The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

36🌼👀




තව සතියකින් ඒ කියන්නෙ ලබන සතියෙ අගහරුවාදා ශනෙල්ගෙ කේස් එක ආයෙත් විභාග කරනවා. මොන දේ කරන්නත් මට හරියටම තියෙන්නෙ තව සතියයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




එදා රෑ මං ඩිනර් අරන් මගේ රූම් එකට ගිහින් දොරත් ලොක් කරලා ඇදට ආවෙ මට නිදහසේ හිතන්න ඕනි උන නිසා.




මං ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනි. ශනෙල් සීයට සීයක් හරියි කියලා හිතලා වැඩ කරොත් මට මේක වරදියි කියලා බයයි. ඒත් හිතට එකගව ශනෙල් වැරදිකාරයෙක් කරන්න බෑ මට. ශනෙල් කියපුවා ඇත්ත වෙන්නැති. ඒත් ඒව ඔප්පු කරන්නෙ කොහොමද.




ශනෙල් හරියි කියලා කියන්න මට පලවෙනියටම චෙක් කරන්න වෙන්නෙ සීසීටීවී. ඒත් ඒව එතන තියනවා කියලා සහතික වෙන්න මට බෑ. සහමර විට අර කියපු මනුස්සයා ගාව ඒවා ඇති එහෙමත් නැත්තම් ඒවා කුනුකූඩෙටම ගිහිල්ල ඇති. ඒ කොහොම උනත් ප්ලවෙනි ස්ටෙප් එක විදිහට මට කරන්න වෙන්නෙ ඒක.




ඊට පස්සෙ මේ මර්ඩ එක උන රූම් එක මට චෙක් කරන්නෝනි. ඒත් දැන් මේ සිද්දිය වෙලා සති ගානක්. සාක්ෂි ගොඩක් එතනින් නැති වෙලා ඇති. කොහොම උනත් හෙට උදේම වොරන්ට් එකක් ගන්නෝනි.




මං නිදා ගන්න යන්න කලින් එක පාරක් නිකමට ෆෝන් එකේ ස්ක්‍රීන් එක බැලුවා. දැන් ගොඩක් දවසකට කලින් ශනෙල්ට් දාපු මැසේජ් එකට රිප්ලයි එකක් ඇවිත් තිබ්බා. ඒකට රිප්ලයි කරන්න ඔන්ලයින් යද්දිම කෝල් එක ආවෙ ශනෙල්ගෙන්.




" තාම නිදි නැද්ද ලෝයර් මිස් "




" ඇයි.... දැන් වෙලාව කීයද "




" 12.45. මෙච්චර වෙලා පොල් ගෑවද නිදා ගැන්නැතුව. "




ශනෙල් කියද්දි ෆෝන් එකේ වෙලාව බැලුවමයි දැක්කෙ ඇත්තටම රෑ දොලහත් පහු වෙලානෙ කියලා.




" නෑ මේ ෆෝන් එකට කොට කොට හිටියෙ. හෙට උදේම ගමනක් යන්න තියෙනවා මං තියන්නද එහෙනම් "




" කොහෙද යන්නෙ මාත් එන්නද "




" එපා. ඕනි නෑ. ඒක නෙවේ ඔයා බිව්වද "




" අහ් මේ.... න්.... නෑ නෑ බිව්වෙ නෑ "




" ඔයා දැන් ඉන්නෙ කිචන් එකේ නේද. බොරු කිව්වොත් කිචන් එකේ වතුර හැලිලා ඔයා ලිස්සලා වැටෙයි 😌 "




ග්ලාස් වගයක්ද කොහෙද එකට හැප්පුන නිසා මං ගෙස් කරලා කිව්වෙ විහිලුවට වගේ.




" මොනාද නංගි බලවකෝ වතුරත් හැලුනනෙ. යනවා ගිහින් නිදා ගන්නවා මංම කර ගන්නම් "




ශනෙල් වතුර හැලුනා ගගා නංගිට කෑ ගහද්දි මට හිනා ගියේ ඊලගට ශනෙල් ලිස්සලා වැටෙන සද්දෙ ඇහෙනකම් ඉවසිල්ලක් නැතුව. ඒත් වැඩක් නෑ ඊලග ටික ශනෙල් එක හුසමට කියලා ෆෝන් එක කට් කරේ මට ගුඩ් නයිට්වත් කියන්න බැරි වෙද්දි.




" මේ හරි අසෙනි ඔයා නිදා ගන්න. ඔයා හෙට යන තැනක මටත් කියලා යන්න ගුඩ් නයිට් ඇහ් "




ෆෝන් එක ටේබල් ලෑම්ප් එක ලගින් තියලා මං ලෑම්ප් එක ඕෆ් කරන්න යද්දිම රූම් එකේ දොරේ කකුලක් වැදෙන සද්දෙ ඇහුනෙ මං ගැස්සිලා යද්දි. රෑ 12ත් පහු වෙලා. හොල්මනුත් එන වෙලාව. අයියත් නිදි. ගේ ලයිට්ස් එකක්වත් ඔන කරලා නෑ. ඇත්තටම බය උනා. නිකමට කතා කරේ අයියද බලන්න.




" අයියා ඔය ඔයාද.... "




" තමුසෙ තව නිදි නැද්ද නංගි. මං එන්නද "




" එන්න "




අයියා ඇතුලට එන්න කලින් ෆෝන් එකේ කෝල් ආපු කන්ටැක් ලිස්ට් එක බැක් කරලා පවර් බට්න් එක එබුවෙ දැන් ශනෙල් කතා කරපු එක අයියට ඇහුනද දන්නෑ කියලා හිත හිත.




" මොනවද කරන්නෙ නිදා ගන්නෙ නැද්ද "




" මේ යන්න හදන්නෙ "




" තමුසෙ කෝල් එකකද හිටියෙ 🙄 "




" මේ මං.... නෑ පිස්සුද "




" නංගි කැරපොත්තෙක් "




අයියා එක පාරකට කෑ ගහද්දි ඇදේ නිදන් හිටපු මං ඇද උඩම හිට ගත්තෙ කෑ ගහගෙන. කෝ කොහෙද කියලා අහන්න අයියා දිහා බලන්න යද්දියි දැක්කෙ ඌ මගේ ෆෝන් එක අරන් රූම් එකෙන් එලියට දුවනවා.




ඔය ඇට්ටරයා මොන ගේම ගහලා හරි ලොක් එක ඇර ගත්තොත් ඉඅවරයි. මං මොනවද කියන්නෙ එතකොට. හෑ ! අයියෝ !! මං දන්නෑ. මූ නං නිදහසෙ නිදා ගන්නවත් දෙන්නෑ.




ඇදෙන් පැනලා අයියා පස්සෙ දිව්වෙ අයියා හිනා වෙවී ෆෝන් එක අරන් සාලෙ සීෆා සෙට් එක වටෙම දුවද්දි.




" ඒයි අයියා.... මෝඩයා ඕක දෙනවකෝ "





" 😝 "




" කැත වැඩ කරන්නෙපා හලෝ කෙල්ලන්ගේ ෆෝන් බලන්න ලැජ්ජා නැද්ද ඉන්නවකො කියන්න මං මගෙ නෑනට "




මං කෑ ගහන්න කෑ ගහන්න අයියා මට විරිත්ත විරිත්ත හිනා වෙවී සෝෆා සෙට් එක වටේම දුවනවා. එහෙමයි කියලා මං සැලෙනවද. නෑනෙ නෑනෙ.




දුව දුව හිටපු අපි දෙන්න එක තැනම ස්ට්‍රක් උනේ දොරට තට්ටු කරන සද්දෙ ඇහුන නිසා. අපි දෙන්නගෙ සද්දෙ නිසා ලාවට ඇහුන සද්දෙ අපි දෙන්නගෙ සද්දෙ නැවතුනාම ඇහුනෙ නෑ. මට ඇහුන සද්දෙ අයියටත් ඇහුනද කියලා හන්න වගේ මං අයියගෙ මූන දිහා බැලුවෙ පුදුමෙන්. අයියත් ඒ ප්‍රශ්නෙ මගෙන් අහන්න වගේ මං දිහා බැලුවෙ පුදුමෙන්.




අපි දෙන්න පුදුම වෙලා මූනට මූන බලන් ඉද්දෙ ආයෙත් දොරට තට්ටු කරනවා ඇහුනෙ ඇස් දෙක නලලෙ ගහගෙන අපි දෙන්නම කරන්ට් එකක් වැදුනා වගේ ආපහු දොර දිහා බලද්දි.




ඒ සද්දෙත් එක්ක අයියා මං ලගටයි මං අයියා ලගටයි දුවන් ගිහින් දෙන්නම බදාගෙන දොර දිහා බලන් හිටියෙ ආයෙත් ඒ සද්දෙ ඇහෙයිද බලන්න.




තුන්වෙනි පාරටත් දොරට තට්ටු කරා. ඒත් එලියෙන් කවුරුත් කතා කරේ නෑ. මං නම් කෙල්ලෙක් නිසා බය උනාට කමක් නෑ කියහන්කෝ. මූ කොල්ලෙක් වෙලා මොකටද බය වෙන්නෙ. සතුටුයි. මට මාර නිර්භීත අයියා කෙනෙක් ඉන්නෙ.




" ඒයි මේ. දොර අරිනවකෝ "




" කොල්ලෙක් නේද. නංගිව පාවලා දෙන්නෙ. ඔයා අරිනවකෝ "




" ඒ උනාට ඒයි. හා එහෙනම් දෙන්නම යමු "




" හා ඒහම් කරමු "




" එහෙනම් යං ඇහ්. එකායි දෙකායි තුනායි "




අපි දෙන්නා බදාගෙනම හෙලක් දිගේ තියෙන එල්ලෙන පාලමක යනවා වගේ අඩියෙන් අඩිය ඉස්සරහට ගිහින් දෙන්නම මූනෙන් මූන බාලාගෙන දොර ඇරියා.




එදා හොදටම රෑ වැස්ස. දොර ඇරිය ගමන් කන් දෙකම පුරෝලා ඇහුනෙ වතුර බිංදු ෂෝ ගාලා පොලොවට වැටෙන සද්දෙ විතරයි.




අයියා අනිත් පැත්ත බලාගෙන ඉද්දි මං බැලුවෙ එලියෙ කවුද ඉන්නෙ කියලා. හොදට තෙමිලා වෙව්ල වෙව්ල එතන හිටියෙ මිහිලි අක්කා.




" අක්කෙ ? "




මං එහෙම කෑ හගද්ඩි අයියා ඒ දිහා බැලුවෙ කරන්ට් එකක් වැදුනා වගේ. ඒ තත්ත්පරෙන් මාව අතෑරලා අක්ක දිහා පුදුමෙන් බලාගෙන අයියා එයා දාගෙන හිටපු ජර්සි එක ගලවලා අක්කගෙ ඇගට දාලා එයාව වාත්තු කරගෙන ගෙට එක්කන් ආවෙ මාත් අක්කට එන්න බාගෙට ඇරලා තිබ්බ දොර හොදට අරිද්දි.




" මිහිලි මොකද උනේ පැටියො "




අක්කව සෝෆා එකේ ඉන්දවන ගමන් අයියා ඇහුවෙ එයත් අක්කට එහා පැත්තෙ ඉදගන්න ගමන්. මං දුවලා අයියගෙ රූම් එකට ගියේ ටවල් එකක් ගේන්න.




ගෙනාපු ටවල් එක අයියට දුන්නම අයියා වෙව්ල වෙව්ල හිටිය අක්කගෙ කොන්ඩෙ පිහදැම්මා.




ටික වෙලාවකින් අක්ක කතා කරේ අපි තුන්දෙනාම සෝෆා වලට වෙලා කකුල් දෙක උඩ තියාන බෙඩ් ශීට් එකක් ගෙනල්ලා ඒක තුන්දෙනාටම පොරවගෙන හදා ගත්ත තේක බොන ගමන්.




" අද මට නයිට් ඩියුටිනෙ අකේශ්. ඉතින් නයිට් ඉවර වෙලා ගෙදර යන්න හදද්දි හොදටම වැස්ස. මං අම්මට කෝල් එකක් දාලා කිව්වා වැස්ස නිසා අද යාලුවෙක්ගෙ ගෙදර නවතිනවා කියලා. රෑ 12ට වෙන කාගෙ ගෙදර යන්නද අකේශ්. සොරි අනේ. මේ වැස්සෙ ගෙදර යන්න විදිහක් තිබුනෙම නෑනෙ. මේ වැස්සත් දැම පටන් ගත්තනෙ. කා එක එලියෙ දාලා මෙතන්ට එන්නවත් මට කුඩයක් තිබ්බෙ නෑ. ඉතින් තෙමුනා. හොදටම සීතලයි. "




" මොනාද මිහිලි කිව්ව නම් මං එනවනෙ "




" නංගි තනියෙන් ගෙදරනෙ අකේශ්. කමක් නෑ දැන් හරිනෙ "




ඒ රෑ අපි තුන්දෙනා සාලෙ ටයිල් එක උඩට මෙට්ටයක් දාලා ඒකට ශීට් එකක් එලලා බෙඩ් ශීට් එකකුත් පොරෝගෙන නිදා ගත්තෙ සීතලේ ගැහි ගැහි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H







Report Page