The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

44🌼👀




එයා ටික වෙලාවක් මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල බලාපොරොත්තුවක් මට පෙනුනා. වෙනදා මාව සරන කරපු ඒ අහිංසක දගකාර හිනාව අද මාව තවත් ශක්තිමත් කරා වගේ දැණුන. ශනෙල් බලන් හිටපු විදිහට මොකක් හරි වැරදි දෙයක් කියවුනාද කියලත් හිතුනා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




එයාගෙ මූන මැලවිලා. ඇදිලා ගිහින් වගේ. මගෙන් හැමදාම කෑවති බිව්වද ඇහුවට එයා හරියටක කාලා බීලත් නැද්ද කොහෙද. එයා පවු.



" මේක අන්තිම දවස වෙයි 🥺 මං දන්නෑ මං නිසා.... "




" ඔයා නිසා මට මුකුත් වෙන්නෑ බං. මං ඕනිම දේකට ලෑස්තියි "




" ඒත් මට බයයි "




" වෙන කේසස්වලදිත් ඔයා ඔහොමද 😂 "




" මං මෙච්චර සීරියස්.... ඔයාට හිනා 😒 "




" ඉතින් මාත් සීරියස් තමයි හලෝ.... සාමාන්‍යයෙන් ඔහොම බය හිතෙන්නෙ තමන්ගෙම අය වෙනුවෙන් විතරලුනෙ "




" ඒ කිව්වෙ "




" ඒ කිව්වෙ හැන්ඩ්ල් කරපු හැම කේස් එකක්ම ඔයා දන්න අඳුරන අය ගැනද ? නෑනෙ. ඒ නිසා තමයි මං නිසා මෙයට මොනවා හරි උනොත්... අනේ මේක පැරදෙයිද.... දිනුවෙ නැති උනොත් මොනා වෙයිද... වගේ ප්‍රශ්න නැත්තෙ. ඒ නිසාම තමයි ඒවා ලේසියෙන් වින් කරන්නෙත්. ඒත් තමන්ගෙ කියලා හිතෙන අය නැත්තම් ඔය මොකක් හරි ඇටෑච්මන් එකක් තියෙන අයගෙ කේසස් හැන්ඩ්ල් කරන්න අමාරුයිලුනෙ. එහෙම බැලුවොත්...... "




අමුතු හිනාවක් දාලා 'බැලුවොත්' කියලා ශනෙල් ඒක ඇද්ද විදිහ නම් මට එච්චර ඇල්ලුවේ නෑ. එයා මොනා හරි කියන්න කලින් මංම කතා කරේ මොන කට කැඩිච්ච කතාවක් කියයිද දන්නෑනෙ කියලා හිතලා.




" අමාරුයි තමයි. ඔයත් මගෙ හොදම යාලුවෙක්නෙ ඉතින්. අනික ලෝයර් කෙනෙක්. "




" ඒ ටික විතරමද "




" ඔව් ඉතිම්.... "




" ම්ම්ම් හරි හරි ඕල්ද බෙස්ට් වැඩිය හිතන්නැතුව කරන්න. මං ඔයාගෙ තවත් එක ක්ලය්න් කෙනෙක් විතරයි කියලා හිතාන කරන්න. ඔයාට පුලුවන් "




" ඔයාට මහන්සි පාටයි ශනෙල්.... අසනීපෙන්ද "




මං නළලට අත තියලා උණද බලන්න ගියාම එයා අඩියක් දෙකක් පිටිපස්සනට උනා. මට ලැජ්ජත් හිතුනා. එයා අමාරුවෙන් වගේ හිටපු නිසයි මං චුට්ටක් බලන්න ගියේ වෙනදා වගේ නෙවේ හිනා උනාට එයාගෙ ඇස්වල අමාරුවක් තියෙනවා. මොනා උනත් එයා හරි මෙතන උණ බලන්න උනත් හරිම තැනක් නෙවේනෙ. අනේ මංදා මමත්.




" නෑ නෑ මං හොදින්. "




" බොරු නෙවේ නේද. ශුවර්ද "




" ඔව් ඔව් "




එයාව ඇතුලට එක්කන් ගියේ හැන්ඩ්කෆ්ස් දාලමයි. ටික දුරක් ගිහින් හැරිලා ආහපු මං දිහා බලලා හිනා උනේ අහිසක විදිහට.




ශනෙල්ගෙ හිතේ බයක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ වගේ. වෙන අය නම් කදුලු පෙරාන අනේ මිස් කොහොම හරි කරලා දෙන්න ගගා නහයෙන් අඩනවා අහන් ඉන්නත් බැරි තරමට. ශනෙල්ගෙ එහෙම දෙයක් නම් මං බලාපොරොත්තු වෙන්නෙ ම නෑ. එයා එහෙම කරොත් මං මේක කරන්නෙත් නෑ. එයාගෙ ආත්මවිශ්වාසය ඒ අවංක හිනාව.... එයා ස්ට්‍රෝංව ඉන්න නිසාමයි මං මේක කරන්නෙ.




ඒත් ශනෙල් එක පාරක්වත්... එකම එක පාරක්වත් මගෙන් " අසෙනි මේක කොහොම හරි කරන්න " කියලවත් අඩුම තරමෙ කියලා නෑ. එක අතකට ඒකේ පුදුමෙකුත් නෑ. එයා වැරැද්දක් කරේ නෑ කියලා එයා දන්නවනෙ. අනික එයා ලෝයර් කෙනෙක්. 😌




වෙන කේස් වලදි නම් නඩුව කතා කරන්න කලින් මං මගේ ක්ලයන්ට ගොඩක් දේවල් කියනවා. අහන ප්‍රශ්නවලට බය වෙන්නෙපා... ඇත්තම කියන්න.... ඔය වගේ දේවල්. ඒත් ශනෙල්ට ඒව ගැන එක වචනයක්වත් මං කිව්වෙ නෑ. එයාට ඒවා අමුතු දේවලුත් නෙවේනෙ.




අතේ තිබ්බ කලු දිග කෝට් එක දාගෙන ෆයිල්ස් ටිකත් අරගෙන මං ඇතුලට ගියේ ලොකු හුස්මක් අරන් පිට කරන ගමන්.




ඉස්සෙල්ලාම චාන්ස් එක හම්බුනේ වර්නකුලසූරියට. එයාගෙ සාක්ෂිත් වැඩකට නැති ඒවම කියන්න බෑ. ඔනා උනත් අනිත් කේස්වලට වඩා මිනිහා මේ කේස් එකේදි නම් ගොඩක් මහන්සි වෙලා වගේ. මුලු මූනෙම තිබ්බෙ අද මං තමයි විනර් වගේ වීන් එකක්. එහෙම තමයි ඉන්නෝනි.




රෙකෝඩ් වුන කෝල් එක මං ජජ් ඉස්ස්‍රහා ප්‍රසන්ට් කරන්න පටන් ගද්දි තමයි එයාගෙ ඇස් උඩ ගියේ. පවු කියලත් හිතුනා.




කොහොම උනත් වර්නකුලසූරියව අවතක්සේරු කරන්න බෑ. එයා ශනෙල්ගෙනුත් ප්‍රශ්න ඇහුවා අන්දුන් කුන්දුන් වෙන්න. ඒ උනාට ශනෙල් නම් කිසිගානක් නැතුව උත්තර දුන්නා.




මාත් යශාන්ගෙ ප්‍රශ්න කරේ වර්නකුලසූරිය තවත් සාක්ෂි දෙකක් ප්‍රසන්ට් කරාට පස්සෙ.




" යශාන් දේශප්‍රිය.... ඔබ මෙම සිද්දිය වුන දවසෙ උදේ ටිෂානි ආදිත්‍යා කියන මේ තරුණියගෙ ගෙදරට ගියා ? "




" ඔව් ශනෙල් එතනට යන්න කලින් මං ගියේ "




" ආදිත්‍යා ඔබට දොර ඇරියෙ කැමැත්තෙන්මයි. "




" ඔව් "




වර්නකුලසූරිය මොන මොනාද යශාන්ට කුටු කුටු ගානවා. යශාන් ඒවා ඇහුන්නෑ වගේ ඉන්නවා. බැරිම තැනද කොහෙද වර්නකුලසූරිය කතා කරේ. මං එයාගෙ සේවාදායකයා අපහසුතාවයට ලක් කරනවලු 😂 මං ජජ්ගෙන් අවසර ඉල්ලුවෙ ප්‍රශ්න කිරීම තවදුරටත් කරගෙන යන්න....




" එතන ඉදන් උන සිදුවීම ඔබම ගරු උසාවියට ඉදිරිපත් කරන්න "




යශාන් කියපු විදිහට මට කිව්ව හැමදේම කෙටියෙන් ක්ලියර් විදිහට කිව්වා. මට දැනුන සතුට කියා ගන්න බැරි තරම්. දිනුම් කරුව පේනවා පේනවා වගේ නිකම්. ඊටපස්සෙ ස්ටෙෆ්ලාත් ඇවිත් ඒ විදිහටම සාක්ෂි දුන්නා. ශනෙල්ගෙ ලක් එක තමයි.




ඒ තමයි මං බය උන විනාඩි කිහිපය. හාට් එකේ බීට් එක එකසිය ගානට ගැහෙනවා මගේ නම්. ලබ් ඩබ් සද්දෙ අහල පහල අයටත් ඇහෙන තරම්. මං දන්නෑ ජජ් මොනා කියයිද කියලා. කොච්චර සාක්ෂි මොන විදිහට මං ප්‍රසන්ට් කරත් ජජ්ගෙ උත්තරේ දෙනකම් මට මාවම විශ්වාස නැති තරම්.




" දෙපාර්ශවයේම සාක්ෂි සලකා බැලූ ගරු උසාවිය නොදැනුවත්ව සිදු වූ පිහිඇනුමක් නිසාත්, සිදු වූ සියල්ල ගරු උසාවිය ඉදිරියේ පාපොච්චාරණය කල නිසාත් මෙම විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින යශාන් දේශප්‍රියට අවුරුදු 5ක සිර දඬුවමක් නියම කරන අතර.... අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ශනෙල් නිමේෂ් නම් තරුණයා නිදොස් කොට නිදහස් කරන බවද තීන්දු කරන ලදී. "




මං බැලුවෙ ඒ ඇස් දිහා. ඒ ඇස්වල විතරක් නෙවේ ඒ මුලු රූපෙම තිබ්බෙ නිහතමානි සතුටක් වගේම ආඩම්බරයක්. ඒත් ඒ හැඟීම් එයාගෙ මොකක්දෝ දේකින් වැහිලා. මට හිතෙන්නෙම එයා ඉන්නෙ මොකක් හරි අමාරුවකින් කියලා.




අනේ මංදා මට විශ්වාස කරන්නත් බෑ වගේ. මං ඒක කරා. මං දින්නෙ එයා නිසා. ශනෙල්ගෙ හැසිරීම... වචන.... වචනෙත් නොකිව්වත් එයා කියපු කරපු හැමදේම මාව මේ කේස් එක වින් කරපන් අසෙනි කියලා පොලොඹවව්වා.




මං එයාට හිනා වෙලා ෆයිස්ල් ටිකයි වෝටර් බොට්ල් එකයි අරගෙන එලියට ආවෙ අද කෝට් එක ලගට අයියත් එනවා කිව්ව නිසා ඇවිලද බලන්න. මං යනවත් එක්කම එයාගෙ නංගි ඇතුලට ගියා. ඒ නංගි එක්ක එයාගෙ අම්මද කොහෙදෝත් අතුලට ගියා.




මං අයියා එක්ක කතා කර කර ඉද්දි එයත් අම්මයි නංගී එක්ක එලියට එනවා මං දක්කා ලාවට වගේ. අශේනුත් හිටියා ඒ එක්ක.




" මොකෝ උනේ වින් කරානෙ ඉතින් "




" මං බය උනා අයියා හොදටම "




" මොකද බන් උබ ඔහොම නෑනෙ වෙන ඒවගෙ. කෝ පෙන්නපන් ඔය අගතියටපත් පාර්ශවය මට. මොකා නිසාද ඔච්චර බය උනේ බලන්න "




" අහ් ඉන්න පෙන්නන්න "




මං හැරිලා ශනෙල් හිටිය පැත්තට අත දික් කරේ එයාව අයියා අදුර ගන්නත් එපැයි කියලා හිතලා. ඒත් එතන එයා පෙන්න හිටියේ නෑ. ඊටත් වඩා මං ශොක් උනේ එතන මිනිස්සු පිරිලා ඉන්නවා දැකලා. එයාව පේන්නැති තරමට එතන මිනිස්සු. ඒත් එක්කම අශේන්ගෙ කා එක එතනට ආවා.




මිනිස්සු තුන් හතර දෙනෙක් කාවදෝ උස්සලා කා එකේ පිටිපස්සෙ දොර ඇරලා ඇතුලට දැම්මා. එතකොට මිනිස්සු ටික ටික අයින් වෙනකොට ලාවට වගේ දැක්කෙ ඒ ශනෙල් කියලා.




මට ඉන්න තැනත් අමතක උනා වගේ. මටත් ඒකෙ නැගලා යන්න ඕනි උනා. ඒත් කා එක වේගෙන් ගියා. කේස් එක වින් කරාටත් වඩා ඒ හිටියේ ශනෙල් කියලා මතක් උනාම මගේ ඇස්වලින් කදුලු ආවෙ ඉබේටමයි. මට වචනත් ගොත ගැහුනා.




" අ.... අය්... අයියා ඒ... ඒ ශ්.... ඒ ශනෙල්... අනේ අයියා යන්කෝ. "




කදුලු කම්මුල් දිගේ ගලන් යද්දි මං අයියාට කිව්වෙ එයාගෙ අතින් ඇද ඇද.




" කවුද බන් මොනාද කියවන්නෙ "




" අයියා අනේ යන්කෝ අයියා. යන්කෝ ඒ කා එක පිටිපස්සෙන් අයියා අනේ 😭 "




" අසෙනි අඩන්නෙපා. කදුලු පිහදගන්නකෝ.... ඇයි මේ "




" අයියා මාව එක්කන් යන්නකෝ. එහෙනම් ඔයා ඉන්න මං යනවා. "




අයියව අතෑරලා දාලා මං දුවන් ඇවිත් මගේ කා එකට නැගලා ස්ටාට් කරන් ස්පීඩ් අශේන්ගෙ කා එකට ගොඩක් දුරින් ඒත් පේන මානෙන් ඩ්‍රයිව් කරේ අයියා කෑ ගහද්දිමයි.




හේතුවක් දන්නෑ ඒත් කදුලු කම්මුල් දිගේ ගලන්නෙ ඉවරයක් නැතුව. අනේ මං හිතුවා.... මං හිතුවා මොකක් හරි අමාරුවකින් එයා හිටියේ. මොනා වෙලාද දන්නෑ දෙයියනේ.




ඇයි එයාටම මෙහෙම ප්‍රශ්න. එක පිට එක ප්‍රශ්න. ශනෙල් ගොඩක් පවු. අයියා කොච්චර හිනා උනත් ඒ හිනාව ඇතුලෙ හැංගුන කදුලු ගොඩයි. එයා ඒව හංගගෙන ජීවත් වෙන්කොට පිටට කොහොමත් එයා අහිංසක දඟකාර චරිතයක්ම තමයි.




අශේන්ගේ කා එක පිටිපස්සෙන් හොස්පිට්ල් එකට එන ඒ ටිකේ තත්ත්පරයක් ගානෙ මං ප්‍රර්තනා කරේ අනේ ශනෙල්ට මුකුත් නම් වෙන්නෙපා දෙයියනේ කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




අනේ මං ලියන්න කියලා ගන්න හැමව්ලේම ලයිට් යනවා අප්පහ් ඒ නිසා තමයි දෙන්න බැරි උනේ. සොරි




♾ U_H

Report Page