The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

42🌼👀




තව පොඩි පොඩි තැන්වල තිබ්බ මට සැක හිතුන ෆින්ග ප්‍රින්ට්ස් වගේකුයි බ්ලස් සාම්පල් වගේකුයි මං ආලි අතේ ලැබ් එකකට යැව්වෙ ඒවත් ආදිත්‍යායි ශනෙල්ගෙයි ඩීඑන්ඒ එක්ක මැච් වෙනවද බලන්න කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




වෙලාව හරියටම රෑ 1යි. තව දවස් දෙකයි. මට තාමත් කේස් එක වින් කරන්න පුලුවන් කියලා හිතන්න තරම් සෑහීමකට පත් වෙන්න සාක්ෂි නෑ. මට නින්ද යන්නෑ. ඇදේ නිදාගෙන ලාවට පත්තු වෙන මගේ ටේබල් ලෑම්ප් එක දිහා බලාගෙන මං කල්පනා කරේ තවත් මං මොනවද කරන්න ඕනි කියලා.




අර මනුස්සයා.... යශාන්. ඌ තමයි මට අල්ලන්න තියෙන අන්තිම පොට.




මං සීසීටීවී රෙකෝඩ් ආපහු හොයා ගන්න ගොඩක් මහන්සි උනා. ඒ කම්පුටර් එක ආපහු බැකප් දැම්මා. ඒත් ඒ කොහෙවත් නෑ ඒ එඩිට් කරපු කෑල්ල. බැකප් කරාමත් ඒවා නැත්තම් එක්කෝ කවුරු හරි ඒව හැක් කරලා. නැත්තම් තාමත් ගා ගාව හරි ලග ඒව තියෙන්න පුලුවන්.




ශනෙල් කිව්ව විදිහට යශාන් එදා රූම් එකෙන් එලියට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගිහින් තියෙන්නෙ සීසීටීවී රූම් එකටනෙ. ඒ කියන්නෙ ඒ මනුස්සයා ගාව මොකක්ම හරි තියෙන්නෝනි. අඩුම එයා දන්න දෙයක්වත්.




එදා හරියටම උනේ මොකක්ද කියලා මේ ස්ටෝරි එක කම්ප්ලීට් කරන්න ශනෙල්ට විතරක්ම බෑ. මොකද ශනෙල් දැක්කේ ආදිත්‍යා ශනෙල්ට ඩෝ එක ඕපන් කරපු වෙලාවෙ ඉදලා ස්ටෝරි එක විතරයි. යශානුයි ආදිත්‍යායි අතරේ උනේ මොකක්ද ?




ඒක දන්නෙ යශාන් නැත්තම් ආදිත්‍යා. ආදිත්‍යා කපන්න වෙනවා. මොකද ආදිත්‍යා දැන් මෙහෙ නෑ මට දැනගන්න විදිහක් නෑ ඒ නිසා ආදිත්‍යාගෙ. යශාන්..... එයා විතරයි එකම පොයින්ට් එක. රිස්ක් එකක් තියනවා නැතුව නෙවේ. ඒත් මං කොහොම හරි යශාන්ව හොයා ගන්නවම ඕනි. පැය 24කින්.




යශාන්ගෙ ඩීටේල්ස්.... ඒවා... ඒව අර අශේන් දුන්න ෆයිල් එකේ ඇති.




මං ඇදෙන් බැහැලා ගිහින් මගේ කබඩ් එක ඇද්දෙ ඒ ෆයිල් එක හොයන්න. ඒත් නෑනෙ. මං නළලට අතක් ගහගෙනම කල්පනා කරේ ඒක කොහෙද කියලා. අයියෝ ශිට්. ඔෆිස් එකේද කොහෙද. අයියෝ ඒක මට දැන්ම ම ඕනි.




රූම් එකේ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද මං හිතුවෙ මොකද කරන්නෙ කියලා. තවත් ටයිම් පාස් කරන එකේ තේරුම් නෑනෙ. ඒකෙන් අමාරුවෙ වැටෙන්න මං විතරක් නෙවේ ශනෙලුත්... ඒ නිසා ජර්සි එක දාගෙන ඒකෙ හුඩ් එකත් ඔලුවට දාගෙන ඇගිලි තුඩුවලින් මං රූම් එකෙන් එලියට ගියේ අයියා ඇහැරුනොත් කියන බයට.




මං වැරැද්දක් කරන්නෑනෙ. අනික අයියා ඇහරෙන්න කලින් මං එනවා. ගියා ෆයිල් එක ගත්තා ආවා. උපරිම පැය භාගයක් යයි ඕන්නම්.




අයියා සාලෙ සෝෆා එකේම නිදාගෙන. මේ යෝදයටත් අදම මෙතන නිදියන්න ඕනි උනානෙ. හිතින් බැන බැනම මං හිමීට දොර ඇරියෙ සද්දයක් ඇහෙන්නැති වෙන්න.




" කොහෙද යන්නෙ ? "




පුදුම කන් දෙකක්නෙ. මං එතනම නතර උනේ පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතුව.




" මං ඇහුවෙ කොහෙද යන්නෙ කියලා "




මං හෙමීට පිටිපස්ස හැරිලා බැලුවෙ හොරෙක් අහු උනා වගේ.




" අ.... අය්.... අයියා ම්.... මේ... මම... මේ "




" අයියා මේ මම.... මම මොකක්ද ? දැන් වෙලාව කියද "




අයියා නැගිටලා මං ගාවට ආවෙ තරහෙන්. ඉතින් මං පැනලා යන්න හැදුවේ නැනෙ. ඔච්චර කෑ ගහන්න ඕනිද ඕකට. අයියා ඇවිල්ලා මං ඉස්සරහා හිට ගත්තම මගේ පපුව එකසිටගානටම ගැහුනා.




" එ... එක.... එකයි "




" තමුසෙට මොකද වෙලා තියෙන්නෙ කියනවකො. ඔෆිස් එකට නේද යන්න හැදුවෙ. අහ්. රෑ එලි වෙනකම් නිදා ගන්නැතුව ඇදට වෙලා ඉදලා දැන් එක පාට්ට මොනව හරි මතක් උන නිසා ඔෆිස් එකට යනවා. තමුසෙ කවදාවත් කේස් එකකට මෙච්චර බය වෙලා නෑනෙ. මොකද වෙලා තියෙන්නෙ. කාගෙ එකක්ද ඔය හැන්ඩ් කරන්නෙ අහ්. තමුසෙ හිතුවෙ මං නිදි කියලද. ඒ පාර හොර වැඩ කරන්නත් පටන් ගෙනද "




" අනේ අයියා මං හොර වැඩ කරන්න ගියේ නෑ. හරි එහෙනම් ඔයත් එන්නකො මං එක්ක යන්න. ෆයිල් එකක් ගන්න විතරයි. සුටුස් ගාලා එනවා. හා නේද. ගිහින් එන්නම් ඇහ් "




මං අනිත් පැත්ත හැරුනෙ ශේප් එකක් දාලා පැන ගන්න. ඒත් හරි ගියේ නෑ.




" නංගි මං මේ හොදින් කියන්නෙ පලයන් කාමරේට. "




" අනේ අයියා "




" එක සැරයක් කිව්වා නේද පලයන් "




අයියා ඒක කෑ ගහලා ගියද්දි මං දිව්වා නෙවේ කාමරේට දිවඋනා. ටික දුරක් ගිහින් නැවතිලා ආපහු හැරුනෙ බටර් පාරක්වත් ගාලා බැරි වෙයිද බලන්න.




" අයියා.... "




" පලයන් " ඒකත් තරහෙන් කිව්වම ඉතින් ඇහුන්නෑ වගේ ඉන්න බෑ නෙ. එහෙම ඉදලා කන රතු කර ගන්න තමා වෙන්නෙ. අනේ මහ මොකකෙද මංදා. දැන් ඉතින් හෙට උදේ වෙනකම් ඉන්නෙපැයි.




එදා උදේම මං ගියා ඔෆිස් එකට ඒ ෆයිල් එක ගන්න. ඒකේ අශේන් යශාන්ගෙ එඩ්‍රස් එක නම් දාලා තිබුනා. ඒත් ඒක හරිම එකද කියලා මට ශුවර් එක තිබ්බෙ නෑ. මං අශේන්ට කෝල් එකක් දාලා ඇහුවට පස්සෙ එයා කිව්වෙ එඩ්‍රස් එක හොයා ගත්තට ඒ එඩ්‍රස් එකට එයා ගියේ නම් නෑ කියලා.




කෝකටත් කියලා බලන්න මං ආලියි ඔෂානුයි එක්ක ගියා. ඒක වහලා දාලා තිබ්බෙ. ඊට පස්සෙ මං යශාන්ව හම්බෙන්න පොලිස්ටේෂන් එකට ගියා. යශාන් අපි එක්ක කතා කරන්න පොඩ්ඩක්වත් කැමති උන්නෑ. ඒත් කියලා කියල විනාඩි 5ක් ඉල්ල ගත්තා.




" යශාන්.... එදා ඔයයි ආදිත්‍යායි අතරේ උනේ මොකක්ද කියලා දන්නෙ ඔය දෙන්නම විතරයි. ඔයා තවත් ඒක හංගලා වැඩක් නෑනෙ. ප්ලීස් අපිට කියන්න "




" බෑ ඇයි මං ඒ දේවල් කියන්නෙ. මට මොනවද ලැබෙන්නෙ "




" ඔයාගෙ කටින් ඒ දේවල් බලෙන් ගන්නවත් ශනෙල් බේරගන්න කියලා ඔයා ඉස්සරහා වැඳ වැටෙන්නවත් මට ඔන්නෑ යශාන්. මං ඔයාගෙ කේස් එකේ විරුද්ද පැත්ත හැන්ඩ්ල් කරන ලෝයර් තමයි. ඒත් මං කැමති නෑ නිවැරදි කාරයෙක්ගෙ බෙල්ලට තොන්ඩුව වැටෙනවට "




" ඔයා කොහොමද කියන්නෙ මං හරියි කියලා. ඔයා දින්නොත් වෙන්නෙ මං ඒකිව මැරුවා කියලා ඔප්පු වෙන එක.මොකටද මගේ වල මංම කපා ගන්නෙ. "




" මං දිනනවා. අනිවාරෙන් දිනනවා. කොච්චර සාක්ෂි මං ගාව තියෙනවද කියලා දැන ගන්න ඕනිද. එහෙනම් අහගන්න. ඔයා එතන හිටියයි කියන්න ඔයාගෙ අත් සලකුනු එතන තියෙනවා. ආදිත්‍යා කෑ ගහකොට ඒ කෑ ගැහිල්ල අහුන මිනිස්සු ඔයාට විරුද්දව සාක්ෂි දෙන්න බලන් ඉන්නවා. ඒ සීසීටිවී එකේ එඩිට් කරපු කෑල්ල මට හම්බුනා. ඒක එඩිට් කරෙත් ඔයාමනෙ. එතකොට හොදම ටික තමයි. මං ඔයාගෙ ගෙදරට ගියා.... "




" මොකක් "




යශාන්ගෙ ඇස්වල තරහත් බයත් එකතු වෙච්ච හැගීම් තිබුනා. මං බොරුත් එක්ක කියලා යශාන්ගෙන් බලාපොරොත්තු උනෙත් ඒක. එයා කෑ ගහගෙන පුටුවෙන් නැගිටිද්දි ආලියි ඔෂානුයි රූම් එකේ ඩෝ එක ඇරලා " මැඩම් " කියලා ඔලුව දාද්දි මං ඇස්වලින් කිව්වෙ හැමදේම හොදින් කියලා. එතකොට ඒ දෙන්නා දොර වහගෙන ගියා.




" කූල් ඩවුන් යශාන්. තව තියෙනවා ඕනිද. කමෝන් ටයිම් පාස් කරන්න මට ඕනි නෑ. සාමාන්‍යයෙන් මර්ඩ එකකට අඩුම අවුරුදු 10ක් 15ක්වත් හිරේ ඉන්න වෙනවා. සමහර විට තත්ත්වෙ බරපතල උනොත් ජිවිතාන්තය වෙනකම්ම උනත්.... ඔයාට ලයිෆ් එකේ තව කොච්චර නම් දේවල් ඇද්ද කරන්න. දුකයි යශාන්. අනේ මංදා ඉතින් ඔයා ස්ටෝරි එක හරියටම මොකක්ද කියලා කිව්වා නම්.... අවුරුදු 3 4කට දඩුවම අඩු කරන්නත් තිබ්බා.... මොනා කරන්නද ඉතින් ඔයා කැමති නෑනෙ. ඕකේ එහෙනම් යශාන් මං යනවා. "




මං නැගිට්ටා. යන්න නෙවේ. යශාන් " මං කියන්නම් " කියන වචන ටික බලාපොරොත්තුවෙන්. මං නැගිට්ටත් එයා කට ඇරියේ නෑ. මං දොර ලගටම ආවා. දොරේ ලොක් එක ඇරියා. දොර බාගෙට ඇරියා.




" ඉන්න. "




මට කටකොනකින් හිනාවක් ගියේ ඒ දේ වෙනව කියල මං දැනන් හිටපු නිසා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කතාවෙ අන්තිම එපි ටික යන්නෙ ලමයි. ආයෙ කමෙන්ට් ඉල්ල ඉල්ල වද දන්නෑ. ඉක්මනට ඉවර කරනවා මං. හැම කමෙන්ට් එකකට තැන්ක් යූ ♟️❤️👀



♾ U_H


Report Page