The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

25🌼👀




" මොකක්ද ප්‍රශ්නේ ? "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කහ පාට අත්වලට චූටි පටියක් තියෙන ඉන ලගින් රැලි ගොඩක් දාලා නිසා ඒ ගවුම පිම්බිලා පේනවා. ගවුමෙ ඉනෙන් පහළ කොටසෙ යටම කලුපාටින් මල් වැල් වගේ ෆැබ්‍රික් පේන්ට්වලින් කරපු ලස්සන මෝස්තරයක් තියෙනවා. අත්වලට චූටි පටි තියෙන නිසා ඉනට චුට්ටක් උඩට වෙනකම් දිග තියෙන කලු පාට කෝට් එකක් තියනවා. ඒ කෝට් එකේ අත් වැලමිට ගාවට එනකම් විතරයි තියෙන්නෙ. උරහිස ලගින් ඒකේ අත තියෙන්නෙ උඩරට ඩ්‍රසස් වල ටයිප් එකට. කහයි කලුයි නිසා ඒ ඩ්‍රස් එක මැචින්.




ඒ ගවුම ඇදලා පෝනි ටේල් එකක් දාලා ලොකුරවුමක් මැද තවත් රවුමක් තියෙන කලු පාට දිග ඉයරින්ග්ස් දෙකයි ඒකෙම පෙන්ඩන්ට් එකයි දාගෙන වොච් එකත් බැදගෙන කලු හීල්ස් දෙක දාගෙන ෆෝන් එකයි ලැප් එකයි අරන් ඔෆිස් එකට ආවෙ වෙනදට වඩා මහ අමුතු හැගීමක් එක්ක.




එක පැත්තකින් අද මොනව වෙයිද කියලා බයයි. තව පැත්තකින් හිතේ තියෙන ප්‍රශ්න වල්ට උත්තර ලැබෙන නිසා සතුටුයි. තවත් පැත්තකින් අහන්න ලැබෙන දේවල් මට සතුටක් නම් ගේන්නෑ කියලා හිතෙනකොට දුකයි. කොහොම උනත් මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ මට ඒ වෙලාවට එක කදුලක් හලන්නැතුව හදේම අහන් ඉන්න ශක්තිය දෙන්න කියලයි 🥺




" ගුම් මෝනින් ප්‍රවීන්.... මොකෝ අද බොක්ක ආවෙ නැද්ද "




" එනවා එනවා මැඩම්.... ඔශානය නැතුව මං එනවද ඔෆිස් 😌 "




" දෙනවා බලා ගන්නවා මේ මං ඉන්නෙ.... ඔශාන් වගේද මං 😏"




" අහ් ගුඩ් මෝනින් ආලී "




උඩ පැනගෙන ඔෆිස් එක ඇතුලට යනකොටම රූම් එකෙන් රූම් එකට ෆයිල් උස්සන් බිසී වෙලා එහාට මෙහාට ඇවිදින හැමෝටම මූන පොරෝලා හිනාවක් දාගෙන කටට ආපු මොනා හරි කිව්වෙ වෙනදට වඩා පුදුම සැහැල්ලුවකින්.




" මෝනින් මෝනින් මැඩම්.... අද සතුටින් වගේ.... "




ගුඩ් මෝනින් කියලා ඔය මොනා මොනා හරි කට්ටියට කිව්වට කවුරු ඉස්සරහවත් නවතින්නැතුව ඔෆිස් එකටා ආවත් මගේ රූම් එක ලගින් හම්බුන ආලි අහපු ප්‍රශ්නෙ නිසා මං නැවතුනේ ඒ අහපු එකට උත්තරේ දෙන්නෝනි ඔව් කියලද නෑ කියලද හිතා ගන්න බැරුව.




" සතුට.... ඒක.... ඒක සතුටක් වගේද පේන්නෙ "




" නැත්තම්. ඇයි මැඩම්ට ඒක එහෙම නෙවේද "




" සතුට නෙවේ සැහැල්ලුව. මං මේ සැහැල්ලුව හදවතින්ම විදිනවා 😌 "




එහෙම කියලා ආලිගෙ කොන්ඩෙ චුට්ටක් අවුස්සලා මං හිනා වෙලා ඔෆිස් එකට ආවෙ ඔෆිස් එකේ කොනක තිබ්බ නිල් පාට සෝෆා සෙට් එකෙන් ලැප් එකයි බෑග් එකයි තියලා මං මගෙ චෙයාර් එකෙන් ඉද ගත්තා.




" අසෙනි.... ගුඩ් මෝනින්. මං එන්නද "




" එපා කියන්නෑ. එන්න එන්න කොහෙද දැන් "




" දැන් ලග "




ශනෙල් කෝල් එක කට් කරාට පස්සෙ මං මාෂි අක්කගෙ රූම් එකේ ලෑන්ඩ් නම්බර් එකට කෝල් එකක් ගත්තෙ පලවෙනි රින් එකෙන්ම මාෂි අක්ක ෆෝන් එක ආන්ස්වර් කරද්දි.




" ගුඩ් මෝනින් මැඩම් "




" ගුඩ් මෝනින් අක්කෙ. අද අලුතෙන් ක්ලයන් කෙනෙක් එනවා. දැන් එනවා ඇති. චුට්ටක් බලනවද "




" අනිවාරෙන්.... මං බලන්නම් මැඩම් "




පුටුවෙ අනිත් පැත්තට කැරකිලා ඇස් දෙක පියාගෙන විනාඩි දෙක තුනක් හිටියෙ ඊලට ගෙවෙන තත්පරෙත් මට ගෙවන්න අමාරුවෙයි කියලා දන්න නිසා.




" එක්ස්කියුස් මී.... මේ අයි කම් ඉන් මැඩම් "




" යස් කම් මාෂි අක්කා "




පුටුවෙ අනිත් පැත්තට කැරකිලා හිටිය මං ඇස් ඇරලා ආපහු හැරුනෙ මාෂි අක්කගෙ කට හඩට. ඔව් ශනෙල් ඇවිල්ලා හිටියා. ඒ ඇස් තිබ්බෙ මං ගාව. මට කියවන්න බැරි තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් ඒ ඇස්වල තිබ්බා.




" ක්ලයන් කෙනෙක් ඇ.... "




" එන්න කියන්න. "




" ඕකේ මැඩම් "




" අහ් මාෂි අක්කෙ. පැය භාගෙකට විතර මං බිසී වෙයි. රූම් එකට කාටවත් එන්න දෙන්නෙපා. දේශාන් එක්ක වැඩ ටික ටිකක් බලනවද "




" ශුවර් මැඩම් "




ශනෙල් ඇවිල්ලා ඉස්සරහ චෙයා එකෙන් ඉද ගත්තෙ මේක පුරුදු තැනක් වගේ. අවුලක් නෑ එහෙම වෙන්නත් එපැයි ඉතිම්.




" සොරි. ටිකක් පරක්කු උනා "



" ඉට්ස් ඕකේ "




" ආ යූ ඕකේ 🥺 "




" මං.... ? අහ් ඔව් ඔව් මං ඕකේ. ඔයා හොදින් නේද "




" අසෙනි.... "




" ඔයා ඊයෙ කිව්වා ශනෙල්.... අනේ ප්ලීස් තවත් නම් බොරු කියන්නැතුව මට කියන්න. හැමදේම.... බෑ කියලා නම් කියන්නෙපා ශනෙල් "




" ඈපෝ.... දැන් මං කිව්වද කියන්න බෑ කියලා 😒 අහලා හිටපන්කො නහයෙන් අඩන්නෙ.... "




" හාරි හාරි කියන්නකො "




" අසෙනි.... "




මේසේ උඩ තිබ්බ මගේ අත් දෙක එයාගෙ අත්වලට මැදි කර ගෙන ශනෙල් කෙලින්ම බලන් හිටියෙ මගෙ ඇස් දිහා. ඒ ඉස්සරහ හිටපු ඒ දගකාර අහිංසක ශනෙල්ගෙ ඇස් දෙකමයි. මෙච්චර කල් හැංගුන මාත් එක්ක රන්ඩු කරපු ශනෙල් අද මං ඉස්සරහ ඉන්නවා මට දැනෙනවා. ඒ කලුපාට දිලිසෙන ඇස් වල තියෙන්නෙ හැගීම්බර වේදනාවක්. ඒ කටහඩ හැසිරීම පෙනුම හැමදේම සංවරයි. ඔව් ඒ ඉස්සරහ හිටපු ශනෙල්මයි. ඒත් එක දෙයක් තියෙනවා..... ඒ හැසිරීම පෙනුම කටහඩ හැමදේකින්ම කියවෙන්නෙ දුකක්.




" කියන්න "




" මං අද ආවෙ හැමදේම ඔයාට කියන්න තමයි. මං නිසා කේස් එක හැන්ඩ්ල් කරන්න කියලවත් මාව මේවගෙන් නිදහස් කරලා දෙන්න අසෙනි කියලවත් ඔයාට පෙෂර් එකක් දෙන්න මට ඕනි නෑ. ප්ලීස් එකෙම පෙෂර් එකක් මං නිසා ඔලුවට දා ගන්නත් එපා අසෙනි 🥺




මං අද මේ දේවල් කියන්නෙ මේ දේවල් නොදැන ඉන්න ඔයා මං නිසා විදවනවා බලන්න බැරි නිසයි. මං කැමති නෑ මගෙ ලගම යාලුවෙක්ට උනත් මං නිසා කරදරයක් වෙනවා දකින්න. කොච්චර හංගන්න හැදුවත් මේ ලෝයර් මිස්ගෙන් මට ඒව හංගන්න බෑ කියලා දැනුයි තෙරෙන්නෙ.




ඒකට කමක් නෑ. කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැන් මගේ ජීවිතේ මඩෙන් උඩට ආපු නෙලුම් මලක් වගේ උනත්.... මගෙ අතීතේ.... ඒක ඔයාට අහන් ඉන්න පුලුවන් වෙයිද කියලා මං දන්නෑ. ඒ කොහොම උනත්..... ඒ අතීතෙ කවුරු කොහොම හිටයත් දැන් මෙතන ඉදන් ඉන්න ශනෙල් ඒ එයාම විතරයි. ආපහු අතීතෙට යන්නවත් ඒ අතීතෙ ගෙන්න ගන්නවත් මට ඕන්නෑ.




ඒ නිසා ප්ලීස් අපි දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකට ඒ අතීතෙ ගාවගන්න එපා අසෙනි 🥺 ඒ අතීතයක්. ඒව මං අමතක කරලා ඉවරයි. දැන් වෙන දේවල් මොනා උනත් මට මැරෙන්න උනත් මට දුකක් නෑ. මොකද.... මං වැරැද්දක් කරලා නෑ. ඔයත් මේ කතාව අහලා ඉවර වුන ගමන් ප්ලීස් හැමදේම මතක කරන්න. ඔයා මාත් එක්ක එක චූටි හරි යාලුකමක් තියෙනවා නම් මේ කතාව අහලා ඉවර උනාට පස්සෙත් ඒ යාලුකම ඒ විදිහටම තියා ගන්නවා නේද.... ප්ලීස්.... "




විනාඩියක් විතර මං ඒ ඇස් දිහාම බලන් හිටියා. දැන්ම ම මගෙ ඇස් කදුලින් පිරෙන්න ඔන්න මෙන්න වගේ. සට්‍රෝන් වෙන්න අසෙනි කියලා මං මටම හිතින් කියා ගන්නව ඇරෙන්න මට වෙන්න කරන්න දෙයක් නෑ. එයා වගේම මාත් අසරණයි.




" කියන්නකෝ.... මේ විදිහටම ඉන්නවා නේද 😥 "




" හ්ම්ම්ම් ඉන්නම් "




ශනෙල් මෙච්චර වෙල්ල තද කරලා අල්ලන් හිටපු අත අතෑරියෙ එතකොටයි. ශනෙල් පුටුවට හේත්තු උනේ ලොකු හුස්මක් අරන් පිට කරන ගමන්.




" හරි. පටන් ගන්නද ලෝයර් මිස් "




" හරි "




" මුලින්ම මේ..... "




" ටිකක් ඉන්න "




මං ශනෙල්ව නතර කරේ මේක කියලා පටන් ගත්තෙ නැත්තම් මට මෙතන ඇඩුනොත් මුකුත් කර ගන්න බැරි වෙයි කියන බයට.




" ඇයි මොකක්ද ප්‍රශ්නෙ ? "




" ශනෙල්. දිස් ඊස් මයි ජොබ්. මටත් වඩා හොදට ඔයා දන්නවනෙ ජොබ් එකක් කරද්දි ඇස් හිත් අත් එක තැන තියෙන්නෝනි කියලා. "




" ම්ම්ම් ඔව් ඉතින් ? "




" ඉතින්..... ඔයා කියන්න. හැමදේම කියන්න. ඒත් මෙතනට අපේ පර්සනල් ලයිෆ් එකේ මුකුත් ගාව ගන්නෙපා. කොටින්ම කිව්වොත්.... අපේ චූටු යාලුකමක් හරි තියෙනවා නම් ඒකත් මතක කරලා කතාව පටන් ගන්න 🥺😥 "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H

Report Page