The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

29🌼👀




ප්‍රශ්නයක් අහන්නද අසෙනි. ඔයා මං උනා නම් ඒ වෙලාවෙ මොකද කරන්නෙ 🥺 "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ශනෙල්ගෙන් මූන හංගන්න ඕනි නිසා පුටුවෙ අනිත් පැත්තට කැරකිලා අත් දෙකෙන්ම මූන වහගෙන එලියට පනින්න යන කදුලු අමාරුවෙන් නවත්තගෙන හිටපු මං ගැස්සිලා ගියේ ශනෙල්ගෙ ඒ ප්‍රශ්නෙන්.




ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද කියන එක නෙවේ මං කොහොමද මූන දෙන්නෙ කියලයි මං හිතුවෙ.




" යනවා. මං ඔයා උනා නම් එතන්ට යනවා. ඒත් එයා එක්ක කතා කරන්න නෙවේ ආදරේ බොරුවක් නෙවේ කියලා ඔප්පු කරන්න මං යනවා "




හිත හයිය කරන් මං එක හුස්මට කියලා දැම්මෙ ශනෙල් දිහා බලන්නැතුව. විනාඩි දෙක තුනක්ම අපි දෙන්නම අතරෙ තිබ්බෙ නිහඩබවක්.




" අසෙනි.... ආ යූ ඕකේ "




" යා අයිම් ඕකෙ. ඔයාගෙ කතාව දිගටම කියන් යන්න "




" ආ යූ ශුවර් අසෙනි. ඔයා අඩනවද "




ශනෙල් ඇහුවට පස්සෙ එක පාරටම මං ස්ට්‍රක් උනා වගේ උනා. මං එයා දිහා බැලුවෙත් නෑ. කටහඩේ වෙනසක් පෙන්නුවෙත් නෑ. දිවැස් තියනවද දන්නෑ.




" මං ? නෑ නෑ "




මං එහෙම කිව්වම එයා කට කොනකින් හිනා වෙනවා මං ලාවට වගේ දැක්කා.




" ඔයා කිව්වා වගේම මං එදා ගියා. රූම් නම්බර් 23ට මං ගියා. මං හිටියෙ වැට උඩ වගේ මට දැනුනෙ. මඩේ හිටවපු ඉන්න වගේ නැතුව කෙලින් එක තීරනේක ඉන්න බැරි ඇයි කියලා මං කී සැරයක් නම් මගෙන් ඇහුවද දන්නෑ. ඒ ඩෝ එක ඉස්සරහට වෙලා මං විනාඩි තුනකටත් වැඩිය හිතන් හිටියා. ඒක හරිද වැරදිද. මං දන්නෑ. අන්තිමට මං බෙල් එක ගැහුවා.




විනාඩි දෙක තුනක් යනකම්ම ඇතුලෙන් මොකුත් රිප්ලයි එකක් හම්බුන්නෑ. ආයෙත් සැරයක් බෙල් එක ගහන්න යද්දි ආදිත්‍යා ඇවිල්ල දිර ඇරියා.




එයා දොර අරින්න කලිනුත් මට දැනුනා මහ මූසල හැගීමක්. හරියට මොකක් හරි නරක දෙක වෙන්න යනවා වගේ.... ඒ ෆීලින් එක තවත් වැඩි උනේ ආදිත්‍යාගෙ කම්මුල් දිගේ ගැලුව කදුලු වලින්. ඔව් ඒ ඇස් රතු වෙලා. කම්මුල් කදුලුවලින් තෙත් වෙලා. දොරේ එක උලුවස්සකට අත තියාගෙන අනිත් අත බඩට තද කියලා තියන් එයා හිටියෙ අමාරුවෙන්.




පස්සෙයි මං දැක්කෙ ඒ බඩට තියන් හිටපු අත ලේවලින් තෙත් වෙලා තියෙනවා. මට මොකක්ද කරන්න ඕනි කියලා හිතා ගන්න බැරි උනා. මං ආදිත්‍යා උලුවස්සට තියාගෙන හිටපු අත අල්ලලා එයාව මට වාත්තු කර ගන්න යද්දි ආදිත්‍යා බිමට ඇදගෙන වැටෙන්න ගියේ මං එයාව බිම ඉන්දවලා මගේ එක කකුලක් උඩ ඒ ඔලුව තියා ගද්දි.




ආදිත්‍යා මට මොනවා කරත් මං ඇත්තටම හදවතින්ම ආදිත්‍යට ආදරේ කරා. තමන් ආදරේ කරන කෙනෙක් අන්තිම හුස්ම තමන්ගෙ අත් උඩ පිට කරන්න යනවා වගේ ෆීල්න් එකක් දැනෙද්දි.... ඒක.... ඒක තේරුම් ගන්න පුලුවන් ඒ කෙනාටම විතරයි. එච්චර වෙලා හයිය කරන් හිටපු මගේ හිතත් ඒ කදුලු ඉස්සරහා කඩා වැටෙන්න වැඩි වෙලා ගියේ නෑ. මගේ ඇස්වලි ඒ වෙලාවෙ කදුලු එලියට පැන්නෙ මටත් නොදැනිමයි.




ආදිත්‍යාගෙ යටි බඩට මොකක් හරි උල් දේකින් ඇනලා එතනි ගොඩක් ලේ යනවා. එයාගෙ නහයෙනුත් ලේ එනවා ම්ං දැක්කෙ පස්සෙ. මට පිස්සු වගේ. උදේම මෙහෙම දෙයක් මං බලාපොරොත්තු උන්නෑ. මං බලාපොරොට්තු උනේ ඉස්සර ලස්සන හිනාවකින් මූන පුරවගෙන හිටපු ඒ ලස්ස කෙල්ලව මිසක් මෙහෙම දෙයක් නෙවේ 😥




අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ආදිත්‍යා එයාගෙ අතක් අමාරුවෙන් මගේ කම්මුලට තියලා වචන අමාරුවෙන් ගැට ගහගෙන " මට සමාවෙන්න " කියලා කිව්වෙ ඒක ආදිත්‍යාගෙ අන්තිම හුස්ම කියලා මං අදුර ගද්දි. ඒ ඇස් තිබ්බෙ තාමත් මං ලග. දන්නෑ මං මොනා කරන්නද කියලා. ඒක මට කියා ගන්න බැරි තරම් දුකක්. මං එයාව අමතක කරපු එක ඇත්තක්. ඒත් දවසක් හරි මං ආදිත්‍යාට ආදරේ කරපු එකත් ඇත්තක්.




ඇස්වලින් සට සට ගාලා කදුලු කඩන් වැටෙද්දි මං එතනම ඉද ගත්තෙ මට මාවම ඇවිදින මලකදක් වගේ දැනෙද්දි. ඒ ෆ්ලැට් එකේ වෙනත් රූම් එකක මනුස්සයෙක් කොරිඩෝ එක දිගේ වේගෙන් ඇවිල්ලා දොර ලගම ලේ විලක් මැද හිටපු ආදිත්‍යයි මාවයි දැකලා හූල්ලලා එතනින් ගියෙ බයෙන් වගේ. මං ඒක දැක්කේ ලාවට වගේ.




මං හිටියෙ ඊලගට මොනාද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව. කෑ ගහලා අඩන්නත් බෑ. කෑ ගහලා මිනිස්සුන්ට එන්න කියන්න මගේ කටින් වචනත් පිටවුන්නැති තරම්.




ගේ ඇතුලෙන් අඩි දෙක තුන ටයිල්වල වැදිලා ඉස්සරහට එන සපත්තු සද්දයක් ඇහුන නිසා ආදිත්‍යව ඔඩෙක්කුවේ තියාගෙනම මං බැලුවෙ ගේ ඇතුලෙ තවත් ඉන්නෙ කවුද කියලා. ලෑ තැවරුන පිහිටක් අතේ තියන් ඒ ඉන්න කෙනා දැක්කම මට ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා. ඒ වෙලාවෙ ආපු තරහට ද දුකට ද මං දන්නෑ මගේ ඇස් රතු වෙන්නැති.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




චුට්ටක් තමයි ලමයි 😪 මට සමාවෙන්න. හැම කමෙන්ට් එකකටම තෑන්ක්ස් ❤️🥺🌼




♾ U_H


Report Page