The Devil's Tree

The Devil's Tree

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°


යක්ෂයාගේ ගස

කවදහරි යක්ෂයාගේ ගස කියලා ගහක් ගැන අහල තියෙනවද ? මේ ගහට අපහාස කලොත් (මුත්‍රා කරන එක වගේ) හානියක් කරන්න හැදුවොත් එහෙම ඉක්මන් අකල් මරණයක් ඒ අදාල පුද්ගලයින්ට ලැබෙන බව අහල තියෙනවද ?

යක්ෂයාගේ ගස විදිහට හඳුන්වන මේ ඕක් ගහ පිහිටලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමර්සෙට් ප්‍රාන්තයේ නිව් ජර්සිහි බර්නාර්ඩ් නගර සභාවේ මාටින්ස්වයිල් කොටසේයි. කඳුකර මාර්ගයක් අසබඩ අසංවර්ධිත කෙතක පිහිටලා තියෙන මැරුණු අතු සහිත මේ හුදෙකලා ඕක් ගහ වටා අද්භූත ප්‍රවාදයන් කීපයක්ම පැතිරිලා තියෙනවා.

එක ප්‍රවාදයකට අනුව මේ ඕක් ගහ යටත් විජිත සමයේදී අප්‍රිකානුවන් සහ කැරලිකාර වහලුන්ව ඝාතනය කරන්න භාවිතා කරල තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගහේ අතු වල එල්ලලා මරා දැමීම ඔවුන්ව ඝාතනය කරන්න භාවිතා කරා කියලයි කියන්නේ.

තවත් ප්‍රවාදයකට අනුව ගොවියෙක් තමන්ගේ සම්පූර්ණ පවුලම ඝාතනය කරල දැම්මට පස්සේ තමා විසින්ම මේ ගහේ ගෙල වැල දාගෙන මිය ගිහින් තියෙනවා. ගහ කපල දාන්න හෝ ගහට හානියක් කරන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට අකල් මරණයක් උදා කරල දෙන්න මේ ගොවියගේ ආත්මය කටයුතු කරනවාලු.

ගස වටා ගෙතිල තියෙන තවත් ප්‍රවාදයකට අනුව ගහට අනවශ්‍ය තරම් ලං වෙන සංචාරකයින්ව කළු පැහැති ෆෝඩ් ට්‍රක් රථයකින් හඹායන බව කියවෙනවා. ඒ වගේම මේ ට්‍රක් රථය ඔවුන් යම්කිසි ඈතකට ගියාට පස්සේ අතුරුදහන් වෙන බවත් කියවෙනවා.
ඒ වගේම කවුරුමහරි මේ ගහ ස්පර්ශ කාළොත් ,ඔවුන්ට අවන්හලකින් කෑම කන්න බැරි බව කියවෙනවා. ඒකට හේතුව අවන්හලකට ගිහින් කෑම කන්න උත්සාහ කරත්දී තමන්ගේ දෑත් කළු පැහැ ගැන්විලා තියෙන බව ඔවුන්ට පේනවලු.

ශීත සෘතුවේදී මේ ගහ වටාම හැමතැනම හිමෙන් වැහිල ගියත් මේ ගහ සහ ගහට යටින් තියෙන භූමිය හිමෙන් තොර බව කියවෙනවා. ඒ වගේම මේ ගහ අසල තියෙන "Heat Rock" නමින් හඳුන්වන ගල් පර්වතයක් සහ සමහර අවස්ථාවල මේ ගහ තමන් විසින්ම මේ ස්ථානය උණුසුම් කරන බව කියවෙනවා. වැඩිදුරටත් මේකට හේතුවක් විදිහට මේ ගැන කියවෙන්නේ මේ යක්ෂයාගේ ගහ ආසන්නයේ අපායට දොරටුවක් තියෙනවා කියලයි.

ඉතින්.. ඩෙවිල්ස් ට්‍රී ගැන එච්චරයි☝

ඔන්න අද දවසේ දෙවැනි ආටිකල් එක. මම ලියනවා වැඩී වගේ නේ මේ ටිකේ😅.

💀කියෙව්වනම් හොඳයිනම් ,ස්ටිකර් හත අටක් එක්ක ඔයාගෙ අදහසත් යටින් කමෙන්ට් කරන් යන්න💀

ආටිකල් එකකින් සෙට්වෙමු🖤🤘

#Haunted_Places
☣️ Devil's Tree
#සැම්පා(zampa- )

Report Page