The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

30🌼👀




ගේ ඇතුලෙන් අඩි දෙක තුන ටයිල්වල වැදිලා ඉස්සරහට එන සපත්තු සද්දයක් ඇහුන නිසා ආදිත්‍යව ඔඩෙක්කුවේ තියාගෙනම මං බැලුවෙ ගේ ඇතුලෙ තවත් ඉන්නෙ කවුද කියලා. ලෑ තැවරුන පිහිටක් අතේ තියන් ඒ ඉන්න කෙනා දැක්කම මට ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා. ඒ වෙලාවෙ ආපු තරහට ද දුකට ද මං දන්නෑ මගේ ඇස් රතු වෙන්නැති.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඒ එදා මායි ආදියි අතරට ආපු ඒ ඩොක්ටර් තමයි. ඌ මොකද මෙහෙ කරන්න. ආදිත්‍යගෙ රූම් එකේ මොනාද ඌ කරන්නෙ. ඊටත් ඌ අතේ තිබ්බ ඒ පිහියෙ එතකොට තියෙන්නෙ.... ඒ... ඒ තියෙන්නෙ ආදිත්‍යාගෙ ලේද.




තමන් ආදරේ කරපු කෙනාගෙ ලේ තමන්ගේ අතේ ගාව ගන්න තරම් ඌ එච්චර අමානුෂ්‍යක උනේ ඇයි. ආදිත්‍යා කාට කොහොම මොනා කරත් ඒත් කෙල්ලෙ. මනුස්සයෙක්. එයාටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ආදිත්‍යා අපි දෙන්නට මොන දේ කරත් ඌටවත් මටවත් ඒ අයිතිය උදුර ගන්න බෑ.




ආදිත්‍යාව එහෙමම බිම දිගා කරවලා මං ඌ ගාවට ගියේ අතේ මිටි මොලවගෙන. මට ආපු තරහට ඌට එතනම මැරෙන්න ගහන්න හිතුන තරම්. ටික ටික ඌ ගාවට යනකොටයි දැක්කෙ ඌගෙ ඇස්වලත් දිලිසෙන කදුලු. ඒ කදුලෙ තියෙන්නෙ ආදිත්‍යා වෙනුවෙන් එක චුට්ටක් හරි කරපු ආදරේ නම් ඇයි මෙහෙම දෙයක් කරේ.




" තෝ මොනවද කරේ ආදිත්‍යට "




ඒ දුකද තරහද මං දන්නෑ. දුකක් හරි තරහක් හරි මට ආවෙ ඇයි කියලා මං දන්නෙත් නෑ. ඒත්.... ඒත් ඒ කෙල්ල මෙහෙම මැරෙන්න ඕනි කෙල්ලෙක් නෙවේ දෙයියනේ. ඌගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලලා මං ඇහුවෙ ඌව මරන්න තරම් තරහකින්.




" ම්.... මං ඒ....ම්....ම් ......ඒක..... නෑ..... ම්... නෙවේ ඒ.... මං....හිතලා.... "




කම්මුල් දිගේ ඌගෙ ඇස්වලි බේරුන කදුලු නිසා ඇස් රතු වෙලා තිබ්බා. ඒවා කිඹුල් කදුලුද ඇත්ත කදුලුද මං දන්නෑ. ඒත් විනාඩියක් යන්න කලින් මගේ අත ඌගෙ කම්මුල හරහා ගිහින් නැවතුනේ ඌ බිමට විසික් වෙද්දි. ඒත් එක්කම ඌගෙ නහයෙන් ලේ ගැලුවෙ මං ගහපු පාරට වෙන්නැති.




ඌ මං දිහා බලන් හිටියෙ හැගීම් නැති ඇස්වලින්. ඒත් මං ඒ වෙලාවෙ හිටියෙ ඊලගට මොනාද කරන්නෝනි කියලා හිතා ගන්න බැරුව.




ඒත් එක්කම පොලිස් වෙහිකල් එකක සද්දෙ ඇහුනෙ අරූ ජනේලේ ලගට ගිහින් හොරෙන් වගේ කර්ට්න් එක චුට්ටක් එහාට කරලා පහළ බලද්දි.




" මට බෑ. මට හිරේ යන්න ඕනි නෑ. මං ඒකිව හිතලා මැරුවෙ නෑ. ඒකි... ඒකි තමා හැමදේටම මුල. මං නෙවේ... මට බෑ. මට බෑ හිරේ යන්න. මං... මොකද දැන් කරන්න. මං නෙවේ ඒක කරේ. උන් උඩට එනවා. ඉක්මනට... ඉක්මනට යශේන් ඉක්මනට "




ඌ උගෙම කොන්ඩෙන් ඇද ඇද ඇස් රතු කරගෙන කෑ ගගහා රූම් එකේ එහාටයි මෙහාටයි ඇවිද්දෙ පිස්සෙක් වගේ. ඒ වෙලාවෙයි මං දැන ගත්තෙ ඌගෙ නම යශේන් කියලා.




" තමුසෙ.... තමුසෙ තමයි එකම කෙනා.... අන්න හරි තමුසෙ "




කරන්ට් එකක් වැදුනා වගේ යශේන් මගේ දිහා බැලුවා ඊලගට වෙන්නෙ මොකක්ද කියලා තේරුන නිසාද මං දන්නෑ මට හුස්ම ගන්න එකත් මොහොතකට අමතක උනා වගේ.




බිම වැටිලා තිබ්බ පිහියෙ අල්ල ගන්න පැත්ත ඌගේ ශර්ට් එකේ කොනකින් හොදට පිහදාලා මං ගාවට වේගෙන් එනකොට මං හිතුවෙ ඒ මගේ අන්තිම තත්ත්පරේ කියලා. ඒත් උනේ ඊට හාත්පසින් වෙනස් දෙයක්.




යශාන් මගේ බෙල්ල වටේ අත දාලා මාව බදාගෙන වගේ මගේ දකුණු අතට අර පිහිය දුන්නෙ මටත් දැනෙන්න නොදැනෙන්න වගේ.




" සොරි බන්. ඒත් වෙන කරන්න දෙයක් නෑ. තෝ මගේ කවුරුත් නෙවේ. උබ මෙතනට ආපු එකයි වැරැද්ද. මේක කරන්න වෙනවා. මොකද.... මොකද මට දැම්ම මැරෙන්න බෑ. හිරේ යන්නත් බෑ. "




මගේ කනට කරලා හිමීට ඌ ඒ කොදුරපු වචනවලට මගේ හිරුකඩුත් පිපුනා. යශාන් කිව්වෙ ඇත්ත. ඇයි මං හැමවෙලේම මේ වගේ මෝඩ තීරන ගන්නෙ. ඇයි මං මෙතන්ට ආවෙ. මෙතනට ආපු එකයි වැරැද්ද. හැමදේම අමතක කරලා ඉදලා ආපහු ආවෙ ඒ තේරුමක් නැති ආදරේකට කියලා කලින් හිතන්න බැරි උනේ ඇයි.




ඊලගට ආදිත්‍යාගෙ රූම් එකේ කබඩ් එකක් ලග තිබ්බ ජර්සි එකක් ඇරගෙන ජනේලෙන් පහළ බල බලම ඌ කලබලෙන් ඒක ඇගට දාගෙන මගේ අතින් ඇදගෙනම දොර ගාවට ගියේ මං මුකුත් හිතා ගන්න බැරුව මෝඩයෙක් වගේ පස්සෙන් ඇදීගෙන යද්දි.




දොරේ ලොක් එකත් යශාන්ගෙ ටීශර්ට් එකේ කොනකින් පිහදලා මගේ අතින් ඒක ඇරියෙ එතෝට මගේ හෑන්ඩ් ප්‍රින්ට් එක ඒකේ වැදෙන නිසා කියලා මට තේරෙද්දි.




ජර්සි එකේ හුඩ් එක දාගෙන පටපිට බලලා එලියට ගියපු ඌ ගියේ එලියට යන්න නෙවේ අනිත් ෆ්ලැට් එකට යන ලිෆ්ට් එක පැත්තට. මේ හැමදේම වෙන්න ගෙවුනෙ විනාඩි දෙක තුනක් වගේ චූටි වෙලාවක්.




යශානෙ යනකොට එලියෙන් දොර ලොක් කරන්නැතුව ගියේ මාව ඇතුලට තල්ලු කරලා. යශාන් මෙච්ච දෙයක් කරලත් බයක් නැතුව එක පාරට මෙහෙම දෙයක් ප්ලෑන් කරලා මගේ ඉස්සරහා කරනකම් මං මොකෙක්ද එකෙක් වගේ තාමත් බලන් ඉන්න ගැන මට ඇති උනේ මං ගැනම ලැජ්ජාවක්.




ටිකකට පස්සෙයි මට තේරුනේ යශාන් එක්සිට් ඩෝ එක පැත්තට නැතුව ලිෆ්ට් එක ලගට ගියේ ඇයි කියලා. ඌ යනකොය ඒ කොරිඩෝ එකේ තිබ්බ හැම සීසීටීවී එකක් දිහාම බල බල ගියා. ඒ කියන්නෙ ඌ ඊලගට කරන්න යන්නෙ සීසීටීවී ෆුටේජස් ටික ඩිලීට් කරන එක.




මං උඩ ෆ්ලැට් එකට දුවන්න දොර අරිද්දිම ඩෝ එක ඉස්සරහ හිටන් හිටියේ පොලිස් ඔෆිසර්ස්ලා ටිකක්.




ඒ හැමෝම මගේ කකුල් දෙකේ ඉදන් ඔලුවට වෙනකම් බැලුවෙ අනුකම්පාවෙන්ද පිලිකුලෙන්ද කියලා අදුර ගන්න මට බැරි උනා. එතන හිටපු ගොඩක් ඔෆිසර්ස්ලව මං අදුරනවා. මෙච්චර කල් මං මහන්සියෙන් බිල්ඩප් කරපු මගේ තත්ත්වෙ ගෞරවේ හැමදේම කඩන් වැටෙන්න ගියේ එක තත්පරයයි. එතන ආදිත්‍යා වෙනුවට මං මැරිලා වැටුනා නම් කොච්චර හොදද කියලා මට හිතුනා. ඇත්තටම මට ගොඩක් මහන්සියි. තවත් යන්න බෑ.




ඒ ඔෆිසර්ස්ලා මගේ අතට හෑන්ඩ්කෆ්ස් දානකම් මං මොකුත් කිව්වෙ නෑ. එයාලා මගෙන් ඇහුව හැමඑකටම මට දෙන්න තිබ්බෙ එක උත්තරයයි. " මං නෙවේ ඒක කරේ " ඒත් මං දැන්නන් හිටියා කවුරුත් ඒක පිලිගන්නෑ කියලා. මොකද මාත් මර්ඩර්ස් ගොඩක් හැන්ඩ්ල් කරලා තියෙනවා. වොරන්ට් එකකට ඇරෙස් කරපු අපරාධකාරයො ඒ වෙලාවල්වලට දෙන්නෙ මේ උත්තරේම තමයි. ඒ වෙලාවෙ මට තේරුනා කිසිම වැරැද්දක් නොකර පොලීසියට අහුවෙන ඒ අහිංසක මිනිස්සුන්ට ඒ වෙලාවට දැනෙන හැගීම. ආපහු වතාවක් මට මාවම එපා වෙන තරමට මං තවත් පාරක් අසරන වුනා.




ඒ ඔෆිසර්ස්ල අන්තිම වතාවට මාව එක්කන් යන්න හදද්දි " සොරි සර් " කියලා කිව්වෙ කොච්චර ශක්තිමත් කර ගන්න හැදුවත් ඒ වෙලාවෙ මගේ හැමදේම කඩන් වැටෙනවා වගේ හැගීමක් මට දැනෙද්දි.




මට ගැලවෙන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුව හැටියට හිතලා නෙවේ අපරාධකාරයෙක් අල්ල ගන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුව හැටියට හිතලා එයාලාගෙන් එක දෙයක් ඉල්ලුවා.




" මං නැත්තත් ඔෆිසර්ස්ලා දෙන්නෙක්ව හරි සීසීටීවී මෑනේජ් කරන රූම් එකට යවන්න ඔෆිසර්. ඇත්ත අපරාධකාරයා එතන ඇති "




" සමාවෙන්න සර්. අපිට කමාන්ඩ් එක..... "




" ඉට්ස් ඕකේ... අපි යමු "




මට පැනලා යන්න ඕනි උන්නෑ. යශාන් කරපු වැරැද්දට එයා දඩුවම් විදින්නෝනි. ඒ කෙල්ලගෙ ජීවිතේ වෙනුවෙන් මට අන්තිමට කරන්න පුලුවන් උනේ ඒ රික්වෙස්ට් එක කරන එක විතරයි. කොහොම හරි මං බලාපොරොත්තු උනා ඒ උත්තරේ. ඒ නිසා මං ඒකට කමක් නෑ කිව්වෙ පසුතැවෙන්නද නැද්ද කියලා හිතා ගන්න බැරුව.




ඔෆිසර්ස්ලා ඔක්කොම යන්න හදද්දි එතන ලීඩර් විදිහට හිටපු ඔෆිසර් හැමෝටම ටිකක් ඉන්න කියලා එතන හිටපු එක ඔෆිසර් කෙනෙක්ගෙ නමක් කියලා සීසීටීවී රූම් එක චෙක් කරලා එන්න කියලා කිව්වෙ මගෙ දිහා බලාගෙනමයි.




පොලිස් ජීප් එකට මං නැගපු පලවෙනි පාර ඒක. තවත් මං ජීවත් වෙන්නෙ ඇයි ? ජීවිතේ පාවෙනි පාරට මං ඒක මගෙන් ඇහුවා. කන්නෙ බොන්නෙ නිදා ගන්නෙ නැතුව එක්සෑම් ලියපු, මිනිස්සුන්ගේ එකේක කතා හගෙන වේටර් කෙනෙක් විදිහට වැඩ කරපු එකේක අච්චර කට්ටක් කාපු කාලෙවත් මං එහෙම හිතුවෙ නෑ. මං හිතුවෙ ලයිෆ් එක වින් කරන්න නම් මං ජීවත් වෙන්නෝනි කියලයි.




දැන් වින් කරන්න විනින් ස්ට්‍රීක් එක ලගටම ඇවිල්ල එක කෙල්ලෙක් හින්දා මං ආපහු ආපස්සට වැටුනා නේද කියලා මතක් වෙද්දි.... ඒ ෆීලින් එක කියන්න තේරෙන්නෑ අසෙනි




පොලිස්ටේෂන් එකට ගිහින් අශේන්ට කෝල් එකක් දා ගන්න මට පුලුවන් උනා. ඔෆිසර් කෙනෙක්ට කියලා. හැම දේම එකක් නෑර කියා ගන්න බැරි උනත් මං පොලිස්ටේෂන් එකේ කියද්දි ඌ දුවන් එනවා කියලා දන්න නිසා ඒ ටික කියා ගන්න පුලුවන් උනා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කමෙන්ට් අඩුයි ලමයි. ලං ලියන එක සාධාරනයක් කරන්න ප්ලීස් 🥲 අනේ කලින් එපිසෝඩ් එකට දිග කමෙන්ට් තිබ්බා. ඇත්තටම සතුටුයි ඒවට නම්. තෑක්ස් හැමෝටම ❤️🥺😙



♾ U_H





Report Page