The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

24🌼👀




වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කදුලු පිරුනු ඇස් වලින් මං හසිරු අයියා දිහා බැලුවා. කලබල වෙන්නෙපා කියන්න වගේ ඇස් දෙකෙන් මට සන් කරපු හසිරු අයියා දිහායි තරගෙන් මාව සරුංගලයක් වගේ ඇදන් යන ශනෙල් දිහායි මං මාරුවෙන් මාරුවට බැලුවෙ කිසිදෙයක් හිතා ගන්න බැරුව.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


භසිරු අයියා මට පේන්නැති වෙන දුරට යනකම්ම මං හසිරු අයියා දිහා බලන් හිටියා. හසිරු අයියා පේන්නැති වෙනකොටයි මට මතක් උනේ ශනෙල්ගෙ පස්සෙන් මං ඇදි ඇදි යනවා කියලා. උදේම නිසා ඒ පාරෙ එහා මෙහා ගිය මිනිස්සු එක්කෙනයි දෙන්නයි හිටියෙ.




අපි ගියපු පාරෙ දකුනු පැත්තෙ ලොකු කොන්ක්‍රීට් කැට අතුරපු ජොගින් කරන්න වගේ හදලා තිබ්බ පාරක් තිබ්බෙ. වම් පැත්තෙ තමයි කැෆේ ශොපින්මෝල් චූටි චූටි ශොප්ස් ඒම ඔක්කොම තිබ්බෙ. ඒ පැත්තෙත් මීටරෙන් මීටරේට වගේ ඇසල ගස් හදලා ඒවගෙන් පාරට වැටුන කහ පාට මං නිසා හරිම ලස්සනයි. මැද තිබ්බෙ තාර එහෙම දාලා හදලා තිබ්බෙ මේන් රෝඩ් එකට වැටෙන අතුරු පාරක්.




දකුනු පැත්තෙ කොන්ක්‍රීට් කැට වලට චුට්ටක් එහායින් කලු පාට පේන්ට් ගාලා තියන යකඩ වැටක් ගහලා තිබ්බෙ මෙහා පැත්තෙ පාරයි එහා පැත්තෙ එකේක පාට මල් වවලා එකේක ජාතියෙ ගස් වවලා ඒ ගස් යට සුදු පාටට පේන්ට් කරපු බෙන්ච් එහෙම තියෙන පාර්ක් එකයි වෙන් කරන්න. ඒත් පාර්ක් එකට එන්ටර් වෙන්න නම් තිබ්බෙ ගේට්ස් තුනක් විතර. ඒ නිසා පර්ක් එකට එන්ටර් වෙන්න ගොඩක් දුර ඇවිදන් යන්නෝනි.




කොච්චර අත කරකව කරකව දැගලුවත් ඒකෙන් උනේ ශනෙල් මගෙ අත තවත් තද කරපු එක විතරයි. තවත් මෙහෙම පිටිපස්සෙන් ඇදීගෙන යන එකේ තේරුමක් නැති නිසා ඉවසලා ඉවසලා බැරිම තැන මං ශනෙල්ගෙ අත ගසා දැම්මෙ ඇත්තටම ඒ වෙලාවෙ හිතට ආපු තරහට.




" අතාරිනවා මාව. මොකක්ද මේකෙ තේරුම. මෙහෙම හිතුන හිතුන වෙලාවට ඇදන් එන්නයි හිතුන හිතුන වෙලාවට ගහන්නයි ආයෙ ඇවිල්ල බලලා යන්නයි.... තමුසෙ හිතන් ඉන්නෙ මං සෙල්ලම් බඩුවක් කියලද "




ශනෙල්ගෙ ඇස් තරමටම මගෙ ඇසුත් රතු වෙන්නැති. මෙච්චර කල් මගෙ හිතේ තිබ්බ දේ එලියට පැන්නෙ මටවත් හිතා ගන්න බැරි විදිහට. මෙච්චර වෙලා රතු වෙලා තිබ්බ ශනෙල්ගෙ ඇස් දිලිසුනේ ඒ ඇස් කදුලින් පිරෙද්දි. හසිරු අයියා කිව්වා හරි. ඒකත් හිතක්. එයත් මනුස්සයෙක්. ඉවසන්න පුලුවන් සීමාවක් එයාටත් ඇති.




" අ.... අසෙනි..... ඔයාට තේරෙන්නැද්ද ඇසෙනි 🥺 "




" නෑ.... නෑ තේරෙන්නෑ. මොනවද තේරුන් ගන්නෝනි. තේරුන් ගන්නෝනි උනත් ඔයාගෙ මේ ගොං පිස්සු වැඩ වලින් වෙන්නෙ ඒව තවත් පැටලෙන එක. ශනෙල් ප්ලීස්.... ප්ලිස්ස් මට නිදහසේ ඉන්න දෙන්න "




මං තවත් කෑ ගැහුවා. හිතක් පපුවක් නැති කෙනෙක් ගානට කෑ ගැහුව. දන්නවා ඒක වැරදියි කියලා. ඒත් මෙච්චර කල් හිතේ හිර කරන් ශනෙල් තනියම අඩන හේතුව මේ විදිහට හරි දැන ගන්න ලැබුන නම්.....




" කවුද ඒ.... අ... අර එ... එතන හ්..හිටියේ ක්... කවුද ඒ "




" කවුරු උනත් ඔයාට මොකද 😏 ඇයි ඔයාට විතරද ක්ලබ් ගානෙ ගිහින් කෙල්ලොන්ගෙ ඇග උඩ නැගගෙන බිබී ඩාන්ස් කරන්න පුලුවන් අහ්. ඇයි මට බැරිද "




" අසෙනි ඕක නවත්තනවා "




මං කෑ ගැවුවා වගේ දෙකුනයක් හයියෙන් එයා කෑ ගැහුවම මං ගැස්සිලා ගියා. ඒ කදුලු කම්මුල් දිගේ ගලන්න දෙන්න බැරුව එයා ලත වෙනවා. ඒ කදුලු පිරුනු ඇස්.... මිටිගුලි උන අත්... ඉස්සර තිබ්බ අහිංසක දගකාර මූන දැන් ගෑවිලාවත් නෑ. ඒත් මට දකින්න ඕනි හැමදාමත් බලන්න ඕනි ඒ දගකාර මුරන්ඩු ශනෙල්ම විතරයි.




" බෑ නවත්තන්නෑ. ඇයි මං කියන්නෙ බොරුද "




" මං කරපු කියපු හැම එකකටම එකක් ගානෙ හේතු තියනවා. හදවතක් තියෙන්නෙ ඔයාට විතරක් නෙවේ. මටත් තියෙනවා. ඉවසන්න පුලුවන් සීමාවක් කදුලු හංගන්න පුලුවන් සීමාවක් මටත් තියෙනවා. මං නිසා විදවන්න ඕන්නෑ කියලා හිතපු අයව මගෙන් ඈත් කරන්නෝනි නිසා මං කරපු දේවල් වලින්ම ඒ අය හොස්පිට්ල් ඉන්නවා දකින එක.... ඒ... ඒක... ඒක කොච්චර අමාරුද කියලා දන්නෙ තමුසෙ නෙවේ මමයි "




මෙච්චර වෙලා හිර කරන් හිටපු කදුලු ඒ කම්මුල් දිගේ ගැලුවේ අසරනව.




" ඉතින් ඔය දුක මට කියන්නෙ ඇයි. නටන්න කෙල්ලෙක් හිටියා නම් බොන්න කෙල්ලෙක් හිටියා නම් ක්ලබ් යන්න කෙල්ලෙක් හිටියා නම් අත් අල්ලන් කැෆේ යන්න කෙන්නෙක් හිටියා නම්.... දුක කියන්න මං මොකටද. ඒ කෙල්ලටම කියා ගන්නවා. "




ඒක කියපු ගමන් මං එහා පැත්ත හැරිලා ඒ පාත් එක දිගේ පල්ලෙහාට ආවෙ තාමත් ශනෙල් ඉන්නෙ කදුලු පිරුනු ඇස් වලින් මං දිහා බලාගෙන කියලා මට දැනෙද්දි.




මෙච්චර වෙලා කොහෙන් ආපු හයියකින්ද මං දන්නෑ එහෙම කෑ ගැහුවට එලියට පනින්න පොර කෑව ඉකිය කදුලු එක්කම එලියට පැන්නෙ මටත් නොදැනිමයි. කදුලු නිසා බොද වුන මගේ ඇස් ඉස්සරහා කවදාවත් කදුලක් නොවැටුන හිනාව විතරක්ම පිරිලා තිබ්බ ඒ මූන මැවිලා පෙනුනේ ආයෙත් හැරෙන්න තවත් වෙලාව තියෙනවා අසෙනි කියලා මගෙ හිත මටම මුමුනද්දි.




ඒ කියපු එක වචනයක් ගානෙ මගේ කන්වල දෝංකාර දෙනවා. ඒ හැම අකුරකම තිබ්බෙ හංගන් හිටපු එයාගෙ දුක. ඒත් මං හරියට කෑ ගැහුවෙ මුකුත් නොතේරෙන පොඩි එකෙක් වගේ.




"මං නිසා විදවන්න ඕන්නෑ කියලා හිතපු අයව මගෙන් ඈත් කරන්නෝනි නිසා මං කරපු දේවල් වලින්ම ඒ අය හොස්පිට්ල් ඉන්නවා දකින එක.... ඒ... ඒක... ඒක කොච්චර අමාරුද කියලා දන්නෙ තමුසෙ නෙවේ මමයි" ඇයි ශනෙල් එහෙම කිව්වෙ. එයා කරපු වැඩ නිසා හොස්පිට්ල් ගියේ කවුද.... එ... එතකොට... ඒ... ඒ ක්... කිව්වෙ මං ගැනද 😩ඒත් විදවන්නෝන්නැති අය ඈත් කරන්න ඕනි නිසා කිව්වෙ ඇයි. එතකොට... ඒ කියන්නෙ... ඒ කියන්නෙ එයා කරපු හැමදේම....




"ඒ නිසා මං ඔයාලව මගේ ප්‍රශ්න වලින් ඈත් කරලා තිබ්බ තෝර ගන්නෙ අපේ බැදීම්. ඒක කඩ කරන්නෙ කොහොමද. එතනදි හම්බෙන පොයින්ට් එක අල්ලලා තමයි මං වැඩ කරන්නෙ." එතකොට හසිරු අයියා කියපු ඒ පොයින්ට් එක මේකද. කෙල්ලෙක් අල්ලන් නටන එකද ශනෙල් මගෙන් ඈත් වෙන්න අපේ තිබ්බ බැදීම නැති කරන්න අල ගත්ත පොයින් එක. අයියෝ ඇයි දෙයියනේ මේක මට කලින් තේරුන්නැත්තෙ. ඇයි කලින් මේ දේවල් හිතන්න තිබ්බෙ නැත්තෙ. මං නම් මහ මෝඩියෙක් 😩😭




අනිත් පැත්තට හැරිලා දුවලා ගිහින් තාමත් මං දිහාම කදුලු පුරවගෙන පොඩි එකෙක් වගේ බලන් හිටපු ශනෙල්ගෙ බෙල්ල වටේ අත් දෙක යවලා එල්ලුනේ ඒක හරිද වැරදිද කියලාවත් හිතන්නැතුව. මගේ කදුලුවලට කම්මුල් දිගේ ඔහේ ගලන්න දිලා මං විනාඩි දෙක තුනක්ම එහෙම්මම හිටියේ කවදාකවත් නොදැනුන අමුතු හැගීමක් අමුතු ආරක්ෂාවක් අමුතු සැනසීමක් මට දැනෙද්දි. ශනෙලුත් මාව බදාගෙන හිටියෙ මගේ කකුල් බිම ගෑවෙන නොගෑවෙන තරටම තද කරලා. හරියට කවුරු හරි මාව උස්සන් යයි කියලා වගේ.



ශනෙල්ගෙ වැටුන උණුසුම් කදුලු මගේ උරසිහට දැනුනා. ඒ හදවතේ හැගීම් ඒ උණුසුම් කදුලු මට මොනාද කියන්න හදවා. ඒක ලොකු කතාවක්.... ඒ කදුලු කැටවල දුක මට දැනෙනවා....




`දැන් අහන්න දැන් අහන්න අසෙනි` එහෙම බදාගෙන හිටපු හැම තත්පරේම මගේ හිත මට කිව්වෙ එකම දෙයයි. `දැන් අහන්න අසෙනි දැන් තමයි වෙලාව` හදවතින් විතරක් නෙවේ මොලෙනුත් ඒ අහන්න මේකද වෙලාව කියලා මං දහ පාරක්වත් අහන්න ඇති. අන්තිමට හිතලා හිතලා ඒක කටින් එලියට එන්න ගියේ එක තත්පරයයි.




" ශනෙල්.... "




" ම්ම්ම්🥺 "




" මොකක්ද ප්‍රශ්නේ ? "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




සොරි වෙන්න ඇහ් දෙන්න බැරි උනාට. කමෙන්ට් වලට රිප්ලයි නොකරට හැම එකම කියවනවා. පුලුවන් උන ගමන් රිප්ලයි කරන්නම්. ඔයාව තේරුම් ගන්න හරිම අමාරුයි මෙයාලා 😝🙈 එක දවසකට කමෙන්ට් තිබ්බෙ පනස් ගානයි හැත්තෑ ගානයි තව දවසකට පන්සිය ගනන් තුන්සිය ගනන් තියනවා. අනේ මංදා ඉතින්. දිග කමෙන්ට් තිබ්බා. හැම එකකටම ගොඩාක් තෑන්ක්ස් ඇහ් 🥺🌼❤️




♾ U_H

Report Page