The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

34🌼👀




මං කතා කරේ එයා කියපු දේවල් මං හොරෙන් අහන් හිටපු එක වැරදියි කියලා මගෙ හිත කියපු නිසා. ඒත් මට ඒක කියා ගන්න හම්බුන්නැත්තෙ ශනෙල් මැදින් පැන්න නිසා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" දන්නවා ඔයා හදන්නෙ ඔයා නිදාගෙන නෙවේ හිටියෙ කියන්නනෙ. ඔයා එහෙම කැත වැඩ කරාට මං කරන්නෑ 😌 ඔයා කරේ බොරුවක් උනාට එදා මට ආපු කෝල් එක නම් බොරුවක් නෙවේ "




" ඉතිම් මට මොකද තමුන් ඒකි එක්ක ඕන තැනක ඕනි විදිහට නටා ගන්නවා. මට කමක් නෑ ඉතිං "




" අනේ මන්දා ඉතින් මේවා නම් "




එයාගෙ කොන්ඩෙ අවුස්ස අවුස්ස එයාට මට ගැහුවෙ හින්ට් එකක්. ඒක මට තේරුනා. මං මොකුත් නොකියා හිටියෙ එයාටම කතා කරන්න ඉඩ දීලා.




" ඉතින් එදා ඔයාව බලලා ගියාට පස්සෙ මට තිබ්බ ප්‍රශ්න මදිවට තවත් අලුත් ප්‍රශ්නයක් සෙට් උනා. මගේ ලක් එක ගැන නම් මට කියන්න වචනත් නැති තරම්.




එදයින් පස්සෙ ඔයත් මාත් ආයේ මීට් උනේ අර බීච් එක ලග කැෆේ එක ගාවදිනෙ. මං දැක්කා ඔයා මං දිහා බලන් ඉන්නවා. ඔයාගෙ ඇස්වල කදුලු එලියට දාන්න බැරුව වගේ ඔයා ඉන්නවා මං දැක්කා. මීට කලිනුත් ඔයා හොස්පිට්ල් ගියේ මං නිසා. මගේ වැඩ නිසා. ආයෙත් එහෙම වෙනවා බලන්න මට ඕනි උන්නෑ. රියාට මං කිව්වා. මං හිතන්නෙ එයා තේරුම් ගත්තා. එයා ආපහු මොකුත් කියන්න කලින් මං ඔයාට කතා කරන්න දුවගෙන එනකොට ඔයා හිට්...... "




" ශනෙල්.....? "




මං කතා කරේ ඒ වෙලාවෙ මට අහන්න ඕනිමයි කියලා හිතුන ප්‍රශ්නයක අහන්න.



" ම්ම්ම් ? "




" රියා කවුද. ඔයා එයාගෙ අත් අල්ලන් හිටියා. ඊට පස්සෙ මං බීච් එකේ ඉද්දි මාව ඇදන් ගියා. ඔයා රියාව එහෙම එක පැත්තක තියාගෙන මගෙත් එක්ක එහෙම ෆ්‍රෙන්ඩ්ශිප් එකක් තියෙන එක.... "




මං කියන්න ගියපු එක නවත්ත ගත්තෙ ශනෙල් මගේ මූන බලන් හිනා වෙන්න ගත්ත නිසා. මං එච්චර සීරියස් කතා කරද්දි එහෙම හිනා වෙන එක වැරදියිනෙ අප්පා. මං කියන්න ගියපු එක නවත්තලා රැව්වා. එයා හිනා වුනා.




" අසෙනි..... රියා එක්ක ක්ලබ් එකේ මං ඩාන්ස් කාරා තමයි. එතකොට මට සිහියක් තිබුන්නෑ. ඊට පස්සෙ දවසෙත් ක්ලබ් එකේ එයව මං බලාපොරොත්තු උන්නෑ. එයයි මං ගාවට ආවෙ. ඊට පස්සෙ එයා මට කෝල් මැසේජ් කරා. බ්ලොක් කරන්න බැරිකමට මං හිටියට මට කිසිම ඕන කමක් තිබ්බෙ නෑ.




මට පස්සෙයි තේරුනේ එයාගෙ හැසිරීම. එදා කැෆේ එකේදි එයා මට කතා කරේ ඒ ගැන. ආදිට මං ආදරේ කරේ එයාගෙ අහිංසක කමට. ඒත් එයා එහෙම නෑ කියන එක තේරුම් යද්දි මං ගොඩක් පරක්කු වැඩියි.



ක්ලබ් යන ඩ්‍රින්ග්ස් ගන්න රියා වගේ කෙල්ලන්ට මං කැමති නෑ. රියා එහෙම කෙල්ලෙක් උනත් එයා හොදයි. අනිත් අයව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් එයා. එදා මං රියාට කිව්වා....




" රියා ඔයා හොද කෙල්ලෙක්. ඒත් ඔයා හිතන් ඉන්න කෙනා නෙවෙයි මම. ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙයි. ක්ලබ් යන ඩ්‍රින්ග්ස් ගන්න කෙල්ලෙක් නෙවෙයි මං බලාපොරොත්තු වෙන්නෙ. මං කැමති නෑ එහෙම අයට. සොරි රියා. මං හින්දා ඔයාට වුන හැමදේකටම. "




මං කෙලින්ම කිව්වෙ ඒ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසයි. රියාගෙ ඇඩුවෙ නෑ. මට පුදුම හිතුනා. එයා විනාඩි තුන හතරක්ම හිටියෙ කතා නැතුව. එයා හුස්ම ගන්නවද කියලත් මට සැක හිතුන තරම්. ඒ විනාඩි කීපයේදි තමයි ඔයා මාව දැක්කේ. ඒත් ඔයා දිව්වා. ආයෙ මොනා හරි ප්‍රශ්නයක් වෙයි කියලා මට බය හිතුනා. ඒ නිසා එතනින් ඉක්මනට එන්නයි මට ඕනි උනේ.




මං ඔයා දිහා බලන් ඉන්නවා රියා දැක්කා. ඔයා දුවනවත් දැක්කා. එයා කිව්වා " යන්න ශනෙල් එයා ගොඩක් දුකින් වගේ. අනික ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ. ඔයාව මීට් උන එකට සතුටුයි " කියලා. රියා එහෙම කියලා එතනින් ගියා. එයා ඇඩුවෙ නෑ. ඒත් එයා පස්සෙ ඇඩුවද මං දන්නෑ. ඒත් මට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. මං කරේ හරි දේ කියලා මං හිතන් ඉන්නවා.




රියා ගියපු විනාඩියෙන් මං දුවන් ආවෙ ඔයා හොයාගෙන. මං හිතුවෙ දැනටමත් අඩනවා ඇති කියලා. ඒත් මං දැක්කෙ වෙන දෙයක්. දැන් මං දෙයක් අහන්නද අසෙනි "




" අහන්න මොකක්ද "




" ඒ කවුද "




ශනෙල් වගේම මාත් කින්ඩියට හිනා උනා. එයාට විතරක් ඇයි මටත් පුලුවන් එහෙම හිනා වෙන්න. කොකාට වාරයක් එනව නම් තිත්තයටත් එනවනේ 😌 ඉතින් මං ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.




" උබ කන්න යන්නෙ ඉතින් ඇහ් "




ශනෙල් රැව්වා. හිනා වෙනකොට අඩනකොට තරහ යනකොට නඩු කතා කරනකොට.... හැම වෙලාවකට වගේ රවනකොටත් එයා කිවුට්.




" ඒ අයියා කෙනෙක් "




" ඔව් මං දන්නවා. ඔයාට වඩා බාලයි නම් එහෙම ඉදියි ඈ. අයියා මොකාද කියලා තමයි අහන්නෙ "




" අයියූ ශනෙල් ඒ මං මැරි කරන්න ඉන්න කෙනා 😌 "




මං කිව්වෙ ඕනවට එපාවට හිතන්නැතුව. ඇත්තටම එහෙම කිව්වත් අවුලක් නෑ නෙ. අපේ හසිරු අයිය බදින ඒ වාසනාවන්ත කෙල්ල මම. කොච්චර ගැම්මක්ද. ශනෙල් බිම බලාගත්තෙ මහන්සියෙන් වගේ. මං වෝට ග්ලාස් එක ලං කරා. එයා එක උගුරට ඒක බීල දැම්මා. ඊට පස්සෙ ආයෙත් පටන් ගන්න පාටක් නැති නිසා මං කතා කරා.




" කියන්න ඉතින් ඉතුරු ටිකත් "




" ඉතින් එතනින් පස්සෙ ඉවරයිනෙ. එතනින් පස්සෙ අද මේ දැන් තමයි "




" ඇයි අර පාත් එකේ සීන් එක ඒකත් කියන්න "




නෑ මං කිව්වෙ නෑ ඒක කටින් පැන්නා. අනිත් හැමවෙලාවකට වගේ ඒ වෙලාවෙත් ශනෙල්ට දැනුන ෆීලින් එක දැනගන්න කම් මං බලන් හිටියා. එයා එයා කිව්වෙ නෑ නෙ. ඇයි මං මොකක් හරි වැරදි දෙයක් වගේ කිව්වද.




" අහ් ඒක මුකුත් නෑ ඉතින් එතන ඔයත් හිටියනෙ "




අනේ බෑ නෑ මට දැන් ගන්න ඕනි. ඇයි එයා කියන්නැත්තෙ.




" අනේ කමක් නෑ කියන්නකො ඒයි "




විනාඩි දෙක තුනක් බලන් ඉදලා එයා කතා කරා.




" ඒ වෙලාවෙ ඔයා එක්ක චූටි තරක් තිබ්බා මං දන්නෑ ඇයි කියලා. ඒ නිසා ඒ වෙලාවෙ මගේ කටින් පිට උනේ මං හිතලා කියපු දේවල් නෙවේ. ඔයත් මට කෑ ගැහුව. මගේ පැත්තෙන් හිතන්න කවුරුත් නැතුවැති කියලා මට තදින්ම දැනුනෙ ඒ වෙලාවෙයි. ඒ වෙලාව වෙනකොට මේක දන ගන්න ඕනි නෑ කියලා හිතපු අය මේකෙන් ඈත් කරන්න ඕනි කියලා හිතපු අය ඔක්කොම මේකට ඉන්වෝල් වෙලා ඉවරයි. තවත් හිතේ හිර කරගෙන මොනා කරන්නද කියලා හිතුනා. ඉතින් මං කිව්වා. "




ඇත්තටම ශනෙල් පවු. මං ඒ වෙලාවෙ එහෙම කතා කරපු එක වැරදියි.




" මං ආයෙත් කියන්නම් අසෙනි. මේ කේස් එකේ පෙෂර් එක නම් ගන්නෙපා ප්ලීස්. මං නිසා කවුරුත් වද වෙනවට මං කැමති නෑ. ඕන දෙයක් දරා ගන්නම්. ඒත් මේව නම් බෑ. "




අපි දෙන්නා අතරම විනාඩි ගානක නිශ්ශබ්දතාවයක් තිබ්බා. අශේන් එතන්ට කඩා පාත් උනේ නොහිතපු විදිහට.




ඌ ඇවිල්ලා මාත් එක්ක වචනයක් දෙකක් කතා කරත් ශනෙල් කතා කරේ නෑ. අන්තිමට මං තීරනේ කරා. මං කතා කරේ දෙන්නා දිහාම තීරනාත්මක බැල්මකින් බලන් ගමන්.




" මං හිතනවා මට පුලුවන්. මට මේ කේස් එක හැන්ඩ්ල් කරන්න දෙන්න කැමතිද ? "




මොහොතකට අපේ හදවත්වල ලබ් ඩබ් සද්දෙ මගෙ ඔෆිස් රූම් එකේම ඇහුනා වගේ. ඊලගට එන උත්තරේ බලාපොරොත්තුවෙන් මං හිටියෙ නොයිවසිල්ලෙන්. ශනෙල්ගෙ මූනෙ තිබ්බෙ මට කියවන්න අමාරු හැගීමක්. එයා හිටියෙ එකක් තෝර ගන්න බැරුව වගේ. ඒත් අශේන්ගෙ මූන සතුටින් පිරිලා. මං අමාරුවෙන් හිනා වුනේ ශනෙල්ට පේන්න. මට මේක අපහසුවක් නෙවේ කියලා පෙන්නන්න. තත්ත්පරයක් ගානෙ මං හිතින් කිව්වෙ මේක මට කරන්න දෙන්න ශනෙල් කියලා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




පස්නෙ කියලා ඉවරයි ලමායි 😴 දැම් තමයි සීන් එක පටම් ගම්නෙ. බෝනස් දෙන්නම් කමෙන්ට් 100වත් පන්නලා තිබ්බොත්. කමෙන්ට් කරන හැමෝටම තෑම්ස් ♟️❤️👀




♾ U_H

Report Page