The Glory (2022) | “මහිමය” |

The Glory (2022) | “මහිමය” |


CineSubz.com

මේක Netflix හරහා තමයි විකාශනය ආරම්භ වෙන්නෙ කොටස් 8කින් යුත් part 1-2 විදිහට තවත් කොටස් දෙකකට තමයි විකාශනය ආරම්භ වෙන්නෙ.මේකෙ 2වෙනි කොටස නිකුත් උනාට පස්සෙ ඒක Netfilx වල රටවල් කීපයකම වැඩිම නැරඹුම්වාර සංඛ්‍යාවක් ලබපු කතා මාලාව විදිහට වාර්තාවකුත් තියලා තියෙනවා.මේකට ප්‍රධාන වශයෙන් song hye-kyo,lee do-hyun,lim je-yeon,cha joo-young,jung sung II,kim hieora,park sung-hoon, යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේක Ahn gil-ho විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

The Glory” Presents Its Cast In A Cold But Fiery Character Posters Nearing The Series' Premiere - kdramadiary


මේක Drama,Mystery,Thriller,කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේක සහතික වෙලා තියෙන්නෙ TV-MA කියන ටයිටල් එක සටතේ ඒ කියන්නෙ මේක අතිශයින්ම වැඩිහිටියන්ට තමයි සුදුසු වෙන්නෙ.මේකට 8/10ක IMDB අගයක් වගේම Rotten tomatoes වල 83%ක අගයක්ද 98%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

K-drama The Glory teaser trailer is gorgeous, even if it does have a menacing feel to it – Watch! – Leo Sigh


එහෙනං අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,

මේ කතාව ගෙතිලා තියෙන්නෙ මුන් දොන්ග් යුන් කියලා ගෑනු ළමයෙක් වටා.මේයාට ස්කෝලෙ යන කාලේ පිරිසක් විසින් අමානුෂික විදිහට වද දෙනවා.බැරිම තැන මෙයා ස්කෝලේන් අස්වෙලා යනවා,ඒත් නිකන්ම නෙවෙයි අර එයාට වද දුන්න පිරිසගෙන් පළිගන්න ලොකු අධිෂ්ඨානයකිනුයි යන්නෙ.එයා ඒ පළිය අරගන්න විදිහ තමයි කතාවේ තියෙන්නෙ.ඊටත් වඩා මේ කතාව ඇත්ත ලෝකෙට ගොඩක් සමීප විදිහට වගේම ජීවිතයට ගන්න ගොඩක් කාරණා ඉතිරිකරලා යනවා.මේ වගේ සිද්දි නිසා ලෝකයේම දැනට කොච්චර දිවි නසා ගැනීම වෙලා ඇත්ද?ඝාතන වෙලා ඇත්ද?

bullying කියන එක හැම රටකම පොදුවේ තියෙනවා.ස්කෝල වල,වැඩ කරන තැන්වල,ගෙවල්වල වල පවා තියෙනවා.ඉතිං පොඩ්ඩක් හිතලා බලන්න අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක්,දුවෙක් හෝ පුතෙක්ට ඊටත් වඩා තමන්ට මෙහෙම දෙයක් උනොත් කොහොම හැඟීමක් වෛරයක්,වේදනාවක් දැනෙයිද,එහෙම දෙයක් උනොත් අපි කොහොමද හැසිරෙන්න ඕන?,එහෙම දෙයක් උනොත් මේ කතාවේ තියෙන දේවල් කරන්න යන්න එපා.තමන්ගෙ යාළුවෙක්ට,දෙමව්පියන්ට හරි වගකිවයුත්තෙක්ව දැනුවත් කරන එක තමයි සුදුසු,ඊටත් වඩා තමන් හොඳ පෞරුෂයක් හදාගන්න එක තමයි හොඳම කියන එක තමයි මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ.


Report Page