The Rainbow

The Rainbow

Peppermint:)

The Rainbow


Last chapter


චිත්‍රෙ background එක දාන්න ඕන නිසා මං කැන්වස් එක ගාවට යද්දි දැක්කෙ බෙන්ච් එකේ වාඩි වෙලා ඉදිය කොල්ලා මගෙ කැන්වස් එක ගාවට ඇවිත් අත් දෙක බැදගෙන බලගෙන ඉන්නවා...



ඉවරයි...!! අද ඉවරයි මං..!!


වෙන කරන්න දෙයක් නැති නිසා මං එයා ගාවට ගිහින් අඩි 3,4 ක පරතරේකින් ඒ මූණ දිහා බලන් හිටියා...


අදහන්න් එයාට තිබුණෙ කිරිගරුඩ පාට ස්කින් එකක්... ඒ කියන්නෙ එයාගෙ ස්කින් එකේ තියෙන මෙලනින් ප්‍රමාණෙ ගොඩක් ම අඩුයි... ඒ වගේම Light red colour fluffy lips... හිනි ම වෙලා තියෙන එයාගෙ කලු පාට ඇසුයි, ටිකක් වවලා තිබුණ එයාගෙ රැවුල් කොටෙයි එයාට දීලා තිබුණෙ මරුමුස් පෙනුමක්...


එයාගෙ එක අතක කලු පාට sunglass එකක් තියෙනවා...



එකපාරටම මට ආව කැස්සක් නිසා අරයගෙ අවදානෙ කැඩෙන්න ඇති කියලා හිතුණත් නෑ...එහෙම වෙලා නෑ..එයා තාම මගෙ කැන්වස් එක දිහා බලන් ඉන්නවා....


' මේ මිනිහා බීරිවත් ද..? ' කියලා මට නොහිතුණාම නෙවෙයි...


මෙතන ඉදලා තේරුමක් නැති නිසා මං අර චූටි ගග ගාවට ගිහින් අද දවසෙ උන දේවල් කල්පනා කරන්න ගත්තා...


ඇත්තටම ඒක මගේ පොඩි ඉදන් ආව පුරුද්දක්... මුලු දවසෙම කරපු ඒව ආයෙම හිතන එක ...


දැනුත් හවස 6.15 වගෙ නිසා කලින්ට වඩා සීතලයි.. අද උදේ තිබුණ අව්ව් නිසා මං ජර්සියක් ගේන්න හිතුවෙත් නෑ... ඒත් හවස 3 වගේ වෙද්දි වැහි කෝඩයක් නුවර අහස පුරා ව්සිර යද්දි මට මං මං ගැන ම දැණුනෙ අනුකම්පාවක්...


ඒ එක්කම මගෙ දැහැන බිදුණෙ මහ නපුරු කට හඩකට...



" තමුසෙ කාගෙන් අහලද අර මගුලට මගෙ රූපෙ දැම්මේ ආහ්..?? ඊටත් වඩා අර චිත්‍රෙ කිසිම ලස්සනක් නෑ.... බලනවා ඩාර්ක් වෙන්න ඕන තැන් වල ඩාර්ක් වෙලා නෑ..... ඊටත් වඩා අර වගේ natural theme එකක් තියෙ art එකක් අදින්න ඕනි ඒ විදිහට... අනික ඒකෙ අදින සේරම බ්‍රශ් පාරවල් අදින්න ඕනි සියුම්ව.... තමුසෙට වඩා 6,7 පුංචි එවුන් ලස්සනට චිත්‍ර අදිනවා..."


කියලා ගස්සගෙන යන්න ගියේ මගේ ඇස් වල කදුළු පිරෙද්දි....


මට ඒ මිනිහට බනින්න ඔනි... ඒත් මගේ ලොකු ම අඩු පාඩුව තරහ යද්දි මගෙ ඇස් වලට කදුළු උනන එක....


මං මගෙ කැන්වස් එක ගාවට ගිහින් බැලුවා...ඇත්තටම එහෙම ද කියලා...


ඒත්.... මං ඇදපු චිත්‍රෙ ගොඩක් හරියක් ම එයා කලර්ස් දාලා තව ලස්සන කරලා තිබුණා....


ඇඩිල්ල තව තව වැඩි වෙද්දි මට කරන්න උනේ කදුළු පිහිදාන එක විතරයි....


එහෙම්ම මගෙ ඇස් ගියේ මං ටිකක් බීලා ඉතිරි කරපු තේ කෝප්පෙ අඩිය පේනව... ඔව්.. කවුරුහරි ඒකෙ මං ඉතුරු කරපු තේ ටික බීලා...


ඒකෙන් උනේ තව ට්ගව මගේ කේන්තිය වැඩි වෙන එක විතරයි... ටී මග් එකයි, රොටී ප්ලේට් එකයි, කැන්ව්ස් බෝඩ් එකයි අරගෙන සුමනා ආන්ටිලාගෙ කඩේ ඇතුළින් තියලා එයාට පොඩි චිට් එකක් තියලා මං ආවෙ සයිකලෙකත් අරන් ගෙදර....



එදායින් පස්සෙ එයා මට කවදාවත් හමබවුණේ නෑ... කවමදාකවත්.... මං ආයෙම මගේ පුංචි ගග ගාව තියෙන ආදරණීය සුමනා ආන්ටිගෙ කඩේ රොටී වල රස බැලුවෙත් නෑ....


ඇත්තටම එදා මගෙ හිත ගොඩක් ම රිදුණා... සුමනා ආන්ටිලාට නොකියා චිට් එකක් තියලා ආව එක ගැන මට දුකයි... ඒත් මට එයාලා එක්ක කතා කරන්න තරම් මානසිකත්වයක් තිබුන්ඓ නෑ..



අවුරුදු 5කට පස්සෙ මං නිව්ස් වල ඇඩ් එකක් දැක්කා...



" ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පී නෙහාන් අභිශේක් අභිරහස් ලෙස මියයයි..."


එදා ඒ නිව්ස් එක ඇහුව තත්පරෙන් පස්සෙ මං ජීවත් වුණේ ඇතුළතින් හැගීම් දැනීම් මැරුණ මළමිනියක් ගානට... ඇත්තටම මං එදා දැන ගත්තා... දැන හෝ නොදැන මං එදා හම්බුණ දවසෙ ඉදන් නෙහාන්ට ආදරෙ කරපු බව.....



ඒත් එක දවසක් මගේ පුංචි අපාර්ට්මන්ට් එකට පොලිස් කාන්තාවන් දෙදෙනෙකුයි තව පොලිස් නිලධාරීන් 4 දෙනෙකුයි ලොකු කැන්වස් එකක ඇදලා තිබුණ චිත්‍රයක් දිලා ගියා...


ඒ චිත්‍රෙ කොනකින් ගහලා තිබුණා නේහාන්ගෙ පුංචි අත්සනක්....



මට ඇඩුණා... හේතුව.... ඒකෙ හිටියෙ මම....


මං කෙලින් ම ගියේ කවදාවක් බලලා නැති නේහන්ගෙ fb, instergram, yt account වලට....


Facebook ඒකෙ උඩින් ම මං අර පුංචි ගග ගාවදි හිටිය චිත්‍රයක් ඇදලා තිබුණා... ඇත්තට ම ඒක photo එකක් වගේ.... ඒ තරමට ඒ චිත්‍රේ සජීවීව ඇදල තිබුණා..

Facebook ඒකෙ උඩින් ම මං අර පුංචි ගග ගාවදි හිටිය චිත්‍රයක් ඇදලා තිබුණා... ඇත්තට ම ඒක photo එකක් වගේ.... ඒ තරමට ඒ චිත්‍රේ සජීවීව ඇදල තිබුණා..



ඒ චිත්‍රෙට උඩින් තියෙන captions එකක් නිසා මගේ ඇඩිල්ල තව වැඩි වුණා...



" පුංචි කුමාරියේ.... ආයෙම එන්නකෝ... මං බලන් ඉන්නවා... "


කියලා....



ටික වෙලාවක් මං ඒ දිහා බලන් ඉදලා මූණ සෝදන් කෙලින් මං පරණ සයිකලේ අරන් ගියේ සුමනා ආන්ටිගෙ කඩේ ගාවට්....



හවස 3යි... තාම කඩේ ඇරලා නෑ....


අවුරුදු 5ක් මග ඇරුණු ඒ පරිසරේ විද්ගනිමින් මං හෙමින් හෙමින් ගියේ එදා නෙහාන් වාඩි වෙලා ඉදිය බෙන්ච් එක ගාවට...



ඒ එක්ක ම සිතල සුළගක් ඇවිත් මගේ මූණ සිපගත්ට්ගෙ එදා අන්තිමට මෙතෙන්ට ආව දවස ගැන සිහිපත් කරමිනි...


හවසක මා නුඹ දැක මං මුලාවී

නිරුදක කතරේ තනිවූදා


තනි තරුවක් නිවැරදි පාර කීවා

කතරින් එන මඟ මට කීවා, හවසක මා



සකුරා පිපිලා පිරුවට සදලා

ආ මඟ සැරසුවා

විද සුන් වඩනා සිතකුත් නැතුවා

මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා



හවසක මා නුඹ දැක මං මුලාවී

නිරුදක කතරේ තනිවූදා


තනි තරුවක් නිවැරදි පාර කීවා

කතරින් එන මඟ මට කීවා, හවසක මා



අවරට නොයෙනා හිරුදැක හඬනා

හිරු රැස් සැඟවූවා

ඉන්නද කියල කදුළුත් ඇහුවා

ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා



හවසක මා නුඹ දැක මං මුලාවී

නිරුදක කතරේ තනිවූදා


තනි තරුවක් නිවැරදි පාර කීවා

කතරින් එන මඟ මට කීවා, හවසක මා



The End



____________________


කාලෙකින් නේ.... මෙහෙම නෙවෙයි ලියන්න හිතන් හිටියෙ... ඒත් මේ හවසක මා සිංදුව ඇහුණ ගමන් ටිකක් මේ විදිහට ලියන්න හිතුණා..


එහෙන්ම් චූටියාගෙන් හෝ මල් කෙල්ල කතාවෙන් හම්බුවෙමු

Report Page