The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

45🌼👀




අශේන්ගේ කා එක පිටිපස්සෙන් හොස්පිට්ල් එකට එන ඒ ටිකේ තත්ත්පරයක් ගානෙ මං ප්‍රර්තනා කරේ අනේ ශනෙල්ට මුකුත් නම් වෙන්නෙපා දෙයියනේ කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" එක්ස්කියුස් මී.... මේ දැන් පේෂන් කෙනෙක්.... "




" රූම් නම්බර් 30 කෙලින්ම ගිහින් දකුණට හැරෙන්න මිස් "




තැන්ක්ස් කරන්නෙවත් නැතුව මං කොරිඩෝ එක දිගේ දුවන් ආවා. ඇතුලට යන්න කලින් මං දොරේ තිබ්බ චූටි රවුමෙන් ඇතුලට බැලුවෙ ශනෙල් ඉන්නවද කියලා.




එයා ඇඳක. කැනියුලා එකක් ගහලා. ඩොක්ටර් කෙනෙක් හිටියා. රිපෝට්ස්ද කොහෙද සයින් කරනවා. නර්ස් කෙනෙකුත් හිටියා. ඇතුලට යන්න බැරි උනත් මං ලොකු හුස්මක් අරන් පහලට දැම්මෙ ශනෙල් හොදින් කියලා මං දැක්ක නිසා. ඒත් එයා ඇස් අරින කම් මගේ හිතට මොකක්ද වගේ.




ඇතුලට යන්න බැරි නිසා වටපිට බලද්දියි දැක්කෙ මං පැත්තකට වෙලා ඉදගෙන නලලෙ අත්දෙක ගහගෙන ඉන්න අශේන්ව.




" අශේන්.... "




" අසෙනි ? උ.... උබ මේ.... කොයි වෙලාවෙද "




" එයාට මොකද උනේ අශේන් "




" දන්නෑ බන් අම්මයි නංගියි ඇවිල්ලා හිනා වෙවී කතා කර කර හිටියා. එයාල එක්ක මූත් හොදට හිනා වෙවී කතා කරා. පස්සෙ අම්මා මූව බදා ගත්තා. ආපහු මූ නැගිට්ටෙ නෑ. එහෙම්මම හිටියා. අපි හිතුවෙ සතුටට කියලා. බලනකොට මූගෙ ඇසුත් පියවෙලා. අල්ල ගත්තෙ නැත්තම් තව පොඩ්ඩෙන් වැටෙනවා. මොනා උනාද දන්නෑ. එහෙම්මම කා එකේ දාගෙන ආවෙ අම්මවයි නංගිවයි පස්සෙ එක්කන් එන්නම් කියලා අමාරුවෙන් ගෙදර යවලා. කියන්න බෑ දැනටමත් එනවද දන්නෙත් නෑ. "




" එයා හිනා උනාට හිටියෙ හොදින් නෙවේ අශේන් "




අශේන් මොනාදෝ කියන්න යද්දිම ඇතුලෙ හිටපු නර්ස් එලියට ආවා. මට ඉන්න කියලා අශේන් ගියේ ඩොක්ටර්ට කතා කරන්න. සිහිය ආවට පස්සෙ ආපහු ඩොක්ටර්ට කියන්න කිව්වලු. අශේන්ට වැඩ වගයක් කියලා එයා ගියා. මට යන්න හිත දුන්නෑ.




හසිරු අයියගෙ හොසපිට්ල් එකේ ඉන්නෙ හසිරු අයියත් කතා කරන්න ආවා කියලා අයියට කෝල් එකක් දාලා කියලා මං ශනෙල් ගාවම හිටියා සිහිය එනකම්.




ලං වෙන්න ඔන්න මෙන්න තියෙන අයිබ්‍රෝස්... දිගට පියවිලා තියෙන ඇහි පිහාටු.... තාමත් උඩට ඉස්සිලා තියන ඒ අකීකරු කොන්ඩෙ... කෑවත් බිව්වත් හිනා උනත් හැම වෙලාවකම මොනා කරත් ශනෙල්ට තිබ්බෙ දඟකාර ඩීසන් ලුක් එකක්. ඒත් දැන් ඒ රූපෙම තැම්පත්.




එයා දිහා බලන් හිටපු මට කට කොනකින් හිනාවක් ගියේ මටත් නොදැනිමයි. ඕනම කෙනෙක් දෙපාර්ක් හැරිලා බලන තරම් ශනෙල්ට තිබ්බෙ මාර ලුක් එකක් 😝 මගේ උනා නම්....




පැය එකහමාරක් විතරම මං එතන හිටියා. කම්මැලි නිසා ෆෝන් එක ඔබ ඔබ හිටියෙ එයා ඇස් අරිනකම්. ෆෝන් එක ඔබ ඔබ ඉදලා මං නිකමට වගේ බලුවෙ එයා දිහා. එයා ඇස් ඇරලා.... මං දිහා බලාගෙන ඉන්නෙ කවදාවත් දැකලා නෑ වගේ. වෙනදට ඒ දිලිසෙන ඇස් දෙක මැලවිලා ගිහින්.




" ඔ.... ඔයා.... ඉන්න මං ඩොක්ටර්ට කතා කරන්නම් "




ශනෙල් මුකුත් කියන්න කලින්ම මං දුවන් ගියේ රූම් එකෙන් එලියට. කොරිඩෝ එකේ ගියපු නර්ස් කෙන්ක්ට කිව්වට පස්සෙ විනාඩි 5කින් 6කින් විතර ඩොක්ටර් කෙනෙක් ආවෙ මං ඇතුලෙ ඉද්දිමයි.




පුදුමෙ කියන්නෙ ශනෙල්ව ඒ වෙලාවෙ චෙක් කරන්න ආවෙ හසිරු අයියා. මං පුදුම උනා. කටත් ඇරන් එයා දිහා බලන් ඉද්දි මට එලියෙන් ඉන්න කිව්වා. ශනෙල් දිහා එක පාරක් බලලා මං එලියට ආවෙ හසිරු අයියට මූන පුරෝලා හිනා වෙලා.




දොරේ විනිවිද පේන රවුමෙන් මං ඇතුල බලාන හිටියේ. ඒ දෙන්නා මොන මොනාදෝ කතා කරා. එක වෙලාවක හසිරු අයියා හිනා උනා. තව වෙලාවක ශනෙල් ඔලුව වැනුවා. තවත් වෙලාවක හසිරු අයිය මූන ෆයිල්ස් වලට ඔබා ගත්තා.




" ඔයාගෙ යාලුවට හොදට කන්න කියන්න. පලතුරු දෙන්න. දවස් ගානකින් හරියකට කාලා බීලා නෑ. මොනා ගැනවත් ස්ට්‍රෙස් එකක් නැතුව ෆ්‍රී එකේ ඉන්න කියන්න. ලොකු අමාරුවක් නෑ ඒ ටික විතරයි. හෙට විතර ඩිස්ජාජ් කරන්න පුලුවන් බය වෙන්න දෙයක් නෑ. කාව හරි එවන්නම් හවසට චෙක් කරන්න මං අද ඩියුටි ඉවරයි තව ටිකකින් "




හසිරු අයියා එලියට ආපු ගමන් කියාගෙන කියාගෙන ගියේ මගේ මූනවත් බලන්නැතුව. එයාට එහා පැත්තෙ නර්ස් කෙනෙක් හිටියා. සයින් කරලා ෆයිල් එකක් ඒ නර්ස් අතට දුන්නම ඒවත් අරන් ඒ නර්ස් ගියා. ඊට පස්සෙයි එයා මං දිහා බැලුවේ.




ස්ටෙතස්කෝප් එකත් බෙල්ල වටේ දාගෙන දාගෙන හිටපු සුදු දිහ කෝට් එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන හුස්මක් අරන් පිට කරලා අයියා ඇහි බැමි උස්සලා මං දිහා බැලුවෙ ප්‍රශ්නාර්ත බැල්මකින්.




" ඉස්සෙල්ලා චෙක් කරන්න ආවෙත් ඔයාද "




" ඔව් "




" හ්ම්ම්ම් "




" මගේ ඩියුටි ඉවරයි. ඊයෙ නයිට් කරා. ඒ නිසා.... අයියට බොරු කියන්න ඇත්තෙ මාව පාවලා දීලනෙ. ඌ දන්නව ටිකකින් මං ඕෆ් වෙනවා කියලා. ඒ නිසා වැඩි වෙලා ඉන්නැතුව ගෙදර යනවා "




එහෙම කියලා එයා යන්න හැරුනෙ සාක්කුවට අත් දෙක දාගෙනමයි. පුදුම ආඩම්බර කමක්නෙ මේක. හොස්පිට්ල් එකේ තවත් වැඩියි. ඔව් හැබැයි වෙන්නෙපෑ. මේක එයාගෙනෙ.




" මෙහෙම ගියොත් ඌ මාව මරනවා. දැන්වත් මාව බඳින්න තියෙන අදහස අතෑරගන්නවා. ඒ ළමයා පවු. "



ඉස්සරහට අඩි දෙක තුනක් ගිහිල්ලා ආපහු පිටිපස්සට ඇවිල්ලා අයියා හින්ට් එකක් ගහන්න වගේ එහෙම කිව්වම මං රතු වෙන්නැති. අයියෝ මේ ශනෙල් නම් අනේ මංදා. ඒ ජෝක් එක එච්චර සීරිසස්ද අයියෝ. ලැජ්ජාවෙ බෑ.




" ඔයා එයාට ඇත්ත කිව්වද ? "




කොරිඩෝ එක දිගේ සාක්කුවට අත් දෙක දාගෙන යන් හසිරු අයියගෙන් මං ඇහුවම එයා " නෑ " කියාගෙන ගියේ පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතුව.




මං ඇතුලට ගියේ ඊට විනාඩි තුනට විතර පස්සෙ. මූඩ් එක හදාගෙන යන්නෙපැයි බනින්න උනත්.




" ඇයි ඔයාට කන්න බැරිද ශනෙල් අහ්... පොඩි බබෙක් නෙවේනේ අතින් අල්ලලා කවන්න පොවන්න. මොන දේ කරන්නත් ඔයා හොදින් ඉන්නෝනි. දන්න තේරෙන මනුස්සයෙක් නේද අතදරුවෙන් වගේ හැසිරෙන්නෙ ? "




අත් දෙකත් බැදගෙන කියාගෙන කියාගෙන ගිහින් මං රැව්වා 😌 ඉතින් මං කිව්වෙ ඇත්තනේ. එයා තොටිල්ලෙ දාලා නලවන වයසෙ ඉන්න එකෙක් ඇයි.




" ලෙඩෙක් බලන්න එනකොට කන්න මොනා හරි ගේන්නෝනි. පොඩි එකෙක් නෙවේ නේද අහ්.... ඒක්වත් දන්නැද්ද ඔයා ? දන්න තේරෙන මනුස්සයෙක් නේද අතදරුවෙක් වගේ හැරිරෙන්නෙ "




" දැන් මෙතන ප්‍රශ්නෙ ඔයාට කන්න ගෙනාවෙ නැති එකද 😒 "




" ඇත්තවශයෙන්ම කිව්වොත් ඔව් "




" ඔයාට නම් පිස්සු අප්පහ්. මං ඇහුවා... කී සැරයක් ඇහුවද අසනීපෙන්ද අසනීපෙන්ද අසනීපෙන්ද කියලා. කෝ කොහෙද පණ්ඩිතකමනෙ ඉතිම්. හොද වැඩේ "




" ඒක ඔයා ඒ වෙලාවෙ දැන් ගත්තා නම් අද මේක මෙහෙම වෙන්නෙ නෑනෙ. මේ සතුට අපිට ඇත්තෙත් නෑ "




" ඒ උනාට ශනෙල් ඒ වගේද ඔයාට මොන්..... "




" උබට පිස්සු මං හොදින් ඕයි. තැන්ක් යූ අසෙනි 🥺 "




" ඒ මොකටද "




" මං වෙනුවෙන් කරපු හැමදේටම "




" අහ්... ඒක මේ නිකම්ම කේස් එකක්නෙ "




නෑ ඒක එහෙම නෑ. ඒක තමයි මං මෙච්චර කාලෙකට හැන්ඩ්ල් කරපු කේසස්වලින් මට ස්පෙෂල්ම කේස් එක. ඒ වෙනස මට හුගක් දැනුනා. තදින්ම....




" ඒක ඇත්තටම ඔයාට එහෙම නම් මටත් ගොඩක් හැපී "




හසිරු අයියා කිව්වා වගේම පහුවදා උදේ ශනෙල්ව ඩිස්ජාජ් කරා. එයා එයාගෙ වැඩ ටික කාලෙකට නවත්තලා. ඔෆිස් වල වැඩ.... ඒත් එයා නැතුව. ඒත් මට වැඩනෙ. වැඩ උනත් ඒ හැමදේම දැන් මං කරන්නෙ මාර ෆ්‍රී එකේ. ශනෙල්ගේ කේස් එක හැන්ඩ්ල් කරපු කාලෙයි දැනුයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා කියලා මට දැන් දැනෙනවා.




ඒ ගෙවපු හැම තත්ත්පරයක්ම මං ගෙව්වේ බයෙන්. මට මේක කරගන්න පුලුවන් වෙයිද මං නිසා ශනෙල්ට මොනා වෙයිද කියලා කුතුහලයෙන්. ඉස්සර ශනෙල්ගෙ කාලගුනේ වගේ වුන වෙනස් වීම් එකක් පාසා මගේ ඔලුවෙ ගොඩ ගැහුන ප්‍රශ්න ගොඩයි. එයාව මට හම්බනොවුනා නම් කියලා හිතුන වාර අනන්තයි. ඒත් ඒ හැම මොහොතකම අපි දෙන්නට දෙන්නා අඳුර ගත්තා. අපි දෙන්නා අතරෙ බැඳීමක් තිබ්බා නම් ඒ හැම මොහතක්ම ඒ බැඳීමේ ශක්තිය උනා.




ඒ උනාට ඉතින් ශනෙල්ගෙ සමහර එකේක දේවක්... එකේක හැසිරීම්... විකාර කතා... විකාර වැඩ... ඒවා මාව අසරණ කරා... මං යන්නෝනි මොන පාරෙද කියලවත් හොයා ගන්න බැරි විදිහට මාව අතරමං කරා. ඒක එයාගෙ වැරැද්දක් නෙවේ එයාගෙ වැඩවලයි ලුක් එකෙයි වැරැද්දක් 😛 ඒක ඉතිං වෙනම කතාවක්.




කොහොම උනත් දැන් ඊට ගොඩක් වෙනස් අපි දෙන්නගෙම ජීවිත. හුලගෙ පාවෙන පුලුං රොදක් වගේ ඒ තරමට හිත මනස නිදහස්....




කේස් එකෙන් පස්සෙ තවත් සති 3ක් ගෙවුනා. එදා ශනෙල්ව ඩිස්ජාජ් කරාට පස්සෙ දවසෙ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ මං නොහිතපු විදිහට.




අවුරුදු 5කට සැරයක් තියෙනවා ලෝයර්ස්ලා විතරක් පාටිසිපේට් කරන ෆන්ෂන් එකක්. ඒකට යන්නෙත් ඔය සොසයිටි එකේ හොදම ලෝයර්ස්ලා කියලා පිලිගැනීමක් තියෙන අය විතරයි. ඒ ෆන්ෂන් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ඒ ෆන්ෂන් එකට ලෝයර්ස්ලා 250කට ඉන්වයිට් කරලා මැසේජස් යවනවා. ඒ එයාලා අවුරුදු 5ක් තිස්සෙ කරන රිසර්ච් වල රිපෝට් වලින් එහෙම සෙලෙක්ට් කරන ලෝයර්ස්ලා 250ක්.




මං දන්න තරමින්.... බ්‍රාන්චස් තියෙන්නෝනි, කේසස් කීයකටදෝ වැඩිය හැන්ඩ්ල් කරලා තියෙන්නෝනි ඔව වගේ ඒව ටිකක් තමයි එයාලා බලන්නෙ. එතනදිත් එයාලා හොදම ලෝයර්ව තෝරනවා ඒ 250 අතරෙනුත්. අවෝඩ් එකකුත් දෙනවද කොහෙද.




ශනෙල් නම් අවුරුදු ගානක ඉදන් ඒකට යන්නෙ. ඒ නිසා එයාට ඒක මල ලොකු දෙයක් නෙවේ. පිට පිට අවුරුදු 2ක්ම ද කොහෙද ශනෙල් තමයි අවෝඩ් එක ගත්තේ. ඒකනෙ මං එයාට එච්චර රෙස්පෙක්ට් කරන්නෙ. ඇත්තටම ශනෙල් කියන්නෙ මාර ටැලන්ටඩ් දක්ෂ ලෝයර් කෙනෙක්.




ඒ ෆන්ෂන් එක මං දැගෙන ගොඩක් කල්. ඒ නිසාම තමයි මං ශනෙල්වත් දැන ගත්තෙ. දැන් ගත්තා කිව්වට ඉතින් ශනෙල් නිමේෂ් කියලා කෙනෙක් අවුරුදු දෙකක් අවෝඩ් එක ගත්තා කියලා විතරයි හැබැයි. පස්සෙ පස්සෙ හැමෝම කිව්වා එයා දක්ෂයි හරි හොදයි ලස්සනයි අරකයි මේකයි ඔය වගේ කතා. ඒ නිසා මාර ආසාවෙන් හිටියෙ අනේ එයා හම්බුනා නම් කියලා. ඉතින් එහෙම තියෙද්දි අපි දෙන්නගෙ මීටින් එක... එයා වෙනුවෙන් මං කේස් එකක් හැන්ඩ්ල් කරා.... ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක.... අම්මෝ මට හීනයක් වගේ.




යන්න ආස උනාට මට ඉන්වයිටින් මැසේජ් එක ආපු පළවෙනි වතාව ඒක. මට කෑ ගැහුනා. උඩ පැනුනා. ඔෆිස් එකේදි මැසේජ් එක ආපු නිසා හැමෝටම කෑ ගහලා කිව්වා ලමයි අපි දින්නා කියලා. ඒ ෆීලින් එකහ් 😍 පලවෙනි කෝල් එක අයියට. දෙක ශනෙල්ට... තුන මිහිලි අක්කට....




ශනෙලුත් ගොඩක් සතුටු උනා. මට ඒක දැනුනා. ලග නොහිටියට එයා කතා කරපු හැම අකුරක්ම මට විශ් කරා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඉවර වෙන්නයි යන්නෙ ළමායි 😍😌




♾ U_H


Report Page