The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

41🌼👀




" දෙපාර්ශවයේම සාක්ෂි සලකා බලා නඩුව තවත් දින 4කින් කල් දමන බව ගරු උසාවිය තීන්දු කරන ලදී "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හැමෝම ගියා. අන්තිම පාරට ශනෙල් මන් දිහා බලැවෙ පොලිස් ඔෆිසර්ස්ලා එයාගෙ අත් දෙකට ෆෑන්ඩ්කෆ්ස් දාලා එක්කන් යන්න හදද්දි. ඒ ඇස් තාමත් සන්සුන්. තරහක් කලබයක් ගෑවිලාවත් නෑ. ඒ අහිංසක කමයි ඒ භාවනාවක් වගේ උන හැසිරීමමයි මාව හැමදාමත් අසරන කරන්නෙ.




අද අයියා නෙවේ ආවෙ. ඔව් ආවෙ හසිරු අයියා. මං අයියට කිව්වෙ නෑ. මං දන්නවා අද අයියා ආවත් එයාටවත් මටවත් සතුටු වෙන්න පුලුවන් තීරනයක් අද හම්බෙන්නෑ කියලා.




හසිරු අයියත් මාත් එක්ක එයාගෙ කා එකට නගින්න යද්දි පොසිල් ජීප් එක ලග ඔෆිසර්ස්ලා ගොඩක් මැද ශනෙල් බලන් හිටියෙ අපි දිහා. මට බෑ එයාට ෆේස් කරන්න. මං මොනවා කියන්නද. මං නිසා ඔයා පරදිනවා හිරියේ යනවා කියන්නද. ඒ නිසා මං හසිරු අයියවත් ඇදගෙන කා එකට නගින්න ගියේ.




" අපි යමු අයියේ "




" ඇයි අයිස් ක්‍රීම් ? "




" මට එපා "




ශනෙල් තාමත් අපි දිහා බලාගෙන. මගේ අදහස වෙනස් වෙයි කියලා මං බය උනා. මට ශනෙල් එක්ක කතා කරන්න හිතුනොත් මේක කෝට් එක කියලා නෑ මට ඇඩෙනවා ශුවර්.




" අනේ අපි යමු අයියා "




මං කා එකේ ඩෝ එක ඇරලා නගින්න යද්දි හසිරු අයියා මාව නැවැත්තුවේ මගේ අතින් අල්ලලා එයා පැත්තට හරව ගන්න ගමන්. එයා කතා කරන්නැතුව මං දිහාම බලන් හිටියා.




" ඇයි මොකද යමුකො "




" එයාට කතා කරන්න ගිහිල්ලා "




" කාටද ? "




" එයා ඔයාව බලාපොරොත්තු වෙනවා. යන්න මං ඉන්නම් කතා කරලා එන්න "




" මට බෑ "




" නංගි. අයියා නොදැනුවත්වවත් කවදා හරි පේෂන් කෙනෙක්ගෙ හිත රිද්දලා තියෙනවා ඔයා දැකලා තියෙනවද "




" නෑ ඒත් අය්.... "




" යන්න "




හසිරු අයියගෙ බල කිරිල්ලට ගියා මිසක් මට ශනෙල්ට ෆේස් කරන්න ඕන කමක් තිබ්බෙම නෑ.




මං ගිහිල්ලා ඔෆිසර්ස්ලට කතා කරාට පස්සෙ එයාලා හැමෝම ජීප් එකට නැග්ගෙ අපි ගාව චුට්ටක් දුරින් එක ඔෆිසර් කෙනෙක්ව නතර කරලා.




" මොකාද ඒ 😒 "




ශනෙල් ඇහුවෙ සාක්කුවට අත් දෙක දාගෙන වෙන පැත්තක් බලන් ඉන්න හසිරු අයියා දිහා බලලා.




" මං බදින්න ඉන්න කෙනා. ඇයි මං කලිනුත් කිව්වෙ 😝😌 "




" දැන් ඔය දෙවනි පාර අසෙනි "




" මොකක්ද "




" බදින්න ඉන්න එකා ගැන කිව්ව "




" ඔයාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකද. ? ඇයි මට බනින්නැද්ද මං නිසා ඔයා අමාරුවෙ වැටෙන්න යන එකට "




" නෑ මට සතුටුයි "




" ඒ මොකටද "




" මං කවදාවත් ඔයා එක්ක නඩුවක් කතා කරලා නෑ. වර්නකුලසූරිය වගේ. මට අද හිතුන එකම දේ මට වර්නකුලසූරිය වෙන්න තිබුනා නම් කියලා. ඒත් මං නම් ඌ වගේ මේක හැන්ඩ්ල් කරන්න යන්නෙ නෑ හැබැයි. ඒක වෙනම කතාවක්. කොහොම උනත් ඔයා නඩුවක් කතා කරනවා මට බලන්න හරි උනා නෙ. ඒකත් මං වෙනුවෙන්. ඉතින්.... මට සතුටුයි "




ඒක මං බලාපොරොත්තු උන්නෑ. ඒත් මං දැනන් හිටියා ශනෙල්ගෙ උත්තරේ ඒ වගේ සන්සුන් එකක් කියලා. එයා තේරුන් ගන්න අමාරු චරිතයක්. ඒත් මං ඒකට කැමතියි.




" ඔයාට පිස්සු "




" වැඩිය මහන්සි වෙන්නෙපා. කන්න බොන්න අතල් එකේ ඉදලා වැඩෙත් කරහන් 😌 "




ඒත් එක්කම එතන හොටපු ඔෆිස " මිස් " කියලා මට කතා කරේ අපේ වෙලාව ඉවරයි කියන්න වගේ.




" පරිස්සමින් 🥺 "




එහෙම කියලා මං යන්න හැරෙද්දි එයා ලාවට මගේ අත ඇල්ලුවේ එයාගෙ හෑන්ඩ්කෆ්ස් නිසා එයාට අල්ලන්න අමාරු උන නිසා වෙන්න ඕනි.




" අසෙනි... "




" ඕ කියන්න "




" ඔයා බදින්නද ඉන්නෙ. ඇත්තටම ඒ මැරි කරන්න ඉන්න කෙනාද ? "




" ඕ ඉතිම්. ඔයත් එන්න ඉන්විටේෂන් එක එව්ව දවසට 😝😂 "




ශනෙල්ගෙ මූඩ් එක සීරියස් වෙනකොට එයා ලස්සනයි. 😛 මං වැඩිය හිතන්නැතුව ඒක කියලා දාලා දුවගෙන ආවෙ බොරු හිනාවක් එයාට පෙන්නලා.




දවස් හතරයි. ලස්සන ඩීසන් තරුණ ලයිෆ් එකක් නිකරුනේ නාස්ති වෙනව නවත්තන්න මට තියෙන්නෙ දවස් 4යි.




කලු පාට ඔෆිස් ට්‍රවුසර් එකට සුදු පාට අත් දෙකට චූටි පටි තියන ස්කිනි එකක් ඇදගෙන ඒකට උඩින් ට්‍රවුසර් එකට මැක්ජ් වෙන කලු පාට අත් දිග කෝට් එක දාගෙන කොන්ඩෙ පෝනි ටේල් එකක් දාලා ස්මාර්ට් වොච් එක බැදගෙන සුදු පාට පබලුවක් තිබ්බ ඉයරින්ග්ස් දෙකයි ඒකටම මැච් වෙන ඒ විදිහෙම පබලුවක් තියෙන පෙන්ඩන්ට් එකකුයි තියෙන මාලෙයි දාගෙන මං පහලට බැස්සෙ කලු හීල්ස් දෙක දාගෙන බ්ලූටූත් ඉයර් ෆෝන් එකත් අරගෙනමයි.




" යං මං ඒක්කම මං ඩ්‍රොප් කරන්නම් "




" හෑ ඒ මොකද 🙄 "




අයියා එක්ක යන්න තිබ්බා ඒත් මට අද ගමන් ගොඩක් වැටෙන සීන් එකක් තියෙන්නෙ. එයාගෙ කා එකේ ගිහින් මට මගේ වැඩ කර ගන්න බෑනෙ.




" වරෙන් යමු "




" බෑ අයියා මට වැඩ ගොඩයි. එහාට මෙහාට දුවන්න ඕනි. ඒ නිසා මගේ කා එක ඕනිනෙ "




" ඉතින් මගේ එක ගන්න. යමංකො. "




අයියා යන්ම කියපු නිසා මං ගියේ අයියා එයාගෙ කා එක මට දීලා මාව ඕනි තැනින් බැස්සුවම එතන්ට හසිරු අයියට එන්න කියන්නම් කියපු නිසා.




" මොකක් හරි ප්‍රශ්නයක්ද තමුසෙට ? "




" නෑ ඇයි "




" හැමෝටම වඩා මට උබව දන්නෙ මමනෙ. උබෙ චූටි වෙනස හරි මට තේරෙනවා හරිද "




" නෑ අයියා එහෙම නෑ. කේස් එක ටිකක් ලොකුයි. අමාරුයි. මට අවාසියි. ඒ හින්දා චූටි සාක්ෂියත් මට වටිනවනෙ. ඉතින් වැඩ ගොඩයි මේ ටිකේම මහන්සියි. සොරි අක්කා ගැන එහෙම අහන්නත් බැරි උනා. ඇයි එක පාට්ට එහෙම ඇහුවෙ මොකක් හරි අවුලක්ද "




" නෑ නෑ අවුලක් නෑ. මොනවා කරත් මං තමුසෙ දිහා බලන් ඉන්නෙ හරිද ඒක දැගෙන වැඩ කරපන්. "




" හරි ඉතිම් "




" මෙතනින් මං බහිනවා. අර හසිරුගෙ කා එක. තමුසෙ යන තැනක පරිස්සමින් ගිහින් ගෙදර එනවා "




අයියා මොනාද හිතේ හංගං කතා කරේ. බැහැලා මට හිනා වෙලා ගියාට මට මොකක්ද වගේ. මොනා උනත් මං වැඩිය ගනන් ගන්නැතුව හිටියෙ අද දවසෙ මට වැඩ ගොඩක් නිසා.




මං ඉස්සෙල්ලාම ආහපු ගියේ ෆ්ලැට් රූම් එකට. චූටි තැන පවා මං මගේ කන්නාඩිය දාගෙන සූම් කරලා බැලුවා. හිතුවට වඩා මට වාසි වෙන දේවල් හම්බුනා.




කාපට් එක යට ලේ බිංදු තිබුනා. අපි අඩිය තියෙන ෆ්ලෝ එකේ ලේ බිංදු මැකිලා ගිහිල්ලා තිබ්බෙ ඒ සිද්දිය වෙලා ගොඩක් කල් නිසා. ඒත් කාපට් එක අයින් කරලා කවුරුත් අවුස්සන්න යන්නෑනෙ. ඝන වෙලා උනත් ඒ ලේ බිංදු මට වැදගත්. ඒවා මං ඔෂාන් අතේ යැව්වෙ ලැබ් එකකට කාගෙ බ්ලඩ්ද කියලා බලන් එන්න කියලා. මං ප්‍රාර්තනා කරේ ඒවා අර මනුස්සයා යශාන්ගෙ වෙන්න කියලා.




ඊලගට මං බැලුවෙ ආදිත්‍යාගෙ කබඩ් එක ටේබල් එක එහෙම. එයා සාමාන්‍යයෙන් ඩයරි ලියන කෙනෙක් නම් ඒකත් වාසියි අපිට. වාසනාවකට වගේ එයාගෙ මිරර් ටේබල් එකේ ලච්චුවක ඩයරි එකක් තිබ්බා. " ටිෂානි ආදිත්‍යා " ඒකෙ මුල් පිටුව මං පෙරලුවා. ඒක එයාගෙ. එයා අන්තිමට ඒක ලියලා තියෙන්නෙ මේ සිද්දිට උන දවසට කලින් දවසෙ රෑ 11.00ට.




" හෙට වෙනකම් මට ඉවසිල්ලක් නෑ. මීට කලින් මොන දේ කොහොම උනත් මං හිතනවා ශනෙල් අනිවාරෙන් එනවා. මං එයාට මොන දේ කරත් ශනෙල් මට ගොඩක් ආදරේ කරා. ආදරේ කරනවා. මමයි මෝඩ උනේ..... "




තවත් දිගට තිබ්බා. ඒක එයාගෙ අන්තිම සටහන. එයා ශනෙල්ව මිසක් යශාන්ව බලාපොරොත්තුවෙන් ඉදලා නෑ. ඒ කියන්නෙ යශාන් ආදිත්‍යාගෙ රූම් එක ඇවිල්ලා තියෙන්නෙ ආදිත්‍යා දැනුවත්ව නෙවේ බලෙන්. ඒ කියන්නෙ සමහර විට ඒ දෙන්නා අතරෙ බොහෝ දුරට වෙන්න ඇත්තෙ රන්ඩුවක්.




තව පොඩි පොඩි තැන්වල තිබ්බ මට සැක හිතුන ෆින්ග ප්‍රින්ට්ස් වගේකුයි බ්ලස් සාම්පල් වගේකුයි මං ආලි අතේ ලැබ් එකකට යැව්වෙ ඒවත් ආදිත්‍යායි ශනෙල්ගෙයි ඩීඑන්ඒ එක්ක මැච් වෙනවද බලන්න කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හැම කමෙන්ට් එකකටම තෑම්ස් මෙයාලා. කමෙන්ට් එකක් හලන් යන්ඩෝ ♟️❤️👀



♾ U_H


Report Page