The Last Drop 🩸

The Last Drop 🩸

Miss Pinky 🕊🤍

First Drop 🩸



අශිශ් එදා නිවසට පැමිණියේ සිය මිතුරන් සමග පැවැත්වූ ඔහුගේ විසිවෙනි උපන්දින සාදය හාමාර කරය..

ඔවුන්ගෙ නව නිවස විශාල වත්තතක් මැද පිහිටි තරමක් නවීන පන්නයේ නමුත් මූසල බවක් ඉසිලූ නිවසකි..දෙමහල් නිවසක් වූ එහි ඉහල මාලයේ ඔහුගේ කාමරයෙන් මලානික විදුලි බුබුලෙ ආලෝකය ගේට්ටුවෙන් ඇතුල් වන විටම පෙනුනි..

ඔහුට කාමරයේ විදුලි බුබුල දල්වා ගියා මතක නැත.ඔහුගෙ දෙමාපියන් ව්‍යාපාර කටයුතු සදහා විදෙස් ගත වූයෙ මෑතකදීය...කොහොමත් අඩ මතින් සිටි නිසා අශිශ් විදුලි බුබුල ගැන තැකීමක් නොකලේය..                

 හැද සිටි කමිසයේ බොත්තම් කිහිපයක් ගලවා දැමූ අශිශ් ඔහුගේ ඇද මතට කඩා වැටුනේ සැහැල්ලුවෙනි...ජනේලයෙහි තිර රෙද්දෙන් එබී ගත් ශ්වේත පැහැ හද එලිය පෙරී විත් ඔහුගේ සියොලග වැටී තිබුනි.. 

එක්වරම ඇසුනු ශබ්දයෙන් අශිශ් හිස එසවූවේය..       

"අහ් " ඔහු ඇදෙන් නැගිට ආවෙ ඔහුගේ මේසය මත තබා තිබූ ඡායාරූපය බිමට වැටුන නිසාය.එම ඡායාරූපය ඔහුට අද මෙන් මතකය.

ඒ ඔහුගේ දහනව වැනි උපන්දිනයට ගත් ඡායාරූපයයි..එක් වරම ඔහුගෙ නෙත ගැටුනෙ එහි සිටි ලුසිෆර් නැමැති ඔහුගේ මිතුරාටය....

එම ඡායාරූපයෙ දුක්බරකතාව ඒකය..ලුසිෆර් මියගියේ අශිශ්ගේ දහනව වැනි උපන්දිනය දා රාත්‍රියේය...එය සිදුවූයේ හරියටම එදා රාත්‍රියේ මෙවැනි වෙලාවටම වන්නට ඇත.

ආශිශ් තවමත් පහව නොගිය මත්කමත් රැගෙන ඒ අසලට ඇදෙන්නට විය.

 "අහ්..." මීලග අඩිය තබත්ම බිදීගිය ඡායාරූපයෙන් සුදු පැහැ ටයිල් පොලව මත විසිරීගත් වීදුරු කැබැල්ලකට ඔහුගේ කකුල කැපී ගියේය. 

කැපීගිය කකුලත් බීමත්කම නිසා වූ මත්බවත් හේතුවෙන් ගිලිහුණු සමබරතාව හේ බිත්තියට අත තබා රැකගන්නට සමත් වීය. 

නැතොත් තව මොහොතකින් වීදුරු කටු මත ඇද වැටී ආශිෂ්ගේ සිරුර පුරා ශේෂ වූ වීදුරු කටු මගින් කැපී යන්නට ඉඩ තිබිණි. 

එක් අතකින් තවමත් බිත්තියේ ආදාර ගෙන ඔහු ක්‍රමයෙන් කැපීගිය කකුල ඔසවාගන්නට විය. 

වීදුරු කටුව තරමක් ගැබුරට කිදා බැස ගැබුරු තුවාලයක් ඇති කොට තිබිණි. එයින් ගලායන රුධිරය ටයිල් පොළව මත වැටෙද්දීම ආශිෂ් වීදුරු කටුව පිටතට ඇද ගන්නට විය. 

ජනේලයෙන් හැමූ සුළගින් ජනෙල්තිර දසැලී යන්නට වුවත් ආශිෂ්ගේ අවදානය එය ගන්නට සමත් නොවීය. 

නමුදු ඔහු නින්දට වැටීමට පෙරාතුව මෙය වසා දමා තිබිණි. වසා තිබූ ජනේලයකින් සුළගක් හමන්නේ කෙසේද ? . 

හේ බීමතින් සිටි නිසාදෝ ඒ පිළිබදව සිතන්නට නොගියේය. 

රුධිරය තැවරුණු වීදුරු කටුව අතහල ඔහු ඒ අසල වූ පින්තූරය අතට ගෙන ප්‍රවේශමෙන් අඩිය තබා වීදුරු කැබලි විසිරීගත් පෙදෙසින් ඉවතට පැමිණ හිදගත්තේය. 

හිදගැනීමකට වඩා එය කඩාවැටීමකැයි කිවහොත් එය සත්‍යයකි. 

සිවිලිම දෙසට යොමාගත් දෑසින්ද පපුවට තුරුලුවීගත් ඡායාරෑපයෙන්ද වකුටුවීගත් හිදීමෙන්ද ඒ අභ්‍යන්තරික කඩා වැටීමෙහි වූ දරුණු බව කියා පෑයේය. 

සිවිලිම මත්තට වැටීගත් සිහින් දිගටි දෑස් බොදව යන්නට විය. 

වසරක් මුලුල්ලෙහි රදවා දරා සිටි කදුලු කැටයක් ඒ තුල සංක්ෂිප්ත වූ දුකද රැගෙන මුහුණ දිගේ රූටාගොස් පපුවට සිරවීගොස් තිබුණු ඡායාරූපයට වැටිණි. 

ආශිෂ් නොදුටුවද කැපීගිය වීදුරු කටුව මත වූ රුධිරය හැරෙන්නට පොලවෙහි එකදු රුධිර පැල්ලමක්ද දක්නට නොතිබිණි. .

හේ තවමක් තෙතබරිත වූ කදුලත් සමග අතීතයට කිදාබැසගෙනය.


 දිනය අවසන කෙසේ වූවද එය ආරම්භයේ සියල්ලන්ගේ මුණුනෙහි සිනහවක් ගැබ්ව තිබිණි . . 

අශිශ්ගෙ මතකය දිව ගියෙ එ කටුක අතදැකිම වෙතය...

මතකය , මොහොතකින් සියල්ල වෙනස් වි ඇති අයුරු අශිස්ගෙ මනස උදුරාගෙන සක්මන් කරන්න විය..

එදා පාටිය අවසන් වී සියලු දේනම එකට පිටව ගියා නම් මෙය සිදු වන්නට ඉඩ නොවු බව අශිස් නෙතට ආව කදුලු බිංදුව පිස නොදෑමීන් එය හැගෙන්න විය.

ඔහුගෙ දුක නම් ඔහුගෙ ඉල්ලීමට ඉඩ දුන්නෙ තනිවම යාමට ඉඩ දීම ගැන අශිශ් නැවත නැවත තමන්ටම දොස් පවර ගත්තේය... 

පාටියෙදි කිසිම ඉගියක් ලුසී ගෙන් දැක ගත නොහැකි වීම පුදුමට කාරනයක්.

ඔහුට දන්නා තරමින් ප්‍රශ්නද නොවීය.. 

වෙන්දාට වඩා වැලදගෙන වෙනස්ම වෙන් වීමකින් ලුසී නිකම ගියෙ ඇයි දැයි අශිස්ට දැන් අවබෝධ විය..

" මචන්ලා එහෙන්ම් මන් යනවා..ලුශි බයික් එක පණගන්වා නික්ම ගියේය.

ලුසිෆර් වෙනදාටත් වඩා වේගයෙන් බයික් එක පදවාගෙන යන්නට විය...

තව සුලු මොහොතකින් සියල්ල නිහඩ වන බව කිසිවෙක් හෝ දැන සිටියේ නැත....      

සුළං කාගෙන ඉදිරියට යන ලුසිෆර්ගෙ දුරකථනය නාද විය..ඔහු තවමත් ඒ ගැන තැකීමක් නොකරයි..නැවතත් දුරකථනය නාද වෙයි.      

"අහ් කව්ද මේ වෙලාවෙ.."ඔහු නොරිස්සුමෙන් බයික් එක පසෙකට කර නතර කලේය..     

 "අහ් අශිශ්ගෙ අයියා..ඒත් ඇයි මට ගන්නෙ ?"ඔහු සිතුවේය.     

"මිතුන් අයියෙ කියන්න.."ලුසිෆර් දුරකථනයට පිලිතුරු දුන්නේය.     

 එහා පසින් මිතුන් කුමක් හෝ දෙයක් කියන්න විය.  

 "අ...අයියෙ ඒත් " ලුසිෆර්ට වචන පැටලී ගියේය.     

 "ඒක කොහොමද වෙන්නෙ.."

 " අයියෙ මේක..අපිට විතරක් විසදන්න බැහැ...අනික අශිශ්ට මොකුත් වෙන්න දෙන්න බැහැ..එයා මනුස්සයෙක් උනත් නැතත්..ඔයා ඉක්මනට ලංකාවට එන්න..මං පොරොන්දු වෙනව ඔයා එනකල්..අපි ඒ ශාපය බිදින්න විදියක් හොයාගමු..මං පොරොන්දු වෙනව අයියා එනකල් අශිශ්ව බලාගන්නව කියල.." ලුසිෆර් කීවේ වෙවුලුම් හඩින් යුතුවය..

.මිතුන් තව තවත් මොනවා හෝ කියන්නට ඇත.ලුසිෆර්ට ඒවා ඇසුනාද නැද්ද යන්න වග පාවා විස්වාසයක් නැත..        

"වැම්පයර් කෙනෙක් අශිශ් ? "ලුසිෆර් තනිවම කියවන්නට විය..නැත.එය කිසිසේත් විය හැක්කක් නොවේ...


අශිශ් අවුරුදු විස්සේදි වැම්පයර් කෙනෙක් ලෙස පරිවර්තනය වන දරුනු සාපයකට මුහුන දී ඇත..                  


මිතුන් හා අශිශ් දිනක් ගවේශනයක් සදහා තහනම් වනයට ගිය දිනයෙ මේ සියල්ලේ ආරම්භය සිදුවී ඇත..

ඔවුන් දෙදෙනා භයංකාර අත්දැකීම් රැසකට මුහුනදුන් අතර එක් ගරාවැටුනු දෙවොලක් ඔවුන්ගෙ ගමනාන්තය විය..

එහිදී ඔවුන් ඇස ගැටුනු එක්තරා පුස්තකයක් තිබුනි.              

 "අශිශ් ඉන්න."මිතුන්ට කිව හැකිවූයේ එපමනකි..අශිශ් ගොස් ඒ පුස්තකයට අත තැබුවා පමණි..

විශාල ආලෝකයක් සමග අශිශ් පිටුපසට විසි වී ගොස් දෙවොලේ බිත්තියේ වැදි සිහිසුන් උනි..        

"මල්ලි................" මිතුන් ඔහු අසලට දිව යන්නට හැදුවා පමණි..     

 "වසර එක්දහස් පන්සීයකට පෙර රන් පුස්තකයේ ශාපය අද නිදහස් උනා....එය අවුරුදු විස්සේදි පටන් ඔහුව වැම්පයර් ආත්මයකට ගොදුරු කර ගනීවී........මෙය දුටු එකම ජීවමාන ආත්මය ලෙස නුඹට නොහැකි උවහොත් ඔහුව මේ ශාපයෙන් මුදවා ගන්නට ඔහු අමරණීය වැම්පයර් ආත්මයක සදහටම හිරවී ජීවත් වේවි...." ඒ පුස්තකය තුලින් මතු වූ දේවතාවෙක් වැනි අපහැදිලි රූපයක් එය පවසා අතුරුදන් විය... 


මිතුන්ට මෙ කිසිවක් වැටහුනේ නැත..ඔහුගෙ සිරුර පණ නැති වී අඩි කීපයක් පස්සට විසිවී ගියේයෙ..         


 "අශිශ්...අ..අශිශ්.මගෙ මල්ලි උබ හොදින්ද...?"මිතුන් අශිශ්ගේ මුහුනට තට්ටු කරමින්කෑ ගසයි.            

" අයියෙ..මොකද මේ බයවෙලා.."අශිශ් අපහසුවෙන් ඇස් විවරකරමින් ඇසුවේය.       

  "ඉක්මනට අපි මෙතනින් යමු ඉක්මනට" කි මිතුන් අශිශ්වත් වාරු කරගෙන ඒ දෙවොලින් පිටතට ගියේය.. 

ඉන්පසු මිතුන් කලේ මෙවැනි ශාප අත්භූත සිදුවීම ගැන ගවේශනය කිරීමයි...

ඒ සදහා උපකාර ලබා ගැනීමෙ අරමුණින් ඔහු විදේශගත මිතුරෙක් හමුවිමට ගියේය..

අවේලාවෙ උනත් ලුසිෆර්ට ඇමතුමක් දී සියල්ල කීවෙ අශිශ්ගේ ආරක්ශාව ගැන සිතාය.          

 ලුසිෆර්ට කල යුත්ත සිතාගත නොහැකිවිය..

ඔහු අද පටන් අශිශ් හා ඔහුගේ නිවසේ රැදීමට තීරනය කලේය..

ඔහු අශිශ්ගේ දුරකථනයට ඇමතුමක් ගනිමින්ම බයික එක නැවත පාරට දැමුවේය...කීප වරක් නාදවීමෙන් පසුව අශිශ් ඇමතුමට සම්බන්ද විය. 


 "ඔ ලුසී කියන්න ?"අශිශ් කීවේය.   

"අශිශ් අද ඉදන් මං උබත් එක්ක නවතිනව..."ලුසිෆර්ට කිව හැකිවූයෙ එපමණකි..

වේගයෙන් පැමිනි කන්ටේනර් රථයක වැදී ලුසිෆර් වේගයෙන් විසි වී ගියේය. 

 අතරමගදී සිදුවූ කිසිවක් ආශිෂ් නොදැන සිටියේය. 

ඔහු දැන සිටි එකම කරුණ ලුසිෆර්ගෙන් තමාට ආ දුරකතන ඇමතුමත් ඉන්පසුව සිදුවූ දුක්බර සිදුවීම් පෙළත් පමණකි. 

දුරකතනය තුලින් ඇදී ආ ශබ්දයත් ඉන්පසු එය ක්‍රියා විරහිත වීමත් හේතුවෙන් තරමක් බියට පත් ආශිෂ් මිතුරන්ට පමණකදු නොව ඔහුගේ පෙම්වතියටද කරුණු නොදන්වා හදිසියේ උත්සවයෙන් පිටත්ව ගියේය. 

ලුසිෆර් පිටව ගොස් ගෙවී තිබූ කාලයෙන් ඔහු මේ වන විට සිටිය යුත්තේ කොහිදැයි නිමානය කරගත් හේ ඒ දෙසට තම මොටර් රථය පදවාගෙන යන්නට වූවද එහි ළගාවන විටත් සියල්ල සිදුවී හමාරය. 

සිදුවීම වූ ස්ථානය වටා මිනිසුන් එක්රැස්ව සිටි අතර ඔවුහු ගිලන් රථයක් ගෙන්වාගෙන තිබිණි. 

ලුසිෆර්ව ට්‍රොලියක් මත නංවාගන්නටත් මූලික ප්‍රථමාදාර ඇරබීමටත් ගත වූයේ නිමේශයකි . 

වහා ගිලන් රථය රෝහල කරා ද ආශිෂ්ගේ මෝටර් රථය ගිලන්රථය පසු පසින්ද ඇදී යන්නට විය. 

ඔවුන්ගේ පැමිණිමත් සමග ඉක්මනින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව ලුසිෆර්ව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමට කටයුතු කරත්දී ආශිෂ්ද ට්‍රොලිය මත හුන් මිතුරා සමග අහි දොරටුව තෙක් පියනැගුවේය. 

එයින් ඇතුලට ගත්දීද ලුසිෆර්ගේ හදවත ගැහෙමින් පැවතුනි. 

හේ අවසන් වරට ආශිෂ්ගේ මුහුණ දෙස බලන්නට විය. 

ඒ බැල්මෙහි ගැබ්ව තිබූ හැගීම් තේරුම්ගන්නට ආශිෂ්ට අදටද නොහැකි නමුදු එය සදාකල් මතකයේ රැදුණු වේදනාවක් බවට පත් විය. 

සිදුවූ සියල්ල සිහිනයක් මෙනි. 

සියල්ල නිමේශයකින් වෙනස්ව ගොස් තිබිණි. ඉදින් ජීවිතය එසේය. 

ඊළග මොහොතේ සිදුවන කිසිවකුත් අප දන්නේ නැත . 

නමුදු අප ඒවාට මුහුණ දිය යුතුය. 

අතීතයෙහි ගිලි හුන් ආශිෂ්ට වර්තමානයෙහි තමා වටා සිදුවන කිසිවක් පිළිබද අවබෝධයක් නොවීය. 

නමුදු ඔහුද නොදැන ඔහුවටා අමුතු ආකාරයේ සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවතිණි. නැවත වරක් ඔහුට පිටුපසින් වූ තිර රෙදි සැලී යන්නටත් ඒ මත අදුරු ඡායාවක් වැටීගන්නටත් කාමරයෙහි වූ විදුලි බුබුළ නිවීයන්නටත් ගත වූයේ ක්ෂණයකි. 

එක පාරටම...




ඉතිම් ලමායි කෝමද? මේ කතාව ටිකක් මං ලියන style එකෙන් එපිට ගිය වෙනස්ම එකක්..වැරදි අඩුපාඩු ඇති ගොඩක්..

කියවන ඔයා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද?


මීලග කොටසින් ඉක්මනට හමු වෙමු...


කතාව ඉක්මනටම කියවන්න ඕන නම් චැනල් එකටත් ජොයින් වෙල ඉන්න ලමයි..


කතු විමන 🍃



Miss Pinky 🕊🤍

Report Page