🙆 ශොපින්😁
Kochchiya
"අද නම් ඔයාට මං ලස්සන ෂර්ට් එකක් අරන් දෙනවා" තේජා කිව්වෙ හිනා වෙන ගමන්
අපි මුලින් ම හම්බ උනේ කැම්පස් එකේදි, මීට මාස 6 කට විතර කලින්
එයා ගොඩක් ලස්සන කෙනෙක්,
මම ත් කැතමත් නෑ ඉතිම් 😁
අද ඉරිදා, කැම්පස් නිවාඩු නේ , අපි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න කතා උනේ
ඒ ගමන් තමයි ඔය ෂර්ට් අරන් දෙන්න යන්නේ, කැම්පස් එකේ ගොඩක් අය එලියට යනවා නිවාඩු නිසා
දන්න අයටත් හිනා වෙවී , නොදන්න අයටත් හිනා වෙවී අපි ආවේ තේජා ගේ ආසාව උනු මට ෂර්ට් එකක් අරන් දෙන එක ඉශ්ඨ කරන්න
ඇදුම් ගන්න නම් කඩවල් වැහි වැහැලා තියෙනෝ ,
කැම්පස් එකේ ගොඩක් ගැහැණු ලමයි නිවාඩු නිසා බියුටි කචල් කරන්න යනෝ , ලස්සන වෙන්න ලු 😁
එයාලා දැන් නම් ඉන්නවා හැම වෙලේම බියුටි කචල් දාගෙන,
ඒකට ඉතින් බලන්න තියෙන්නෙ , ෆස්ට් ඉයර් එක,
මල් මල් චීත්ත ගවුම් ඇදගෙන , කොන්ඩ කරල් 2 ක් බැදගෙන පෝලිමට යන ලස්සන 😂,
ඕන එකක් කියලා අපි දෙන්නාත් එක කඩේකට රිංග ගත්තා,
මට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල් කොල්ලෙක් කඩේ ඇතුලේ අයිනක වාඩි වෙලා ඉන්නවා , කඩේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති
මම යන ගමන් එයාගෙන් ඇහුවා " අයියෙ, ශර්ට් තියෙන්නේ උඩ තට්ටුවේ ද?"
එයා හිනා උනා යන්තමට, මොකුත් කිවේ නෑ, කතා කරන්න වෙලාවකුත් තිබ්බේ නෑ නේ, තේජා මාවත් ඇදගෙන උඩ තට්ටුවට ගියා,
තේජා ඉතින් තෝරනවා, මම කැමති උනත් අකමැති උනත් මොකුත් කිවේ නෑ,
එයා කැමති එකක් ගන්නවා , ඊට පස්සෙ අන්තිමට සුදු පාටයි, රතු පාටින් තියෙන ශර්ට් එක්ක අරන්
" මේක ගම්මු , මේක ඔය මූණට ලස්සනයි " තේජා කියනවා,
මම හ්ම්ම් කියලා එකග උනා, ලොකු අවුලකුත් නෑ ශර්ට් එකේ හැබැයි 😊
ඊට පස්සෙ තේජා කියනවා
"මටත් ගවුමක් ඕන අයියේ, බලමුකෝ " ලු,
"ඔයාට හොද එකක් ගන්න කෝ " මම කිව්වා
"ඔයා තෝරලා දෙන්නකෝ ඉතින් "
"මට තේරෙන්නේ නැහැ නේ තේජා ඇදුම් තෝරන්න,
ඔයා ට නේ පුලුවන් ලස්සන එකක් තෝරන්න, ඔයාම තෝරන්න, හොදයි නම් මම කියන්නම් " කියලා ශේප් උනා
නැත්නම් ඉතින් දන්නෙ නැද්ද ,
අච්චර ලස්සන ඒවා තියෙද්දි මේකද මට අරන් දෙන්නේ කිව්වොත් එහෙම ඉවරයි නේ මම
අනික
මම එයාට ගවුමක් තෝරලා දීලා ,
මගේ කරුමෙටම ඒකේ ගාන ටිකක් අඩු එකක් උනොත් එහෙම මම ඉවරයි
ඇයි යකෝ, ඊට පස්සෙ අහන්න එපැයි බාල ඒවා අරන් දෙනවා, අරකයි මේකයි
ඒ නිසා කෝකටත් තෛලය කියලා එයාම තෝරන එක තමයි ඇගට ගුණ,
( උඩ එහෙම කිව්වට ඉතින් තේජා මට එහෙම මොකුත්ම කියලා නම් නැහැ , මට කියයි කියලා හිතුනා බහුතරයක් ගැහැණු ලමයි වගේ )
ඔය අතරේ මම පොඩ්ඩක් පල්ලෙහා තට්ටුවට ආයම ආවා, තේජා උඩ තාම එයාට ගවුමක් තෝරනවා
අර මට එද්දි හමබ උනු අයියා ඉන්නව මම එයා ගාවට ගිහින් පොඩ්ඩක් කතා කලා,
එයා කියනව
දැන් කඩේට ඇවිල්ලා පැය 4 ක් විතර වෙනවලු, උදේම ලු ආවෙ එයාගේ වයිෆ් එක්කන් ඇදුම් ගන්න ,
එයාලා තෝරලා එනකම් ලු මෙයා ඉදගෙන ඉන්නේ, මට දුකත් හිතුනා එයා ගැන , ඊට පස්සෙ මමත් එයා ගාවින් ඉදගෙන පොඩ්ඩක් කතා කර කර හිටියා,
කවදාවත් දැකලා අදුරලා නැති උනාට නෝ ප්‍රොබ්ලම්,
කොල්ලො කියන්නේ මහ අමුතු ජාතියක් 😇
එයත් එක්කන් කයියක් දාගෙන මමත් හිටියා
අමතර දෙයක් ☹️
-------------
කෙල්ලො ගැන ඉතින් අපි දන්නේ නැද්ද,
අපි A/L කරන කාලෙදිත් ජේකබ් සර් ලාගේ, අජන්ත සර් ලාගේ, කැලුම් සර් ලාගේ ටියුශන් ක්ලාස් වලට දාස් ගනන් අය එනවා නේ
කෙල්ලො ඉතින් තව කෙල්ලෙක් ගේ මූණ බලාලා වත් හිනා වෙන්නෙ නැහැ නොවැ , එයාගේ යාලුවො ටික දෙනා එක්කන් විතරයි කතාවයි ඔක්කොම , වෙන කෙනෙක් එයා ඉන්න තැනට ආවොත් එහෙම අය ඉතින් හෙන රෙස්පට් ☹️

අපිට ඉතින් ඕවත් පේනවා ක්ලාස් එකෙ ඉගෙන ගන්න ගමන්,
හැම ගැහැණු ලමයෙක් ම එහෙම නෑ හැබැයි , මම කියන්නේ බහුතරයක් එහෙමයි , මොකද අරහෙම නැති හොද ගැහැණු ලමයිනුත් ඒ ක්ලාස් වලම දැකලා තියෙනවා, 😊
------------------------
මම ඔහොම අරයත් එක්කන් කතා කර කර ඉන්නකොට එයාගෙ වයිෆ් ඇදුමක් අරන් ඇවිල්ලා ද කොහෙද,
එ අයියාගෙත් මූණ ට යන්තම් පොඩි හිනාවක් ඇවිල්ලා,
එයාගෙ වයිෆ් කියනවා
" මේකෙ මට ගැලපෙන ඇදුමක් හම්බ උනේ නෑ, අපි වෙන එකකින් බලමු" කියලා
අර අයියා ඉස්සරලා තිබුණු හිනාවෙන් ම මට සමු දීලා එයා කඩෙන් ගියා , එයා කොයි තරම් අසරණ ද? 🤔
මම ආපහු තේජා ව බලන්න යද්දින් එයා ගවුමක් උස්සන් එනවා, නිල් පාට ගවුමක්, ලස්සනයි එයාට හැබැයි ඒක
අපි දෙන්නාට නම් වැඩි වෙලාවක් ගියේ නෑ, තේජා කියන්නෙත් හොද ගැහැණු ලමයෙක් ,
පැයක් වත් යන්න නැතුව ඇති , ඉක්මනට අපි දෙන්නාම ඇදුම් අරන් කඩෙන් එලියට ආවා, එතකොට වෙලාව දවල් 2 ට විතර ඇති,
තේජා ටත් මාර හදිස්සියක් තියෙන්නෙ ,
මටත් ඒක හොදයි ඉතින් පාරේ රස්තියාදු වෙනවාට වඩා නම්
තේජා ට අර සිද්ධිය කියලා එයාව වර්ණනා කරන්න නම් පුලුවන්,
ඒත් ඊට පස්සෙ එයා ඒක අහලා හෙන උඩ ගියාම එපා වෙයි මට, ඒ නිසා කිව්වෙ නැහ්
අපි දෙන්නා ඉක්මනින් ආපහු එන්න ආවේ,

"අයියේ 'අහන්නකෝ"
"කියන්න බබොහ්, අහං ඉන්නේ "
මට එයාගෙ මූණෙන් පාරෙන් එහා පැත්ත පෙන්නනවා, මම බැලුවා ඒ පැත්ත,
බියුටි කචල් පොට් එකක් පෙන්නන්නෙ,
අයියාගේ ඇහි බැම හදලා නැති උනාට ඒක ගානට ලස්සනට තියෙනවා ලු,
එයාටත් එහෙම ඕනලු ,
අහිංසක ඇස් දෙකෙන් මං දිහා බලං කියනවා
ඊට පස්සෙ එයා ගියා හදන් එන්න, මම ඉතින් එලියට වෙලා ඉන්නො,
ෆෝන් එක ඔබ ඔබ හිටියා, ඒකෙත් බැට්‍රිය බහිනකම්ම යූටියුබ් තිබුන වීඩියෝ හැම එකක් ම බලලා ඉවර කරා, ඒත් තේජා තාම නෑ,
වෙලාව දන්නෙත් නැ, බැට්‍රිය බැහැලා නිසා ඕෆ් උනා නේ, මම පාරෙම හිටගෙන හිටියේ , ටිකක් හවස් වෙලාත් වගෙ
ඔය අතරේ ලග තිබුන පංසලක පිරිත් දානවා ඇහුනා, වෙලාව 6 ට විතර ත් ඇති එතකොට නම් ☹️
බැරිම තැන මම ගියා සැලූන් එක ඇතුලට දොර ඇරන් , එපා වෙනවනේ අය ඉතිම් රෙද්ද
තේජා තාමත් සැලුන් එකේ පෝලිමේ ඉන්නවා, ඊලගට එයාලු ඉන්නේ 😭

_______________End ___________
මේක කියවන කෙනෙක් හරි කමක් නැහැ,
මට වතුර ටිකක් ගෙනල්ල දෙන්න , හරි මහන්සියි අප්පා හිටගෙනම ඉදලා 😪
ප්‍රබන්ධයකි .
Copyright © Kochchiya https://t.me/kochchiya