The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

32🌼👀




" නෑ අනේ කියන්න කියන්න කතාව කියන්න "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" ඉතිං.... එතනින් පස්සෙ වුන ගොඩක් දේවල් ඔයා දැක්කා. ඔයා දන්නැති දේවල් ඇත්තෙ පොඩ්ඩයි. සමහර විට ඒවත් අශේන්ගෙන් අහලා දැන ගන්නැති. කවුද මංදා මං ගැන අහන්නද කොහෙද ඌගෙ ගෙදරත් ආවලුනෙ 😝🙊 "




ශනෙල් ඒක කින්ඩියට වගේ කියද්දි මාව රතු වෙන්නැති.




" මං ඔයාව හොයාගෙන නෙවේ එහෙ ගියේ "




මං කටට ආපු එක කියලා දැම්මෙ ඒ වෙලාවෙ ඒක කියලවත් ලැජ්ජාව වහ ගන්න. ඒ උනාට ඊට පස්සෙ ශනෙල් කියපු එක අහලා මීට වඩා මුකුත් නොකියා කට වහන් හිටියා නම් හොදයි කියලා හිතුන.




" මං දැන් ඔයා මාව හොයාගෙන ආවා කියලා කිව්වෙ නෑනෙ ඒයි. මං මේ දන්නැතුව හිටියෙ අශේන් ඇහුවට කිව්වෙත් නෑනෙ 😙😝 "




මට කියන්න වචන මතක් උනෙත් නෑ. ශනෙල් එක්ක රන්ඩු කරලා දිනන්න මට වෙනම කෝස් එකක් කරන්න වෙනවා. මං මුකුත් කියන්නැතුව එහෙම්මම හිටියෙ දැන් ඉතින් බැදගත්ත නම් බෙරේ ගහපන් අසෙනි කියලා. විනාඩි දෙකකින් වගේ ශනෙල් ආයෙත් කතා කරේ පරන මූඩ් එකෙන්මයි.




" එදා කේස් එක මාසයක් කල් දැම්මා කියලා තීන්දුව දුන්නට පස්සෙ අශේන් ආයෙ නඩුව තියෙන දවස වෙනකම් ඇප අරගෙන තිබුනා. ඔෆිස කෙනෙක් ඇවිල්ලා මට කූඩුවෙන් එලියට එන්න කියනකම් මං දන්නෑ ඌ ඇප අරගෙනද කියලා.




එදයින් පස්සෙ මට මුකුත් කරන්න හිතුන්නෑ. කන්න බොන්න අඩුම මට නිදා ගන්න තරම්වත් මෙන්ටලි එකක් තිබුන්නෑ. මට අම්මට නංගිට ඔයාට මූන දෙන්න විදිහක් තිබ්බෙ නෑ. මං කොහොම ඒ අයට ෆේස් කරන්නද.




මගෙ අම්මට රස්සාවක් කරන තනියෙන් හම්බ කරගන්න පුලුවන් කොන්ද පන තියෙන පිරිමියෙක් වෙන්න මට ගොඩක් කල් ගියා. ඒකට මං ගොඩක් මහන්සි උනා. නංගිගෙ වැඩවලට උදව් වෙන්න පුලුවන් නෑ බෑ නොකියා සල්ලි දෙන්න පුලුවන් හොද අයියා කෙනෙක් වෙන්න මට ගොඩක් කල් ගියා.




ඒත් ඒ බිල්ඩප් කරපු හැම දේම.... මගේ ගෞරවය මගේ තත්ත්වෙ සමාජයේ මිනිස්සු ඉස්සරහ මං බිල්ඩප් කරපු මගෙ පර්සනෑලිටි එක.... හැමදේම නැති වෙන්න, විදූරුවක් වගේ කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න ගියේ එක විනාඩි කීපයක් විතරයි.




ඔෆිස් යන්න බෑ ඒකේ බාගෙට බාගයක් ඉන්නෙ මගෙම සහෝදරයො වගේ. උන් අහන ප්‍රශ්න වලට දෙන්න මට උත්තර නෑ. කොච්චර මීඩියා වලට රිලීස් කරන්නැතුව ඉන්න ට්‍රයි කරත් අංශුවක් හරි එලියට ගිහින් තිබ්බා. ඒ නිසා එලියට බැහැලා අදුර මිනිස්සු අහන ප්‍රශ්නවලට මං මොනා කියන්නද හිතා ගන්න බෑ. "




මට මතක් උනේ එදා කා එකේ රේඩියෝ ඔන් කරද්දී අහම්බෙන් ඇහුන නිව්ස් එක. ඒ ගැණ මොකුත් නොකියා මං කට වහගෙන හිටියෙ ශනෙල්ගෙ කතාවට ඩිස්ටර්බ් නොකර.




" ෆෝන් එකේ ඔන්ලයින් යන්න බෑ හැම මැසේජ් එකක්ම මොකක්ද බන් උනේ, මොකක්ද ශාම් අර සීන් එක, ඇයි බන මොකක්ද වෙලා තියෙන්නෙ.... එෆ්බී යන්නත් බෑ. මං රිමාන්ඩ් එකේම හිටියත් ඊටවඩා හොදයි කියලා හිතුන තරම් 😥0




මැසේජ් අස්සෙ ඔයාගෙ මැසේජ් එකත් තුබුනා. "




ඔව් මං ශනෙල්ට් අන්තිම මැසේජ් එක දාලා දවස් ගානක් බලන් හිටියා. ඒත් රිප්ලයි ආවෙ නෑ. අන්තිමට මං ඒක හිතින් අතෑරලා දැම්ම එයාගෙන් රිප්ලයි එනකම් බලන් ඉන්නවට වඩා මට වෙන වැඩ තියනවා කියලා හිත හදාගෙන.




" අනිත් හැමෝම වගේ ඔයත් අහලා තිබ්බෙ ඒ දේමයි. ඒත් ඒක වෙනස්. මොකක් හරි ප්‍රශ්නයක්ද ශනෙල්.... මං මොනා කියන්නද. ඔව් අසෙනි මාව රිමාන්ඩ් කරලා ඇප අරන් නිදහස් උනා කියන්නද. එතකොට ඔයා අහයි ඇයි මොකද උනේ කියලා.




මං හරියි කියලා කාටවත් කිය කිය නහයෙන් අඩන්න මට ඕනි නෑ. කා ඉස්සරහවත් අනුකම්පාවක් ලබන්න මට ඕනි නෑ. එදා මට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. ඔයාගෙ මැසේජ් එක දකින හැම පාරම රිප්ලයි කරන්න ඕනි උනා. සොරි අසෙනි බැරිම තැන මං සීන් නොකරම ඒ මැසේජ් චැට් එක ලිස්ට් එකෙන් ඩිලීට් කරා.




එදා ඒ තීන්දුව දීලා දවස් දෙකකට පස්සෙ අශේන් ආවා මගේ ෆ්ලැට් රූම් එකට.




" ශාම් උබ ඔහොම ඉදලා හරියන්නෑ බන්. උබට තව දවස් 30යි හරියටම තියෙන්නෙ. මොනවා හරි කරන්න ඕනි බන් "




ඇදේ නිදාගෙන හිටපු මං ඇස් දෙක පියාගෙනම ඌට කතා කරේ ඔනවට එපාවට.




" උබට බැරි නම් උබ මේකෙන් අයින් වෙයන් "




" ඔව් මං අයින් වෙනවා. මං නිසා උබව මාරුවෙ දාන රිස්ක් එක අරන් මට තවත් වැඩ කරන්න බෑ "




කොහොම හරි ඌ මේකෙන් අයින් වෙන්න හිතපු එකට මං සතුටු උනා.




" හ්ම් ඒක හොදයි "




" මං අයින් උනාට වෙන කෙනෙක් ඉන්නවා. මගේ යාලුවෙක්. එයා පරදියි කියලා මං හිතන්නෑ. දක්ෂයි හොදයි. අපි කතා කරමු ශාම් "




මං හිතුවෙ අශේන් ඒ ගැන හිතින් අයින්ම කරලා දාන්න යනවා කියලා. ආයෙත් ඒක කියවන්න ගත්තාම මං මාව කන්ට්‍රෝල් කරගත්තෙ අමාරුවෙන්. ඒත් ඌ දිගින් දිගටම ඒක කියෙව්වා. මට තරහ ගියා. මං බැන්නා. කෑ ගැහුවා. ඒත් අශේන් නැවැත්තුවෙ නෑ. අන්තිමට මං කිව්වා ආයෙ මෙහෙට එන්නෙපා උබෙයි මගෙයි යාලුකම ඉවර කරන්න කලින් පලයන් යන්න කියලා. අශේන් වචනයක්වත් කිව්වෙ නෑ. එයා ගියා. මං කිව්වෙ මොනාද කියලා මට තේරුනේ පස්සෙ.




එදාම රෑ 11ට 12ට විතර එලියට බැස්සෙ ෆ්‍රී එකේ කොහේට හරි යන්න කියලා. බීච් එකට යනකොට දැක්කා පොඩි කොල්ලො ටිකක් බෝතල් ටිකක් තියාගෙන හුලං වැදි වැදි හිනා වෙවී බොනවා. මං ගත්ත තව එක මෝඩ තීරනයක් විදිහට මං හිතුවා බෝතලේ කියන්නෙ ප්‍රශ්නවලට හොද විසදුමක් කියලා.




කා එක අරගෙන ඒ වෙලාවෙම මං ක්ලබ් එකට ගියා. මං දන්නෑ බීලා බීලා සිහියකින් නෙවේ මං හිටියේ. එදා රෑ මං රියා කියලා කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරලා. ඒ කෙල්ලත් සිහියෙන් ඉදලා නෑ. ඒ නිසා ඔය කිසිදෙයක් පහුවදා මතක නෑ නෙ කියලා මං ඒක අතෑරලා දැම්මා.




පස්සෙ මං උදේ ඇස් අරිනකොට හිටියේ අශේන්ගෙ රූම් එකේ ඇද උඩ. මං රෑ 1ට විතර ගෙදර කියලා ගිහින් තියෙන්නෙ ඌගෙ ගෙදර. එහෙ ගිහිල්ලත් මං බොන්න ඉල්ලලා. රෑ මං බීපු බෝතල් උදේ වෙද්දිත් මේසෙ උඩ තිබ්බා. උදේ නැගිට්ට ගමන් අශේන් මට බනින්න ගත්තා. අහන් ඉන්න බැරි තැන මං නැගිට්ටා.




මං හිටියෙ ඊයෙ ක්ලබ් ගියපු ඇදුමෙන්මයි. ඒ මං බීපු පලවෙනි පාර. නිදහස් උනාට වඩා බොන එක නුහුරු මට ඒක තවත් බරක් වගේ. එක අතකට බොනකොට නම් ඒ කිසි ප්‍රශ්නයක් මතක වෙන්නෑ. අශේන් මගේ ටයි එක බුරුල් කරලා ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා මාව ඇදටත් දාලා ශීට් එකත් පොරවලා. ඌ මං හින්දා කරදර වෙනවා. පවු කියලත් හිතුනා.




අශේන් දිගටම කිව්වෙ අසෙනිට මේක දෙමු අසෙනිට මේක දෙමු කියලා. කියවිල්ල ඉවසන්න බැරිම තැන මං එතන තිබ්බ ඩ්‍රින්ග්ස් දාලා තිබ්බ ග්ලාස් එකකට ගැහුවෙ මට ආපු තරහට. එතන තිබ්බ බෝතලේ දැක්කම මට ආයෙත් බොන්න හිතුනා. එතකොට මට අශේන් කියන ඒවා ඇහෙන්නෙ හීනෙන් වගෙනේ. ඉතින් මං මේසෙ ලගම බිම ඉදගෙන ආයෙත් බෝතලේම කටේ ගහ ගත්තා.




එතකොට තමයි අශේන්ගෙ රූම් එකේ බෙල් එක රින් උනේ. මට බනින එක නවත්තලා අශේන් ගිහින් බාගෙට දොර ඇරියෙ මට අතුලට යන්න කියන ගමන්. ඒත් මට නැගිටින්න ඕනි උන්නෑ. " අසෙනි උබ ? " අශේන්ගෙ ඒ වචන වලට මාව ඉබේම නැගිට්ටුනා. එලියෙන් ඔයාගෙ කටහඩත් ඇහුනා. මට කරන්න ඕනි මොකක්ද කියලාත් මතක උනා.




මං ඔයත් එක්ක කතා කරපු ඒ විනාඩියටත් කැමතියි. ඔයත් එක්ක රන්ඩු කරපු හැම තත්ත්පරයක්ම මට අද වගේ මතකයි. ඒ දවස් ටිකට ඔයා මට ලයිෆ් එකේ ස්පෙෂන් කෙනෙක් වගේ දැනුනා. අහේතුවක් නැතුව ඒ දැනුන හැගීම්.... මොනා උනත් මං ඒකට කැමතියි.




අම්මට නංගිට වඩා ඒ දේවල් උනාට පස්සෙ ඔයාට මූන දෙන්නෙ කොහොමද කියන්නෙ මොනාද ඒ දේවල් කිව්වට පස්සෙ ඔයාකොහොම හැසිරෙයිද.... මං බය උනා ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක නැති කර ගන්න. ඔයාව මගාරින එක හොදර රිප්ලයි එක කියලා හිතුනා. ඉතින් මං කරා. ඒත් ඒක ගොඩක් අමාරු උනා. හැම වෙලාවකම මතක් වෙන්න ගත්තා. ඒ ෆීලින් එක නැති කර ගන්න මං ගොඩක් උත්සහ කරා.




අමාරුවෙන් උනත් මගාරින්න හදපු ඔයා ඒ වෙලාවෙ ගේ දොර ඉස්සරහ හිටන් ඉන්නවා. මං ඉන්න තැනත් අමතක උනා. අර මගෙ ගොබ්බ මෝඩ යාලුවා ඔයාව ඇතුලටත් ගත්තා ඒ මදිවට. වෙන මොනා කරන්න ඉතින්. අතේ තිබ්බ බෝතලෙත් අරගෙන මං එලියට ගියා. ඒ වෙඉදිහට තමයි ඔයා එදා මාව අශේන්ගෙ ගෙදරදි දැක්කෙ.




පහුවදා රෑත් ආපහු මං ක්ලබ් එකට ගියා. ඒ එතනදි මේ හැම දේකින්ම මං නිදහස් කියලා මට හිතුන හින්දා. මං ඩ්‍රින්ග්ස් අරගෙන ඉද්දි අමතක කරලා ප්‍රශ්නයක් නෑ කියලා හිතාන හිටපු අර කෙල්ල ආපහු එතනට ආවෙ අදත් ඩාන්ස් කරමුද ශාම් ගාගෙන. මං හිතන්නෙ මං ඊයෙ රෑ නමත් කියලද කොහෙද. තව මොනා කිව්වද කියලා කොච්චර මතක් කරත් ඩාන්ස් කරා කියන එක විතරයි මට මතක තිබ්බෙ.




මං ඩ්‍රින්ග්ස් ගද්දි රියාත් ඇවිල්ලා මාත් එක්ක ඩ්‍රින්ග්ස් ගත්තා. ඒ වෙලාවෙ අහම්බෙනුයි දැක්කෙ ඔයාව.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මට සමාවෙන්න මෙයාලා 😪 කමෙන්ට් හැම එකටම තැම්කූ ඇහ් කමෙන්ට් කරන් යම්න ❤️🌼♟️




♾ U_H


Report Page