The Chanting Of Love

The Chanting Of Love



ප්‍රේම සජ්ජායනා

The Chanting Of Love



ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක්…


එකිනෙකට වෙනස් හුරු නුහුරු හැඟීම් ගොන්නක් ඇදන් යන නඟුලක්...


හදවතට දැනුන එක තැනක නතර උනාම…හොලවන්නවත් බැරි තරමෙ තද බැදීමක්…



මම සිහිනි… තාම අවුරුදු දාසයක පොඩි කෙල්ලෙක්… මෙච්චර පොඩි කෙල්ලෙක් ආදරේ ගැන කතා කරන එක කෙනෙක්ට විහිලුවක් වෙන්න ඇති… ඒත් ආදරයක් හිතට කාවැදෙන්න වයස බාධාවක් නැහැ නේද…



අවුරුදු තුනකට ආසන්න මගේ ආදරේ… එයා ආයුශ් … අපි දෙන්නා අතරෙ තිබුණෙ අවුරුදු 5ක පරතරයක්… එයා හිටියෙ මං හිටිය ගමට අල්ලපු ගමේ… ටවුන් එකට යන එනකොට අපි දෙන්නා හම්බුනේ බස් එකේදි…




මගේ පවුලෙ මට ම කියලා ඉන්නෙ මගෙ අම්මා විතරයි

සාමාන්‍ය රස්සාවක් කරලා මාව උස් මහත් කරන වැඩේ… මගෙ අම්මගෙ කරට වැඩියෙනුත් එක්ක වැටුණෙ… තාත්තා නැති උන දවසෙදිමයි…

ඒත් ඒ සිතුවිල්ල… මට දැනුන තරම් අම්මට දැනෙන්න නැතුව ඇති… මොකද අම්මට මං ගැන හොයලා බලන්න , මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කිසිම දවසක බැරි උනා… ඒ මොනා උනත් මන් අම්මට ආදරෙයි… එයා වෙනුවෙන් වෛරයක් තාමත් මගෙ හිතේ ඉපදිලා නැ… ඉස්සරහටත් එහෙම වෙන එකක් නැහැයි කියලා මට විශ්වාසයි…



ඒත් මාත් ආසයි අනිත් ළමයි වගේ ආදරේ විදින්න… තාත්තාත් නැති උනයින් පස්සෙ අඩුම මට අයියෙක්වත් හිටියා නම් කියලා හිතුණ වාර අනන්තයි…


ඒ නිසාම ද මන්දා , මායි අම්මයි විතරක් ඉන්න ගෙදර හැම තත්පරයක් ම ගෙවුණෙ ගොඩක් වෙලාවට නිහඬව… උවමනා දෙයක් මිසක වෙනින් කතාවත් නැති තරම්…




කාලේ ඔහේ ගත වෙද්දි , අම්මට මං ගැන ගානක්වත් නැති වෙද්දි… ආදරේ කියන වචනෙ මාව හැමදාම අසරණ කරා… ඒත් ඒ අසරණකමින් මිදිලා නැති උන ආදරේ ආයෙමත් දෙන්න මගෙ අයියට පුළුවන් උනා…



කෙල්ලෙක්ගෙ ලෝකේ වීරයා තාත්තාලු…

ඒත් මගේ ලෝකෙ මගෙ කියලා ඉන්න එකම වීරයා මගෙ අයියා… ඔව් මගෙ ආදරේ… එයාට ගොඩක් වෙලාවට මං කියන්නෙ අයියා කියලා… එකක් එයා මට වඩා වැඩිමල් නිසා… 



තාත්තා නැති අඩුව නොදැනෙන්න , ආදරේ දෙන්න මගෙ අම්මට බැරි උනත් මගෙ අම්මට මගෙ හිතේ තියන තැනට පස්සෙ මං වැඩියෙන්ම ආදරෙ කරෙ මගෙ අයියට…




මගෙම කියලා සහෝදරයෙක් නැති තැන මගෙ ආදරේ ම මගෙ අයි‍යත් උනේ එයාව මගෙ ජීවිතේට නැතුවම බැරි චරිතයක් කරලා…




පුංචි පුංචි රණ්ඩු මැද්දෙ ඒ කාලෙ හරි ලස්සනට ගත වුණේ අයියා ගැන හිතෙ තියන ආදරේ දවසින් දවස වැඩි වෙද්දි…




ඒත් දවසක්

හිතුවෙවත් නැති විදිහට අයියා නේවි යන්න ලෑස්ති උනේ මේ තරම් කාලයක් හෙවනැල්ල වගේ ළගින් හිටපු ආදරේට කණකොකා හඩලද්දි…



එදා ඒ දැනුනු මූසල හැඟීම මුළු හිතම වෙලාගත්තෙ අහේතුකවම හීතල කඳුළු බිංදු එකින් එක කම්මුල් දිගේ ඔහේ දිගේ ගලන් යද්දි…




යන්නත් කලින්ම හිතට දැනුනෙ පුදුමාකාර විදිහෙ පාලුවක්… ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරමෙ අත්භූත හැඟීමක්… එයා මට කොච්චර ළං වෙලාද කියන එක මට හොදටම දැනුනෙ එදා…





" මැණික "




" අයියේ... "




" මැණික තරහද මාත් එක්ක ම්ම් "




" අනේ නෑ අයියෙ.. මං කොහොමද මගෙ අයියා එක්ක තරහවෙලා ඉන්නෙ.. ඔයානෙ මගෙ හැමදේම... "




" එහෙනම් මොකෝ මේ අඩන්නෙ ආ... මගෙ චූටි මැනිකව බලන්න මං එනවා නෙ . මෙ ගමන මට යන්නම ඕන ගමනක් රත්තරන් "





" හ්ම්ම් "





" කො මෙ බලන්නකො මං දිහා…

ඔය කඳුළු පිහදගන්නකො හොද ළමයා වගේ "






දැනුනෙ නැ කොච්චර වෙලාවක් ගියාද කියලා… ඒත් මං ඒ හැම තත්පරේකම ප්‍රාර්ථනා කළේ මගෙ ආදරේ තව එක විනාඩියක් හරි වැඩියෙන් මන් ගාව තියන්න කියලා විතරයි…




සහෝදරයෙක් , තාත්තා කෙනෙක් නැති ඕනම ගෑනු ළමයෙක් මේ වගේ ආදරේකට පණටත් වඩා ලෝබ කරයි…




මොකද ඒ අයත් ආසයි තමන්ට නොලැබුණ ආදරේ එහෙම හරි විදින්න…




සමහරු අතරමං වෙයි… තවත් සමහරු හරි ම තැන නවතියි…  ඒත් මං....???





පැය ගානක් ඔහේ ඒ පපුවට තුරුල් වෙලා අඩපු මම කඳුළුත් පිහදන් ඔලුව උස්සද්දි ඒ ඇස් වලත් ලා කඳුළක් තිබුණෙ කවදාවත් නැතුව ඒ ඇස්වල කතාව , ඒ හැගීම කියවගන්න මට බැරිවෙද්දි… මොහොතක් ඒ ඇස් අස්සෙ අතරමං වෙලා හිටිය මං ආයෙමත් හරි සිහියට ආවේ ඒ තොල්පෙති හරි සුමුදුවට මගෙ තොල් එක්ක පැටලෙද්දි …




ඒ හැඟීම මට නුහුරුයි…

මොකද මගෙ අයියා මේ වෙනකන් මාව ඒ විදිහට කිස් කරලා නැ... පිටකොන්දෙ දිගේ ගලාගෙන ගිය හීතල හිරිවැටීමත් එක්ක මං ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තෙ නුපුරුදු හැගීමක් හිතේ උඩුදුවද්දි…වෙනදා නළලට දෙන පුංචි හාද්ද වෙනුවට අද ලොකු වෙනසක්… 





" මැනික… "




" ම්ම්ම්... "




" තරහා නැ නේද .. "




" නැ අයියේ... "





" අහන්න මුකුත් නැද්ද ම්ම් "




" හ්ම්ම් අයියා ආයෙ කවද්ද එන්නෙ මාව බලන්න "





" ඒකනම් හරියටම කියන්න බැ මැණික… මං එනකන් මගෙ මැණික පරිස්සමින් ඉන්න ඕන හොදද... "





" මගෙ අයියත් පරිස්සමින් හරිද...අයියට මාව අමතක වෙන එකක් නෑ නේද අයියෙ…"





" මගෙ මැණිකව එහෙම අමතක කරන්නැ රන්...




මැණික...



මං දෙයක් ඉල්ලුවොත් ඒක ඔයාට දෙන්න පුළුවන් ද "





" කියන්න අයියෙ... මට දෙන්න පුළුවන් ඕනිම දෙයක් මං මගෙ අයියට දෙනවනෙ ඉතින් …"






" ම්ම් මැණිකට මාව විශ්වාසයි නේද "





" මටත් වඩා මට මගෙ අයියව විශ්වාසයි…කියන්නකො මොනාද මගෙ අයියට ඕනි…"




" මැනිකට පුළුවන් ද මගෙම වෙන්න… ම්ම්ම්… "




" අ..යියෙ....හ් "





" මැණිකට මාව විශ්වාස නැද්ද... "





" විශ්වාසයි අයියේ…"


එදා ක්ලාස් ඉවර වෙලා අයියා එක්ක නුවර වැව රවුමට ආවෙ අන්තිම පාරට හරි එයත් එක්ක නිදහසේ කතා කරන්න… මොකද එයා එක්ක මේ වගේ නිදහසෙ කතා කරන්න ලැබෙන අවස්තා හරිම අඩුයි…




එදා ඒ ඇස් මගෙ ඇස් අස්සටම එබිලා ඉල්ලපු දේ නොදී ඉන්න තරම් හේතුවක් එදා මට තිබ්බෙ නැ…ඒ තරමට ම ඒ ආදරෙන් මං අන්ධ වෙලයි හිටියේ…


ගෙදර ඇවිල්ලත් මං කල්පනා කළේම ඒ ගැන…


මොකද ඒ තමා කෙල්ලෙක්ට තියන වටිනම වස්තුව… ඒක නැති උනොත් නැති උනාම තමයි... ඒත් ඔක්කොටම කළින් හදවත ඉස්සර උන එක වෙන්න ඇති අද මට මෙහෙම වෙන්න හේතුව…




එක පැත්තකින් හිතේ බයක් ඇති වෙද්දි අනෙක් පැත්තෙන් හවස සිදුවීමත් එක්ක ඇති වුණ අමුතුම හැගීම ආයෙමත් දැනෙන්න පටන් ගත්තෙ මාව තව තවත් අසරණ කරලයි…



කොහොම හරි හිතලා හිතලා අන්තිමට මං මගෙ හිතත් අමාරුවෙන් එකඟ කරගෙන පහුවෙනිදා උදෙන්ම අම්මටත් බොරුවක් කියලා ගෙදරින් පැනගත්තෙ හිතේ දෙගිඩියාවෙන්…




පාර අයිනට වෙලා ඉද්දි ඈතින් අයියා එනවා දැක්කම ඉබේටම වගෙ මූණෙ හිනාවක් ඇදුනෙ මොහොතකට ඒ ආදරෙ මගේනේ කියලා ආයෙමත් මතක් වෙද්දි…



' එක අතකට මට බය වෙන්න දෙයක් නැ ... මට මගෙ අයියව විශ්වාසයි... එයා කවදාවත් මට බොරුවක් කරන්නෙ නැ… '



එහෙම හිතනවත් එක්ක ම අයියා ඇවිත් නතර උනෙ මගෙ ළග…




" මන් හිතුවෙ මැණික එන්නෙ නැති වෙයිද කියලා "





" මට අයියව විශ්වාසයි…"





වැඩි කතා බහක් නැතුව අයියා මාව එක්කන් ගියෙ අයියගෙගෙ යාලුවෙක්ගෙ ක්වාටස් එකකට… මොකද හොටෙල් රූම් එකකට යන්න මගෙ ළග ID එකක් නැති නිසා…




ක්වාටස් එකට යන්න හදද්දි මට මැවුණෙම මගෙ අම්මගෙ රූපේ…




' මට සමාවෙන්න අම්මේ… මං දන්නවා මං මෙ කරන්නෙ වැරැද්දක්… ඒත් මගෙ ආදරෙ වෙනුවෙන් අද මට මේ දෙ කරන්න ම වෙනවා… ඔයාලගෙන් පුරවගන්න බැරි උන ඒ හිඩැස පිරෙව්වෙ මගෙ අයියා… එයා වෙනුවෙන් මං මෙ දේ කරනවා... මොකද ඒ තරමට මට ඒ ආදරෙ වටිනවා…'




පැයක්… දෙකක්… නෑ ඊටත් වඩා කාලයක්… අයියගෙ ඇගට මාව යටවුණෙ දරාගන්න බැරි තරමෙ වේදනාවක් යටිබඩෙන් වගේම කොන්දෙනුත් දැනෙද්දි…

ඒත් මං එ සේරමත් ඉවසන් හිටියෙ අයියගෙ සතුට නැති කරන්න මට බැරි නිසා… 



කෙළවරක් නැතුව ඇස් වලින් වැටෙන කඳුළු වැල් එක්ක අත් දෙකෙන්ම බෙඩ් ශීට් එක තද කරගත්තෙ හීනියට කෙදිරිල්ලක් පිටවෙද්දි…




කොච්චරක් වෙලා ගියාද කියලා හිතාගන්න බැරි තරම්... අන්තිමට අයියා වොශ් එකක් දාගෙන ආයෙමත් මං ළගට ආවෙ මං අමාරුවෙන් බෙඩ් ශීට් එකෙන් නිරුවත් ඇග වහගනිද්දි…



ඒ මූණ දිහා කෙලින් බලන්න බැරි නිසාම ලැජ්ජාවෙන් රතු උනු මූනෙන් මං බිම බලන් හිටියෙ අයියම කතා කරනකන්...



ඒත් විනාඩියක්වත් යන්න කළින් මගෙ කකුල් පාමුලට වැටුණ රුපියල් 5000 කොළයක් ඇස්වල ගැටෙද්දි බිම බලන් හිටිය මං ඇස් ගැස්සිලා වගේ බැලුවෙ අයියා දිහා…



එයාගෙ මූණෙ තිබුණ හැඟීම එවෙලෙවත් මට තේරුම් ගන්න බැරි උනා... අන්තිමට එයා කිව්වෙ එක ම එක දෙයයි…




" මරු "




මට හිතාගන්න බැ… එයා එහෙම කිව්වෙ ඇයි කියලා… ඒ මූණෙ තිබුණ හිනාවට හේතුවවත් එදා මට හිතාගන්න බැරි උනා…




මට වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා එදා එයා යන්න ගියේ ඒ මොහොතෙ ඉදන් කලින්ටත් වඩා මුළු හිතම මූසල හැගීමකින් පිරෙද්දි…




අමාරුවෙන් නැගිටලා අයියගෙ අතින් ගැළවිලා විසි උන මගෙ ඇදුම් ටිකත් ඇදගෙන ගෙදර ආවෙ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි තරම්… ක්වාටස් එකේ ඉදන් ගෙදරට එනකන්ම මගෙ වටේටම දෝංකාර දුන්නෙ එක ම එක වචනයි…




" මරු........... "




ශවර් එක යටට වෙලා ඔහේ හිටියා…

ඇගට කිසිම පණක් නැ… අඬලම මූණ ඉදිමිලා… සීතලම සීතල වතුර ඇගේ වදිද්දි දැනෙන දැවිල්ලට කඳුළු වැල් අලුත් වෙන්නෙ ඉබේටමයි...




ඇග පුරා තියෙන හැපුම් පාරවල් සුදු පාට හමෙන් හයිලයිට් වෙලා පේන්නෙ කිසිම හැගීමක් නැතුව ඒ දිහා මාත් ඔහේ බලන් ඉද්දි… ඒවයින් දැනෙන වේදනවාට වඩා හිතේ වේදනාව වැඩියි… ඒත් තාමත් හිතාගන්න බැ ඒකට හරි හේතුවක්…




තවත් ටික වෙලාවක් එහෙමම ඉදලා වොශ් එකක් දාගෙන මං ෆෝන් එක අතට ගත්තෙ වෙනදා මේ වෙලාවට එන කෝල් එකවත් අද තාමත් ආවෙ නැති නිසා…



එයා පරිස්සමින් ගියාද කියලවත් අහන්න හිතන් මං නම්බර් එක ඩයල් කරත් එහා පැත්තෙන් ඇහුණෙ එයාගෙ නම්බර් එක භාවිතයෙ නොමැත කියන එක විතරයි…





ස්ක්‍රීන් එකේ වැටිලා තියන එ රූපේ දිහා බලන් වැටුණු කඳුළු බිංදු ගාන මෙච්චරක් කියන්න බැරි තරම්…

ඇගේ අමාරුවත් එක්ක කළින්ම නින්දට වැටුනෙ පියන් ඉන්න ඇස් අස්සෙනුත් කඳුළු වැල් බේරෙද්දි…


අයියගෙ කටහඩක් තියා එක මැසේජ් එකක්වත් නැතුව ටික දවසක් ගත වෙද්දි තවත් බලන් ඉන්න බැරිම තැන මං ආයෙමත් එයාට කෝල් එකක් ගත්තෙ දෙයියන්ගෙ නාමෙට අදවත් ඒ කෝල් එක ආන්ස්වර් කරන්න කියලා හිතින් හිතන ගමන්‍මයි…



ටිකකින් එහා පැත්තෙන් කෝල් එක ආන්ස්වර් කරද්දි මට දැනුන සතුට වචන වලට පෙරලගන්න බැරි තරම්…


" හෙලෝ අයියේ… ඇයි අයියෙ මට කතා කරේවත් නැත්තෙ ... අයියා මාත් එක්ක තරහා වෙලාද ඉන්නෙ… "



" නංගි මෙ මම… ආයුගෙ යාලුවා… "



" ආහ් සොරි අයියෙ මන් හිතුවෙ අයියා කියලා. අයියට ෆෝන් එක දෙන්න පුළුවන් ද "



"ආ මේ ඌ පොඩි වැඩකට එළියට ගියා නංගි "



" ආ එහෙමද

හරි අයියෙ එහෙනම් මන් පස්සෙ ගන්නම් "



"ආහ් නැ නැ නංගි.. ආයෙ ගන්න ඕනෙ නැ "



" ඇයි අයියෙ එහෙම කියන්නෙ "


හිතේ අමුතුම බයක් ඇති වෙද්දි මන් එහෙම ඇහුවට එහා පැත්තෙන් අයියගෙ යාලුවා කියපු දේත් එක්ක මගෙ අතින් ෆෝන් එකත් ගිලිහුණේ මාවත් එතනම බිමින් ඉන්දවෙද්දි…




" නංගි…

ආයෙ ඌට කෝල් කරන්න එපා…

ඌට සිරා ලව් කරන කෙල්ලෙක් ඉන්නවා...ආයෙ ඌට කතා කරන්න එපා "




එහාපැත්තෙන් මට ඇහුණෙ එච්චරයි… ඒ කියලා ඉවර වෙනවත් එක්කම එහාපැත්තෙන් කෝල් එක කට් කරෙ බිම ඉදගෙනම මාත් ස්ක්‍රීන් එක දිහාම බලන් ඉද්දි…





බිත්තියට ඔලුව තියාගෙන සිවිලිම දිහා බලාන දිග කල්පනාවකට වැටුණෙ එයා මට එහෙම කරන්න තරම් මගෙ අතින් උන වැරැද්ද මොකද්ද කියලා හිතන ගමන්…


එදා ඒ සිද්ධිය වෙලා දැනට මාසෙකටත් කිට්ටුයි… කාලේ කොහොම ගෙවුණත් මන් තාම හිටපු තැනමයි… එදා ඉදන් හැම මොහොතකම මගෙ ඔලුවෙ තියෙන්නෙ එකම එක ප්‍රශ්නයක් විතරයි… මොකද්ද මගෙ අතින් උන වැරැද්ද …මාව දාලා යන්න තරම්…???


ඒත් නැහැ…


මගෙ ආදරේ වෙනුවෙන් මට දෙන්න පුළුවන් වටිනම දේත් දුන්න මං එයාට කිසිම දවසක වැරැද්දක් කරලා නැ… ඒත් ඇයි … එයා ගියෙ… මගෙ ආදරේ එයාට විහිලුවක්ද… එයාගෙ ආදරේ බොරුවක්ද…

ඇයි රත්තරන් මට එහෙම කරේ…




ඔය ඇස් වලින් මේ අවුරුදු තුනටම මං නොදැක්ක කතාවකුත් තිබුණද…

මගෙන් මොකද්ද උන වැරැද්ද…

මාව දාලා යන්න තරම්…




මටත් වඩා මං ඔයාව විශ්වාස කරා… වෙන කාටත් වඩා මං ඔය හිතට ආදරෙ කරා… එහෙම කරපු මට ඔයා දෙන තෑග්ගක්ද මේ... මේක විහිලුවක් නේද… අනේ මේක නපුරු හීනයක් විතරක් උනා නම්…




දන්නවද මැණික…

මට තාත්තෙක් , සහෝදරයෙක් නැති එක ඇත්ත…

ඒත් ඒ දෙන්නවම මං ඔයාගෙන් දැක්කා… ඔයාගෙ ආදරෙන් , ආරක්ෂා කරපු විදිහෙන් මං ඒ අඩුව පුරවගත්තා…


අම්මා මං ගැන හොයලා බලන්නෙ නැති උනාට ඔයා මං ගැන වද උනා… ඒ ආදරේට මං හැමදාම ලෝබ කරා…




කාටත් හොරෙන් ඔය හිත එක්ක පැටලෙද්දි…

වරු ගණන් වීඩියො කෝල්ස්වල අපේ ආදරේ උතුරද්දි…

උබෙ කටින් පිටවෙන ඒ වචන වලින් මෙ හිතම පිරෙද්දි… මං දන්නැ මැණික… මට වැරදිලා කියලා…



උඹෙ ආදරෙන් මාව අන්ධ කරලා කිසි දෙයක් නොවුන ගානට ඔහොම ඉන්න තරම් හිත හදා ගත්තෙ කොහොමද මැණික…




දන්නව ද…

මට මගෙ මැණික එක්ක පුංචිම තරහක්වත් නැ… තාමත් මෙ හිතේ තියන ආදරෙ වෙන කාටවත් දෙන්න සූදානම් නැ...


මොකද දන්නවද…

උඹ මාව හපයක් කරලා අතෑරලා දැම්මත් මෙ හිත තාමත් හොයන්නෙ උඹෙ උණුහුම… උඹෙ ආදරේ...



ඇත්ත…

උඹ කියනවා වගේ මං හරි බොළදයි…

ඒත් දන්නවද…

මං බොළද උනේ උඹෙ ආදරේ ඉස්සරහා විතරයි…




උඹ නේවි යනවයි කිව්වම

ඒ දැනුන පාලුව… උඹේ උණුහුම ආයෙ කවදා ලැබෙයිද කියලා හිත හිතා විදවපු තරම දන්නෙ මේ හිත විතරමයි…



එදා මං උඹෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා නම් උඹ මං ළග තාමත් ඉදියි නේද කියලා හිතෙද්දි…


උඹ ආදරේ කළේ මට නෙමේ උඹ ආස කළේ මගෙ ඇගට කියලා තේරෙද්දි…


අවුරුදු තුනක් තිස්සෙ… ආදරේ කියන වචනෙට අන්ධ වෙලා උඹේ ළගම දැවටිලා හිටියා නේද කියලා මතක් වෙද්දි…


මට කියලා තිබුන එක ම… වටිනම දෙත් උඹට තියන ආදරේට ඇඳක් උඩ උඹෙ නමින් ම සින්න වෙද්දි…


මේ හැම දෙයක්ම හීනයක් නෙමෙයි මගෙ ජීවිතේ ම දැන් අපායක් වෙලා නේද කියලා හිතෙද්දි … ඔව්... මං පරක්කු වැඩියි...


මං බොළද වැඩියි කියලා තේරෙද්දි…





ඒත් තාමත් මෙ හිත

උඹ වෙනුවෙන්මයි ලියවිලා තියෙන්නෙ…

උඹේ තැනේ උඹ නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි…




උඹෙ හිතේ මං ගැන මොන සිතුවිල්ලක් තිබුණත් මං උඹට ආදරෙ කළේ හදවතින්මයි…




මම දුන්න ඒ ඇග දුන්නෙ හරි ආදරෙන්…

මගෙ ආදරෙ අඩුවක් නොදැනෙයි උඹට…

උඹෙ අලුත් කෙල්ල නිසා…

දවසක උඹේ දැන් ඉන්න අලුත් කෙල්ලගෙන් මම වගේ ම දුවෙක් ලැබෙයි…

එදාට එයාට මට උනා වගෙ දෙයක් උනොත් අන්න එදාට ඔයා හුගක් පසුතැවෙයි…අතීතේ වරදක අඩුපාඩුවක් තියනවා කියලා…




අන්තිමට මං කියන්නෙ මෙච්චරයි…


මං ආදරෙයි මහ ගොඩක් තාමත්…


දවසක උඹ පසුතැවෙයි

එදාට උඹට මාවත් මතක් වෙයි…


මං ඉල්ලන්නෙ මෙච්චරයි …

පුළුවන් නම්…

එක ම එක පාරක් ආයෙමත් කතා කරන්න…

මගෙ අතින් උන අඩුපාඩුව කියලා යන්න…

මන් තාමත් උඹ මාව දාලා ගියපු තැන…






මළත් අතහැර නොයමි දිවුරා

බදාගෙන හිටියාට මල් කෙමි

හීන් නිළි වැස්සටත් වෙන්වෙයි

ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති…


ඉඩෝරෙත් පිපි මල් පෙතී

ගලව ගලවා දුන් හැටී

ඔබේ ළඟ ඒ කවි ඇතී

මට කියා කිසිවක් නැතී…


වැව රවුමෙ යන්තමට ගෑවෙන

හිදපු බංකුවෙ දියසෙවල පිස

අදත් වැහිළිහිණියෙක් තනියම

හිටියා නවවෙනි වළාකුල උඩ…


දවස් තිබුනා අපටත්

දුරින් හිද මිමිණුව

හදින් වෑහෙන ආලයෙන්

අතින්වත් අත නොඇලුන…


ආදරේ හදවතට දැනුනම

හුදකාලවත් සාපයක්

හීන පාවා දීම යන්නෙම

කරන්නට බැරි පාපයක්…


වසන්තේ මම වෙමි

අනන්තෙ නුඹ නොවී

සදැස් කව් ලිහි ලිහී

ප්‍රේමයේ පිංකම් කෙරේ…


ආදරේ පිරිතකී

ජීවිතේ සිරිතකී

පන්හිදේ එති එතී

කවි තිඹිරිගෙයි ලතී…


සිරිතටම පිරිත් කී

හිතට සැනසුම් නැතී

පිරිත් සර ඇසි ඇසී

කුමරී සැප සේ නිදී…









                         ~නිමි~












Written by ,

Chanu……✍️💙

Report Page