The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

26🌼👀




" ඉතින්..... ඔයා කියන්න. හැමදේම කියන්න. ඒත් මෙතනට අපේ පර්සනල් ලයිෆ් එකේ මුකුත් ගාව ගන්නෙපා. කොටින්ම කිව්වොත්.... අපේ චූටු යාලුකමක් හරි තියෙනවා නම් ඒකත් මතක කරලා කතාව පටන් ගන්න 🥺😥 "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඒ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කිව්වත් ඇත්තටම ඒක මටත් අමාරුයි.




" ඒත් අසෙ..... "




" ශනෙල්.... ඔයත් ලෝයර් කෙනෙක් නේද. මාව තේරුම් ගන්න ප්ලීස් "




" හරි එහෙම කරන්නම් " ශනෙල් කිව්වෙ අහිංසක බැල්ලමකින්.




ශනෙල් ටේබල් එක උඩ තිබ්බ් ග්ලාස් වලින් ෆිනිශ් කරලා තිබ්බ ෆලව වාස් එක දිහා බලාගෙන කතාව පටන් ගන්න හදද්දි මාත් බිම බලාගෙන ඒක අහන්න ලෑස්ති උනේ ඒ ඇස් මගෑරලාපුටුවෙ එහා පැත්තට කැරකෙන්න බැරි කමටයි.




" මේ කේස් එකේ.... දම්වැල් පුරුකෙ මුල හොයන් යනව නං ඒක පටන් ගන්නෙ මං යූඑස් ඉන්න කාලෙ ඉදන්.... "




" මුල ඉදන් කියන්න. පවුලෙ විස්තර.... ඔයා මේ තැනට එන්න පටන් ගත්ත තැන ඉදන් කියන්න. "




ශනෙල්ට කට කොනකින් හිනාවක් ගිය නිසා මං කතා කරේ ශනෙල් ඒක වැරදියට තේරුම් ගත්තා කියලා හිතලා.




" පර්සනල් දේකට නෙවේ එහෙම කිව්වෙ. ඔයා දන්නවනෙ මිනිහෙක් අපරාදෙක පැටලෙන්න තමන්ගෙ පවුල බලපාන වෙලාවලුත් තියෙනවා කියලා. ඉතිම් මං ඒ...... "




" අයි නෝ අයි නෝ ලෝයර් මිස්. තේරුනා "




ශනෙල් ඉස්සිලා මගෙ කොන්ඩෙ චුට්ටක් අවිස්සුවේ ප්‍රශ්න නැති මනුස්සයෙක් නිදහසේ ඉන්නවා වගේ හිනා වෙලා. ඇත්තටම ශනෙල් තේරුම් ගන්න අමාරු කෙනෙක්. ඒත් කවුරු උනත් එයා ඇතුලෙ ඉන්නෙ හරිම ලස්සන අහිංසක දගකාර චරිතයක්.




" පවුලෙ මායි තාත්තයි අම්මයි නංගියි හිටියෙ. තාත්තා නැති උනාට පස්සෙ ගෙදරට කන්න බොන්න ගේන්න වුනේ මට. මගෙ තාත්තා දක්ෂ ඒ වගේම අවංක පොලිස් ඔෆිස කෙනෙක්. එයා නැති උනේ ඇක්සිඩන්ට් එකකින්. ඒ ඇක්සිඩන්ට් එක.... ඒක මට සැකයක් උනා. මොකද ඇක්සිඩන්ට් එකට දවස් 2කට කලින් ඇමති කෙනෙක්ගෙ මූල්‍ය වංචාවක් ගැන කේස් එකකට මගෙ තාත්තා ලෝයර් කෙනෙක්ට සාක්ෂි හොයලා දුන්නා. ඒත් පස්සෙ ඒ නඩුව ඇමතිගෙ පැත්තෙන් දින්නා. ඇමති නිදහස් උනාට පස්සෙ දවසෙම තාත්තා නොහිතපු විදිහට ඇක්සිඩන්ට් උනා.




ඉතින් මට ඕනි උනේ ඒක ගැන හොයලා තාත්තට උන දේ ඇත්ත ලෝකෙට කියන්න. ඒකට තියෙන එකම පාත් එක ඉගෙන ගන්න එක නිසා මොනා උනත් මං ඉගෙන ගන්න එක නැවැත්තුවේ නෑ. එහෙමයි කියලා ඉගෙන ගන්න එක විතරක් බදා ගෙන අම්මටයි නංගිටයි බඩගින්නෙ ඉන්න දෙන්නත් බෑ.




අම්ම මං ඉස්කෝලෙ යන වෙලාවට කුලී වැඩ වලට ගියා. ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා මං පොඩි රෙස්ටූරන්ට් එකක කිචන් එකේ ඔය පිඟන් හෝදන වැඩ වගේ කරන්න ගියා පාර්ට් ටයිම් විදිහට. පාඩම් කරන්න තිබ්බෙ රෑ. රෑ මැද ඇහැරන් පාඩම් කරා.




එහෙම බැලුවොත්.... මං අද මේ ඉන්න තැනට එන්න හේතුව මගෙ තාත්තා. මං ලෝයර් කෙනෙක් වෙලා හැන්ඩ්ල් කරපු පලවෙනි කේස් එක තාත්තගෙ මේ කේස් එක. මං හිතපු විදිහටම ඒක නිකම්ම නිකම් ඇක්සිඩන්ඩ් එකක් නෙවේ. අවුරුදු ගානක් පරන කේස් එකක් ඇදලා අරන් ආයෙ ඇවිස්සුවා. හිටපු ඇමති සූරසිංහ තාමත් හිරේ ඉන්නෙ මං හැන්ඩ්ල් කරපු ඒ කේස් එක නිසයි.




ඒ කේස් එකෙන් පස්සෙ ටික ටික මං කේසස් ගොඩකට ෆේස් කරා. ඊට පස්සෙ මං මෙහෙ මගෙම ඔෆිස් එකක් ඕපන් කරා. දැන් වෙනකොට 10 දෙකෙන් මගේ යටතෙ මං දැන් වර්ක් කරන ඔෆිස් එකේ වැඩ කරනවා. ලංකාවෙ බ්‍රාන්චස් 7ක් ඕපන් කරලා තියෙනවා. කේසස් එක පිට එක ආවෙ නොහිතපු විදිහට. ගන්න හැම කේස් එකකක්ම උපරිමෙන් වින් කරන්න පුලුවන් උනා. මං හිතන්නෙ ඒකට හේතුව උනන්දුවයි කැපවීමයි....




ඒ අවුරුද්දෙ අග විතර..... මගෙ පර්සනල් ඊමේල් අකවුන්ට් එකට මේල් එකක් ආවා. ඒ මේල් එකේ තිබ්බ විදිහට ඕනි තැනට ඕනි වෙලාවෙ මං ඒ සෙරමනි එකට ගියා. එතනදි තමයි.... මං නොහිතපු විදිහට ඒ අවෝඩ් එක මට ලැබුනේ. ඒක එදා වේල හොයා ගන්න බැරුව හිටපු මට අමුතු අත්දැකීමක්. ගොඩක් කේසස් හැන්ඩ්ල් කරා. වින් කරා. අසාර්තක උන අවස්තාත් නැතුවම නෙවේ. ඔය අතරෙ තමයි මට අශේන්ව හම්බුනේ. අම්ම නංගි තරම්ම අශේන් මට මගෙම සහෝදරයෙක් වගේ උනා.




මං ජීවිතයක් හදා ගත්තා කියන්න පුලුවන් තැනට මං ආවට පස්සෙ.... ආයෙ පිටිපස්ස හැරිලා බැලුවම මගෙම ඇස්වලට කදුලු එන තරම්..... එදා රෑ මං නංගිට කතා කරා.




අයියා නැතුව අම්මි බලාගෙන කොච්චර කල් ඉන්න පුලුවන්ද ?




විහිලු කරනවද අයියා 🥺




නංගී.... මං යූඑස් යනවා. අද රෑට. මෙච්චර කල් ලං වෙනකම් නොකියා හිටියට සොරි. අම්මා කිව්වා ගිහින් නිදහසේ ඉදලා එන්න කියලා.




මොකක්ද ? අම්මා එහෙම කිව්වද. ඔයා.... අනේ ඔයා කොහොමද අයියා ඔහොම හිත හදා ගත්තේ. මොනා නැති උනත් මං හිනා වුනේ ඔයා ලග ඉන්න නිසා. හැම කරදරේකදිම බය නැතුව හිටියෙ අයියා ලග ඉන්න නිසා. ඔයා නැතුව ඉන්නෙ කොහොමද කියලාවත් මං හිතලා නෑ අයියා. ඔයාට දුක නැද්ද 🥺😥




ඇයි නැත්තෙ. එහෙ ගියාම මේ ආච්චිගෙ කට නැතුව පාලු හිතෙයි. උදේට කෑ ගගහා බත් කවන්න කවුරුත් නැතුව බඩගින්නෙ ඉන්න වෙයි. රන්ඩු කරන්න කවුරුත් නැතුව හැමවෙලේම ඔයාව මතක වෙයි. ඒත්... මං යන්නෝනි. ඔයා දැන් ලොකුයි නංගී. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නේද. තමන් ගැන තමන් බලා ගන්නෝනි.




හැමදේම ඔහේ කියලා දාලා මං එතනින් නැගිටලා ආවෙ හිතක් පපුවක් නැති ගානට. ඒත් නංගි පිටිපස්සෙන් ඇවිත් මාව බදා ගත්ත ඇස්වල කදුලු පුරවගෙන.




ඔයාගෙ ඇස්වල එක කදුලක්වත් නෑ. මං නැතුව පාලුවෙන් දුකෙන් ඉන්න වෙනවා කියලා දන්නවා නම් ඇයි මාව දාලා යන්නෙ. අනේ එහෙනම් යන තැනක මාවත් එක්ක යන්නකෝ 😭😩 යාලුවෙන්නත් තරහ වෙන්නත් රන්ඩු වෙන්නත් ඔයා විතරනෙ අයියේ. ඇයි මෙහෙම කරන්නෙ. යන්න ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද. ආයෙ රන්ඩු කරන්නැතුව අම්මට කේලම් කියන්නැඨ්හුව ඉන්නම් අනේ යන්නැතුව ඉන්නකො අයියේ 😭




ඒ වචන මාව සීතලා කරා උනත් මං කරේ එයාව බදාගෙන පරිස්ස්මට ඉන්න මං ඉක්මනට ගිහින් එන්නම් කියලා ඔලුව අතගාපු එක විතරයි.




මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා තමන් ගැන තමන් බ්ලා ගන්නෝනිලු. මොනවද කියන්නෙ. ඇයි මෙඩිකල් ස්ටුඩන්ට්ලට හිතක් පපුවක් නැද්ද. හැගීම් දැනීම් නැද්ද. දැන ගන්නවා එයාලට තමයි හැගීම් හොදටම දැනෙන්නෙ මෝඩයා 😩 යනවා. යනවා ඉතින් ආයෙ එන්නෙපා. තමුසෙට මාව ඕන්නැත්තම් මටත් අයියෙක් ඕන්නෑ. මෝඩයා. ආයෙත් මට අයියෙක් නෑ කියලා මං හිතා ගන්නවා. යනව යන්න 😭




මං යනකම් කාමරෙන් එලියටවත් ආවෙ නැති උනාට යූඑස් ගිහින් ඒ පොලොවෙ අඩිය තිබ්බට පස්සෙ ආපු ලවෙනි කෝල් එකත් එයාගෙන්ම තමයි. ඒ අවුරුද්දෙ මුල් මාසයක්.... ඉස්සෙලාම මං එහෙ ගිහින් ඉන්න හොද තැනක් බැලුවා.




හැමදේම ටිකකට අමතක කරලා නිදහසේ ඉන්න එහෙ ගියත් ඒක කරන්න බැරි උනේ මටවත් හිතා ගන්න බැරි විදිහට මං යූඑස්වලත් ෆේමස් වෙලා හිටපු නිසා. ලංකාවෙ කෙනෙක් සර් මං සර්ව මීඩියා වල ගොඩක් දැකලා තියෙනවා. මගෙ කේස් එක විසදන්න පුලුවන් සර්ට විතරයි සර් කියලා මං බීච් එකේ හිටපු දවසක ඇවිල්ලා කතා කරාම මං පුදුම උනා.




ඒ මනුස්සයාගෙ කතාව ඇහුවම උදව් නොකර ඉන්න තරම් හිත හදා ගන්න මට බැරි උනා. අයිඩී එකයි මගෙ ඩීටේල්ස් ටිකකුයි එහෙ පොලිස්ටේෂන් එකටයි කෝට් එකටයි එහෙම පෙන්නුවම මට මං ගැන ඒ අයට අදුන්වලා දෙන්න අමාරු උන්නෑ. එයාලා කියන විදිහට මීඩියාවල මං හෙන ෆේමස් කැරෙක්ට එකක්ලු.




කන්ටෑක් තියා ගන්න එකේ වැදගත්කම මං ඉගෙන ගත්තෙ එහෙදියි. ඉතින්.... මං ඒ කේස් එක.... බාර ගත්තා.




දන් මේ වෙලා තියෙන දේ අර මං කිව්ව දම්වැල් පුරුක්වල මුල එතනයි. එතකින් පස්සෙ තමයි... හැමදේම පටන් ගත්තෙ. එතකින් පස්සෙ ලයිෆ් එකේ උන හැමදේටම.... හැම සිද්දියකටම මං.... පසුතැවෙනවා. කොටින්ම කිව්වොත් අසෙනි.... ඔයාව හම්බුන එකට පවා මං.... පසුතැවෙනවා 🥺❤️ "



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




පසුතැවෙනවලු ලමයි 🥲😌 හැම කමෙන්ට් එකකට තැන්ක් යූ හැමෝටම ❤️🌼 විව්ස් ගානට කමෙන්ට් නැති උනත් ලද දෙයින් සතුටු වෙන්නම් 😌 රිප්ලයි නොකරට හැම එකක්ම කියවනවා හැමෝටම තෑන්ක්ස්. කමෙන්ට් කරන් යන්න ❤️🥺




♾ U_H

Report Page