කකුල් මාට්ටුව 🤟
Kochchiya
𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗠𝗲𝘀𝘀𝗲𝗴𝗲𝘀 👇




ඔය විදිහට තේජායි මමයි කතා වුනා පොසොන් එකට සීගිරියේ යන්න ,
මමත් චූටි කාලේ ගිහින් තිබුනාට ලගදි ගිහින් නෑ ලග තිබිලත්
එයාත් ගොඩක් ආසයි ඇවිදින්න යන්න,
නෑදෑ ගෙවල් වල නම් නෙවේ,
ඔය වගේ එක එක තැන් වල, දියඇලි බලන්න, කදු නගින්න,
මම ඉතින් එයා කියන එකකට බෑ කියන්නේ කොහොමද, මමත් ආස ඒ වගෙ ඒවට නේ ඉතින්
කොහොම කොහොම හරි ඉතින් අද මම යාලුවත් දාගෙන රු 420 ගානේ ලීටර් 3 කුත් බයික් එකට ගහගෙන සෙට් උනා
තේජා යි , එයාගේ යාලුවායි එයාගේ රතු පාට Dio Scooter එකේ
උදේ 9 ට විතර ගෙදරින් යන්න පටන් ගත්තෙ, මොකද දන්සල් එහෙම පටන් ගනිද්දින් ටිකක් පරක්කු වෙනෝ නේ
වැඩි වේගයක් නෑ ඉතින් Max Speed = 40 Kmh
තේජාත් එක්කන් යන්නත් එපැයි 😁
මුලින් ම පොඩි උන් වගයක් දෙන බීම දන්සලක් තමයි සෙට් උනේ, කොඩි වනනවා හෝ ගාලා,
හා හා පුරා කියලා නවත්තන්නේ නැතුව යන්න බෑ නේ, නවත්තලා අදාල කටයුතු එහෙම කරගෙන ආයම යනෝ
තව මග දිගට කඩල දන්සලුයි, රොටී දන්සල්, බත් දන්සල්, නුල්ඩස් දන්සල්
අපි ඉතින් එකක් වත් මග ඇරියේ නැහ්
හැබැයි අර මීට අවුරුදු 4 කට විතර කලින් තිබුනු දන්සල් තරම් ගොඩාක් නෑ මේ සැරේත්
කොහෙද ඉතින්,
ගෝ හෝම් කීවට සර් යන්නෙ නෑ නේ,
ඒක වත් තේරෙන්නේ නැති නිසා නේ
පුදුමයි , මේ කාලෙත් දන්සල් දෙනවා කියන්නේ මිනිස්සු,
කර ගන්න දෙයක් නැතිව නේ ඉන්නේ හැමෝම ඉතින්
කොහොම කොහොම හරි අපි 4 දෙනාම ගියා හවස 2 විතර වෙද්දින්,
සීගිරියේ හරියට යනවා නම් ඉතින් , දවසක් ම බලන්න තරම් දේවල් තියෙනවා,
අපි ගියේ සීගිරියේ සුන්දරත්වය විදින්න නෙවෙ,
දන්සල් වල සුන්දරත්වය ප්‍රමුඛ කරගෙන නේ ගියේ 😁

"මේ හලෝ, අර මොනාද?" සීගිරි ගලේ තියෙන චිත්‍ර පෙන්නන ගමන් මම තේජා ගෙන් ඇහුවේ නොදන්නවාට නෙවේ
" බිතුසිතුවම් නේ ඒ , ලස්සනට ඇදලා තියෙනවා නේද?" කියලා අහනවා
" හ්ම්ම්, බලන්නකෝ, ටිකක් ඔයා වගේ "
පොඩි හිනාවකුයි, චූටි තරහකුයි දෙකම තියාන මං දිහා බලන් හිටියත් එයා මොකුත් කීවේ නැහැ 😊

අපි ඉතිම් උඩටම ගිහින් පොඩ්ඩක් වටපිට බල බල හිටියා, මරු පොට් එක නේ ඉතින්,
"ඒයි, තමුසේ ඒ පාර වෙන එකෙක් ව අල්ල ගත්තාද ?, "
කවුද කොල්ලෙක් තේජා ගෙන් අහනවා,
තේජාට උඩ බිම නෑ
එයා ආයෙමත් අහනවා " තමුසෙට මොකද මාව එපා උනේ? , මට පස්සෙ හිටපු එකත් එපා උනා ද දැන් තවත් එකෙක් ව අල්ලගෙන ඉන්නෙ? "
ඒ පාර නම් මම ත් ඩිම් උනා, මම පොඩ්ඩක් ලගට ගියා, තේජා මොකුත් නොකියා ඉන්නවා
"කවුද තේජා මෙයා? " මම පොඩ්ඩක් රහසෙන් තේජා ගෙන් ඇහුවා, එයත් බය වෙලා හැබැයි ඉන්නේ
තේජා මොකුත් කීවේ නෑ, ඔලුව දෙපැත්තට වැනුවා , දන්නේ නෑ කියලා
"අයියෙ, කවුද ඔයා?" කියලා ම ශේප් එකේ ඇහුවා
"මම කවුද කියලා අහන්න තමුසේ කවුද අයිසේ? , මම ආය දෙපාරක් කියන්නේ නෑ, උබ මේකිගෙන් අයින් වෙලා හිටපන් ඔය අත පය තියා ගන්න ආසාවක් තියේනවා නම් "
අප්පට සිරි, ඒ පාර නම් මමත් බය උනා,
යකෝ මේ මගුලාත් ඇවිල්ලා සීගිරිය ගල උඩින් ම සෙට් උනා නේ,
මට දුවන්න කියලා තැනක් වත් නෑ, දිව්වොත් එහෙම සීගිරිය මුදුනෙ ඉදන් බිමට පනින්න තමයි වෙන්නෙ
අද පෝය හින්දා කස්ටියත් වැඩියි, උඩ ඉන්න උන් අපි දිහා බලාන, අරූ හයියෙන් කෑ ගහනවා නේ
මටත් කර ගන්න දෙයක් නෑ, මොනවා කරන්න ද කියලා හිතා ගන්න බෑ,
ඌ කියනවා නේ තේජා දන්නවා කියලා, තේජා මුකුත් කියන්නෙත් නැහ්,
තේජාත් මගේ වම් අත අල්ලා ගත්තා එයාගේ අත් දෙකින් ම ,
එයා දන්නෙ නැලු නෙ,
මමත් එක්කන් ගියපු යාලුවත් මගේ තැනට ආවා, ඒ පාර නම් මටත් පොඩි ගැම්මක් තමයි ඉතින්, 😁
මගේ යාලුවත් පොඩ්ඩක් උස මහත් ඩෑල් එක මම පොඩි එකා වගේ උනාට,☹️
"ඔයාට වැරදීමක් වෙලා , යං තේජා " කියලා මම තේජා වත් එක්කන් ආපහු එන්න ආවේ,
කොහෙ යන්න ද , අරූ එනවා නිකන් මට නෙලන්න වගේ,
තේජා නම් අඩන්නේ නැති ටික විතරයි, අඩන්නත් බෑ නේ, හැම එකාම බලාන නේ
එක පාරටම පොර මං ගාවින් ම ඇදගෙන වැටුනා එහෙම්මම,
මගේ යාලුවා ඌ ට ටිකක් පැත්තකින් ඉන්නවා පොඩි හිනාවක් දාගෙන,
ඒ පාර තමයි මට තේරුනේ පොරට කකුල් මාට්ටුවක් දාලා කියලා
මාර සීන් එකනේ, අරු වැටිලා තියෙන්නේ ගඩොලක් උඩට මූන සෙට් වෙන්න,
දතකුත් නැද්ද මන්දා උගේ, කටෙත් ලේ හැම තැනම,
පොර ලේ පෙරාගෙන නැගිටින ගමන් ,ඈතින් තියෙන කැමරාවක් පෙන්නමින් කියනවා,
" මම යූටියුබ් චැනල් එකක් කරනවා මල්ලී, පොඩි ප්‍රෑන්ක් වීඩියෝ එකක් කරන්න හැදුවේ " ලු 🙆
______END ______

Copyright © Kochchiya https://t.me/kochchiya
ප්‍රබන්ධයකි .