Tik tok LoVe ..

Tik tok LoVe ..






.. කෙටිකතාවකි ..






වෙනද පුරුද්දටම උදෙන්ම ඇහැරුනු මම ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න .. 



06:15 AM



'ම්ම් .. තව ටික වෙලාවක් නිදාගන්න පුළුවන් ..'




තව ටික වෙලාවක් ඇදටම වෙලා හිටියත් නින්ද මගෙ ලගටවත් ආවෙ නෑ .. 



සිවිලිම දෙසට දෑස් යොමු කරන් හිටිය මගෙ දෑසට කඳුළු පිරුනෙ මටත් හොරෙන් අතීතෙට ගිහින් තිබුනු මගෙ සිතුවිලි නිසයි ..





……………………………………



'ම්ම් .. හරි ලස්සන බෝයි කෙනෙක්නෙ .. අනේ මෙයා මගෙ වෙනවනම් .. '





ලස්සන ටික් ටොක් එකක් කරල තිබුනු කොල්ලෙක්ගෙ ටික් ටොක් එකට මං කමෙන්ට් එකක් දැම්මෙ ටිකක් චකිතයකින් වගේ ..





ඒත් ටිකක්න් එයාගෙන් රිප්ලයි එකක් ආවාම නම් පුදුම සතුටක් දැණුනෙ .. 





හැමදාම එයාගෙ ටික්ටොක් වලට මං කමෙන්ට් කරෙ පිස්සුවෙන් වගේ .. 





කාලයාගෙ ඇවෑමෙන් අපි ගොඩක් හොද යාළුවො දෙන්නෙක් උනා ..




ඒත් එක්කම වගේ මගේ හිතටත් හොරෙන් මොකක්දෝ හැගීමක් යටි හිතේ මෝදු වෙමින් තිබුනා .. 




ඒක ආදරයක්ද .. ආකර්ශනයක්ද .. ඒත් ඒකෙන් මට වැඩක් උනෙ නෑ .. මොකද මං ඒ හැගීමට ආදරය කියන නම දීල ඉවරයි ..




අවුරුදු 17ක් .. ගොඩක් පොඩි වයසක් .. සමාජය ගැන දැනුමක් නෑ .. මිනිස්සුන්ව අදුරගන්න තේරෙන්නෙ නෑ .. ඒත් .. එයාගෙ හැම වචනෙකටම .. ඒ රූපෙට මං ආදරේ කරා ..





එයත් මට ආදරෙයි කිව්ව ඒ දවස .. මං කොච්චර සතුටු වුනාද .. කොච්චර හීන දැක්කද .. සමාජය ගැන මිනිස්සු ගැන නොදැන මං එයාට රැවටුණු හැටි හරි පුදුමයි .. 





ආදරේ බොලඳයිලු .. ඔව් ඒක ඇත්ත .. ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් නොදැන අම්මලට හොරෙන් එයාගෙ ගෙදරට ,, එයත් එක්ක ජීවත් වෙන්න ගියෙ ඇයි මම .. ආදරේ බොලද නිසා නේද .. අනේ මං එදා ඒ මෝඩ වැඩේ නොකලනම් .. 






'අයියේ .. මාව ඔයා ලගට ගන්නකෝ .. අම්මල අපි ගැන දැනගෙන .. බනිනෝ බනිනෝ අනේ ඉවරයක් නෑ .. එපාවෙනව අනේ අම්මත් එක්ක .. පුදුම කරුමයක් මේ අම්මල නම් .. කොහොමත් මෙයාල අපි දෙන්ට බදින්න දෙන්නෙ නෑලුනි .. ඒ නිසා මාව ඔයා ලගට ගන්නකෝ .. මට ඔයා නැතුව බෑ අනේ .. '





'අනේ .. පොඩ්ඩක් ඉවසන්නකෝ මැණික .. මං ඔයාව මගෙ ලගට ගන්නම්කො .. හරිද .. '





'කවදටද .. අනේ මට නම් තවත් ගෙදර ඉන්න බෑ .. හෙට මං ඔයාව හම්බෙන්න එන්නෙ ආයිත් අපෙ ගෙදර යන්න බලාගෙන නෙවෙයි .. ඔයත් එක්ක ජීවිත කාලෙ පුරාවටම ඉන්න බලාගෙන .. හරිද අයියේ .. '





'හෙට .. ??? .. හරි කමක් නෑ මැණික .. හෙට මං ඔයාව මගෙම කරගන්නම් .. '





'හරි අයියේ .. මේ අම්ම බනිනව .. හෙට හම්බෙමු .. තියන්නම් .. ආදරෙයි ..'





'හරි මැණික .. මාත් ආදරෙයි ..'





අම්මලගෙත් ඇස් වහල එයා ලගට ගියෙ කොච්චර බලාපොරොත්තු පුරවගෙනද .. ඒත් එයාගෙ ගෙදර එයත් එක්ක ජීවත් වෙන්න ගිය මාව එයාට එපාවෙන්න ගියෙ දවස් දෙක තුනක් විතරයි ..





එයත් එක්ක ජීවත් වෙන්න පටන් අරන් දවස් දෙක තුනකින්ම එයා මට බනින්න ගත්තා .. තවත් දවස් කීපයකින් මට බැනල විතරක් එයා සෑහීමකට පත් උනෙ නෑ .. 

එයාගෙ රළු දරදඬු අත් වලින් කකුල් වලින් මට ගහනකොට මං ඉවසගෙන හිටියෙ ගොඩක් අමාරුවෙන් .. 



වේදනාවන් ඉවසගන්න බැරි වුනු හැම වෙලාවෙම මට කියවුනෙ *'අනෙ අම්මේ'* කියල විතරමයි ..





මගෙ අම්ම කිව්ව දේවල් කොච්චර ඇත්තද ..


මං මොනවද දන්නෙ මේ ලෝකෙ ගැන .. සමාජය ගැන .. මිනිස්සු ගැන .. 


අම්මේ මට සමාවෙන්න .. 


අවුරුදු 19ක එයාට මං රැවටුනෙ ඔයා කියපු දේවල් ඇහුවෙ නැති නිසයි අම්මේ .. මං එදා ඔයාට කීකරු උනා නම් මං තාමත් ලමයෙක් .. මං තාමත් සතුටින් එහෙනම් ..





එයාගෙ කරදර ඉවසගන්නම බැරි උනු එක මොහොතක මට කල්පනා වුනේ අම්මා මාව කවදාවත් තනි කරන එකක් නෑ කියල ..



දෙපාරක් නොහිතම ඒ වෙලාවෙ මං ආයිමත් අම්මා ලගට ගියා ..





ඒ රූපෙ වෙනස් වෙලා තිබුනු විදියට .. ඒ ඇස් ඉදිමිලා යට ගිහින් තිබුනු විදියට .. අඬල අඬලම හෙම්බත් වුනු ඒ රතු ඇස් වල තිබුනු කදුළු දැක්කම මට තේරුම් ගියා ඇත්ත ආදරේ කියන්නෙ මොකටද කියල ..





මං ලගම තියෙන මේ සැබෑ ආදරේ මගහැරගෙන මිරිගුවක් පස්සෙ දුවපු මං කොච්චර මෝඩද .. 




අනේ අම්මේ මට සමාවෙන්න .. සිය දහස් වාරයක් මට සමාවෙන්න .. දැන් සමාව ඉල්ලල තේරුමක් නැහැ තමයි .. අනේ ඒත් මගෙ අම්මගෙ රත්තරං ඇස් වලට කඳුළු දුන්නු මේ මෝඩ දුවට සමාවෙන්න මගෙ අම්මේ .. 





මං හිතුව වගේම මගෙ අම්මා මාව තනිකරෙ නෑ .. මාව ආයිත් භාරගත්තා .. මාව අම්මගෙ දුව විදියට පිළිගත්තා .. ඒත් මං දන්නව අම්මෙ ඔයාගෙ ඔය බිඳුණු හිත ආයිමත් හදන්න බැහැ කියල .. 





මං දැන් ඔයාගෙ පුංචි දෝණි නෙවෙයි නේද අම්මේ .. මං දැන් මහ ගෑණියෙක් වෙලා .. එදා හිටිය ඔයාගෙ හුරතලී නෙවෙයි නේද තාත්තේ දැන් ඉන්නෙ .. මට සමාවෙන්න අම්මේ .. මට සමාවෙන්න තාත්තේ .. 





ඔයා මගෙ මූණවත් බලන්නෙ නැත්තෙ තරහකට නෙවෙයි නේද තාත්තෙ .. ඔයාගෙ ඔය හිතේ තියෙන දුකට කියල මං දන්නව මගෙ තාත්තේ .. 





සාමාන්‍ය පෙළ විභගයටවත් මූණ දෙන්න ලැබුනෙ නැති මෝඩ මම අම්මලගෙ විරුද්ධත්වෙ නොතකාම රස්සාවකට ගියෙ හැමදාමත් අම්මට බරක් වෙන්න බැරි නිසයි .. මං දන්නව මාව ඔයාලට බරක් නෙවෙයි කියල .. 


ඒත් මේ වයසට වඩා මෝඩකම් කරපු .. ජීවිතේ වරද්ද ගත්ත මගෙ හිත ගොඩක් බරයි අම්මේ .. 



................




ඒත් එක්කම මැසේජ් එකක් ආපු නිසා මං ඒ ගඳ ගහන අතීත සිදුවීම් වලින් මොහොතකට මිදිලා වර්ථමානයට ආවා .. 





'''නංගි මේ .. මං ...........ගෙ wife .. අපි ගොඩක් සතුටින් ඉන්නව .. අපිට වදයක් නොවී ඔයා ඉන්න .. '''





ඉතින් ... මගෙ ජීවිතේ වැරදිල ඉවරයි .. ආයිමත් හදන්න බැරි තරමටම මට වැරදිල ඉවරයි .. 





ඉදිරියට මොනව වගේ වෙයිද කියල මං දන්නෙ නෑ .. එන දෙයකට මුහුණ දෙන එක විතරයි මට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ ..





හ්ම්ම්ම්ම්ම්ම් .........





හිතේ බර සැහැල්ලු කරගන්න වගේ මං ලොකූ හුස්මක් වා තලයට මුසු කළා .. 





____________________


°•| ඉතින් .. ඇත්තටම ආදරය අන්ධයි ද .. ??



•°| නෑ .. 



°•| එහෙනම් .. ??



•°| ආදරය පොට්ටයි .. 


      😒😂

____________________





ඔයාලට මොකද හිතෙන්නෙ .. අම්මල කෑගහන්නෙ .. බනින්නෙ තරහට කියල හිතනවද ඔයා .. ?? 🥺♥️




මං හිතනව මට ඔයාලගෙන් කමෙන්ට් එකක් ලැබෙයි කියල .. 


මේක ඇත්තම කතාවක් ලමයි .. ඔයාලගෙ කමෙන්ට් එකකින් මේ කතාවෙ හිමිකාරයටත් දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි .. ❤️


____________________

ඔයත් එන්න ලස්සන ලමයෝ .. ලස්සන කතා කියවන්න .. 🤍🌼

https://chat.whatsapp.com/C7oUbLcNynODfFUF6E9cbY

____________________




𝑻𝒉𝒂𝒏𝒖𝒖 .. ✍🏼



Report Page