The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

31🌼👀




පොලිස්ටේෂන් එකට ගිහින් අශේන්ට කෝල් එකක් දා ගන්න මට පුලුවන් උනා. ඔෆිසර් කෙනෙක්ට කියලා. හැම දේම එකක් නෑර කියා ගන්න බැරි උනත් මං පොලිස්ටේෂන් එකේ කියද්දි ඌ දුවන් එනවා කියලා දන්න නිසා ඒ ටික කියා ගන්න පුලුවන් උනා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" ශාම්.... ශාම් මොකද බන් උනේ "




" අශේන් ඇවිල්ලා මට කතා කරද්දි මං හිටියෙ රිමාන්ඩ් එකේ. කෑ ගහලා අඩන්නවත් මාව එලියට ගනින් කියලා එතන හිටපු ඔෆිසර්ස්ලට රික්වෙස්ට් කරන්නවත් මට ඕනි උන්නෑ. උන දේවල් ගැන මට දුකක් නෑ. හිතට කරදර කරපු එක දෙයයි තිබ්බෙ.




ඒ මට මොනවා හරි උනොත් මගෙ අම්මයි නංගියි ඉන්නෙ කොහොමද කියන එකයි නිකරුනේ මැරෙන්න උන අර කෙල්ලට සාධාරනයක් කරන්න බැරි උන එකයි.




මං දන්නවා ඉස්සරහට මොනවා වෙයිද කියාලා. ආදිත්‍යාගේ මරණෙට හේතුව මමයි කියලා අවුරුදු පහකට නැත්තක් දහයකට උපරිම ජීවිතාන්තය දක්වාම සිරදඬුවම්.... කමක් නෑ. ලෑස්තියි මං බාර ගන්න.




වැරැද්දක් නොකර දඬුවම් විඳින කීයක් නම් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද. ඒත් මට දුක මං මේ වෙනකම් මහන්සියෙන් බිල්ඩප් කරපු මගේ සතුට තත්ත්වෙ ගෞරවය ඒ හැමදේම නැති වෙන එකයි.




අශේන් ඇවිල්ලා කූඩුවෙ යකඩ කම්බි අතරින් මට කතා කරද්දි මං ඒ බිත්ති හතරෙ එක මුල්ලකට වෙලා බිත්තියට ඔලුව තියාගෙන උඩ එල්ලිලා හිටපු මකුලුවෙක් දිහා බලන් හිටියෙ ඒ බිත්ති වලින් එන පුස් ගද ඉවසන්න බැරුව.




" ශාම් මොකද යකෝ උනේ. මොකුත් උන්නැත්තම් තෝ කෝල් කරේ මොන මගුලකටද. කියපන් යකෝ මොකක්ද උනේ "




අශේන් කම්බි අල්ලන් දිගින් දිගටම කෑ ගැහුවා. අපරාදෙ මේ දේවල්වලට අශේන්වත් ගාව ගත්තෙ කියලා මට හිතුනෙ එතකොටයි. ඌවත් මගේ ප්‍රශ්නවට ගාවගෙන රස්තියාදු කරන්නැතුව ඉන්නයි තිබ්බෙ මට.




ඊට පස්සෙ අශේන්ට මං හැමදේම කිව්වෙ දැන් මූට මේව කියලත් බෑ නොකියත් බෑනෙ කියලා හිතලා. අශේන්ට ඒවා කිව්වට මේ කේස් ඌ භාර ගන්නවට මං පොඩ්ඩක්වත් කැමති උන්නෑ. මං කැමති නෑ කාගෙවත් ඔලුවලට මාව බරක් වෙනවට. ඒත් මං ඒ කර ගත්ත මෝඩකම මට හිතන්න තිබ්බෙ කලින්.




මං ඒ දේවල් කියලා විනාඩියක් යන්නත් කලින් මං මේ කේස් එක බාර ගන්නවා. උබ කටවහන් පැත්තකට වෙලා හිටපන් ශාම් කියලා අශේන් කිව්වෙ දෙපාරක්වත් හිතන්නැතුව. ආයෙ කොච්චර කිව්වත් ඌ ඒක ගනන් ගත්තෙ නෑ.




මාස එක හමාරක් විතර ම ඌ මං වෙනුවෙන් නැතුනා. පවු මගෙ එකා 🥺 හරියකට කෑවෙ නෑ බිව්වෙ නෑ. උදේ ඔෆිස් එකට ගියපු වෙලාවෙ ඉදන් පෑනත් කටේ ගහගෙන ෆයිල්ස් ටික එහාට අදිනවා මෙහාට අදිනවා. සාක්ෂියක් හම්බුන ගමන් රෑ 12ටත් ඌ ඔෆිස් එකට දිව්වා.




මට පුලුවන් උනේ දැන් මේක ඇති අශේන් කියන වචන හතර කියන්න විතරයි. ඒත් ඒවා අශේන්ගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉස්සරහා වචන විතරක්ම උනා.




කවදාවත් ජිවීතේ බරක් නොවී වදයක් නොවී ජීවත් වෙන්න හිතන් හිටපු මං මගේ හොදම යාලුවට හිසරදයක් උනා. මගේ ජීවිතේම පවු ගොඩක් කියලා මට හිතුනා 😥 මං පව් කාරයෙක් කියලා හිතුන වාර අනන්තයි.




සතියක් විතරම නඩුව කතා කරා. එහෙම බැරුවොත් මාස දෙකක් විතරම මං රිමාන්ඩ් එකේ හිටියා. වැඩක් උන්නෑ. මට මං ගැන දුකක් නෑ. අශේන්ගේ මහන්සියට හරි රිසාල්ට් එකක් නොලැබුන එකයි මට දුක.




ඒත් චුට්ටක් හරි සතුටු වෙන්න පුලුවන් උනේ කෝට් එකෙන් හරි ඩිසිෂන් එකක් නොදුන්න එක. ඒක.... ඒක මාසෙක කල් ගියා. තීන්දුවක් නොදී මාසෙයක් කල් දැම්මා කේස් එක "




" ඔහ් ගෝඩ් !! තෑන්ක්ස් !!! "




නෑ මං කිව්වා නෙවේ. මට කියවුනා. කවදාවත් නැතුවම මට ශනෙල් ගැන අනුකම්පාවක් දැනුනා. නෑ ඒත් මං කැමති නෑ ඒකට. මං කැමති නෑ ශනෙල්ට ඒ වගේ අනුකම්පා කරන්න.




ශනෙල් කියන්නෙ අනුකම්පා කරන්නෝනි කෙනෙක් නෙවෙයි. ශනෙල් විතරක් නෙවේ මේ මාත් කැමති නෑ එහෙම දෙයක් මට උනා නම් මට කවුරුත් අනුකම්පා කරනවට.




ඇත්තටම ශනෙල් කියන්නෙ ආඩම්බර වෙන්නෝනි ආදර්ශෙට ගන්නෝනි චරිතයක්. ආදරේ කරා.... ඇත්ත. ඒත් ඒ ආදරේ අවසානය එහෙම උන එක ශනෙල්ගෙ වැරැද්දක් නෙවේ. එයා අනිත් අය ගැන වෙනස්ම ඇහැකින් බලන් එකයි වැරැද්ද.




කොටින්ම කිව්වොත්.... එයාගෙ හොදකම තමයි හැමදේටම මුල. ශනෙල් අහිංසකයි. ඒත් සමාජෙ හිතන තරම් ලස්සන නෑ. ඉතින් ඒක ශනෙල්ගෙ වැරැද්දක් කියන්න බෑ.




එහෙමයි කියලා ශනෙල් සම්පූර්නෙන්ම එහෙම නිදහස් කරන්නත් බෑ. එයාගෙ අතෙහ් පොඩි පොඩි හරි වැරදි නැතුවම නෙවේ. ඒ මොනා උනත් ශනෙල්ගෙ ඒ කියුට් ගතිවලට අහිංසක කමට දගකාර කමට.... මං කැමතියි 😌😝




මං ඒක කියනවත් එක්කම බිම බලාගෙන කතාව කිය කිය හිටපු ශනෙල් ඔලුව උස්සලා මං දිහා බැලනවා මං දැක්කෙ මගෙ රබර් ඇහෙන්.




" මොකක් හරි කිව්වද ඔයා "




" ඇහ්... ඕ... අහ් නෑ නෑ.... මුකුත් කිව්වෙ නෑ "




" ඕ.... නෑ..... ඔව්ද නෑද 🙄"




" නෑ අනේ කියන්න කියන්න කතාව කියන්න "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H

Report Page