The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

33🌼👀




මං ඩ්‍රින්ග්ස් ගද්දි රියාත් ඇවිල්ලා මාත් එක්ක ඩ්‍රින්ග්ස් ගත්තා. ඒ වෙලාවෙ අහම්බෙනුයි දැක්කෙ ඔයාව.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖





" මට ඕනි උනේ මට වටින මගේ ලයිෆ් එකේ ස්පෙෂන් කියලා හිතුන අයව මේ ප්‍රශ්නෙන් මගෙන් ඈත් කරලා තියන්න. ඒත් දන්නෑ ඇයි ඒ අයවම මේ ප්‍රශ්නෙට ගෑවෙන්නෙ කියලා. ඒ අයගෙන් ඈත් වෙන්න හදන හැම තත්ත්පරේකම එක්කො ඒ අය මගේ ඉස්සරහ... නැත්තම් මං ඒ අයගේ ඉස්සරහා.




ඒ මිනිහා. මං රියා එක්ක හිටියට කොච්චර අසිහියෙන් හිටියත් ඒ වෙලාවෙ ඒ මිනිහා ඔයා ලග කැරකි කැරකි ඉද්දි මට කොහෙන්දෝ අමුතු එනජි එකක් ලැබුනා වගේ 😅 ඇත්තටම ඒක හැන මං මේ ඊයෙ පෙරේදත් හිතුවා. මටම පුදුමයි.




ඒ මිනිහා ඔයා ලගින් දැන් යයි දැන් යයි කියලා මං බලන් හිටියෙ මාවම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන. ඔයාගෙ ඉස්සරහට එන්න මට ඕනි උන්නෑ. එත් ඒ මිනිහා... ඌ ඔයාගෙ අතින් ඇල්ලුවම මට එතන්ට යන්නැතුව ඉන්න බැරි උනා. ඇත්තමයි ඒ වෙලාවෙ මට ඒ මිනිහම මරන්න තරම් හිතුනා.




මට ඒ වෙලාවෙ ඌට ගහන්න දෙපාරක් හිතන්න ඕනි නෑ. ඉතින් මං ගැහුවා. මට ඒ ගැන දුකක්වත් පසුතැවීමක්වත් නෑ. එතන ඔයා නෙවේ ඒ මිනිහා රියාගෙ අත බලෙන් ඇල්ලුවත් මං ඒක කරනවා. ඒත් රියාගෙ අත නෙවේ ඌ රියාව බදාගෙන ඉදලා මං ඌට ගැහුවත් මට දුකක් දැනෙන්නෑ ඌ රියාව බදා ගත්තා නේද කියලා. ඒක මං දන්නවා. සහතික වෙන්න පුලුවන් ඒ ගැන.




ඒත් එතන ඒ මිනිහා ඔයාගෙ අත ඇල්ලුවම මට දුකක් දැනුනා. ඒ ඇයි ? මං හිතුවා. ඔයා මගේ කවුරුත් නෙවේ. ඒත් එහෙම නෙවේ නම් ඇයි එහෙම දැනුනේ. මං දන්නෑ. ඒක තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා.




ඇත්තටම එතනදි මං ඔයාව ඇදන් ගිහිල්ලා කනට ගහපු එකට නම් සොරි අසෙනි. නෑ හැබැයි. සොරි කියන්න ඕනි නෑ. සිහියෙන් නොවුනත් මං හරි දේ කරා හැබැයි "




අත්දෙකෙන්ම මූනවහගෙන හිටපු මගේ එක අතක් කම්මුලට ගියේ එදා එයා ගහපු පාර මතක වෙලා. කනත් කීං ගෑවා. ඒක රිදුනා ඇත්තටම.




හහ් මූ මාර මිනිහෙක් තමා. එයා මට ගැහුවා. මගෙ කම්මුල රතු උනා. ඒක තමා රිදෙනවා වගේ. දැන් කියනවා සොරි කියන්න ඕන්නැල්ලු.




" නෑ ඔයා සොරි කියන්න ඕනි "




පුටුවෙ අනිත් පැත්තට කැරකිලා ශනෙල්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මං කිව්වෙ තාමත් කම්මුල අල්ලගෙන.



" නෑ කියන්න ඔන්නෑ. මට ආයෙත් ගහන්න හිතෙනවා. "




ශනෙල් හිනා උනා. ඌ හිනා උනා. මෝඩයා. මට ගහන එක විහිලුවක්ද දන්නෑ. ඒක මට රිදුනා. මටත් ගහන්නෝනි ඒ වගේම පාරක් මොනවද අප්පා. අසාදාරනයි ඒක.




" ඒයි. ඔයා හිනා වුනා. ඔයා ඒකට හිනා වුනානෙ. මට ගහන එක ජෝක් එකක්ද මෝඩයා 😒😩 "




" නෑ මට ආඩම්බරයි. එක පාරක් හරි ඔයාට ගහන්න පුලුවන් උනානෙ. ඔය කොච්චර කිව්වත් කෝට් එකේ අනිත් පැත්තෙ ලෝයර්ව බය කරපු කෝට් එකේම ගැම්මක් හදන් හිටපු ලෝයර් මිස්ගෙ කට මේ ශනෙල් ඉස්සරහා නෑ නේ 😝 "




" ඒයි ශනෙල් තමුසෙ නම් 😩 ඒක අසාදාරනයි. ඔයා මට ගැහුවා. සොරි කියනවා "




" ඇත්තටම ඒක රිදුනද ඒයි 😙 "




" නැත්තම් මෝඩයා ! හා හා කියනවකෝ "




" ඇත්තටම අසෙනි ඒ වෙලාවෙ නම් මට ආවෙ සීරියස් තරහක්. ඇයි ආවෙ එතන්ට. එතන්ට එන්.... "




" ඔයා නිසානෙ 🥺 බනින්නෙපා ශනෙල් "




" ඇයි අසෙනි. මට ඕනි උනේ ඔයාව මගෙන් ඈත් කරලා තියන්න. මේ ප්‍රශ්න වලින් ඈත් කරලා තියන්න. ඔයා එහෙම ආවම ඔයාටත් වඩා මං අසරන වෙනවා. ඒක දන්නෙ මමනෙ. එතනදි ඔයට ඊට වඩා දෙයක් උනා නම්. මං මටම සමාවක් දෙන එකක් නෑ. මං එතන හිටපු නිසා හොදයි. මං නැත්තම්. ඒ මිනිහා.... "




" ශනෙල්.... තැන්ක් යූ ඇත්තටම මං ගොඩක් බය උනා. "




මට ඒක කියන්න ඕනි උනා. ඒත් චාන්ස් එකක් හම්බුන්නෑ. මං හිතන්නත් කලින් ඒක කටින් පිට උනා. ඒත් ඒක හොදයි. හිතේ හිර කරන් ඉන්නැතුව ඒක කිව්වෙක හොදයි.




මං ශනෙල්ට කිව්වෙ බිම බලාගෙන. එයා මං දිහා අහිංසක විදිහට බලනවා මං දැක්කා. ඒ බැල්ම... ඒ ඇස් දිහා කෙලින් බලන්න මට බෑ.




" කමක් නෑ. මාත් සොරි කියන්නෝනි. ඒත් ඕනෙත් නෑ හැබැයි. හැමතැනම මුරන්ඩු වෙන්න යන්නෙපා බන් හැමතැනම ගැම්මෙන් ඉන්න ගිහින් ඇන ගන්නවා දවසක උබ "




" කමක් නෑ මං නේ 😌😏 "




" හදන්න බෑ ඉතින්. "




" එපා හදන්න. කියන්න කියන්න ඉතින් "




" මං දන්නෑ එදා ඔයාට ගහපු එකට මට පවු කියලත් හිතුනා පස්සෙ. දුකත් හිතුනා. ඊටත් වඩා ඔයා මොනා හරි කරගයි කියලා බය උනා. කොච්චර මුරන්ඩු උනත් ඒ මුරන්ඩු කෙල්ල ඇතුලෙ ඉන්නෙ අහිංසක චූටි දේත් ලොකු කරගෙන ඇස්වල කදුලු පුරවන්න කෙල්ලෙක් කියලා මං දන්නවනෙ ඉතින්. මං දැක්කනෙ මං ගැහුවම ඇස්වල කදුලු පිරුන හැටි. ඊටත් වඩා අර මනුස්සයා අතින් අල්ලපු එක ගැන හිතලා හිතලම මොනා හරි වෙයි කියලා මං දැනන් හිටියා. මං හිතුවා වගේම පහුවදා වෙනකොට මේ මෝඩ ගොං කෙල්ල හොස්පිල්ට් එකේ. "




ශනෙල් ඒ ටික් කියද්දි නම් මට ලැජ්ජ හිතුනා. ඒ උනාට මටම බනින එක වැරදියිනෙ. එයා හිනදා තමා ඔක්කොම හුම්. ලෝයර් කෙනෙක් විදිහට අසාදාරනේ පෙනි පෙනී බලන් ඉන්න බැරි නිසා මං කතා කරා.




" මං මොනාද කරේ ඉතින්. ඔයා තමා ඔක්කොටම මුල. ක්ලබ් අස්සෙ රිංගගෙන. කෙල්ලො බෙල්ලෙ එල්ලගෙන. මංද වැරදි 😏 අනික මං මෝඩත් නෑ ගොනුත් නෑ හරිද "




" අනේ මගෙන් මුකුත් අහගන්නෙපා අසෙනි. මං කොහෙ ගියත් පස්සෙන් එනවා කියලා ඔයා ඇග්‍රිමනට් එකක් සයින් කරලා තියනවා කියලා මං අදනෙ දන්නෙ "




ශනෙල් පැත්තක් බලාගෙන මට හිනා උනේ හින්ට් එකක් ගහලා. මං ඉතින් කරේ කරවපු එක විතරයි. එයත් එක්ක රන්ඩු උනාම මට කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නෙ රවන්න විතරයි.




" හැච හැච තමයි " මං කිව්වෙ වෙන කියන්නම දෙයක් නැති තැන.




" මං දන්නෑ. එක ප්‍රශ්නයක් විසදෙන්නෙ කියලා සද්ද නැතුව පැත්තටක වෙලා ඉන්න හදද්දි උනේ ඒවා තව තව වැඩි උන එක. අම්මටයි නංගිටයි මූන දෙන්න බැරි නිසා ගෙදර යන්නැතුව හිටියා. ඒත් මං හිටිය ෆ්ලැට් රූම් එකට එයාලා ඇවිල්ලා මාව බදාගත්තෙ මුකුත් නොවුන ගානට. ඒත් මට හම්ංගපු ඒ ඇස්වල කදුලු.




අශේන්ව මේකෙන් ඈත් කරන්න ඕනි උනා. ඒත් ඌ තව තව මේ ගැන මහන්සි උනා. ඔයාව මගෙන් ඈත් කරන්න ඕනි උනා. ඔයත් මං නිසා කරදරේක වැටුනා. ඔය හැමෝවම මගෙන් ඈත් කරන්න හදන හැම වෙලාවකම උනේ හැමෝම මට තවත් ලං උන එක විතරයි. ඔයත් එහෙමයි.




ඔයා හොස්පිට්ල් ගියේ මං නිසා. ඉතින් ඔයාව..... "




" නෑ එහෙම නෑ. ඒක ඔයා හිංදා නෙවේ "




" අග පොටයි මුල පොටයි මැද පොටයි ඔක්කොම සෙට් වෙන්නෙ මටම තමයි ඔයා කොහොම කිව්වත්. ඉතින් මං ආවා ඔයාව බලන්න. හිතේ තිබ්බ හැමදේම මං කියලා දැම්මා. දැනන් හිටියෙ නෑ මං කවදා මේ දේවල් ඉවර වෙයිද කියලා.




රිමාන්ඩ් එකේම හිටියා නම් කොච්චර හොද්ද කියලා හැම වෙලේම හිතුනා. දැන් මට හැම දේම නැතිවෙලා. අම්මයි නංගියි ඇරෙන්න අනිත් හැමදේම. ඒ දෙන්න වෙනුවෙන් ඇරෙන්න වෙන ජීවත් වෙන්න හේතු නෑ. හේතු හදාගෙන ජීවත් වෙන්න තමයි වෙන්නෙ. ඒත් මහන්සියි.




" ශනෙල් එදා මං නිදාග්...... "




මං කතා කරේ එයා කියපු දේවම් මං හොරෙන් අහන් හිටපු එක වැරදියි කියලා මගෙ හිත කියපු නිසා. ඒත් මට ඒක කියා ගන්න හම්බුන්නැත්තෙ ශනෙල් මැදින් පැන්න නිසා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ශනෙල් මැදින් පැන්නනේ ලමයි. ඒ නිසා අදට නතර කරන්න වෙනවා 😌 අද ගොඩයි ඇහ්. ඒ හිංදා කමෙන්ට් ගොඩක් ඕනි. අනික මේකේ ඩයලොග්ස් ගොඩක් නෑ. මං දන්නෑනෙ ඔයාලට කතාව කොහොමද දැනෙන්නෙ කියලා. ඒ හිංදා කියාගෙන යම්න ඇහ්. හැම කමෙන්ට් එකකටම ගොඩාරියක් තෑම්ස් ❤️♟️👀




♾ U_H

Report Page