The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

35🌼👀




මොහොතකට අපේ හදවත්වල ලබ් ඩබ් සද්දෙ මගෙ ඔෆිස් රූම් එකේම ඇහුනා වගේ. ඊලගට එන උත්තරේ බලාපොරොත්තුවෙන් මං හිටියෙ නොයිවසිල්ලෙන්. ශනෙල්ගෙ මූනෙ තිබ්බෙ මට කියවන්න අමාරු හැගීමක්. එයා හිටියෙ එකක් තෝර ගන්න බැරුව වගේ. ඒත් අශේන්ගෙ මූන සතුටින් පිරිලා. මං අමාරුවෙන් හිනා වුනේ ශනෙල්ට පේන්න. මට මේක අපහසුවක් නෙවේ කියලා පෙන්නන්න. තත්ත්පරයක් ගානෙ මං හිතින් කිව්වෙ මේක මට කරන්න දෙන්න ශනෙල් කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මං පුටුවෙන් නැගිට්ටා. ඒ රූම් එක පුරාම තිබ්බ නිශ්ශබ්ද බව මට වදයක්. මං නැගිට්ටම අශේන් ශනෙල් දෙන්නම් නැගිට්ටා.




" ඒත් අසෙනි..... "




" ශනෙල්..... ශනෙල් මට කේස් එකක් කියන්නෙ පෙෂර් එකක් නෙවෙයි. ඒක ඔයාගෙ නෙවේ මගෙ අයියගෙ කේස් එකක් උනත් ඒක මට පෙෂර් එකක් වෙන්නෑ ශනෙල්. ඒක මට විනෝදයක්. තේරුම් ගන්න ප්ලීස්. මට මේක කරන්න දෙන්නකෝ. ඔයාට ඔයාව වටින්නැති උනාට ඔයාව වටින ගොඩක් අය ඔයා වින් කරනකම් බලන් ඉන්න ගොඩක් අය ඉන්නව ශනෙල්. ප්ලීස් "




ශනෙල් එක එල්ලෙ මගේ ඇස් දිහා තත්ත්පර ගානක් බලන් හිටියා. මාත් ඇස් අහකට ගන්නැතුව ඒ දිහා බලන් හිටියෙ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒත් ඒ ඇස්වල බලාපොරොත්තු සීසීකඩ විසිරිලා වගේ. ශනෙල් පවු. මට එයාට උදව් කරන්නෝනි. ඒත් එයා මට ඒක කරන්න දෙන්නෑ.




මගෙ දිහාම බලන් ඉදලා ශනෙල් හැරිලා දොර ලගට ගිහිල්ලා දොර අරින්න යද්දිම අශේන් වේගෙන් ගිහින් ශනෙල් දොර අරින්න තිබ්බ අත ඇදලා ශනෙල්ව එයාගෙ පැත්තට හරව ගත්තා. අශේන් තරහින්. මට බය හිතුනා. තත්ත්පර දෙක තුනක් ම අශේන් ශනෙල් දිහා තරහින් බලන් හිටියා. ඊලගට අශේන්ගෙ අත ශනෙල්ගෙ කම්මුලක නැවතුනේ මංවත් ශනෙල්වත් බලාපොරොත්තු නොවුන විදිහට.




ශනෙල් මොකුත් හිතා ගන්න බැරුව අශේන් ගහපු කම්මුල අල්ලගෙන අශේන් දිහා බලන් හිටියේ අහිංසක විදිහට. මට කෑ ගහන්න බැරි නිසා මගේ අත් දෙකෙන්ම මගේ කට තද උනේ මටත් නොදැනිමයි. ශනෙල් හිටියෙ දුකින්. එයාට ඕනි උනේ ෆ්‍රී එකක්. ශෙනෙල් එහෙම අවුලෙන් හිටපු වෙලාවෙ අශේන් එහෙම ගහපු එක වැරදියි. මට ශනෙල් ගැන ගොඩක් දුක හිතුනා.




තාමත් කම්මුල අල්ලගෙන අහිංසක විදිහට හිටපු ශෙනෙල්ගෙ ඇස්වල කදුලු කැට දිලිසුනා. අශේන්ව චුට්ටක් තල්ලු කරලා මං ශනෙල් ඉස්සරහට ගිහින් එයාගෙ එක අතක් අල්ල ගත්තෙ එයාගෙ හැගීම් මට තේරුන නිසා.




" ශනෙල් මේ අහන්න. ඇයි ඔයා හැම බලාපොරොත්තුවක්ම අතෑරලා වගේ ඉන්නෙ. ශන්... "




මං අල්ලන් හිටපු අත ගසලා දාලා ශනෙල් කතා කරේ තරහින්.




" බලාපොරොත්තු අතෑරලා වගේ ඉන්නවා නෙවේ අසෙනි මං අතෑරලා තමයි ඉන්නෙ. ඔයාටවත් අශේන්ටවත් මේක කරපන් වින් කරපන් කියන්න මට ඕනි නෑ. මට එහෙම කරන්න බෑ. මට තවත් මොනව ගැනද බලාපොරොත්තු තියා ගන්න කියන්නෙ ඔයාලා. ඇයි ඔය කාටවත් මාව තේරුම් ගන්න බැරි. ඇයි "




ඒ ඇස්වලින් වැටුන කදුලු ඒ දගකාර කම්මුල් තෙත් කරා. ඒ ඇස් ඒ හිත අසරනයි. ඇත්ත. තමන්ගෙම අය තමන් වෙනුවෙන් දුක් වෙනවා මහන්සි වෙනවා බලන්න අපු කවුරුත් කැමති නෑ. හැමෝම එයාට අනුකම්පා කරද්දි ලෝකයක් එයා වැරද්දත් නිවැරද්දත් අතරෙ හිර කරලා තියෙද්දි එයා ඒ හැමදේම දරාගෙන විදගෙන හිටියට ඒත් හිතක්. හැගීම් දැනීම් තියෙන හිතක්.




එයාගෙ එක අතක් මගේ අත් දෙකින්ම අල්ලගෙන මං එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බැලුවා. තමන් කියන්න යන දේ අවංකයි නම් ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහා ඩිරෙක්ට් බලාගෙන කතා කරන්න පුලුවන් කියලා දවසක් මට මිහිලි අක්කා කිව්වා. ශනෙල් උසයි. ඒ නිසා මං එයා දිහා බැලුවෙ උස කුලුනක් දිහා බලනවා වගේ. එයා ඉස්සරහ මං නිකන් උස ගහක් යට තියෙන සාමාන්‍ය උස පදුරක් වගේ.




" ඔයා මේක දින්නොත් ඔයාගෙ අම්ම තරම් මේ ලෝකෙ සතුටු වෙන කෙනෙක් තවත් නෑ ශනෙල්. අම්මයි නංගියි ඔයාට එදාට කෝට් එකේදි බදාගෙන සතුටු කදුලු වට්ටන දිනේ ඔයාට පේන්නෙ නැද්ද. මේ ප්‍රශ්නෙන් නිදහස් උනාට පස්සෙ බීච් එකේ ඇවිද ඇවිද රැල්ල පාග පාග ඒ නිදහස විදින දවස පෙන්නැද්ද ඔයාට. ආයෙත් ඔයාගෙ යාලුවො එක්ක ජීවිතේ හැම මොහොතක්ම එන්ජෝයි කරන්න පරන විදිහටම ඔෆිස් එකේ වැඩ සතුටින් කරගෙන යන ඒ කාලෙ එනවට ඔයා කැමති නැද්ද.




තාමත් ඔයා ලෝකෙට අපරාද කාරයෙක් නෙවේ ශනෙල්. ඔයා තාමත් ලෝකෙට මිස්ට ලෝයර් ශනෙල් නිමේශ්ම තමයි. ඔයාට තව සතියක්ම තියෙනවා. හිතන්න. ඒ සතියම ඔයාව අපරාදකාරයෙක් වෙන්න ඇරලා බලන් ඉන්නව නැත්තම් එතනින් පස්සෙ ඔයා ලබන ජීවිතේ ගැන හිතලා සතුටු වෙනද කියලා. ඔයා ආදරේ කරන අය එක්ක ලගින් ඉන්න සතුටින් හැමදාමත් ඉන්න කැමති නම මගේ අත අල්ල ගන්න. නැත්තම් ඔයා යන්න හදපු ගමන් යන්න. චොයිස් ඊස් යුවර්ස් "




අන්තිමට කියපු ටික බෙල්ල ඇදකරලා මං කිව්වෙ බොරු හිනාවක් මූනට අරගෙන. එයා කල්පනා කරා. මගේ හදවත වේගෙන් ගැහෙනවා. ශනෙල්ගෙ හිත කියවන්න පුලුවන් උනා නම්.....




විනාඩි ගානකට පස්සෙ එයාගෙ අත අල්ලන් හිටපු මගේ අත උඩින් එයාගෙ අනිත් අතත් තිබ්බෙ ඔයාගෙ චොයිස් එක ඒක කියන්න වගේ. ඒ තිබ්බ එයාගෙ අත දිහා බලන් හිටපු මං ඒක ඔයාගෙ උත්තරේද අහන්න වගේ ශනෙල්ගෙ මූන බැලුවා. ශනෙල් ඔව් කියන්න වගේ ඔලුව වැනුවෙ චූටි හිනාවක් එක්ක.




මං එයාගෙ අත අතෑරලා චුට්ටක් අයින් උනේ අශේන්ට කියන්න ගොඩක් දේවල් ඇති කියලා දන්න නිසා. මං අයින් උන ගමන් උඩ පැනගෙන අශේන් ශනෙල්ව බදා ගත්තෙ සතුටුයි මචන් කියන ගමන්. ශනෙලුත් අශේන්ව බදා ගත්තෙ කදුලු පිහදගෙන හිනා වෙලා.




අශේන්ටත් ටී එකක් එහෙම දීලා අපි එහෙම්ම කෝට් එකට ගියා. කේස් එක බාර ගන්න ඕනි හැම ඩොකියුමන්ට් එකක්ම කම්ප්ලීට් කරගෙන කෝට් එකේ තිබ්බ චූටි චූටි වැඩ ටිකකුත් කරගෙන මං එහෙම්මම ගෙදර ගියා. අශේනුත් බෝඩිමට යනවා කිව්වෙ ශනෙලුත් ඒ එක්කම අශේන්ගෙ ගෙදරම යනවා කියද්දි. යන්න කලින් මං අශේන්ට කතා කරා.




" බොන්න ඉල්ලුවොත් ගහපන් අශේන් ඇහ් "




" අහ් හා හා බන් ඒවා බලාගතෑකි "




එතකොට තමයි තේරුනේ ඒක කිව්වෙ හරිම එක්කෙනාට කියලා. එක වල්ලෙ පොල්නෙ ඉතින්. මොනා කරන්නද.




ශනෙල්ට කිව්වට එයාගෙ හරි අයියාගෙ හරි කේස් එකක් මට හැන්ඩ්ල් කරන්න හම්බුනොත් ඒක මට පෙෂර් එකක් නෙවේ ඒක සතුටක් කියලා ඒක ගොඩක් අමාරු වෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මං කොහොම හරි කරන්නෝනි. උදව් ඉල්ලන්න කියලා මට ඉන්නෙ දෙවියො විතරයි. ශනෙල් අවංකයි. එයා වැරදිකාරයෙක් නෙවේ. මේ ලෝකෙ දෙවියො ඉන්නවා නම් දෙවියො හොද දේවල් කරද්දි පිහිට වෙනවා නම් මං දිනයි. නෑ ශනෙල් දිනයි.




තව සතියකින් ඒ කියන්නෙ ලබන සතියෙ අගහරුවාදා ශනෙල්ගෙ කේස් එක ආයෙත් විභාග කරනවා. මොන දේ කරන්නත් මට හරියටම තියෙන්නෙ තව සතියයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ටංට ටාං.... බෝනස් එපිසෝඩ් එක තමයි මේක ඇහ්. අද තව එපිසෝඩ් එකක් ගෙනාව ඔන්න පොරොන්දු උන විදිහට.




මේමනෙ වෙනදා ඔයාලා 58 68 ඕමනෙ කමෙන්ට් දෙන්නෙ. ඉතින් මං හිතුවා අදත් එහෙම වෙයි බෝනස් දෙන්න වෙන්නැති වෙයි කියලා. හැපි එකේ හිටියා ඉතිම්. පස්සෙ ඇවිල්ල බලද්දි දෙකිය ගානක් තිබ්බා. කම්පියුස් උනා ඉතිම් 🥲




කෝම හරි දුන්න පොරොන්දුව ඉස්ට කොරන්ටත් එපැයි. මං බොරු බලපොරොත්තු දුන්නෑ හැබැයි. බොරු චෝදනා කරන්නෙපා ඇහ්. ආයෙ කමෙන්ට් ඕනි 500ක්වත් 😌😏 හැම කමෙන්ට් එකකට තැම්කූ ♟️❤️👀




♾ U_H






Report Page