The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

39🌼👀




මාෂි අක්ක කියපු සර් එයාගෙ පිටිපස්සෙ ඉදන් රූම් එක ඇතුලට ආවෙ මං ඒ වෙලාවෙ බලාපොරොත්තු නොවුන විදිහට.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" මෙයාද සර් ! මෙයා කවද්ද ඔයාට සර් උනේ 😅 "




මේ ඔෆිස් එකේ සර් කියලා මේ කට්ටිය කතා කරන්නෙ එක්කො අයියට එක්කො හසිරු අයියට විතරයි. අඩුම මෙච්චර ලග යාලුව්ක් වෙලා මේ ඔෆිස් එකට එන අශේන්ටවත් එයාලා සර් කියන්නෑ මිස්ටර් අශේන් කියනවා මිසක්. මට ශනෙල් දැකලා හිනා ගියේ මාෂි අක්ක එයාට සර් කියලා කතා කරද්දි.




ශනෙල් ඇතුලට එද්දි මාෂි අක්ක මට අමුතු හිනාවක් දාන් " මෙයා දැන් මට විතරක් නෙවේ ඔෆිස් එකටම සර් වගේ තමා " කියලා කියාගෙන ගියේ මොකක්ද ඒ කිව්වෙ කියලා මං තාමත් හිතද්දි.




" මොකක්ද ඔයා එයාලට කිව්වෙ "




" මං ? මං මුකුත් කිව්වෙ නෑ. මං මේ එහා පැත්තෙ කැෆේ එකේ උදේ ඉදන් ඉදලා ඉදලා ඔයාගෙ කා එක ආවට පස්සෙ මේ දැනුයි ආවෙ. "




" ඉතින් ඇයි උදේ ඉදන් හිටියෙ "




" ඔයා මට ඊයෙ කිව්වෙ නෑනෙ අද කොහෙද යන්නෙ කියලා "




" අහ් ! ඒක නෙවේ ශනෙල් අහන්නකෝ දන්නවා නේද මිස්ටර් වර්නකුලසූරිය ? "




" ඔව් දන්නවා ඉතින් මොකද "




" අයියෝ ශනෙල් ඒ මනුස්සයා තමයි කේස් එකේ අනිත් පැත්ත හැන්ඩ්ල් කරන්නෙ. ශික්. මං අද රූම් එකට ගියේ වැඩ වගයක් කරන්න ඒ මනුස්සයා එතන. ඌ කියනවා එයා මේ කේස් එක පටන් ගත්ත දවසෙ ඉදන් හැන්ඩ්ල් කරනවලූ.... මට මේකෙන් අයින් වෙන්න තව කල් තියනවලූ... අනේ ඇත්තමයි ශනෙල් මට දෙන්න හිතුනා.... "




අත් දෙකත් එහාට මෙහාට විසික් කර කර මං ශනෙල්ට සීන් එක කිව්වෙ ශනෙලුත් මාත් එක්ක එකතු වෙලා ඌට බනියි කියලා හිතලා. සීන් එකම කියලා ඉවර වෙලා ශනෙල් දිහා බලද්දියි දැක්කෙ එයා මගේ කතාව අහ්න් ඉදලත් නැද්ද කොහෙද කියලා. බෙල්ලත් පැත්තකට ඇද කරගෙන ශනෙල් මං දිහා බලන් හිටපු විදිහ මට ඇල්ලුවෙ නෑ. ඒක මට අපහසුවක් වගේ.




" ඇ.... ඇයි ඔය්.... ඔයා ඔහොම බලන් ඉන්නෙ "




" ඔයාට තරහ ගියාම ඔයා හරි කියුට් "




ඉදලා ඉදලා එයා කියපු එකට මට ලැජ්ජා හිතුනා.




" මං කියපු කතාව අහගෙන නෙවේද හිටියේ "




" නෑ නෑ අහන් හිටියේ. වර්නකුලසූරිය ඔයාට හම්බෙලා විශ් කරා කියලනෙ කිව්වෙ... දැක්කනෙ මං අහන් හිටියේ "




" ශනෙල් ඇයි ශනෙල් ඔයා ඕම 😒 "




ශනෙල් එක්ක කතා කර කර ඉදලා මං ගෙදර ගියේ හවස ට විතර.




මං පුලුවන් උපරිමෙන් මහන්සි උනා. සීසීටීවී ෆුටේජස් එදා රෑ ඇවිල්ලා මං රෑ 12, 1 විතර වෙනකම්ම මං ආපහු ආපහු රිපීට් කර කර බලුවා.




ඒකේ ඩෝ එකෙන් එලියෙ ඉන්න ශනෙල් එක පාරටම අඩි තුන හතරක් ඉස්සරහ ගිහිල්ලා අතේ පිහියකුත් තියන්න ඉන්නවා..... ඒ අතර මැද අර මනුස්සයා එලියට එන ඒවා එහෙම නෑ. ඒ කියන්නෙ ඒක එඩිට් කරපු එකක්. ඉතුරු ටික කා ලගද. මං ගොඩක්ම මහන්සි උනේ ඒව හොයන්න. ඒත් ඒව හම්බුන්නෑ.




එලියෙ තුබුන සීසීටීවී එකක් නිසා ඔක්කොම නීට් එකට පැහැදිලිව පෙනුන්නෑ. බාගෙට ඇරලා තියෙන දොරත් එක්ක නිසා සූම් කරලා ඒක බලලා මගේ ඇස් දෙකත් දනවා වගේ.




ඊට පස්සෙ පිහියෙ අත් සලකුනු චෙක් කරා. ඒකෙ දෙන්නෙක්ගෙ අත් සලකුනු තිබුනා. ශනෙල්ගෙ නෙවේ අනිත් කෙනාගෙ අත් සලකුනු වලට අර මනුස්සයාගෙ අත් සලකුනු ගැලපෙනවා කියන්න ට්‍රයි කරාට ඒකෙනුත් මං ෆේල් උනා.




ගොඩක් සාක්ෂි වර්නකුලසූරියට වාසියි. ශනෙල්ට විරුද්දවයි. අර ඩෝ හැන්ඩ්ල් එකේ තියෙන ෆින්ග ප්‍රින්ට් එක විශේෂයෙන්.




මං පැරදෙන්න පෙර ලකුනු කියලා මට ඒ හැමදේම දැනුනේ. මට ගොඩක් බයයි. අනිත් කිසිම කේස් එකකට ෆේස් කරන්න කලින් ඇති උන හැගීම්වලට හාත්පසින් වෙනස් හැගීම් මට දැනුනා. ගොඩක්ම බය.




අද ශනෙල්ව රිමාන්ඩ් කරනවා. බලාපොරොත්තු ඇතුවද නැතුවද මං දන්නෑ හිස් හැගීමකින් මං කා එකට නැග්ගෙ හෙට ෆේස් කරන කේස් එකට කලින් ශනෙල්ගෙ මූන බලන්න යන්න.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H



Report Page