The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

27🌼👀




දන් මේ වෙලා තියෙන දේ අර මං කිව්ව දම්වැල් පුරුක්වල මුල එතනයි. එතකින් පස්සෙ තමයි... හැමදේම පටන් ගත්තෙ. එතකින් පස්සෙ ලයිෆ් එකේ උන හැමදේටම.... හැම සිද්දියකටම මං.... පසුතැවෙනවා. කොටින්ම කිව්වොත් අසෙනි.... ඔයාව හම්බුන එකට පවා මං.... පසුතැවෙනවා 🥺❤️ "



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හේතුවක් නැතුවම එයා කිව්ව ඒ වචන නිසා මගේ ඇගේ කරන්ට් එකක් ගියා වගේ දුකක් දැනුනත් ඒක ඇහුන්නෑ වගේ මං මුකුත් නොකියා හිටියෙ එයාට කතාව දිගටම කියන් යන්න ඉඩ දීලා.




" එදා ඒ බාර ගත්ත කේස් එකේදි මාත් එක්ක එකට වැඩ කරන්න එහෙදි හම්බුන අය මාත් එක්ක ගොඩක් ෆිට් උනා.... එහෙම ඉද්දි හම්බුන ජීවිතේ කවදාවත් අම්තක නොවෙන අමතක කරන්නත් බැරි ලස්සන වගේම මට මාවත් එපා කරවපු මතක ජීවිතේට එකතු කරපු ඒ.... කෙල්ලව හම්බුනේ. ටිෂානි ආදිත්‍යා 🥺 "




මං පුටුවෙ අනිත් පැත්තට කැරකුනේ මගේ වෙනස ශනෙල්ට දැනෙන්නෙ නැති වෙන්නයි. එයාගෙ කතාවට බාදාවක් නොවෙන්නයි. දැනන් හිටියා. මං දැනන් හිටියා මේ කතාවෙ කොහෙ හරි තැනක එහෙම චරිතයක් අනිවාරෙන් ගෑවිලා ඇති කියලා. අර ක්ලබ් එකේ ශනෙල්ගෙ අතේ එල්ලුන කෙල්ල දැකලා මට දැනුන දුක දෙගුන වෙලා මට මේ වෙලාවෙත් දැනෙන නිසා තමයි මං බය උනේ. ඒත් මං මීට වඩා ස්ට්‍රෝං වෙන්නෝනි. තත්ත්පරෙන් තත්ත්පරේ ශනෙල්ගෙ වචනයක් පාසා මං මටම මුමුනගත්තෙ කන්ට්‍රෝල් කරගන්න අසෙනි ඔයාව කියලා විතරයි.




ශනෙල්ගෙ ඇස්වල ආදරය දුක සතුට කලකිරීම.... අනේ මංදා මට කියවගන්න බැරි තරමට ඒ ඇස්වල හැගීම් ගොඩයි. පුලුවන් හැමවෙලේම මං කරේ ශනෙල්ගෙ ඇස් මගෑරපු එක. එයා හිටියෙ ඒ මතක වල. කවුරු උනත් ඒ කෙල්ල.... ශනෙල්ට විශේෂයි වගේ. ශනෙල්ව සතුටින් තියන්න ඇති. මං මාවම රවට්ටගෙන හිත හදා ගන්න හදනවා. ඒත් හිත ඇතුලෙන් ඒක මට හදවතට පිහියෙන් අනිනවා වගේ. දන්නෑ ඒ දුකට හේතුව. මට දැනගන්න ඕනිකමකුත් නෑ.




" ඒක හරිම ලස්සන බැඳීමක්. මගෙ පලවෙනි ආදරේ එයා 🥺 පනටත් වඩා මං ආදිට හදවතින්ම ආදරේ කරා. විශ්වාස කරා. ඒ මතක ආදි එක්ක ගෙවපු තත්ත්පර පැය දින මාස.... ඒවා... කවදාවත් මතක කරන්න බෑ. අමතක වෙන්නෙත් නෑ. ඒත් අසෙනි දැන් ඒ හැම දේම අතීතයක්. මට ඔය්...... "




දන්නවා දැන් ශනෙල් හදන්නෙ ඒව අතීතයක්. අපේ ෆ්‍රෙන්ඩ්ශිප් එක කඩන්නෙපා කියන්න කියලා. ඒත් මේ වෙලාවෙ හැගීම්වලට ඉඩ දෙන එක නෙවෙයි කරන්න ඕනි.




" කිව්වනෙ ශනෙල්. අපේ පර්සනල් දේවල් ගාව ගන්නෙපා. කතාව කියන්න ප්ලීස් "




ශනෙල් මං දිහා බැලුවෙ අහිංසක ඇස්වලින්. මං කරේ ඒ ඇස් මගෑරපු එක. හිතට හයිය අරන් වචන ඒ විදිහට පිට කරාට ඒ ඇස්වලට මූන දෙන්න මට බෑ.




" ආදියි මායි ටික ටික ලං උනා. ගොඩක් ආදරේ කරා මං ආදිට. මං හිතන් හිටියා ආදිත් මට ඒ තරමටම ආදරේ කරනවා ඇති කියලා. මං ඒක එයාගෙන් අහපු වෙලාවෙ එයාත් කැමති උන නිසා මං හිටියෙ ලෝකෙම දින්නා වගේ සතුටකින්. එදා කේස් එක කෝට් එකේ විභාග කරන්න දවස් තුනකට කලින් ආදියි මායි කැෆේ එකක හම්බුනා. හීනෙකින්වත් හිතුවෙ නෑ ඒ අපේ අන්තිම හමුවීම වෙයි කියලා.




කිසිම වෙනසක් නැතුව ආදියි මමයි දෙන්නම එදා කැෆේ එකේ පැය භාගයක් විතරම වෙන්දා වගේම සතුටින් හිටියා.




මගෙ වයස නැත්තම් මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් කොල්ලො සෙට් එකක් එතනට ආවෙ ඒ වෙලාවෙයි.




~~~~~~~~~~~~~~~~~~~~~~~~




මං ඒ අයව දන්නැති උනත් ආදි දන්නව ඇති කියලා මට හිතුනෙ එයාලව දැක්ක ගමන් ආදිගෙ හැසිරීම වෙනස් උන නිසා.




ආදි ඒ වෙලාවෙ ඒ කොල්ලො ටික ලගට ඇවිල්ලා අපේ ටේබල් එක ඉස්සරහ හිට ගද්දි පුටුවෙනුත් නැගිට්ටෙ මොකක්ද නමක් මුමුනන ගමන්. කොල්ලො ටික ඇවිල්ලා මං දිහා බලලා කින්ඩියට හිනාවක් දැම්මට මං මටම කියා ගත්තෙ සන්සුන් වෙන්න කියලා.




" ඔහ් ! ටිෂූ ! සිට් ඩවුන් බේබී කූල් ඩවුන් "




එතකොටයි මට තේරුනේ අද ඊයක ඉදන් නෙවේ එයලා ගොඩක් කාලෙක ඉදන් දන්නවා කියලා. එතන ආදිට ටිෂූ කියලා කතා කරපු ඒ කොල්ල සුදු උස කොන්ඩෙ උස්සලා දුබුරු පාටින් කොන්ඩෙ ඉස්සරහ චුට්ටක් කලර් කරලා ශර්ට් එකේ උඩම බොත්තන් දෙක ඇරගෙන අත් දිග ශර්ට් එකේ අත් වැලමිට ගාවට් නවලා රස්තියාදුකාරය්ක් උනත් ඌ ලස්සනයි.




ඌ එක්ක තව කොල්ලෙ දෙන්නෙක් හිටියා. මං හිතන්නෙ ඒ යාලුවො.... දැනුන විදිහට උන් දෙන්නත් ආදිව අදුරනවා වගේ.




ඒ කොල්ලා එහෙම කියනවත් එක්කම ආදි බනින්න කට හද්දද්දි මං ආදිට සන්සුන් වෙලා ඉද ගන්න කියලා ඇස් වලින් කියද්දි ආදි ඉද ගත්තත් ඒ හිත ගොඩක් කලබල වෙලා තිබ්බා.




" ඉතින් ටිෂූ.... මූ කවුද ? අපි මීට් වුනේ ගොඩ කාලෙකින් නේද ? එහෙම තැනකට මේ අලුත් එකා.... "



ඒක කිය කියම උන් තුන්දෙනා වෙන ටේබල් එකක තිබ්බ පුටු තුනක් අරන් අපේ ටේබල් එකේම ඉද ගත්තෙ වෙන්නෙ මොනාද කියලා මට හිතා ගන්න බැරුව ඉද්දි. ඒත් ආදිගෙ ඇස්වල තිබ්බෙ බයක්. කවුරු උනත් ඒ වෙලාවෙ ආදිට එහෙම කතා කරපු එක ඉවසන්න මට බැරි උනා. මං සන්සුන් වෙලා කතා කරේ හොදින්.




" ඔයා කවුරු උනත් කමක් නෑ. මොකක්ද ආදි එක්ක තියෙන ප්‍රශ්නෙ. ප්ලීස් යන්න මෙතනින්. "




" ඕයි මල්ලි. තමුසෙට මේ හොදින් කියන්නෙ. පනින්නැතුව හිටපන්. මොකක්ද තමුන් ඇහුවෙ.... ආදි එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද "




ඒකා කින්ඩි හිනාවක් දාලා මගේ කරට අතදාගත්තෙ මං උගෙ අතගසා දාලා ශර්ට් කොලර් එකෙන් අල්ල ගද්දි. ඇත්තමයි ඒ වෙලාවෙ මට ආපු තරහම මං ඌට දෙකක් අනින්න ගියේ. මං අතමිටිගුලි කරලා ගහන්න යද්දිම ආදි ශනෙල් කියලා කෑ ගැහුවෙ ඔලුව දෙපැත්තට වනලා ගහන්න එපා කියන්න වගේ. මූ ආදෙගෙ කවුද. ඇයි මේ දෙන්න මෙහෙම හැසිරෙන්නෙ.




" මයි ප්‍රින්සස්... ටිෂූ 😙❤️ ඔයා තාම මං ගැන හිතනවද පැටියෝ.... අහ් ඒකට කමක් නෑ මං තමුසෙව ලයිෆ් එකෙන්ම කපලා දාලා ගොඩක් කල් "



දැන්නම් මට ගොඩක් බය හිතෙනවා. මූ හරියට කතා කරන්නෙ කාලෙකට කලින් මූයි ආදියි අතෙරේ.... නෑ නෑ මගෙ ආදි එහෙම නෑ. එයා අවංකයි. එහෙම තිබ්බ නම් ඒක මට කියන්වනෙ. එහෙනම් ඇයි මේව තවත් අහන් ඉන්නෙ. ඒත් හරියට දෙයක් නොදැන මොනා කරත්.... මං දන්නෑ මොනා කරන්නද කියලා. හිතා ගන්න බෑ.




" ආ... ආදි මො... මොකක්ද මෙතන් වෙන්නෙ " මං ඇහුවෙ බොරුවට ආරූඩ කර ගත්ත තරහ මූනකින්.




" ශ... ශන්... ශනෙල් ම්... මං කිය්න... කියන දේ පො... පොඩ්ඩක් අ.... " ඒ ඇස්වල කදුලු කැට දිලිසුනා. ඒත් මෙතන එයා වැරැද්දක් කරලා නෑ. තේරුම් ගන්න බෑ ඒ කදුලුවල කතාව.




" හෝව් හෝව් කූඩ් ඩවුන් මල්ලි. උබට හැමදේම කියන්න තමයි මං ආවෙ. හැමදේම කියලා.... උබව බේර ගන්න ආවෙ " ඌ ඒක ආදි දිහා බලන් කිව්වම ආදිගෙ ඇස් ලොකු උනේ බයෙන් වගේ.




" මූද ටිෂූ අලුත් එකා අහ්. කමක් නෑ තමුසෙ ඉස්සර ඉදන් කොහොමත් එහෙමනෙ. පුදුමයක් නෑ නංගි. තමුසෙ තව කොච්චර කාලයක් කොල්ලොන්ගෙ ජීවිත මෙහෙම විනාශ කරන්න හිතන් ඉන්නවද. කමක් නෑ කමක් නෑ. ඒවා නිසා ඔයා කවදාවත් අමතක වෙන්නෑ ටිෂූ 😙 "




ඌ නැගිටලා යන්න හදද්දි මං ඒ දෙන්නා දිහාම බැලුවෙ ගිරේකට අහුවුන පුවක් ගෙඩියක් වගේ. ජීවිතේ උපරිමේටම අසරන වුන පලවෙනි ටයිම් එක ඒක. පණටත් වැඩිය ආදරේ කරපු කෙනාද නැත්තම් අගක් මුලක් නොදන්න මේ අතීත කතාවද.




ඌ යන්න හදලා ආපහු මගෙ පැත්තට හැරිලා මගෙ උරහිස් දෙකට අත් දෙක තියලා ඌ කතා කරේ මට.




" බොක්කහ්. මං වගේම තවත් එක කොල්ලෙක් නිසයි උබට මේ දේවල් කියන්නෙ. මාත් උබ ඔය විදින හැගීම් විදලා තියෙන නිසයි කියන්නෙ. මං වගේ තවත් වැඩකට නැති එකෙක් වෙන්නෝනි නැති නිසයි කියන්නෙ. මේ අහපන්




අවුරුදු දෙකකට කලින් උබ වගේම උබ ඔය ආදි ආදි ගාන මේකිට මාත් ටිෂූ ටිෂූ ගාගෙම පස්සෙන් වැටිලා ආදරේ කරා. උබ මේකි ගැන විශ්වාසෙට මේකි ගැන හෙව්වෙ නෑ කිය්න්න මං දන්නවා මොකද මාත් එදා කරේ ඕකමයි. ඒත් උබ ඒ මෝඩකම කරන්තැතුව හොයපන් මේකි ගැන.




අපේ විදිහට නම් මේකි සීයිඩී ඔෆිසර් කෙනෙක්. මේකි කරන්නෙ නඩුවල එක පැත්තක සාක්ෂි ඒකිගෙ විදිහකට අනිත් පැත්තට අරගන්න එක. එදා මට විරුද්දව තිබ්බ නඩුවෙ සාක්ෂි ඔක්කොම මං එකක් නෑර මේකිට කිව්වෙ ඒ ආදරේ නිසාම තමයි. මීට අවුරුදු දෙකකට කලින් මටත් තිබ්බ උබට වගේ ලස්සන ජීවිතයක්. ඩොක්ටර් කෙනෙක් වෙලා පේෂන්ස්ලා මත්තෙම නැහීගෙම මේකිට ආදරේ කරපු ලස්සන අතීතයක්.




ඒ කේස් එක පැරදුනාට පස්සෙ මං නිකම්ම නිකම් රස්තියාදුකාරයෙක්. මේකි නිසයි ඒ. මගෙ රස්සාව මගෙ පවුල මගෙ තත්ත්වෙ හැම්දේම අතැරියා මං මේකි නිසා. මේකි කරේ මං නඩුව පරදින තැනට වැඩ කරපු එක. හොයපන් මල්ලි හොයපන්. තොට වෙන්නෙත් මේකම තමයි. හැමදේම උනාට පස්සෙයි මාත් මේවා හෙව්වෙ. ඒත් උබ එහෙම එපා. දැන්ම තීරනේ කරපන් මල්ලි. උබෙත් මගෙත් පලවෙනි ආදරේ මේකි උනාට මටත් කලින් මේකිට තවත් ආදරයක් තිබිලා තියෙනවා යකෝ.




තොට මොනා උනත් මට කම්ක නෑ. මට උන දේ තවත් එකෙක්ට වෙනවා දකින්න ඔන්නැති නිසයි තොට කිව්වෙ. බලපන් දැන් මේකි වෙනුවෙන් මගෙ ඇස්වල එක කදුලක් ඉතුරු නෑ. එහෙම වෙන්න ඕනිත් නෑ. සතුටින් හිටපන් මල්ලි. "




එහෙම කියලා ඌ මගේ පපුවට තට්ටුවක් දාලා යන්නම් ටිෂූ කියලා කොන්ඩෙ උඩට හද හද ගියෙ අනිත් උන් දෙන්නගෙ කරට අත දාගෙන.




~~~~~~~~~~~~~~~~~~~~~~~~




මට මගේ කකුල් පන නැති වෙලා එතනම පුටුවෙන් ඉන්ද උනේ ආදිටත් ආපහු හුටුවෙ ඉන්දවෙද්දි. එතනදියි මට මගේ ලෝකෙ කඩා වැටුනම දැනුන හැගිම ඉස්සෙල්ලාම දැනුනේ. ඒ වචන එකකින් එකක් ආයෙ ආයෙ කන්වල දෝන් කාර දෙනකොට..... මෙච්චර කල් මං ආදරේ කරපු ඒ ආදි මෙහෙම කෙනෙක්ද කියලා හිතනකොට.... ඒ කරපු පිරිසිදු ආදරේට හම්බෙන තෑග්ග මෙහෙමද කියලා හිතනකොට.... මට එතනම මැරෙන්න හිතුන තරම් අසෙනි. 😥




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඉවර නෑ... තව තියෙනවා 😌




හැම කමෙන්ට් එකකටම ගොඩ ගොඩාක් තෑන්ක්ස්. කමෙට් කරන් යම්න ❤️🥺




♾ U_H



Report Page