The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

40🌼👀




අද ශනෙල්ව රිමාන්ඩ් කරනවා. බලාපොරොත්තු ඇතුවද නැතුවද මං දන්නෑ හිස් හැගීමකින් මං කා එකට නැග්ගෙ හෙට ෆේස් කරන කේස් එකට කලින් ශනෙල්ගෙ මූන බලන්න යන්න.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" අසෙනි 🥺 මං දන්නවා ඔයා කන්නෙ බොන්නෙත් නැතුව ගොඩාක් මහන්සි උනා. ඒ මං වෙනුවෙන්. පුලුවන් උන දවසක අනිවාරෙන් ඒ එකක් නෑර ණය මං ඔයාට ගෙවන්නම්. ඒත් ඔයාලා මාව අසරණ කරන්න එපා. ඔයා මං වෙනුවෙ මහන්සි වෙනවා කියන්නෙම ඒක මට මාර වදයක්. මගෙ හිතට වදයක්. මං ගැන දුක් වෙන්නෙපා.




මං හොදින් ඉන්නව කොහෙ ගියත් ඒක ඔයා දන්නවනෙ. ඔයාලා හොදින් ඉන්න. මං වෙනුවෙන් නෙවේ මේක ඔයාගෙ තවත් එක සාමන්‍ය කේස් එකක් කියලා හිතලා වැඩ කරන්න ප්ලීස්. ඔයාට පුලුවන්. "




ශනෙල් ගැන මගේ හිතේ තියෙන්නෙ යාලුකමක හැගීමක් නෙවේ. ඒක මට තේරිලා ගොඩක් කල්. ඒක ඊට එහා ගිය එකක්. ඒත් මං දන්නෑ ඒක මොකක්ද කියලා හරියටම. එක වෙලාවකට ඒකට මං කැමතියි. ආසයි. ඒත් තවත් වෙලාවකට ඒක මට වදයක්. දුකක්.




අහේතුකවම මගේ ඇස්වල කදුලු පිරුනෙ ශනෙල්ගෙ කටහඩ එන්න එන්න හැඟීම්බර වෙද්දි.




" එහෙම කියන්නෙපා ශනෙල්. ඔයා ඔහොම හොඳ වෙනවා කියන්නෙ මට මේක තවත් අමාරු වෙනවා. අනේ මං දන්නෑ ශාම්..... 🥺 මං කරන්නෙ හරි දේද ? වැරදි දේද ? මං නිසා ඔ.... "




" මං මුලින්ම කිව්වා අසෙනි මේක ස්ට්‍රෙස් එකක් කර ගන්නෙපා. කවුරුත් මං නිසා පිටින් නෙවේ හිතිනුත් දුක් විදිනවා බලන එක අනික් හැමදේටම වඩා මට අමාරුයි. මේක අතෑරලා දාන්න අසෙනි. තවත් වෙලාව තියෙනවා "




" නෑ බෑ මට බෑ. ඔයා වෙනුවෙන් මට දෙයක් කරන්න පුලුවන් කම තියෙද්දි ඔයා අමාරුවෙ වැරෙනවා බලනවා වෙනුවට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න මං ට්‍රයි කරා කියලා හරි මට හිත හදා ගන්න පුලුවන් නම් ඒක මට සතුටක් "




මගේ කදුලු කම්මුල් තෙත් කරේ තවත් ඉවසන්න බැරිම තැන. ඒ ඇස් ඒ රූපෙ ඒ මූන හැමදේම හැඟීම් බරයි. මං හැමදාමත් බලන්න ආස කරපු ඒත් ගොඩක් අඩුවෙන් දකින්න ලැබෙන ඒ දගකාර අහිංසක මූන.... ඒක දුකින් වැහිලා.




ඒ වෙනකොටත් ශනෙල්ගෙ අත්වලට හෑන්ඩ්කෆ්ස් දාලයි හිටියෙ. හෑන්ඩ්කෆ්ස් නිසා එකට වෙලා තිබ්බ එයාගෙ අතේ මහපට ඇගිල්ලෙන් මගේ කදුලු පිහලා " ඕල් ද බෙස්ට් ලෝයර් මිස් " කියලා හිනා වෙලා ගියත් ඒක මවා ගත්ත හිනාවක්.




" ස්වාමීනී එදින එම කාමරය අසල තිබූ සීසීටීවී දර්ශන මා දැන් ගරු උසාවියට ඉදිරිපත් කරන්නම්. "




මං කිව්වෙ සීසීටීෆී ෆුටේජස් දාලා තිබ්බ සීඩී එක ජජ් අතට දෙන ගමන්.




" එය ගරු උසාවිය ඉදිරියේ ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලනවා ස්වාමීනී "




" ස්වාමීනී සීසීටීසී දර්ශන මීට කලින් ගරු උ.... "




මං ජජ් ඉස්ස්‍රහ ඔලුව නමලා කියද්දි ඔලුව උස්සන්නත් කලින් වර්නකුලසූරිය මැදින් පැන්නෙ ඉන්නෙ උසාවියේ කියලවත් හිතලද දන්නෑ.




" අවසර හිමි වෙනවා "




" මෙය හොදින් පරීක්ෂා කල අයෙකුට පේනවා මෙම පුද්ගලයා එකවරම අඩි කිහිපයක් ඉදිරියට යනවා. ස්වාමීනී එයින් පැහැදීලි වන්නේ මෙම සීසීටීවී දර්ශන කිසිවෙකු හෝ විසින් සංස්කරණය කර ඇති බවයි "




ඒ සාක්ෂිය මං ප්‍රසන්ට් කරාට පස්සෙ ජජ් මොනාද සටහන් කර ගත්තා.




ඊලගට මං රත් උනේ මිස්ටර් වර්නකුලසූරිය සාක්ෂි කූඩුවට නග්ගපු කෙනා නිසා. ඒ අර ආදිත්‍යා ශනෙල්ගෙ අත උඩ ලේ පෙරාගෙන වැටිලා ඉන්න වෙලාවෙ එයාල දිහා බලන් ගියයි කියපු මනුස්සයා. ඇත්තමයි මට ඒ මනුස්සයාව මතක් උනේම නෑනෙ.




මට මේ මොකද වෙලා තියෙන්නෙ. කේස් එකකදි එක චූටි පොයින්ට් එකක්වත් ඇත නොඇරපු මං මෙච්චර ලොකු චාන්ස් එකක් මගෑරගත්තෙ කොහොමද දෙයියනේ.




ඒ මනුස්සයා සාක්ෂි කූඩුවට නැග්ගට පස්සෙ මං බැලුවෙ ශනෙල්ගෙ මූන දිහා. මං බලාපොරොත්තු උනේ මං නිසා බලාපොරොත්තු නැති උන හැගීම් තිබ්බ ඇස් දෙකක්. ඒත් ඒ ඇස්වල ඕනවටත් වඩා තිබ්බෙ ඉවසීම. අහිංසක කම. ඇහි පිහාටු බරට පියවලා එයා මට සන් කරේ සන්සුන් වෙන්න කියලා.




" මිස්ටර් ජයසේන. ඔබතුමා එදා ඒ කමරය ලගින් යද්දි ලේ ගොඩක් මැද හිටපු අවුරුදු 20 ක 25ක විතර කෙල්ලෙක් බිම වැටිලා ඉද්දි මේ පුද්ගලයා ඒ කෙල්ල ගාව හිටියා දැක්කා. එහෙම නේද ? "




" ඔව් මං දැක්කා "




" ඊට පස්සෙ ඔබතුමා එතනින් තමන්ගේ කාමරයට ඇවිල්ල ඉකමනින් පොලිසිය මේ පිළිබද දැනුවත් කරා "




" ඔව් ! කෙල්ලෙක්, ලේ ගලන තුවාලයක්, කොල්ලෙක්, මට හිතුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෙක් විදිහට කලයුතු දේ කලා කියලා මං හිතනවා "




" එපමණයි ස්වාමීනී "




" විරුද්ද පාර්ශවයේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර ඉල්ලනවා ස්වාමීනී "




" අවසර හිමි වෙනවා "




" ඔබතුමා එය පොලීසියට දැනුම් දුන්නෙ කොහොමද ? "




" මේ ස්තානයේ කාමර අංක 27 අපරාධයක් සිද්ද වෙලා තියනවා කියලා මං කිව්වා "




" ඔබතුමා දැක්කෙ ලේ ගලන තුවාලයක් එක්ක හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි විතරයි ? "




" ඔව් !!! "




" මේ පුද්ගලයා අතේ පිහියක් හෝ එවැනි යමක් තියනවා ඔබ දැක්කද ? නැත්තම් ඒ කාමරය ඇතිලෙ තව කවුරු හෝ පුද්ගලයෙක් සිටිනවා ඔබ දැක්කද ? "




" ඒත් මං ඒ..... "




" මං ඇහුවෙ දැක්කද ? නැද්ද ? "




" නෑ "




ඒ මනුස්සයා කිව්වෙ බිම බලාගෙන. ඒක අහලත් ජජ් මොනාද සටහන් කරා. ඊලගට ආපහු වර්නකුලසූරිය මැදින් පැන්නා.




" ඒත් ස්වාමීනී මේක වි.... "




" ඔඩර් ! ඕඩර් !! ඕඩර් !!! "




ජජ් කතා කරාම වර්නකුලසූරිය ඔලුව නමාගෙන පිටිපස්සට උනා.




මගෙ හදවත් ගැහෙන වේගෙ තවත් වැඩි උනා. ඇගේ හිරිකඩුත් පිපුනා. ශනෙල්ගෙ අහිංසක මූන මගේ ඇස් ඉස්සරහ මැවිලා නැති වෙලා ගියා. මට ශනෙල්ගෙ මූන බලන්න බෑ. ජජ්ගෙ ඊලග තීරනේ තමයි තීරනේ කරන්නෙ මං ශනෙල්ගෙ මූන බලනවද නැද්ද කියලා.




කේසස් ගොඩක් හැන්ඩ්ල් කරලා තියෙනවා තමයි. ෆේස් කරලා තියෙනව තමයි. ඒත් මේක මට මහ අමුතු වෙනමම විදිහට දැනෙන්නෙ ඇයි. මට හිතා ගන්න බෑ.




" දෙපාර්ශවයේම සාක්ෂි සලකා බලා නඩුව තවත් දින 4කින් කල් දමන බව ගරු උසාවිය තීන්දු කරන ලදී "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හැම කමෙන්ට් එකකටම තෑම්ස් මෙයාලා. කමෙන්ට් එකක් හලන් යන්ඩෝ ♟️❤️👀



♾ U_H







Report Page