The Immortal Vampire

The Immortal Vampire

🦋🦋🦋



​පෙර කොටස

https://telegra.ph/%F0%9D%9A%83%F0%9D%9A%91%F0%9D%9A%8E-%F0%9D%99%B8%F0%9D%9A%96%F0%9D%9A%96%F0%9D%9A%98%F0%9D%9A%9B%F0%9D%9A%9D%F0%9D%9A%8A%F0%9D%9A%95-%F0%9D%9A%85%F0%9D%9A%8A%F0%9D%9A%96%F0%9D%9A%99%F0%9D%9A%92%F0%9D%9A%9B%F0%9D%9A%8E-06-16


31 කොටස



කොහොම හරි මම ඔහොම මගෙ ලෝකෙක ඉන්නකොට මම cafe එකට ඇතුලු වෙන තැනින් දැක්කේ දැකලා පුරුදුයි කියලා හිතුන අඳුරන රූපයක්....


​ දෙවියනේ.....


ඔව් ඒ මම අඳුරන රූපයක් තමයි...


ඒ තමයි මගෙ o/l කාලෙ ඉඳපු crush එක. මූ නිසා මම විඳපු දුක කියලා වැඩක් නෑ.


ඔව්. මම මූට කැමැත්තෙන් ඉඳියා. ඒ ඉස්සර. 


හහ්. දැන් මට 1000කින් හොයාගන්න බැරි මටහ වෙන් වුන එක්කෙනෙක්.


ඉස්සර මම අනික් අය ඉස්සරහ කොච්චරවත් චාටර් වුනේ මේ යකා නිසා..


දැන් ඒවා හදේ තමයි...


එතකොට තමයි මට මීටර් වුනේ මූ හිනාවෙලා මේ මගෙ පැත්තට එනවා නේද කියලා..


හහ්..

ඔව් ඔය ඉන්නේ ඒකා තමයි. මේ යකාගෙ නම රීඩ් හැස්ලී. ඔව් මේකට මගෙ ම නමේ කෑල්ලක් තමයි තියෙන්නේ. ඒ වුනාට නෑදෑ කමක් නෑ මම හිතන්නේ...


ඔය එන්නේ මං ළඟට නම්...


ඔය මගෙ යකා අවුස්සගන්න තමයි හදන්නේ....



නිකන් එක පාර ආව අදහසකට මම ටකස් ගාලා ඉස්සරහ ඉඳපු කැම්රන්ව කිස් කරන්න ගත්තා....



ක්ලාරාත් අරූව දැකලාද කොහෙද අපේ අයියට තුරුල් වුනා හොඳට ම....



අයියත් සීන් එක දන්නවා.මම ඉතින් ඔක්කොම කියනව නෙ.


හිකිස්.....



අයියත් කුලාරව හොඳට තුරුල් කරගෙන නයි වගෙ වෙලිලා ඉඳියා.



මම හිතන්නේ අයියා කැම්රන්ටත් කියලාද කොහෙද...



" ඒ මේ අර මං උඹට කිව්ව එකා බං.වෙලිලා ඉඳපන් වෙලිලා"


අයියා එහෙම කිව්වහම මෙහා පැත්තෙන් වාඩි වෙලා ඉඳපු මාව ටකස් ගාලා ගත්තා එයාගෙ ඔඩොක්කුවට.


අද අඹරන්නන් ඕකට හොඳ ගුලියක්..


ඉඳපන් කෝ මට කරපුවාට..


අනිත් අය ඉස්සරහ චාටර් කලා පමණක් නොවේ ඕක ඕකගෙ සෙට් එකත් එක්ක එකතු වෙලා හරියට අපිට මානසිකව විතරක් නෙමෙයි නිකන් අපිට ගහනවා වගේ දේවලුත් කලා.


දවසක් කොහෙවත් ඉඳපු ක්ලාරාට washroom එකේ ඉදිද්දි මොකීවද සෙට් කරගෙන නෑවිලා යන්න වතුර ගහලා තිබුනා...



ඉදා ඉඳන් අපි දෙන්නා මූයි මුගෙ සෙට් එකත් එක්කයි නයි වෛර..


පව් ක්ලාර...


ඊට පස්සේ ඉතින් අපි දෙන්නාත් එක්ක එකතු වෙලා දැම්මා swimming pool එකට ගෙම්බෙක් ව. ඇයි ඉතින් අපිට අර wednesday එකේ වගේ පිරාන මාළු නෑනෙ. 


හවසට එක දවසක් තනියම මේ යකා විතරක් ඉන්න දවසක දැම්මා ලාාාස්සන ගෙබි කුමාරයෙක් ව. හැබැයි ඉතින් දැම්මට පස්සේ ඌ ආගිය අතක් නැති වුනා.


ඊට පස්සේ ඌ අර කොහෙවත් යන එකෙක්ගෙ බෑග් එකක රිංගලා ඌත් එක්ක ගෙදර ගිහින් තිබ්බා.


මරු හැබැයි...


අපේ වැඩේ අපරාදේ...


​ කොටින්ම කිව්වොත් ඔය ගෙබ්ව අල්ලගන්න අපි දෙන්නා කොච්චර කට්ටක් කෑවද?


කොහොම හරි අපි එහෙම කලා කියලා කවුරුත් දන්නේ නෑ..


හිකිස්..


ඒ වෙනම කතාවක්.


මොනව වුනත් ගේම නම් ගේම එච්චරයි...



කොහොම හරි අරූ ආවේ අ​පි ළඟටමයි...


"හලෝව් මම දන්න කස්ටියක්ම ඉන්නවා. වාසනාව තමයි මේ වගේ තැනක දි හම්බ වෙච්චි එක"


( යැයි යැයි තමයි. වාසනාව නෙමෙයි අවාසනාව යකෝ. අද මම මට කරපු ඒවට පලි ගන්නවා. අනික මේක කැම්රන්ගේ තැනනේ. ගැහුවත් ප්‍රශ්නයක් නෑ...)



" හලෝ චූටි girl and අලි girl එතකොට ලියම්. ආාා මේ ෆැන්සිස්ගෙ පුතන්ඩියා​ නේද? "


( අම්මටසිරි මූ කැම්රන් වත් දන්නවා. චූටි girl කියන්නෙ ක්ලාරට එතකොට අලි girl තමයි මම. කමක් නෑ කටපහපන් බූරුවා. තෝව අපි අඳුරපු කාලෙ ඉවරයීයි...)


මම නම් මගේ ඉවසීමේ සීමා​ව පැනලා ඉඳියේ. කිව්වේ නැති වුනාට හතරදෙනා ම එහෙමයි. වැඩේටම කියන්න කැම්රනුත් ඉඳියෙ පුපුරන ගමන්. ඒකට අරක ඌ තනියම හිනා වෙනවද කොහෙද?


මොනව වුනත් මූ මෙතනට ඇවිත් අපේ තාත්තා ගැන අපි කතා කර කර ඉඳපු එකත් නැවැත්තුවා. ඒකට මට තවත් කේන්ති යි.


​ මොනව වුනත් කොහොම හරි පුළුවන් තරම් ඉක්මනට මේකව මෙතනින් යවා ගන්න එක තමයි අපි හතරදෙනාගෙම පරම අධිෂ්ඨානය කියලානම් අපේ කස්ටියගෙ මූනු වලින් තේරුනා.


අපි මේ කතා කර කර ඉන්න අතරතුර දි ම තාත්තාට මොනව වෙලාද කියලා කවුද දන්නේ.


​ මොකද කැම්රන් කියපු විදිහට ඇත්තටම අම්මට අරෙම කරලා තිබ්බේ werewolf ලා නම් ඒ කියන්නේ තාත්තත් මේ වෙලාවෙ ඉන්නේ ලොකු කරදරේක තමයි. නැත්තම් තාත්තා අනිවාර්යයෙන්ම මේ news එක ගැන ආරංචි වෙච්ච ගමන් hospital එකට එන්න එපැයි.


​ කොහොම හරි කවුරුත් ම කතා කලේ නැති නිසා ද මන්දා කැම්රන් ම පටන්ගත්තා කතා කරන්න ඉතින්...


" ආ රීඩ් කොහොම ද "


" මම නම් ඉතින් හැමදාම වගේ හොඳින් ම තමයි. "


( යැයි යැයි තමයි )


ඒත් එක්කම එකපාරටම අයියාට ආවෙ call එකක්. අයියා කොහෙවත් යන්නෙ නැතුව එතෙනම ඉඳලා phone එක answer කලා.


" මොකක් අනේ එයාව හැප්පිලා ද ගොඩක් අමාරුද දැන්"


" ______"


" ආාා. හරි අපි දැන් මේ ඉක්මනට එනවා."


"________"


"හරි හරි අපි එනකන් පොඩ්ඩක් බලපන් ඈ"


එහෙම කියලා එයා call එක කට් කලා..



අනේ කාවද දන්නෑ හැප්පිලා තියෙන්නේ.


" ආා මේ අර සමීරයව හැප්පිලා. ගොඩක් අමාරුයි ලු. පටස් ගාලා යන්න ඕනි "


" යමු යමු"


අයියා එහෙම කියපු ගමන් කැම්රනුත් පටස් ගාලා නැගිටලා යමු කිව්වා.


මම නම් සතුටින් ඉඳියෙ මොකද අර යකාගෙන් බේරිලා ඉන්න පුළුවන් නෙ.


අර අපේ පැත්තෙ ඉන්න ඇන්ටනාව හෙවත් ඇස්ලින් ආච්චිට හපන් මේකා කතා හදන්න ගියහම.


අපි couple වගේ නිකන් වෙලිලාමයි කාර් එකට ආවෙත්. අරූට ඒත් ගානක් නැද්ද කොහෙද?


ඔය ඉඳන් ඉනනේ හිනාවීගෙන..


​ කොහොම හරි අයියා තමයි නැග්ගෙ driving seat එකට.


" කව්ද අනේ සමීර. මොකක් ද වෙලා තියෙන්නේ "


නැග්ග ගමන් ක්ලාරා එහෙම ඇහුවා ම අයියා හිනා වෙන්න ගත්තා...


" ​මම දන්න සමීර කෙනෙක් නෑ යකුනේ. ඒ අරූගෙන් බේරිලා එන්න කියපු එකක් "


අයියා එහෙම කිව්වාම තමයි අපි​ටත් වැඩේ තේරුනේ.


මරු හැබැයි. හොඳ මොළයක්.




මම,

🦋🦋🦋Millicent🦋🦋🦋


( Nothing to say🤕)

Report Page