The Rainbow 🌼💚

The Rainbow 🌼💚

Ashee

The Rainbow 💚



First Episode 💚


#the rainbow

#Short Story

#written by, Ashee Malawiarachchi 💚🌼




5.30 p.m.


ලාවට වගේ පොද වැටෙනවා.. ඒත් අහස කලු වෙලා නෑ.. හවසට වැටෙන ළා හිරු කිරණත් එක්ක පොද වැටෙන්නෙ..



නුවර වැව ගාව අයිස් ක්‍රීම් ශොප් එක ගාව පොඩි එවුන් තුන් හතර දෙනෙක් අයිස් ක්‍රීම් කකා වැස්සෙ තෙමෙනවා..



හ්ම්ම්ම්....



book shop එක වහන ටයිම් එකත් ආව නිසා ම‍ං බෑග් එකත් අරගෙන close board එකත් දාලා door එක වහලා ආවෙ එහා කොෆී ශොප් එකේ අක්කට කියන්න මං ගෙදර යනවා කියලා..


" පරිස්සමින් යන්න රූ.. byee.."



එයා මට අත වනලා එහෙම කිව්වා. මාත් ඒයාට අතවනලා සයිකල් එකත් අරන් ආවෙ මං ආසම කරන තැනට යන්න..



ඒ චූටි ගගක් ගාව තියෙන පොඩි රොටීයි, සැර ම සැර කට්ට සම්බලුයි, උණුම උණු තේ එකක් එක්ක බොන්න පුලුවන් කඩයක්...



සයිකල් එකත් අරන් මං වේගෙන් පැද්දා.. වෙන දවස් වලට මං සාමාන්‍යෙන් එතනට යන්නෙ උදේ.. ඒත් අද නැගිටින කොට පරක්කු උන නිසා book shop එකෙන් පස්සෙ හවස යන්න හිතන් වුන්නෙ.



ළාවට පොද වැටෙන සීතල හවසක හුළග කපාගෙන ඉස්සරහට සයිකල් එකක පැදගෙන යනකොට දැනෙන හුළගෙ පහස ඔයාලා විදලා තියේ ද..??



ඒක හරිම පුදුමාකාර ඇගට දැනෙන සනීපයක්.. ඒත් එක්ක ම මං දැක්කෙ,



හිරු බැහැගෙන යන බටහිර අහසෙ ළාවට පේන ලස්සන ම ලස්සන දේදුන්නක්..



රත් පාටට පේන අහස නිසා අර දේදුන්නට කවදාවත් නැති ලස්සනක් අද අහස දීලා.. ඇත්තට ඒක ගොඩක් ලස්සනයි..



වටපිටාව විද විද ආව මං කවදාවත් නැති ඉක්මනට කඩේ ගාවට ඇවිත්..



ඒ කඩේ ගාවට මං ගොඩක් ආස එක ම එක හේතුවක් නිසා.. ඒ තමයි ඒක තිබුණෙ ගගක් අයිනක නිසා.. එතනට පේනවා ඉර පායන හැටියි.. ඉර බහින හැටියි.. ඇත්තට මං nature lover කෙනෙක්... ඒක නිසා මං හැමදා ම මෙතනට ඇවිත් මේ අහසෙ තියෙන දේවල්, කුරුල්ලො පියා ඹන හැටි, කිරි පාටට පේන වලාකුළු ඒ විදිහට ම මං අදිනවා.. ඒ වගේ ම ඒක ඒ විදිහට ම පේන්ට් කරනවා.



ඉතින් අදත් ආවෙ ඒකට තමා..



කැන්වස් එක හැමදා ම කඩෙන් තියල යන නිසා මට තියෙන්නෙ බ්‍රශ් ටික ගේන්න විතරයි..



කඩේ ගාවට යද්දි මට දැනෙනවා රොටී වලින් එන සුවද... මටත් නොදැනිම මට කෙළ ගිළුනෙ සුමනා ආන්ටිගෙ රොටී ගොඩක් රස නිසා..



මං යද්දි කඩේ සුමනා ආන්ටියි, සිරිපාල මාමයි බරට ම වැඩ..



මං එයාලට කරදර නොකර කැන්වස් එක අරගෙන යන්න ආවෙ ගග ගාවට.. ඒත් මට එතනට යන්න වුණේ අඩි 10ක් විතරයි.



මං හැමදා ම වාඩි වෙන බෙන්ච් එකේ පිරිමි රුවක් ඉදගෙන ඉන්නවා..



කඩේට මනුස්සයො ආවත් සාමාන්‍යෙන් ගග ගාවට මනුස්සයෙක් එන්නේ නැ. ඒක මං අත්දැකීමෙන් ම දන්නවා.. හේතුව මන් මෙතනට අවුරුදු 2ක් තිස්සෙ ඉන්නෙ..



මට පේන්නෙ එයා ඇදන් ඉන්න black colour T- shirt එක විතරයි. කකුල් දෙකත් දිගෑරගෙන ගග දිහා බලන් ඉන්නෙ හරියට ධ්‍යානයකට සම වැදිලා වගේ..



මං කැන්වස් බෝඩ් එක ටිකක් සද්දෙට ගිහින් තිව්වත් පොර මං දිහා බැලුවෙ නෑ..



බීරි ද මං දා...



කොහොම හරි මං මගෙ වැඩේ කරන්න පටන් ගත්තෙ එයා ගැන තව අවධාරණයක් යොමු නොකර...



ඒත් එක්ක ම මගෙ ඔළුවට අයිඩියා එකක් ආව.. හැමදාම මං ඇන්දෙ අහසයි ගගයි විතරයි.. ඒත් අද මට මේ මනුස්සයා එක්ක චිත්‍රයක් අදින්න හිතුවා..



ඒත් අදිනව ද නැද්ද කියලා කල්පනා කර කර ඉන්න කොට ම මට ඇහුණෙ සිරිපාල මාමයි කටහඩ..



" අවූරුදු පහකින් පුතේ මේ කොල්ලා ආවෙ.. "



සුමනා ආන්ටිමට තේ එකකුයි රොටීයි ටිකක් ගෙන්නල්ලා ඒක තියන්න චූටි ටේබල් එකකුත් ගෙන්නල්ලා.



මං නිසා එයාල කරදර වෙනවා කියලා හිතුණ වාර අනන්තයි..



මං හිතන්නෙ ආන්ටි දැකලා මං අරයා දිහා බලන් ඉන්නවා.. හීනියට ලැජ්ජාවක් දැණුනෙ නැත්තෙමත් නෑ..



ඒත්.. මට ප්‍රශ්නයක් තිබුණා.. අරයා මටත් කලින් ඉදලා මේ තැන දන්නව ද ඒ කියන්නෙ??



" අවුරුදු 6කට කලින් නෙහාන් මහත්තයාගෙ අම්මා නැති වුණාම පස්සෙ ඔය ආවමයි. ඉස්සර නෙහාන් මහත්තයයි එයාගෙ අම්මයි හැමදාම මෙතනට එනව දුවේ.. දුවත් හරියට නෙහාන් මහත්තයගෙ අම්මා වගේ.. කපාපු පලුව.. එදා දුව මෙහෙ ආව පළවෙනි දවසෙ මං ටිකක් බයවෙලා ' සිල්වියා නෝන ද?' කියලා ඇහුව මතක ද??"


ආන්ටි මගෙන් ප්‍රශ්නයක් අහනවා..



" ආහ්.. මේ .. මට මතක නෑනෙ ආන්ටි" කියලා මං කිව්ව



" දුවට මතක නැතුව ඇති.. "



"හ්ම්ම්ම්.."



" කඩේට මනුස්සයො ඇවිත් පුතේ.. මං යන්නම්.." කියලා ආන්ටි ගියා..



ඒ කියන්නෙ එයාගෙ අම්මා නැති වෙලා ද..??



පව්.. කොල්ලෙක්ට එයාගෙ අම්මා එයාගෙ පණ වගේ.. අම්මගෙ මතක මතක් වෙන නිසා වෙන්න ඇති අවුරුදු 6ක් මෙහෙ නොආවෙ..



හ්ම්ම්ම්... තේක නිවෙන නිසා මං තේ බීලා රොටී කෑව



ඊටපස්සෙ මගේ බ්‍රශ් ටික අරගෙන මගේ චිතෙ ඇන්දා.. ඒ වගේ ම කවදාවත් මගේ මේ චිත්‍ර වලට ඇතුළු නොවුනු පිරිමි රූපයකුත් ඒ චිත්‍ර අතරට ඇතුළු වුණා.



පිකාසෝ වගේ විනාඩි 2න් 3නෙන් චිත්‍ර අදින්න බැරිවුණත් මට පුළුවන් විදිහට මගේ skills වලින් ලස්සනට චිත්‍ර අදිනවා..



චිත්‍රෙත් ටිකක් ඇදලා ඉතුරු වුණ රොටියත් කකා අරන් ළග තිබුන පයින් ගහ යට ඉදගෙන ගග දිහා බලාගෙන කල්පනා කරේ අර බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න හාදයා ගැන..



මේ අවුරුදු 6ට එයා කොහෙද එතකොට ඉදලා තියෙන්නෙ?? වයස කීයද දන්නෙ නෑ.. ඒත් මේ මිනිහා වට පිට බලන්නෙ නෑනෙ දෙයියනේ.. එහෙම බැලුව නම් වයස judge කරන්න තිබුණා..



චිත්‍රෙ background එක දාන්න ඕන නිසා මං කැන්වස් එක ගාවට යද්දි දැක්කෙ...




____________________🌼


කලින් ලිව්ව කතාවක් ආයෙම පලවෙනි එපි එක දීලා ලියන්න හිතුණා...


අදහසක් කියන් යන්න



Peppermint :)






Report Page