The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

46🌼👀




ශනෙලුත් ගොඩක් සතුටු උනා. මට ඒක දැනුනා. ලග නොහිටියට එයා කතා කරපු හැම අකුරක්ම මට විශ් කරා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඕෆ් ශෝල්ඩෙර් තිබ්බ ඒ මුලු ගවුමම ශයිනින් බ්ලූ කරල්. ඒක දනිස්සෙන් චුට්ටක් උඩට විතර වෙනකම් දිගයි. ඉන වටේ ගිය හීනි බෙල්ට් එකත් එක්ක සයිඩ් එකේ පුංචි බෝ එකක් තියෙනවා. ඒ ගවුමට බෙල්ලටම තිබ්බ රිබන් එකක් වගේ කලු පටියක් තියෙන නිල් පාට චූටි මලක් පෙන්ඩන්ට් එක විදිහට තියන මාලෙකුයි ඒකෙම නිල් පාට මලක් ඉන්න දිග ඉයරින්ග්ස් දෙකයි බේස්ලට් එකයි කලු හයි හීල්ස් දෙකයි දාගෙන ෆෝන් එක විතරක් අරන් පහලට බැස්සෙ කියාගන්න බැරි තරම් සතුටකින්.




" නංගි ගන්න මං එන්නද... "




" එපා අයියා වැඩ කරන අතරෙ එන්නෝනි නෑ ආයෙ "




" එහෙනම් පරිස්සමින් ගිහින් එනවා. "




" ඔයාට සතුටු නැද්ද 😒 "




" සතුටුයි කියල මැරෙන්නයෑ. "




" මං යනවා බායි "




අයියව හග් කරලා මං කා එකට දුවන් ආවේ අයියා " අද රෑට මං ගානේ පීසා ඈහ් " කියලා කෑ ගහද්දි.




වෙලාව හවස 4.45යි. ෆන්ෂන් එක ස්ටාට් කරන්නෙ නම් 6.30ටද කොහෙද. ඒ උනාට කලින් යන්නෝනිලු. ටයිම් තියෙන නිසා මං මගෙ ඔෆිස් එකට ගියෙ කට්ටිය තාම ඕෆ් වෙලා නැති නිසා. මොනා උනත් මේක මට විතරක් අයිති වික්ටරි එකක් කියන්න බෑනෙ. ඒ අයටත් මේක අයිතියි.




" අනේ මට ඔයාලවත් එක්ක යන්න තිබුනා නම් 🥺 "




" මැඩම් ගියා කියන්නෙ අපි ගියා වගේ තමයි මැඩම්. අපිට ගොඩක් සතුටුයි "




" මෙතනින් අයින් වෙලා තමන්ගෙම වැඩ ටිකක් පටන් ගෙන හොද ලෝයර්ස්ලා වෙලා දවසක ඔයාලත් මේ ෆන්ෂන් එකට යන්නෝනි. එතකොටයි මට සතුටු "




මට දුක හිතුනා. එයාලා ගොඩක් අවංකයි. කවදාවත් කවුරුත් මටවත් ඔෆිස් එකටවත් කිසිම විදිහකින් වැරැද්දක් කරපු අය නෙවේ. ඉතින් මං විශ් කරන්නෙ මගේ යටතේ උනත් වැඩ කරන මේ හැමෝටම දවසක ගොඩක් හොද ලෝයර් කෙනෙක් වෙලා මේ ෆන්ෂන් එකට යන්න ලැබෙන්න කියලා.




" අපි අපේම කියලා ඔෆිස් එකක් පටන් ගත්තත් කවදාවත් අපි කවුරුත් මැඩම් එක්ක නම් කේස් කතා කරන්න එන්නෑ "




මට එහා පැත්තෙ හිටපු ඔෂාන් කිව්වම හැමෝම හිනා වුනේ එකවැර.




" අයියෝ අපි යාලුවොනෙ ඔෂාන්... ඔය මොකක් හරි සිලිං බිලිං එකක් කරලා දාගමු එදා "




එහෙම කියලා ඔෂාන්ට මං මිටිගුලි කරලා අත දික් කරාම එයත් මිටිගුලි කරලා මගේ අතට ගැහුවේ හැමෝගෙම මූන හිනාවෙන් පිරිලා යද්දි. හැමෝම එක්ක කතා කර කර හිටපු මං මීටින් රූම් එකෙන් එලියට ආවේ ශනෙල්ගෙන් ආපු කෝල් එකට.




" ඒයි තමුසෙ කොහෙද ඉන්නෙ "




" ඔෆිස් එකේ "




" ඔතන ඉන්නව අහ් මං එනකම් "




මං මුකුත් කියන්න කලින් එයා ෆෝන් එකත් තිබ්බා. විනාඩි 5කින් ශනෙල් ආවා. බැස්සෙවත් නෑ ශටර් එක පාත් කරලා මට කතා කරා. මගේ කා එක ඔෆිස් එකේ පාර්ක් එකේ දාලා මං එයාගෙ කා එකේ ගියා නෙවේ මට යන්න උනා.




මගේ ඔෆිස් රූම් එකේ තිබ්බ කලු කෝට් එක අතේ අරගෙන මං ශනෙල්ගේ කා එකට නැග්ගෙ වෙලාව බලන ගමන්මයි.




" ශනෙල් ඔයාටත් ඉන්වයිටින් මැසේජ් එක ආවද "




" නැත්තම් මෙහෙම යනවැයි මෝඩියේ "




" අනේ දෙන්නකෝ... කෝ ඔයාගෙ මැසේජ් එක බලන්න දෙන්නකො අනේ "




" උබට ආපු එකම තමයි ආවෙ "




" අනේ දෙනවකෝ බලන්න 😒 "




" බෑ මං වැඩක්. ඩ්‍රයිව් කරනවා පෙන්නැද්ද "




මං ශටර් එකෙන් අනිත් පැත්ත බලාගෙන ගියේ එයාට රව රව. ටිකකින් ලොක් එක ඇරලා එයාම ෆෝන් එක දුන්නා. දුක හිතිලද කොහෙද




ඔව් ඉතින් මට වගේම එයාටත් ඒ මැසේජ් එකම ඇවිත් තිබ්බා. වෙනසකට තිබ්බෙ මට මැඩම් කිව්ව තැන එයාට සර් කියලා විතරයි 😂




" රියා තාමත් ඔයාගෙ චැට් ලිස්ට් එකේ ඉන්නවා නේද ශනෙල් "




මං ෆෝන් එක එයාට දික් කරන ගමන් ඇහුවේ... ඉන්වයිටින් මැසේජ් එක එන්නෙ අන්නෝව්න් නම්බර් එකකින්. ශනෙල්ගෙ නෝමල් චැට් ලිස්ට් එකේ අන්නෝව්න් නබර්ස් දෙකක් තිබ්බා. පලවෙනි වතාවෙ මගේ අතින් වැරදිලී ඕපන් වෙලා තියෙන්නෙ රියාගෙ චැට් එක. මං ඒක බලන්නැතුව ඒ ස්ක්‍රීන් එක බැක් කරේ ඒක මට අදාල නැති නිසා. ඒත් දැක්කත් නොදැක්කා වගේ ඉන්න මට හිත දුන්නෑ.




" ඒ චැට් එක කියෙව්වද " ශනෙල් ඇහුවෙ කිසි වෙනසක් නැතුව ඉස්සරහ බලාන ඩ්‍රයිව් කරන ගමන්මයි.




" නෑ නෑ කියෙව්වෙ නෑ. අනුන්ගේ පර්සනල් දේවල් වලට ඇගිලි ගන්නෑ මම "




" මම කියනවට ඒ චැට් එක කියවලා බලන්නකො. "




" මොකක්ද... ? ඒ මොකටද මට බෑ "




" අසෙනි.... " ශනෙල් මගේ මූන දිහා බලාන කිව්වම මං බැලුවා ඉතිම්.




චැට් කරලා තියෙන්නෙ ඊයේ. ඊට එහා හිස්ට්‍රි එකක් නෑ. ඊයේ රෑ 10ට. රියා මැරි කරන්නලු යන්නෙ. අන්තිම වතාවට ශනෙල්ට කතා කරලා ඒක කියන්න හිතුනා කියලා රියා කියලා තියෙන්නෙ. ශනෙල්ගෙ හැම ආන්ස්වර් එකක්ම හරිම ශෝට් ඒවා. රියා දිහ හෑලි වලින් ඉමෝජි දදා මැජේක් කරලා තිබ්බට ශනෙල්ගෙ උත්තර හා බෑ නෑ හොදින් ඉන්න හ්ම්... ඔය වගේ ඒවා විතරයි. මට පවු කියලත් හිතුනා.




" ඔයා තාමත් හිතනවද රියා නරක කෙල්ලෙක් කියලා "




මං ඔව් කියන්නද. බෑ මට එහෙම කියන්න බෑ. එහෙනම් නෑ කියන්නද. නෑ ඒකත් මට කියන්න බෑ. මං මොකුත්ම නොකියා එයා අතට ෆෝන් එක දුන්නා.




මං එයාගේ ෆෝන් එක බැලුවයි කියලා යනගමන්ම ශනෙල් මගේ ෆෝන් එකත් උදුරගෙන බැලුවෙ මං ඕනි එකක් කර ගත්ත දැන් කියලා බලන් ඉද්දි. මං නික්මට චුට්ටක් ඔලුව දැම්මෙ මොනාද බලන්නෙ කියලා. එයා නෝමල් මැසේජස්වල ඕපන් කරගෙන හිටියේ හසිරු අයියගේ චැට් එක 😂




හයියෙන් හිනා වෙන්න බැරිකමට මං අතින් කට වහගෙන හිනා වුනේ ශටර් එකෙන් එහා පැත්ත බලාගෙන. හොද වෙලාවට ශනෙල් බලන්නෙ නෝමල් මැසේජ්. වට්සැප් මැසේජ් වල හ්සිරු අයියගෙයි මගෙයි චැට් එක ඕපන් කරා නම් තමා මරුම. ශික් නෝමල් ඒවගෙ හසිරු අයියා මට පැටියො කියලවත් කතා කරලා නෑනෙ. අපරාදේ. ඒකෙ තියෙන්නෙ ඔය සමහර වෙලාවට එයා මාව ගන්න එනකොට අතන ඉන්න මෙතන්ට මේ වෙලාවට එන්න ගගා දාපු මැසේජ් විතරනෙ.




එයා එයාගෙ යාලුවො ඉන්න පැත්තට යද්දි මං මගේ යාලුවො හිටපු පැත්තට ගියා. යාලුවො කිව්වට් ඉතින් දන්න අදුරන අපේ ෆීල්ඩ් එකේ අපේ වයස කෙල්ලො. අපි ගොඩක් එන්ජෝයි කරා.




වෙලාව රෑ 10ට විතර ඇති. ෆන්ෂන් එකේ අන්තිම හරිය... ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටපු සර් කෙනෙක් ස්ටේජ් එකට නැගලා මයික් එකෙන් කතා කරද්දි හැමෝම ඒ පැත්තට හැරුනේ සයිලන් වෙලා.




" හෙලෝ ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මල්.... ඔයාලා හැමෝම අද මේ එකතු වෙලා ඉන්නෙ අවුරුදු 75ක් තරක් දිග ඉතිහාසයක් තියන " ද බෙස්ට් ලෝයර් " අපේ ෆන්ෂන් එකේ පහලොස්වෙනි ෆන්ෂන් එකත් එක්ක. "




හැමෝම අත්පුඩි ගැහුවේ කන්බීරි වෙන තරම් හයියෙන්. ඒ අස්සෙ ශනෙලුත් ඩ්‍රින්ක්ස් ග්ලාස් එකක් අතේ තියාන මගේ ලගට ආවෙ හිනා වෙලා. මං හිටියෙත් තනියෙන් ටේබල් එකක.




" ඉස්සෙලාම ෆන්ෂන් එක ගැන ටිකක් කියන්නම්. මොකද දැන් ඉන්න තරුණ පරපුර ගොඩක් දක්ෂයිනෙ. අලුතෙ ලෝයර්ස්ල කීපදෙනෙක්ම අපි එක්ක අද කන්ටැක් වෙලා ඉන්න නිසා. ඔයාලා දන්නවා අපි අවුරුදු 5ක් තිස්සෙ කරන අපේ සමීක්ෂන සහ පරීක්ෂන රිපෝට්ස්වලින් අපි ලෝයර්ස්ල 250කට විවිධ සුදුසුකම් මත ඉන්වයිටින් මැසේජ් එකක් යවනවා. මෙතන ඉන්න හැමෝම ගාව ඒක තියෙනවනෙ. සෝ.... දැට්ස් යුවර් පාස් ටු පාටිසිපේට් ඉන් දිස් ෆන්ෂන්...




එතනින් පස්සෙ අපි මේ සිලෙක්ට් කරගෙන ඉන්න 250 අතරෙනුත් කවුද බෙස්ට් ලෝයර් ? ඒ අවෝඩ් එක දක්ෂයටම විතරයි. ඉටතින් ඒ අවෝඩ් එක ගන්න ඒ ටැලන්ටට් ලෝයර් අවුරුදු 5ක් හැමෝම ද බෙස්ට් ලෝයර් කියලා වැලඳ ගන්නවා. විතරක් නෙවේ ටොප් 10 අතරට එන හැමෝටම අපි ගිෆ්ට්ස් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.




අද මෙතන ඉන්න මේ 250ම දක්ෂ ටැලන්ටට් ලෝයර්ස්ලා. ඒකේ සැකයක් කාටවත් තියෙන්න බෑ. මොකද මෙතන්ට එන්න ලේසි නෑ. හැමෝම මේ ෆීල්ඩ් එකේ බ්‍රයිට් ස්ටාස්ලා "




ආයෙත් ක්ලැප් සවුන්ඩ් එක.




" ස්පෙෂලි මතක් කරන්නෝනි ලෝයර්ස්ලා කීපදෙනෙක් ඉන්නවා. අපේ ෆන්ෂන් එකේ පිට පිට අවුරුදු 3ක්ම අවෝඩ් එක හිමිකර ගත්ත එකම එක ලෝයර් සර් කෙනෙක් විතරයි... අපි අතරෙ ඉන්නෙ. ගායිස්.... ඩූ යූ නෝ හූ හී ඊස් ? "




තත්ත්පරයක්වත් ගෙවුනේ නෑ. " ශනෙ...ල් " හැමෝගෙම කන්බීරි කරන කටහඩ්වල් අතරින් මාත් කෑ ගැහුවා. ටේබල් එක උඩ තිබ්බ මගේ අත ශනෙල්ගෙ අත් වලට මැදි කරගෙන ශනෙල් මං දිහා බලන් හිටියෙ හරි අමුතු විදිහට. මං හිනා වුනා.




" ඕකේ ඕකේ. නෙක්ස්ට්.... මතක් කරන්න ඕනි අලුතින් පලවෙනි වතාවට ෆන්ෂන් එකට ප්‍රසන්ට් කරපු අපේ තරුණ පරපුරේ ලෝයර්ස්ලා ටික. මිස්ට ගිහාන් සදෙව්න, මිසිස් අසෙනි එනාරා, මිස්ට තිසුන් විහංස, මිසිස් මයුමි නෙතුල්‍යා... "




ආපහු බට කැලේට ගිනි ගත්තා වගේ අත්පුඩි... ඒ ක්ලැප්ස් මගෙ කන් වලට නම් මී පැණි වත් කරනවා වගේ. මව නිකම් හීන ලෝකෙක පාවෙනවා පාවෙනවා වගේ ෆීලින් එකක් මට නම් තියෙන්නෙ. මයුමියි තිසුනුයි දෙන්නම මගේ යාලුවො. අපි ටික තමයි මෙච්ච වෙලා කයිය ගගහා හිටියේ... ගිහාන් අපිට සෙට් වුනේ දැණ් චුට්ටකට ඉස්සෙලා.




" ඊට පස්සෙ කතා කරන්න තියෙන නේම්ස් නම් අපි හැමෝටම අලුත් ඒවා නෙවේ. මිස්ට සේරසිංහ, මිස්ට වර්ණකුලසූරිය, මිසිස් අමායා, මිස්ට දේශප්‍රිය. මිස්ටරැන්ඩ් මිසිස් ෆනෑන්ඩෝ.... කියන්න ගියොත් අද දවසත් මදි වෙයි....




සෝ ගායිස්.... ද මූමන්ට් යු ඕල් හෑව් බීන් වෙයිටින් ෆොර් ඊස් නව් කමින්.... "




මං ශනෙල්ගෙ අත තද කරා. අවුරුදු තුනක් උනත් මොකද. එයා තමයි මේ අවෝඩ් එකෙත් අයිතිකාරයා මං දන්නවා.




" මොකද ලෝයර් මිස් බයද "




" නෑ සතුටුයි. ඒක ඔයාගෙ "




" නෑ ඒක එහෙම වෙන්න බෑ. මං අවුරුද්දෙ අන්තිම හරියෙ වැඩ කරේ නෑ. අනික.... මට ඉන්වයිටින් මැසේජ් එක ආව අසෙනි හැමදේම නැති වෙලා ඉවරයි "




" ශනෙල්... ඒවා අමතක කරන්න ළමයෝ. ඒක ඉවර නෑ. තාමත් මේ 250ම එක විදිහට ඔයාට රෙස්පෙක්ට් කරනවා. මාත්... 🥺 "




" ඔයා එදා මට අයියා කිව්වා "




මං පුදුම උනා. එක පාට්ට එයා අහපු එකට. මං එහෙම කිව්වද. නෑ මං අයියා කියලා කතා කරලා නෑ නෙ.




" මං ? නෑ ? ඒ කවද්ද "




" එදා කේස් එක කතා කරන්න කලින් දවසෙ හවස මාව බලන්න ආපු වෙලාවෙ "




එතකොටයි මට මතක් උනේ. අයියෝ මංදා ඒ වෙලාවෙ කියවෙන්නැති ඉතින්. මාර මෙමරි එකක්නෙ මෙයාට තියෙන්නෙ. ඔව් ඉතින් ලෝයර්නෙ. පුදුමෙකුත් නෑ.




" අහ් ඒකද.... ඒක ඔය නිකම් කියවෙන්නැති ඉතින්. සොරි හොදේ "




" වැරදිලා ? සොරි ? ඇයි සොරි කියන්නෙ "




" ඔයා ඒකට කැමතිද 🙄 "




" චුට්ටක් විතර "




ඩිම්පල් හැදෙන්නම එයා හිනා උනේ ඇස් හීනි කරලා. අනේ මංදා මෙයත් පුදුම ආසාවල් තමයි. අපි දෙන්නා කතා කරන අතරෙ මොනාදෝ මොනාදෝ එනවුස් කරා. දෙන්නම මූනට මූන බලාන හිනා වෙලා ස්ටේජ් එක දිහා බැලුවෙ ඒ ලෝයර් කවුද කියලා දැන ගන්න.




" ගා....යිස් ආ යූ රෙඩී ! හූ ඊස් " ද බෙස්ට් ලෝයර් " ඉන් දීස් 5 ඉයර්ස්... ? "




හැමෝම එකේක නම් කියක කිය කෑ ගැහුවා. නමක් කියලා කෑ ගහනව වෙනුවට මං ශනෙල් දිහාත් ශනෙල් මං දිහාත් බැලුවා විතරයි.




" ද බෙස්ට් ලෝයර් ඊ...ස් "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හෙට අවසාන කොටස වෙයි ගොඩක් දිග උනොත් විතරක් කොටස් දෙකකට යයි. නැත්ත හෙට අවසානය බලාපොරොත්තු වන්න ! 😌 හැම ලස්සන කමෙන්ට් එකකට තෑන්ක්ස් හලොලා ♟️❤️👀




♾ U_H

Report Page