The promise - chapter 1 (Story by H.D.)

The promise - chapter 1 (Story by H.D.)

H.D.


....


ඒක ඇත්තටම පිස්සුවක්...

ඉස්සර මම බ්ලැක් ඇන්ඩ් වයිට් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න හැම සැරේකම මට හිතුනේම එහෙම..

මම ඇක්ෂන් ෆිල්ම්වලට පිස්සු වැටුනේ අවුරුදු දහයටත් වඩා අඩු වයසක ඉදන්... අපේ සීයාට තිබුනේ සිනමා එකක්... movie theater එකක්..

ඉතින් මම පොඩි කාලෙ ඉදන්ම කටත් ඇරන් ෆිල්ම් බලන්න ඇබ්බැහි වුණ චරිතයක්...

ඒත් ඒ හැමදේකටම වඩා වැදගත් දෙයක් අපේ සීයාගෙ පරණ ප්‍රොජෙක්ටර් එකෙ පිහිටෙන් මට බලන්න ලැබුණා..

මුලු ලෝකෙම නොදැකපු ෆිල්ම් එකක්...

ෆිල්ම් එකක් කිව්වට ඒක සම්පූර්ණ නෑ.. කොටසක් විතරයි.. ට්‍රිල් එකක්..

කලු සුදු නිසාමයි මට තේරුණේ ඒක මුල්ම කාලෙ හදපු ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා..

ඔන්න ඔහොමයි මම මුලින්ම එයාව දැක්කෙ...

මට මතකයි යාන්තමට අවුරුදු දහයක් විතර වුණ මම එදා කටත් ඇරන් එයා දිහා බලන් උන්න විදිහ..

සිංහල සිනමාවේ වීරයා විදිහට අපිට මුලින්ම මතකෙට එන චරිතවලට මාත් නොසෑහෙන්න ආදරෙයි..

ඒත් මේ හැංගිලා ගියපු තරුව ගැන ඇත්තටම වැඩි විස්තරයක් හොයාගන්න මටත් බැරිවුණා... එයා එක්ක කරපු ඉන්ටවිව් එකක් ගැන තියන පරණ පත්තර කොලයක් මම දැන් අවුරුදු ගාණක් තිස්සෙ පරිස්සම් කරන් මගෙ ලග තියාගන්නවා..

එයාගෙ ෆිල්ම්ස් මුකුත් නෑ.. එයාගෙ පලවෙනි වගේම අවසාන ෆිල්ම් එක මේක... ඒත් ආවාසනාවකට එයාට ඒක සම්පූර්ණ කරගන්න බැරිවෙලා ගිහිං..

එයා අභිරහස් විදිහට මියගිහිං.. ආහාර විෂවීමක් නිසා...

මේ ට්‍රීල් එක අපේ සීයාට ලැබුනේ කොහොමද කියලා නම් සීයා මට කියලා නෑ.. ඒත් මේ ලෝකේ මේ ෆිල්ම් එක බලපු අයගෙන් දැනට ජීවතුන් අතර ඉන්නෙ මම විතරයි..

ඉතින් ඔයාගෙ එකම රසිකයාත් මම...

අවුරුදු ගාණක් තිස්සෙ පරිස්සම් කරපු පරණ පත්තර කෝලෙ තිබුණ එයාගෙ ඵෝටෝ එක දිහා බලන් මම කිව්වා..

අවසානෙදි ඒක පරිස්සමට ඇල්බම් එක ඇතුලට දැම්ම මම මගෙ ලැප් ස්ක්‍රීන් එක දිහාවට හැරුණා...

මගෙ හොර ලව් එක වුනේ වෙබ් නවල්ස් ලියන එක... එතකොට මගෙ නීත්‍යානුකූල විවාහක සහකරු වුනේ ඒලෙවලස්...

හොර එව්වාගෙ කොහොමත් අමුතුම රහක් තියනවලුනේ.. ඉතින් මමත් ෆ්‍රී වෙලාවක් සෙට් වුනානම් කරන්නෙ කතාවක් කොටන එක...

ෆැන්ටසියක තනිවෙන එක...ඒක අමුතුම රසක්... හුම්ම්...

" මාව දැන් ඔතනට ගෙන්න ගන්නද ඕන.."

ඔන්න දැන් තමා මගෙ සහෝදරයාගෙ ආදරණීය කටහඩ ඇහුණේ..

මම හිතන්නෙ ඔය තුන්වෙනි සීනුව.. ඕක මිස් කරගතොත් මට අද රෑට කෑමත් නෑ...

" මේ එන ගමන්.. "

කියාගෙනම මම කිචන් එකට දුවන් ගියා..

පොර පපඩම් බදිනවා...

එප්‍රන් එකත් ඇදන් එක අතක හැන්දකුත් තියාගෙන අනිත් අත කොන්දට තියාගෙන මට රවද්දි නම් තනිකරම අපේ අම්මගෙ මේල් වර්ෂන් එකමයි...

ඔය කොච්චර රැව්ව්ත් අපි ගනන් ගන්නවද..

පිස්සුද අනේ..

" අපි බයි කන්නයි යන්නේ... "

කියගෙනම ප්ලේට් එක්කුත් උස්සන් මම රයිස් කුකර් එක ලගට ගියා... ඊටපස්සෙ අර චූටි වංගෙඩියක් වගේ අයිටම් එකෙන් හදපු සම්බෝල ටිකකුත් දාගෙන පපඩම් වලිනුත් එකක් අරන් කරස් කුරුස් ගගා හප හප උන්නා...

අවසානෙදි අයියාත් එයාගෙ කෑම එකත් අරන් එනකම් බලන් උන්නු මම බෝක්කුව වගේ කට ඇරියේ පලවෙනි කට මූට කියල කවෝගන්න...

මේක අපේ පුරුද්දක්.. අයියා නම් කියන්නෙ කෑමවල වසක් විසක් තියනවාද කියලා චෙක් කරගන්නලු එහෙම කරන්නෙ..

" හෙට තාත්තා එනවා කිව්වා.."

අයියා කිව්වෙ පපඩම් දිහාවට පේරේත බැල්මක් දාගෙන උන්න මට...

මාසෙකට දවසක් අපි එක්ක එන්න තාත්තා එනවා.. පොඩි කාලෙ නම් අපිට එදාට අවුරුදු වගේ.. ඇයි ඉතින් ඕන තරම් අනම් මනම් කෑවැහැකි.. සෙල්ලම් බඩුත් අරන් දෙනවනේ.. දැනුත් ඉතින් සතුටුයි තමා... හැබැයි දැන් අයියා ලොකු නිසා එයා මේ දවසට එකතු වෙන්නෙ නෑ එච්චර..

" අයියා... අර ලියනවා කිව්ව ස්ක්‍රීප්ට් එකේ වැඩ කොහොමද... "

තවත් පිම්බුණු පපඩමක් අස්සට බත් පුරවන ගමන් මම අහද්දි පොර උරහිස් හැකිලුවා...

"ඇයි අනේ අර ඔයාගෙ යාලුවා පරණ ඇක්ටර් කෙනෙක් ගැන හදන මූවි එක්කට ලියනවා කියපු ස්ක්‍රීප්ට් එක..."

" ආ.. ඒකද..."

කියන ගමන්ම අයියා හරි පරිස්සමින් බත් කටක් හපන ගමන් උන්නා..

අනේ මන්දා... අයියා කෑම කන දිහා බලන් ඉද්දි අපිටත් නිකන්ම බඩගින්නක් වගේ දැනෙනවා..

හරි පරිස්සමට රස කර කර කනවා..

" මම අහලා බලන්නම්.. ලගදි චැට් කරේ නෑ ඌ එක්ක.. "

මට වගේ අයියට නම් ඒ ගැන වැඩි උනන්දුවක් නෑ වගේ...

ඇත්තටම ඔය අයියගෙ යාලුවා We chat එකෙන් සෙට් වෙච්ච ඩයල් එකක්.. එයත් මම වගේ මුලදි වෙබ් නවල්ස් ලියපු කෙනෙක්...හැබැයි පස්සෙ එයාගෙ පොත් කීපයක්ම පබ්ලිශ් කරා වගේම.. දැන් පොර ටිකක් famous author කෙනෙක්... ස්ක්‍රීප් රයිටින් වලට බැස්ස පලවෙනි පාර මේ හැබැයි...

මට 70 දශකේ උන්න ඇක්ටර් කෙනෙක් ගැන මේනියාවක් තියනවා කියලා දන්න නිසාම තමා අයියත් ඔය මනුස්සයා ගැන මට කිව්වෙ...

******************

කතාව දිගටම ඕනේදෝඕඕඕ...

Report Page