The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

28🌼👀




මට මගේ කකුල් පන නැති වෙලා එතනම පුටුවෙන් ඉන්ද උනේ ආදිටත් ආපහු හුටුවෙ ඉන්දවෙද්දි. එතනදියි මට මගේ ලෝකෙ කඩා වැටුනම දැනුන හැගිම ඉස්සෙල්ලාම දැනුනේ. ඒ වචන එකකින් එකක් ආයෙ ආයෙ කන්වල දෝන් කාර දෙනකොට..... මෙච්චර කල් මං ආදරේ කරපු ඒ ආදි මෙහෙම කෙනෙක්ද කියලා හිතනකොට.... ඒ කරපු පිරිසිදු ආදරේට හම්බෙන තෑග්ග මෙහෙමද කියලා හිතනකොට.... මට එතනම මැරෙන්න හිතුන තරම් අසෙනි. 😥




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




එතන තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බීලා ඒ වීදුරුව පුලුවන් උපරිමෙන් මං තද කරේ මට තිබ්බ හැගීම් ආදිගෙ පිටින් යවන්න බැරි නිසා. දන්නෙම නැතුව මං තද කරපු පාරට ඒ ග්ලාස් එක කුඩු උනේ මට හිතා ගන්න බැරි වේදනාවක් අතින් දැනෙද්දි. එතකොටයි දැක්කෙ ලේ ගලන තුවාලෙ තිබ්බ වීදුරු කෑලි. ආදි ගැස්සිලා ගියා. ඒ අතේ වේදනාවට වඩා ඒ වෙලාවෙ මගෙ හිතේ වේදනාව වැඩියි. තුවාලෙ වේදනාව මට දැනුන්නෑ.




" අ... අනේ ශ්.... ශනෙල් මොකක්ද මේ කර ගත්තෙ "




ආදි එහෙම කියලා මගේ ලේ ගහන අතින් අල්ල ගත්තෙ එතනට ටිෂූ එකක් තියන ගමන්. ටිෂූ එකත් ලේවලින් රතු වෙන්න එච්චර වෙලා ගියේ නෑ. තුවාලෙ දිහා නැතුව ඒ වෙලාවෙ මං බැලුවෙ ආදි දිහා. ඒ ඇස්වල කදුලු තිබ්බා. ඒත් මට හිතා ගන්න බැරුව හිටියෙ ඒව මං වෙනුවෙන් වැටුන කදුලුද කියලා. ආදිගෙ ඒ බැල්මට පවා මං ඉස්සර ආදරේ කරා. ඒත් දැන් මට ආදිගෙ ස්පර්ශය දැනුනේ අව්වෙන් වේලුනු පොලොවකට තවත් ඉරවල් හතක් පෑව්වා වගේ.




ආදිගෙ මූන බලාගෙන මගෙන් ඈත් වෙලා පලයන් කියන්න බැරි කමට මං ආදි මගෙන් අල්ලපු අත අයින් කර ගත්තෙ දැනෙන්න නොදැනෙන්න වගේ. ඒත් ඒක මට කොච්චර අමාරු උනාද කියලා දන්නෙ මං විතරයි. පිරිමියෙක් උනත් මටත් තියෙන්නෙ හිතක්. ආදි දිහා බලාගෙන හිටපු මගෙ ඇස්වලින් කදුලු බේරුනෙ මටත් නොදැනිමයි.




මෙච්චර කල් මගෙ අම්ම මට දැනුන විදිහට හිතාගෙන මං ආදිට ආදරේ කරා. ඒ ආදරේ විශ්වාස් කරලා මට ආදිව විශ්වාස කරන්න තිබ්බා ආදි ඒ මනුස්සයා ඉස්සරහ ඒ විදිහට හැසිරුනේ නැත්තම්. ආදිගෙ හැසිරීම ඌ කියපු හැමදේම ඇත්ත කරන්න පුලුවන් තරම් මට දැනුනා.




මොනව උනත් මං ආදිට ආදරෙයි. ඒ නිසා මට ආදි ගැන අවිශ්වාස කරන්න බෑ. ඌ කිව්ව හැමදේම බොරු නම්.... එදාට මට මටවත් සමාවක් දෙන්න බැරි වෙයි. ඒ නිසා මං මොකුත් කියන්නැතුව එතනින් නැගිටලා අඩි දෙක තුනක් ආවෙ පිටිපස්ස හැරිලා ආයෙ එක පාරක්වත් බලන්නැතුව. පිටිපස්සෙන් ආපු ආදි මාව බදා ගත්තෙ මං ඉස්සරහට අඩියක් විසිවෙන්න තරම් වේගෙන්.




" ශනෙල් මෙහෙම කරන්නෙපා. 😭 මාව විශ්වාස කරන්න. මාව දාලා යන්නෙපා ශනෙල් "




ඇස්වලින් වැටුන කදුලු දෙගුන උනේ ඒ වචන නිසා. ඒ වෙලාවෙ මට හිතුනෙ ඌ ඇවිල්ල කියපුවා ඇත්තක් උනත් ඒවා මට කවදාවත් අහන්න තිබ්බෙ නැත්තම් කියලයි. එහෙනම් මාත් ආදිත් අදටත් හොදින්. ඒ කටහඩ ඒ කදුලු ජීවිත කාලෙටම මට අමතක වෙන්නෑ කියන්න ඕනි උනත් මට දැන් කියන්න තියෙන්නෙ ඒ හැම මතකයකට මං වෛර කරනවා කියලා විතරයි.




" ඒ... ඒව ඇත්තද "




අමාරුවෙන් හරී වචන එකතු කරන් මං ඇහුවෙ ආදිගෙ මූන බලන්නැතුව.




" ඒත්.... ඒව ඉස්සරහ වුන දේවල්.... මං කරපු ආදරේ ඇත්තක් ශනෙල්. ඉස්සර වගේ නෙවේ මං ඇත්තටම ඔයාට ආදරේ කරා ශනෙල්. මට මෙහෙම කරන්නෙපා 😭😩 "




මං මගෙ ඉන වටේ ගිහින් තිබ්බ අත් අයින් කරලා එතනින් ආවෙ ආදිගෙ ඒ වචනව තේරුම අරූ කියපු හැමදේම ඇත්ත කියන එක නිසා.




ෆ්ලැට් එකට එනකම්ම මං කරේ අරූ කියපුව බොරු කියන්න හේතු හදපු එක. ඒත් අන්තිමට කොහෙන් කොහෙන් හරි ගිහින් නැවතුනේ අරූ කියපුව හරි කියන තැනින්. ආදි ඒ වෙලාවෙ එහෙම දෙයක් නොකිව්වා නම් ඌ කියපුවා ඇත්ත නෙවේ ඒව බොරු කියලා ආදි මට කිව්වා නම්.... එහෙනම් මාත් ආදිව බදා ගන්නවා. ඇයි ඒක එහෙම උනේ. එකේක රීසන් හොය හොය මං කරේ මාවම තවත් රවට්ටපු එක.




එදා ඔයා මාව දැක්ක විදිහට ඔයා හිතනැති අසෙනි එදා මං හිටියෙ බීලා කියලා. ඔව් ඒක එහෙම තමා. දැන් මේ ප්‍රශ්නෙ මං දාරා ගත්තෙ ඒ බෝතලෙන්. බෝතලයක් නෙවේ ඒ දවස් ටිකට බෝතල් කියක් නම් මං හිස් කරාද දන්නෑ. ඒත් එදා ආදිගෙ ඒ ප්‍රශ්නෙදි මං ඒක දාර ගත්තෙ මටම වදදීගෙන.




එදා ආදිව හම්බෙලා ගෙදර ඇවිල්ලා මුලු රෑම මං ඇස් දෙක ඉදිමෙනකම් ඇඩුවා. බෙල්ට් එකෙන් මටම ගහ ගත්තා. ඒ වයිර වලුවලින් දැනුන වේදනාව වගේ දෙගුනයක් වේදනාවකින් මං හිටියෙ. හිතා ගන්න බැරි උනා ඊලගට මොනාද කරන්නෙ කියලා. ආදි මගේ. ආදි මට ආදරෙයි. මට අදිව විශ්වාසයි.... දිගින් දිගටම මං කියෙව්වා. ඒත් ඒවා වචන විතරක්ම උනා.




අන්තිමට මං ආදි ගැන හෙව්වා. අරූ එදා කියපු හැම එකක්ම ඇත්ත උනා. මට හිතුනෙ මැරෙන එක මීට වඩා සැපයි කියලා.




ආදිට මට කලින් තව බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් තමයි එදා කැෆේ එකේ හම්බුන ඒ කොල්ලා. ඌ ඩොක්ටර් කෙනෙක්. ඌට විරුද්දව නඩුවක් ෆයිල් වෙලා තියෙන්වා. ඊට ටික කාලෙකට කලින් තමයි උට ආදිව හම්බෙලා තියෙන්නෙ. ආදි ඉදල තියෙන්නෙ නඩුවෙ ඌට විරුද්ද පැත්තෙ. ආදි ගැන තිබ්බ විශ්වාසෙට දවසින් දවස හම්බෙන හැම සාක්ෂියක්ම ඌ ආදිට කියලා. පෙන්නලා. අන්තිමට ඌට ඉදිරිපත් කරන්න තිබ්බ සාක්ෂි ඔක්කොම නැති වෙලා. අවුරුද්දක් හිරේ ඉදලා ඌ ඇවිල්ලා තියෙන්නෙ.




මං දැන ගත්ත විදිහට මේ පාරත් ආදි කරන්න ඇවිල්ල තියෙන්නෙ ඒ දේම තමයි. මගේ ක්ලන්ට විරුද්ද පැත්තෙ ටීම් එකේ කෙනෙක් තමයි ආදිත්‍යා කියන්නෙ. ඒ වෙනකොට ඔක්කොම නැත්තක් පොඩ්ඩ පොඩ්ඩ කේස් එක ගැන විස්තර මං ආදිත්‍යට කියලා තිබ්බෙ.




ඇත්තටම මං හිතුවෙ ආදි කියන්නෙ හොද අහිංසක කෙල්ලෙක් කියලා. මෙච්චර කල් මං ආදරේ කරපු ඒ කෙල්ල මට ආදරේට නෙවේ මාත් එක්ක ඉදලා තියෙන්නෙ කියලා මතක් වෙද්දි.... ඒ හැගීව දන්නෙ ඒ කෙනාම විතරයි.




මට ආදිත්‍යව විතරක් නෙවේ මට මාවම අප්පිරියා උනා. ජීවිතේම එපා උන තරම්. එදා කැෆේ එකේ ආදිත්‍යා කිව්වා එයාව විශ්වාස කරනවා නම් අනිද්දට ඒ කැෆේ එක ලගටම එන්න කියලා. ඒ දවස හෙටයි කියලා තියෙද්දි මං කේස් එක එහෙ වෙන මගෙ යාලුවෙක් වුන ලෝයර් කෙනෙක්ට භාර දීලා ආපහු ලංකාවට ආවෙ මට මටවත් මූන දෙන්න බැරුව තියෙද්දි තවත් ඒ ආදිත්‍යාට මූන දෙන්න බැරි නිසා.




එදයින් පස්සෙ ආදිත්‍යා මට තවත් එක කෙල්ලෙක් විතරයි. තරහක් නෑ එයා ගැන. ඒත් තවත් එයා ගැන හැගීමකුත් නෑ. මං වැරැද්දක් කරලා නෑ. අදටත් මං කියන්නෙ ආදි කියපු ඒ කෙල්ලට මං කරපු ආදරේ ඇත්තක්. ඒත් තවත් නෑ. ආදිත්‍යා ගැන මට ඇවිල්ලා කියපු ඒ අයියට මං පිං දෙනවා. එදා පං ආපහු ලංකාවට ආවෙ හැමදෙයක්ම අමතක කරලා. ආදි කියලා කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නෑ කියලා අමතක කරන්න තරම් තාමත් මං හිත හදා ගත්තෙ නැති උනත් ආදි කියන්නෙ යූඑස් වලදි මට හම්බුන තවත් එක සාමාන්‍ය කෙල්ලෙක් කියලා කියන්න මං හිත හදා ගත්තා. "




මං හිටියෙ මූන අත්දෙකින්ම වහගෙන ඒත් ශනෙල්ගෙ කතාව අහගෙන. මගෙ ආදි.... ආදි මගෙ පලවෙනි ආදරේ.... ආදිට ආදරේ කරා.... ශනෙල්ගෙ ඒ වචන ඇහෙන සැරයක් පාසා ඇයි මං මේ කතාව අහන්න මෙච්චර පස්සෙන් පැන්නුවෙ කියලා මට හිතුනා. දන්නෑ ඒ වචන මට එච්ච දුකක් උනේ ඇයි කියලා. සැරින් සැරේට මගෙ ආදි මගෙ ආදි ගාද්දි ඇයි ශනෙල් නවත්තන්න කියලා කියන්න හිතුන වාර අනන්තයි. ඇස්වල දැනටමත් කදුලු පිරිලා ඉවර නිසා මං ඇත්දෙකෙන්ම මූන වහගෙන හිටියේ ශනෙල්ට දිගටම කතා කරන්න ඉඩ දීලා.




" එදා ලංකාවට ආවට පස්සෙයි මට තේරුනේ ඒ වෙලාවෙ මං කරේ ප්‍රශ්නවලින් පැනලා ආපු එක නේද කියලා. එහෙ නැවතිලා කේස් එක වින් කරලා ආදිත්‍යා කරේ බොරු ආදරයක් උනාට මං කරේ ඇත්ත ආදරයක් කියලා මට ඔප්පු කරන්නයි තිබ්බෙ. ඒ ප්‍රශ්නෙට ෆේස් කරන්නයි මට තිබ්බෙ කියලා හිතෙනකොට පරක්කු වැඩියි.




ඒ අතරෙ තමයි මට.... ඔයාව හම්බුනේ 🥺❤️ ඒ මං ලංකාවට ඇවිල්ලා මාස ගානකට පස්සෙ. ඔයත් එක්ක හිටපු හැම වෙලේම මං ජීවත් වුනා කියලා මට දැනුනා. ඔයා එක්ක රන්ඩු වුන වෙලාවල් වලට මං තත්පරයක්වත් ආදිව මතක් උන්නෑ. ඒ වෙලාවල් මතක් කර කර මං ආපහු හිනා උනා.




මං ප්‍රශ්න අතෑරලා ආවට ප්‍රශ්න මාව අතෑරියෙ නෑ. ප්‍රශ්න මාව හොයාගෙන ආවා.




දවස් තුනක්ම ඔෆිස් එකට ගර්ල් කෙනෙක් ඇවිත් මාව මීට් වෙන්න ඇවිත් මං නැති නිසා ආපහු ඇවිත් ගියා කියලා ඔෆිස් එකෙ වැඩ කරපු කෙනෙක් කිව්වා. එයා ඒ කිව්ව දවස් තුනම මං හිටියෙ බ්‍රාන්චස් වල වැඩ බලන්න ගිහින්. පලවෙනි දවසෙ නුවරඑළියෙ දෙවනි දවසෙ ට්‍රින්කො තුන්වෙනි දවසෙ බදුල්ලෙ.... තුන්වෙනි දවසෙ ලගකට ගියපු නිසා මං ඊට පස්සෙ දවසෙ මගෙ මෙහෙ ඔෆිස් එකට ආවා. ඒ ආව ගමන් ඔෆිස් එකේ එක කේස් එකක් ගැන මීටින් එකක් තිබ්බා. ඒ දවසෙම බිසී. ඒක ටවුන් එකේ එක ෆ්ලැට් රූම් එකක වුන මර්ඩ එකක් ගැන කේස් එකක්.




රෑ 10ට විතර මං ගෙදර යන්න හදද්දි කෝල් එකක් ආවෙ මගෙ ඔෆිස් එකේ වැඩ කරන නිපුන් කියලා මල්ලි කෙනෙක්ගෙන්.




" සර් සර් කිව්ව විදිහටම වොරන්ට් එක ගත්තා. මං හිතුවෙ රෑ නිසා දෙන්න බෑ කියයි කියලා. ඒත් පොලිස්ටේෂන් එකෙන් ඒක දුන්නා. වොරන්ට් එක පැය 24කට විතරයි සර්. දැන්ම යනවද "




" නිපුන් දැන් කොහෙද "




" පාරෙ සර්.... ෆ්ලැට් එකට ලගයි "




" කේස් ෆයිල් එක ලගද "




" ඔව් සර් "




" හරි මං එන්නම්. නිපුන් ලොකේෂන් මට ශෙයා කරලා ප්ලේස් එකට එන්න එහෙනම් "




නිපුන් මං යනකොටත් රූම් එකටත් ගිහින් හිටියා. ඒ රූම් එක රූම් නම්බර් 25. සකන්ඩ් ෆ්ලැට් එකේ රූම් එකක්. මං කොරිඩෝ එකේ යනකොට පිටිපස්සෙන් පුරුදු කටහඩක් ඇහුන නිසා ආපහු හැරිලා බැලුවා.




දන්නෑ මගේ ජීවිතේ කොයි විදිහටද ලියවෙලා තියෙන්නෙ කියලා. අමතක කරන්න හදන දේවල්ම ආයෙ පස්සෙන් එන්නෙ ඇයි කියලා තේරුන් ගන්න බැරුව මං එයා දිහාම බලන් හිටියා. ඔව් ඒ හිටියේ මං මාස ගානකට කලින් මාව රවට්ටපු ඒත් මං ආදරේ කරපු කෙල්ල. ආදිත්‍යා.




කොරිඩෝ එක දිගේ දුවන් ඇවිල්ල ආදිත්‍යා මං ඉස්සරහ නැවතිලා මාව බදා ගන්න යද්දි මං අඩි දෙකක් පිටිපස්සට උනේ අහක බලා ගන්න ගමන්.




" එදා මාව බලන්න එන්න බැරි උනා කියලා මං දන්නවා. ඔයා හිතා මතා මාව දාලා එහෙම එන්..... "




" නෑ මං හිතලමයි ආපහු ලංකාවට ආවෙ "




එයා නිසාම කැඩුන හිත එයා නිසාම ගලක් උනා. ඒ වචන කියද්දි ඉස්සර වගේ මට දුකක් දැනුන්නෑ. අහේතුවකට ඒ වෙලාවෙ මට ඔයාව මතක උනා. ඒත් ඇයි දන්නෑ. කොහොම උනත් ඒකත් වුනේ හොදටයි කියලා මට හිතෙනවා. ඒ නිසා මට ආදිත්‍යා ඉස්සරහ කෙලින් කතා කරන්න පුලුවන් උනා.




" ඔ.... ඔයාට එහෙම කරන්න බෑ ශනෙල් 😭 මාව ද්.... "




" ඇයි බැරි. ඔයාට එහෙම කරන්න පුලුවන් ඇයි ආදිත්‍යා මට බැරි " මං ආදිත්‍යා ඉස්සරය කවදාවත් එයාට අදිත්‍යා කියලා නෑ. ඒත් අදිත්‍යා කියලා කතා කරද්දි මට වෙනසක් දැනුනෙත් නෑ.




" මො.... මොකක්ද ආදිත්‍යා... න්... නෑ මං ආදිත්‍යා නෙවේ ශනෙම් මං ඔයාගෙ ආදි "




" ඒවා ඉවරයි. ඔයා මෙහෙට ආවෙ මොකකට උනත් ආයෙ අපි හමු නොවී ඉමු. ඒක අපි දෙන්නටම හොදයි. මං ආවෙ වැඩකට. මං යනවා. ඔයත් යන්න දැන් " එහෙම කියලා මං අඩි දෙක තුන ඉස්සරහට ගියා.




" වෙන මොකකටවත් නෙවේ. ඔයා නිසයි ආවෙ ශනෙල් 🥺 මෙහෙම කරන්නෙපා. මං ඉස්සර මොනවා කරත් කාට ආදරේ කරත් ඔයාට මං කරේ බොරුවක් නෙවේ. මං හිතනවා ඔයත් එහෙමයි කියලා. කියන දේ අහලා යනවා. එක තත්ත්පරයක් හරි මට ආදරේ කරා නම් හෙට මේ ෆ්ලැට් එකේම රූම් නම්බර් 23ට එන්න.... මං බලන් ඉන්නවා.... "




ඒ අන්තිමට කියපුවා නිසා ඉස්සරහට ගියපු මං එතනම නැවතුනේ අසරනව. එක තත්ත්පරයක් නේවේ මං යූඑස් හිටපු හැම වෙලාවෙම ආදිත්‍යට ආදරේ කරා. ඒ ආදරේ බොරුවක් නෙවේ කියලා ඔප්පු කරන්න හෙට එන්නලු. මට ඒක ඔප්පු කරන්න ඕන්නෑ. ඒත් ඒක බොරුවක් වෙන්න දෙන්නත් බෑ.




අගෙ ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම හැමවෙලාවෙම මං ඉස්සරහට ඩිසිෂන් දෙකක් එනවා. ඒ දෙකෙන් එකක්වත් මට සැනසීමක් තියෙන ඩිසිෂන් එකක් උන්නෑ.




ප්‍රශ්නයක් අහන්නද අසෙනි. ඔයා මං උනා නම් ඒ වෙලාවෙ මොකද කරන්නෙ 🥺 "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඔයා මං උනා නම් මොකද කරම්නෙ 😌 පවු හැබැයි ඊයෙ රැවටිලා ගොඩක් අය කුරිරු සතුටක් ආව ඒකට නම් 😂 ශනෙල් ගැන ගොඩක් දුක හිතිලා නේද් කට්ටියට අනේව් 🥺




හැම කමෙන්ට් එකකටම ගොඩ ගොඩාක් තෑන්ක්ස්. කමෙට් කරන් යම්න ❤️🥺




♾ U_H





Report Page