The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

47 ( අවසානය )🌼👀



" ද බෙස්ට් ලෝයර් ඊ...ස් "



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



හැමෝම එක විනාඩියකට මීක් නැති වෙන්න සයිලන් උනා. හැමෝගෙම ඇස්වල කුතුහලය පිරිලා. ඒ කවුද ? හැමෝම බලාපොරොත්තුවෙන් හිටියේ ඒක උනත් මං ශනෙල්ගෙ ඇස් දිහා බලන් හිටියෙ ඒ ඔයා ශනෙල් කියන්න වගේ. ඒත් ශනෙල්ගෙ ඇස්වල තිබ්බෙ හිස්කමක්.







අඩන්නද හිනා වෙන්නද හිතා ගන්න බැරුව මගේ හාට් එකත් නැවතුන තැරම්. මාව ශොක් වෙලා වගේ. ඒ ඇහෙන ක්ලැප් සවුන්ඩ් එක හීනයක් වගේ. හැමෝම මගේ පැත්තට හැරිලා එක වැර එක හඬින් කන්ග්‍රැජුලේෂන්ස් කියලා කෑ ගහද්දි මං හිටියේ මුකුත් හිතා ගන්න බැරුව වගේ.




මං ඉස්සෙල්ලාම කියලා බැලුවේ ඒ ඇස් දෙක දිහා. මේක එයාට හම්බවෙන්නෝනි තැන. මං ඒක අරගත්තද ? මේ 250 අතරට සිලෙක්ට් වුන එකම මට හීනයක් වගේ. දැන් මේ අවෝඩ් එක. ඇත්තටම චුට්ටක් බලාපොරොත්තු නොවුන වික්ටරි එකක්. ඒත් එයා පවු. එයා වැටිලා නෑ කියලා ඔප්පු කරන්න පුලුවන් කමක් තිබ්බේ මේ අවෝඩ් එකට. ඒත් දැන් ඒකත් නෑ.




එක පැත්තකින් මං වෙනුවෙන් ක්ලැප් කරන හැමෝම වෙනුවෙන් මං හිනා වෙන්නෝනි. තව පැත්තකින් ශනෙල් වෙනුවෙන් මං දුක් වෙන්නෝනි.




මං මොකුත් හිතා ගන්න බැරුව ශනෙල් දිහා බැළුවත් ඒ ඇස්වල නම් තිබ්බෙ අවංක විශ් එකක්. මං එයා දිහා බලන් ඉද්දි එයා ඇස්වලෛන් මට කිව්වෙ සන්සුන් වෙන්න කියලා. ස්ටේජ් එක පෙන්නලා ඇහෙන නෑහෙන ගානට " යන්න අසෙනි... " කිව්වමයි මං ස්ටේජ් එක දිහා බැළුවේ.




" මිසිස් අසෙනි... ප්ලීස් කම් ඔන් ද ස්ටේජ් "




හැමෝගෙම ඇස් මං ගාව. මගේ හදවත ගොඩක් වේගෙන් ගැහෙනවා. හැමෝම දෙපැත්තට වෙලා මට ඉඩ දෙද්දි මං කියා ගන්න බැරි තරම් සතුටකින් ස්ටේජ් එකට ගියා. සතුට ? අපේ මහන්සිය.... ඒකෙ ප්‍රතිපල.... අයියා මතක් උනා. එයා හිටියා නම්. එයාගෙ නංගි අද මේ ගත්ත අවෝඩ් එක.... ඒ වික්ටරි එක බලන්න එයා හිටියා නම්...




" She is the winner of our field for these 5 years. 5 years frome now everyone here will embrace u as THE BEST LAWYER .... What do u have to say about this win ? (ඇය තමයි මේ අවුරුදු පහට අපේ ෆීල්ඩ් එකේ විනර්. දැන් පටන් අවුරුදු 5ක් මෙතන ඉන්න හැමෝම ඔබව ද බෙස්ට් ලෝයර් විදිහට වැලඳගන්නවා. ඔබට මේ ජයග්‍රහණය ගැන මොකක්ද කියන්න තියෙන්නෙ ?) "




" ඉස්සෙල්ලාම තෑන්ක්ස් කරන්නෝනි මං වෙනුවෙන් ක්ලැප් කරපු මේ හැමෝටම.... ඇත්තටම මේ අවෝඩ් එක මට විතරක් නෙවේ.... මං මේ වෙනකම් වින් කරපු හැම කේස් එකක්ම මට හෙල්ප් කරපු මාත් එක්ක හැමවෙලේම එකට හිටපු මගේ ඔෆිස් එකේ මගේම අය නිසයි... සෝ මේ අවෝඩ් එකේ ගෞරවය සතුට එයාටත් අයිතියි...




ඊටපස්සෙ මගෙ අයියා.... 🥺❤️ මෙච්චර දුරක් මට එන්න පාත් එක හදලා දුන්නෙ එයා. මගේ ලයිෆ් එකේ හැම ජයග්‍රහණයක්ම එයා නිසයි. අද මෙතන නැතත් මං ලබන හැම වික්ටරි එකකටම අවංකව මේ ලෝකෙ වැඩිපුරම සතුටු වෙන්නෙ මගේ අයියා...




නෙක්ස්ට්.... ඔයාලා.... අද මේ අවෝඩ් එක මට විතරක්ම නෙවේ. මේ ඉන්න 250ක්ම ලෝයර්ස්ලා මේ හැමෝගෙම. මං මේ ෆීල්ඩ් එකට අලුත්. ඒත් මෙතන ඉන්නවා වැඩිහිටි ගොඩක් ලෝයර්ස්ලා. මෙතන ඉන්න ගොඩක් අය එක්ක මං කේසස් කතා කරලා ඇති. ඒ කතා කරපු එක එක නඩුවක් ගානෙ ඔය හැමෝගෙන්ම මං පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා. සෝ.... අද මේ අවෝඩ් එක ඔය හැමෝගෙම. මේ අවෝඩ් එක මට හම්බුනත් නැතත් හැම ලෝයර් කෙනෙක්ටම මං රෙස්පෙක්ට් කරනව හදවතින්ම




ෆයිනලි කතා කරන්නෝනි මට ස්පෙෂල් කැරෙක්ටර් එකක් ඉන්නවා... මිස්ටර් ශනෙල් නිමේෂ්.... මේ මං මේ ෆන්ෂන් එකට ප්‍රසන්ට් කරපු ෆස්ට් ටයිම් එක. ඒත් මං මේක ගැන ගොඩක් කලින් දැනන් හිටියා... මේ ෆන්ෂන් එක නිසාම මං අදුර ගත්ත කැරෙක්ටර් එකක් ලෝයර් ශනෙල්....




අදුර ගත්ත කිව්වට ඔය පොඩි පොඩි විස්තර ටිකක් විතරයි. ලගට දැකලා කතා නොකරත්... අයි රෙස්පෙක්ටඩ් හිම් ෆ්‍රොම් ද බොටම් ඔෆ් මයි හාට් 🥺😍 මිස්ටර් ශනෙල් මට හම්බෙලා ටික කාලයක් උනත් මං එයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩායි. "




ඒ ඇස් දෙකේ තිබ්බෙ අවංක සතුටක්. දිලිසෙන කදුලු කැට... ඒ සතුට වෙනුවෙන් මං වෙනුවෙන්... ඉතින් මං මොකටද හිතන්නෙ මං එයාට වැරැද්දක් කරා කියලා. මට සතුටුයි එයා ගැන ස්පෙෂලි හැමෝටම අසවුස් කරන්න පුලුවන් උන එක ගැන.




" So... at the end I have say... thank u very much to everyone who helped me achieve this victory today "




හැමෝගෙම මී පැණි වගේ වුන ක්ලැප්ස් මැදින් මං ස්ටේජ් එකෙන් බැහැලා ඒ දිලිසෙන ලස්සන අවෝඩ් එකත් අරගෙන ස්ටේජ් එකෙන් බැස්සෙ එලියට නොදැම්මත් ඇස් අග දිලිසුණ සතුටු කදුලුත් එක්කමයි.




අවෝඩ් එක දීලා තව පොඩි පොඩි අයිටම් ටිකකට පස්සෙ ෆන්ෂන් එක ඉවර වුනේ තවත් පැයකට පැය බාගෙකට විතර පස්සෙ.




වෙලාව රෑ 11.45ට විතර ඇති. මායි ශනෙලුයි එලියට ආවෙ එකටමයි. එලියට ආපු ගමන් ශනෙල් මාව බදා ගත්තෙ කන්ගැජුලේෂන්ස් කියාගෙමයි. කා පාක් එකට එන මග දිකටත් හම්බුන හම්බුන හැම කෙනෙක්ම මට විශ් කරා. ඒ සතුට... ඒක වචනයෙන් කියා ගන්න බැරි තරම් ලොකුයි මට නම්...




" අසෙනි අහන්නකෝ "




" ම්ම්ම් "




" මට ඔයාට කියන්න ලොකූ දෙයක් තියෙනවා "




" ඉතින් කියන්න "




ශීට් එකේ ඔලුව තියාන මං ඇස් දෙක පියාගෙනම කතා කරේ තිබ්බ මහන්සියට.




" හෙට උදේ එනවද.... බීච් එකට.... 7.30ට 8ට විතර "




" හ්ම්ම්ම් "




" ඔයා නිදිද "




" නෑ මං එන්නම් කිව්වනෙ "




මාව ඔෆිස් එක ලගින් ඩ්‍රොප් කරලා කා එකට නැගලා මං යනක්ම්ම ශනෙල් බලන් හිටියා. අන්තිම සැරේත් ශනෙල් මට විශ් කරා. මිනිහෙක් පාගගන උඩට යන්න හැමෝම ට්‍රයි කරන මේ කාලෙ ශනෙල් කොච්චර හොදද එතකොට...




" නංගි එනවා. මට යන්නෝනි ඇවිල්ලා බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා. "




අයියගෙ කෑ ගැහිල්ලට ඇහැරුනාට ඊයෙ මහන්සිය නිසා මට නම් නැගිටින්න ඕනකමක් තිබ්බෙම නෑ. නිකමට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරද්දි මාව ඉබේම නැගිට්ටුනා. වෙලාව 7.15. ශනෙල් ඊයෙ 7.30ට මීට් වෙන්නෝනි කිව්වා නේද කියලා මතක් වුනේ ත්වත් ටිකකට පස්සෙ.




වොශ් එකක් දාගෙන ඉක්මනට රෙඩි වෙලා බ්‍රෙක්ෆස්ට් ගන්න යනකොට අයියා බ්‍රෙක්ෆස්ට් එක ගන්න ගමන්ම ෆෝන් එකට ඔලුව ඔබාගෙන මොනාද වීඩියෝ එකක් බලනවා.




අයියගෙ ඇස්වල කදුලු තිබ්බා. මිහිලි අක්කගෙ මොකක් හරි සීන් එකක්ද දන්නෑනෙ කියලා මං නොදැනෙන්න ගිහින් ඔලුව දාගෙන බලන් හිටියේ මොනාද කරන්නෙ කියලා. අයියා ඒ වීඩියෝ එක ස්ටොප් කරලා ඇස්වල කදුලුත් පුවරගෙන බලන් හිටියේ අවෝඩ් එක අතේ තියාන හිටපු මං දිහා. එයා බල බල ඉදලා තියෙන්නෙ ඊයෙ වීඩියෝ එක. ඒක අපේ එෆ්බී පේජ් එකට රිලීස් කරලා.




මං අයියව බදා ගත්තෙ ඇස් අග තිබ්බෙ මගේ කදුලුත් එලියට පනිද්දි.




" සතුටුයි නංගී..... මට වෙන මොනාද "




" අනේ අයියා 🥺 අඬන්නෙපා ඉතිං "




" හා හා කෝ අයින් වෙනවා මට පරක්කු වෙලා. අද හසිරුවා එන්නැල්ලු. උගෙ පේෂන්ස්ලත් මට දාලා. කෝ අයින් වෙනවා "




මගේ අත අයින් කරලා අයියා කිචන් එකට ගියේ ෆෝන් එකත අරගෙමයි. ආඩ්ම්බර කම අරින්න බෑනෙ ඉතින් මොනා කරත්.




බීච් එකට ගිහින් ශනෙල් තාමවත් නැති නිසා මං පාර අයිස් ක්‍රීම් එකක් ගන්න කියලා ගියේ ෆෝන් එකත් ඔබ ඔබාමයි. වටපිට බලද්දි අහම්බෙන් වගේ දැක්කෙ ටිකක් එහායින් මල් පොකුරක්ද කොහෙද අතේ තියන් ඉන්න හසිරු අයියව. එයා මොකද නිවාඩුදාලා මෙතන කරන්නෙ. ඒකත් මල් පොකුරක් එක්ක 😂




මං එයා ලගට ගිහිල්ලා අයියා කියලා කතා කරාම එයා ගැස්සුනා. මං පොකුර හංගන්න වගේ පිටිපස්සට කර ගත්තෙ මං දකියි කියලා වෙන්නැති. මූ හොර වැඩක් කරන්න ගිහිල්ලා අහු වෙලා වගේනෙ. හිනත් යනවා.




" මොකද මෙතන කරන්නෙ. අද නිවාඩුත් දාලා. ඒකත් මල් පොකුරක් එක්ක "




" ආ...හ්.... අ...අසෙනි... ම්... මං මේ.... මල්.... "




" අසෙනි තමයි අනේ. මං මේ මොනාද.... මල් කාටද 😂 "




" ම්... මල් මේ.... ම්....ල්... මොකාටද ඇයි අහන්නෙ "




" කෙල්ලෙක්වත් එනවා කිව්වද "




හසිරු අයියගෙ කට කොනකට හිනාවක් ආවෙ එයා ඒක අමාරුවෙන් වගේ නවත්ත ගන්න ට්‍රයි කරද්දි. පවු කොල්ලා ලැජ්ජාවට රතු වෙලත් එක්ක.




" හා හා අම්මෙහ් ඉතින් මනමාල හිනාව... කෝ පෙන්නන්නකෝ මල් ටික "




පිටිපස්සෙ හංගං හිටපු මල් ටික එයා මට දික් කරේ දැන් ඉතින් හංගලා වැඩක් නෑනෙ වගේ සීන් එකකින්. අනේ මංදා මේ අසෙනිටනෙ මේවා හංගන්න යන්නෙ මේ අය.




ඒ මල් ටික ගන්න හදපු මගේ අතට හයියෙන් වැදුන පාරකින් මල් ටික විසික් වෙලා ගියා. ඒ ලස්සන මල් සීසීකඩ. මං බැලුවේ හසිරු අයියගේ මූන දිහා. ඒ ඇස්වල ඉස්සෙල්ලා තිබ්බ බ්‍රයිට් එක නැති වෙලා ගියේ එක තත්ත්පරේකින්. දැනුවත්ව හෝ නොදැණුවත්ව මගේ අතට ගහපු ඒ මනුස්සයා කවුරු උනත් මං ඌ දිහා බැලුවේ වැටෙන්න දෙකක් අනින්න තරම් තරහින්.




ඒත් ඒ ඇස් දැක්කම මට ගහන්න තියා කතා කරන්නත් බැරි තරමට අසරන කමක් දැනුනා. ඒ ශනෙල්. මං දිහායි හසිරු අයියා දිහායි මාරුවෙන් මාරුව ගින්දර පිටවෙන්න තරම් තරහින් බලන ඒ ඇස් තරහටම රතු වෙලා. මං හිටියෙ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව. හසිරු අයියා නම් තාමත් හිටියේ අහිංසක විදිහට ශනෙල් දිහා බලාගෙන.




" උබට මම.... "




ශනෙල් හසිරු අයියට ගහන්න අත උස්සද්දි මං තදට ඇස් දෙක පියාගෙන " ශනෙල් " කියලා කෑ ගැහුවේ මං නිසා හසිරු අයියා ගුටි කනවා බලන්නොනි නැති නිසා. ශනෙල් මේ මොකද වෙලා තියෙන්නෙ. එයාගෙ ඇස් තරටම රතු වෙලා. ශනෙල්ගෙ පෙනුම කොච්චර අහිංසක උනත් එයාට තරහ ගියාම නම් යකෙක් ම තමා.




මං කෑ ගහපු නිසාද කොහෙද උඩට උස්සපු අත පහලට දාලා මං දිහා තත්ත්පර ගානක් බලන් ඉදලා ශනෙල් ගියේ මටයි හසිරු අයියටයි දෙන්නටම රවලා.




ශනෙල්ට තරහ ගියාම කිසිම සිහියක් නෑ. හසිරු අයියා දිහා සොරි කියන්න වගේ එක පාරක් බලලා එයා කමක් නෑ කිව්වම මං ශනෙල් පස්සෙන් දුවන් ආවෙ එයා ඔය තරහෙන් ඩ්‍රයිව් කරන්න ගත්තොන් මොනා වෙලා නවතියිද දන්නෑ කියලා බයට.




" ශනෙල්.... "




" ඇයි ශනෙල් මේ "




" අනේ ශනෙල් කතා කරන්නකෝ "




මං කා එක පාර්ක් කරලා තියෙන තැනට යනකම්ම ශනෙල්ගෙ පස්සෙන් ගියා කෑ ගගහා. ඒත් ශනෙල් එක වචනයක් කතා කරේ නෑ. එයාට එච්චර තරහ ගන්න දෙයක් මං කරෙත් නෑ. දැන් නම් මටත් ඇඩෙන්න වගේ. කදුලු ඇස් අග තියෙන්නෙ පනින්න ඔන්න මෙන්න තියලා. ඇයි දෙයියනේ නපුරු කම් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා මටත්. මිනිස්සු එකා දෙන්නා හැරි හැරී බලද්දි මං මෙයා පස්සෙ පිස්සෙක් වගේ දුවනවා. ඒත් එයා කිසිම අනුකම්පාවක් නැතුව වගේ යනව. කතා කරන්නෝනි නෑ අඩුම හැරිලා බලන්නකො.




" මොකක්ද ශනෙල් මේ ? ඔයා හසිරු අයියගෙ මල් ටිකත් බිම දැම්මා. ගහන්නත් ගියා. ඔච්චර තරහ ගන්න මොකක්ද කරපු වැරැද්ද "




" වැරැද්ද ඌ උබට මල් දුන්න එකයි "




" එයා නෙවේ කවුරු උනත් මට මල් දුන්නම ඔයාට මොකද ආ.... "




එයා නැවතුනා. මාත් නැවතුනා. ඒත් බයයි ඊලගට මොනා වෙයිද කියලා. වැරදි දෙයක් කියවුනාද කියලා මං ආයෙ හිතුවෙ. හිතන්න කලින් එයා මං ඉස්සරහට ඇවිල්ලා කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුව. තාමත් ඒ ඇස් තරහින්.




" මට මොකද ? මට මොකද අහන්නෙ... මං කැමති නෑ මගේ කෙල්ලට එකේකා මල් දෙනවට "




එයා ඒක කියලා හැරිලා ගියා. මං හිටියේ එයා කිව්වෙ මොකක්ද කියලා තේරු ගන්න බැරුව. " මගේ කෙල්ල " ඒ කිව්වෙ....




මං ආපහු ශනෙල්ගෙ පස්සෙන් දිව්වා නෙවේ මට දිව වුනා. එයා ඒ කිව්වෙ මොකක්ද.... මගේ කෙල්ල කිව්වෙ මටද. මංද ? මට අහන්නෝනි.




කා එක අරින්න හදපු එයාගෙ අතින් මං අල්ලලා නැවැත්තුවා. මං අල්ලපු අත දිහා බලලා එයා මං දිහා බැලුවා.




විනාඩි දෙක තුනක්ම ඒ ඇස් මගේ ඇස් අල්ලගෙන ම හිටියා. එයා මාව අල්ලලා කා එකට තියලා තද කරා. එයා තරහින්. ගොඩක් තරහින්. ඇස් විතරක් නෙවේ එයාගෙ බැල්මෙන් පවා ඒ තරහ පෙනුනා. මට රිදුනා. ඒත් එයා තවත් රිද්දුවා. මාව අල්ලන් හිටපු එයාගෙ අත් තවත් මාව තද කරා. මගේ කදුලු එලියට පැන්නෙ ඉබේටමයි.




මං අමාරුවෙන් හරි " ශනෙල් අයින් වෙන්න " කියලා කියන්න කට අරිද්දිම එයා පාත් උනේ මගේ තොල්වලට. ඒක නුහුරුයි. ඒත් මගේ ඇස් පියවුනේ මටත් නොදැනිමයි. විනාඩි දෙක තුනක එහෙම ඉදලා එයා මගෙන් ඈත් වුනා. ඒත් මගේ කදුලු කම්මුල් දිගේ සට සට ගාලා ගැලුවා.




එයා මගේ අත අල්ලගෙන බෙන්ච් එකක් ගාවට ගියා. මාත් එයා පස්සෙන් ගියේ ඇදි ඇදී. මං හිටියා මොකක්ද උනේ කියලා හිත ගන්න බැරුව. දැන් ඒ ඇස්වල තරහ නිවිලා. මට ප්‍රශ්න ගොඩයි. මුල මොකක්ද අග මොකක්ද කියලා හොයා ගන්න බැරි තරමට ප්‍රශ්න ගොඩක්. ඒත් මාව ශොක් වෙලා වගේ.




අපි දෙන්නම බෙන්ච් එකේ ඉදගෙන මුහුද දිහා බලාගෙන හිටියේ කවුරුත් කවුරු දිහාත් නොබලා කවුරුත් කාටවත්ම කතා නොකර මුහුද දිහාම බලාගෙන.




" නංගී... "





ඒ කට හඩ අයියගේ. මට නැගිට්ටුනේ ඉබේටමයි. ශනෙලුත් නැගිට්ටා. මිහිලි අක්කත් හිටියා. මං හිටියේ කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව.




" අ...අය්...අයියා ම්...මං... මේ "




අයිය මං දිහා බැලුවේ එක පාරයි. ශනෙල් දිහා බලා අයියා හිනා වුනා. ශනෙලුත් හිනා වුනා. ඒ දෙන්නා දන්නවද. ඒත් එහෙම වෙන්න බෑනෙ.




" ඉක්මනට ගෙදර යනවා උබලා දෙන්නම කරන මගුලක් කරලා "




අයියා එහෙම කියලා හියා. මිහිලි අක්කගෙ කරට අත දාගෙන එයා ගියා. මිහිලි අක්කා ආයෙ හැරිආ මට හිනා වුන. අයියා එයාව ඇදගෙන ගියා. මට පුදුමයි. මං හිතුවෙ ගහයි නැත්තම් බනියි කියලා. එයාලා දන්නවා වගේනෙ කතා කරේ. අයියෝ මට පිස්සු වගේ.




අයියා ගියාට පස්සෙ ශනෙල් මගේ ඉස්ස්‍රහට අවිල්ලා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා. මං ගැස්සුනා. එයා ඒක දැක්කා. සොරි කියන ගමන් එයා මාව බෙන්ච් එකෙන් ඉන්දවලා මගේ අත් දෙක එයාගෙ අත්වලට මැදි කරගෙනම මගේ ඉස්සරහ බිම දන ගහ ගත්තා.




" තරහද "




" නෑ "




" ඔහොම ඉන්නෙපා 🥺 "




" මගේ කෙල්ල කිව්වෙ මොකක්ද ශනෙල් "




" මං ඔයාට ආදරෙයි අසෙනි 🥺❤️ ඒක කියන්න තමයි මං ඔයාට එන්න කිව්වෙ අද මෙතන්ට. ඒත් ඔයා අර හසිරුද මොකාද එකාගෙ මල් ගන්න යනවා දැක්කම මට තරහටත් වඩා දුකක් තිබ්බෙ. ඔයා දිගින් දිගටම කිව්වා ඒ ඔයා මැරි කරන්න ඉන්න කෙනා කියලා. ඔයා ඒක ඒ විදිහට කිව්වට ඒක මට කොච්චර රිදුනද කියලා ඔයා දන්නවද ? ඇයි මට බොරු කිව්වේ. රැවැට්ටුවත් කමක් නෑ කියමුකෝ. කොහොමද මං බලන් ඉන්නෙ.... "




දැනිලා තිබුනා. ඒ හැඟීමද එතකොට ඒ ? ඒකද ආදරේ ? ශනෙල්ට ප්‍රශ්නයක් වුන හැම වෙලේම මට රිදුනෙ... ඒ ප්‍රශ්නෙ මගේ වුනේ... ඒ ආදරේ නිසාද ?




මං හිස් හැඟීමකින් බලන් ඉද්දි ශනෙල් මට ලගින්ම එහා පැත්තෙන් ඉද ගත්තා. විනාඩි ගානක්ම අපි දෙන්නගෙන් කවුරුත් කතා කරේ නෑ.




" මොනවා හරි කියන්න අසෙනි. ඔහොම ඉන්නෙපා. මං වැරැදිකාරයෙක් වගේ දැනෙනවා එතකොට "




" මට එහෙම හැඟීමක් ඔයා ගැන නැත්තම් ? "




" බාර ගන්නම්.... තවත් හිතේ තියාගෙන විදවන්න බැරි නිසයි කිව්වෙ. මං හිතන්නෑ ඔයා ඔහෙම කියයි කියලා. එහෙම හැඟීමක් නැත්නම් රියා මාත් එක්ක ඉන්නවා දකින සැරයක් ගානෙ ඇඩුවෙ ඇයි. මාව ඔච්චර නැහීගෙන ඇයි බේර ගත්තෙ. රිමාන්ඩ් කරනොට ඇඩුවෙ ඇයි. පරදියි කියලා බය වුනේ ඇයි. ෆන්ෂන් එක වෙලාවෙ මාව ස්පෙෂලි මතක් කරේ ඇයි. මාව විශේෂ නෑ කියලද කියන්නෙ තවත්... තාමත් කියනවද හසිරු අයියව මැරි කරන්න ඉන්නෙ කියලා. ඒත් ඔයා මොනවා කිව්වත් ඒ හැඟීම ම ගාව හැමදාමත් එහෙම්මම තියෙයි. "




" අයියා 🥺 "




මං කිව්වා නෙවේ මට කියවුනා. එයා කියපු හැම දේම ඇත්ත. ඇයි ? ඒ ඇයි කියලා මං මගෙන්ම ඇහුවා. ඒ ආදරේද කියලා මං මගෙන්ම ඇහුවා ? ඒත් ඒක එහෙමයි කියලා පිලිගන්න මං බය වුනා.




ශනෙල් ඔඩෙක්කුවේ තිබ්බ මගේ අත් දෙක අයින් කරලා එයාගෙ ඔලුව මගේ ඔඩෙක්කුවෙන් තියා ගත්තෙ මගේ එක අතක් එයාගෙ ඔලුවෙනුයි අනිත් අත පපුවෙනුයි තියා ගන්න ගමන්. මට නැගිටින්නවත් එයාට නැගිටින්න කියන්නවත් මට ඕනි උන්නෑ. දැන් මං දන්නවා.... වචනයෙන් නොකිව්වට ඇත්තටම මාත් ශනෙල්ට ආදරේ කරා... ආදරේ කරනවා....




" අයියයි ඔයයි දන්නවද ? "




ඇස් පියාගෙන ඉන්න ශනෙල්ගෙන් මං ඇහුවෙ මගේ ඇගිලි එයාගෙ අකීකරු කොන්ඩෙ අස්සෙන් හිමීට යවන ගමන්.




" හ්ම්ම්ම් ඔව් ගොඩක් කල් ඉදන්... අපි හම්බෙන්නත් කලින් ඉදන්ම වගේ. ඒ උනාට ඒ ඔයාගෙ අයියා කියලා නම් දැන ගත්තෙ ඔයාව හම්බුනාට පස්සෙ. එදා ක්ලබ් එකේ සීන් එකෙන් පස්සෙ පණ්ඩිත කම් කරලා ඔයා හොස්පිට්ල් කියලා මට කිව්වෙ අයියා... කොටින්ම කිව්වොත් අයියා දන්නවා අද අපි මෙතන හම්බෙනවා කියලා. ඒකයි එයා ගියේ "




" මංද මෙතන මොකුත් නොදැන හිටියේ එතකොට "




" එහෙම තමයි 😝 "




" රිදුනද ඉස්සෙල්ලා "




" ඔව් "




" වැරදි කලාම එහෙම තමයි. ලෝයර් මිස්... "




මගේ නහයට තට්ටුවක් දාලා එයා කිව්වෙ දිවත් දික් කර කර.




ඩිම්පල් හැදෙන්නම හිනා වෙනවා. නල දතුත් තියෙනවා ඒ මදිවට. හුලගට ඒ කොන්ඩෙ තවත් ඉස්සෙනවා. සැහ්... පුදුම හැන්ඩ්සම් කමක්නෙ මේක. මගේනෙ 😌




" ඇයි ඕයි ඔහොම බලන් ඉන්නෙ "




මුකුත් නොකියම මං පාත් වෙලා එයාගෙ නළලට කිස් එකක් දුන්නෙ කවුරු හිටියත් මට මොකද කියලා හිතලා. මං ඉස්සෙන්න යද්දි එහෙම්ම ම එයත් මගෙ තොල්වලට කිස් එකක් දුන්නෙ හරිනෙ අවුස්ස ගත්තනෙ කියලා මංම හිතින් කියාගෙන.




ටිකක් වෙලා එහෙම ඉදලා අපි දෙන්නම අත් අල්ලගෙන රැල්ල පාගන්න ගියේ අයිස් ක්‍රීම් එකකුත් කටේ ගහගෙනමයි.




ඒක හරි අමුතු හැඟීමක්... ආදරේට වඩා අපි දෙන්නාට ෆේස් කරන්න තිබ්බ ප්‍රශ්න ගොඩයි. වෙන අය ආදරේ ඇතුලෙ නිදහස හොයද්දි අපේ ආදරේ ඇතුලෙ තිබ්බෙම ප්‍රශ්න. ඒත් ඒ ප්‍රශ්නම අපිව අපිටම තේරුම් කරා. දෙන්නට දෙන්නා තේරුම් ගත්තා ඒ ප්‍රශ්න නිසා.




එයා අහම්බයක්. ඒත් දැන් මගේ වෙලා. ලෝකයක් දන්න එයාව කෙල්ලො කී දෙනෙක් නම් ප්‍රාර්තනා කරන්න ඇද්ද. මාත් ඇතුලුව. එයා දැන් මගේ.




" ශනෙල්.... "




" ම්ම්ම් "




" ඊයෙ ගැන මොකද හිතන්නෙ. මං ගැන ? ආඩමබරයි නේද 😌 "




" නෑ ඕයි තරහයි. තමුසෙ ගත්තෙ මගේ තැනනෙ "




" අනේ එහෙම කියන්නෙපා. මං ඉල්ල ගත්තා නෙවේ නෙ "




" ඔයා ගත්තා කියන්නෙ මං ගත්තා වගේ තමයි මෝඩි "




මං හිනා වුනා. දන්නවා එයා ඒක විහිලුවට කිව්වෙ කියලා... ඒ නිසයි ගනන් නොගෙන හිටියෙ.




" ඔයා ඒ අවෝඩ් එක ගත්තත් නොගත්තත් මගේ ජීවිතේ හැමදාම බෙස්ට් ලෝයර් ඔයාම විතරයි අසෙනි "




ප්‍රශ්න ගොඩකට පස්සෙ අපි දෙන්නා සතුටින් නිදහසේ රැල්ල පාගනවා. ඒ ගෙවුනෙ අපේ ශීත කාලෙ. හිම කුණාටු වලින් පිරුන ඒ ශීත කාලෙ. වැස්ස සීතල දරාගෙන දැන් අපි සතුටින්... මේ අපේ වසන්ත කාලේ. හැම ශීත කාලෙකට පස්සෙ වසන්තය උදා උනා වගේ අපේ ජීවිත්වල වසන්ත කාලය හරි ලස්සනයි. ශීත කාලයට බය වෙලා පැනලා යනවට වඩා ශීත කාලයේ හිම කුනටු දරාගෙන උදා වෙන වසන්තය හරි ලස්සනයි.







➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


ඉතින්.... කොටස් 47ක් පුරාවට තිබ්බ ද බෙස්ට් ලෝයර් ඉවරයි. මේ වෙනකම් කමෙන්ට් කරපු නොකරපු හැමෝම අද දිග... කමෙන්ට් ගොඩක් දායි කියලා හිතනවා. මං බලන් ඉන්නවා. හැම එකකටම රිප්ලයි කරන්න. පසුවදනින් එන්නම් ♟️❤️👀


♾ U_H

Report Page