The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

23🌼👀




කවුරු හරි මගෙ උරහිසට අත තිබ්බා කියලා දැනුන නිසා ඔලුව උස්සලා පිටිපස්ස බැලුවෙ ඇස් දෙකවත් පිහ ගන්නෙ නැතුවමයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" හ.... හසිරු අ.... අයියේ "




අයියව දැක්ක පාර වචනත් පැටලුනා. හසිරු අයියා මගේ ඇස් වල කදුලු දකින්න කලින් මං ආපහු අයියගෙන් මූන හංගගෙන කදුලු පිහද ගත්තෙ හසිරු අයියා මං අඩනවා කියලා දැනගෙන ඒක අයියට කිව්වොත් කියන බයට.




මුකුත්ම නොකියා හිනාවකින් විතරක් මට උත්තර දීලා හසිරු අයියා මගේ එහා පැත්තෙන් ඉද ගත්තෙ ඊලගට අහන ප්‍රශ්නවලට මං කොහොම උත්තර බදින්නද කියලා හිත හිත.




" ඇස් වල කදුලු නෙවේ වතුර තියෙන්නෙ කියලා කියන්න නම් එපා "




නොහිතපු විදිහට හසිරු අයියා කියපු දේට මොනා කියන්නද හිතා ගන්න බැරුව මං අයියා දිහා බැලුවෙ පුදුමෙන්. එයාගෙ මූනෙ කිසිම කලබලයක් නෑ. ඒ මූන වෙනද වගේම හිනාවෙන් පිරිලා. දන්නෑ මොනවද කියන්න ඕනි කියලා.




" ප්‍රශ්නයක් නේද "




බිම බලාගෙන හිටපු මගේ මූනට එබිලා අයිය ඇහුවම මං දෙපැත්තට ඔලුව වැනුවෙ නෑ කියන්න වගේ.




" මං කවුද අසෙනි "




" හ්.... හස්... හසිරු අයියා "




" නෑ ඔයාගෙ කවුද "




" මගෙ අයියා වගේම අයියෙක් 🥺 "




" නංගි මං හැමදාම ඔයා දිහා බැලුවෙ මගෙම නංගි කෙනෙක් දිහා බලව වගේ. මට සහෝදරියොවත් සහෝදරයොවත් නෑ තමයි. ඒත් පොඩි කාලෙ ඉදන් ඔය දෙන්න හිටියා. අකේශ්ගෙ පොඩි වෙනසක් වුනත් ඒක මට දැනෙනවා වගේ තමයි ඔයාගෙ පොඩි වෙනසත් මට දැනෙනවා අසෙනි. ඔයාට මාව පේන්නෙ අයියගෙ හොදම යාලුවා විදිහට විතරක්ම නම් ප්‍රශ්නෙ කියන්නෙපා. මාව විශ්වාස නම්.... අයියා තරමටම විශ්වාස නම් ඔයාට හිතේ තියෙන දුක කියන්න පුලුවන් "




ඇත්තටම එහෙම නෑ. හසිරු අයියා මට අයියගෙ හොදම් යාලුවා විතරක්ම නෙවේ. මට එයාව දැනුනෙත් මගෙම අයියා වගේ. මායි අයියයි පොඩි කාලෙ තරහ උනාම අපි දෙන්න අතරට ඇවිත් යාලු කරෙත් එයා. පස්සෙ එයාව ගනන් ගන්නෑ කියලා නහයෙන් අඩන්නෙත් එයාමයි. අයියලා නැතුව ඒ ආදරේ විදින්න බලන් ඉන්න ගෑනු ලමයි ගොඩක් අතරෙ කොච්චර අවාසනාවන්ත උනත් එක වගේ ආදරේ දෙන අයියා දෙන්නෙක්ගෙම ආදරයක් ආරක්ෂාවක් ලබන්න මං වාසනාවන්ත උනා.




ඇයි ඉතින් ඒක විදින්න මං හිත හිත ඉන්නෙ. ශනෙල් නිසාද. ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්නෙ ඇයි. මගෙ අයියා තරමටම මට හසිරු අයියවට විශ්වාසයි. තවත් හිතේ හිර කරන් ඉන්න බැරිම තැන විනාඩි දෙන තුනක් අපි අතරෙ තිබ්බ නිහඩබව බිදලා මං කතා කරා.




" කියන්නද.... අහන් ඉන්නවද 🥺 "




" අහන් ඉන්නම් "




" දවසක් කෝට් එක ලගදි මගෙ කා එකයි තව කා එකකුයි මගෙ අතින් ඇක්සිඩන්ට් වෙලා ඩැමේජ් උනා. එදා එහෙම හම්බුනේ........... "




එතන ඉදන් අද මේ වෙලාවෙ මං දැක්ක දේ වෙනකම්ම සිද්දිය මං හසිරු අයියට කිව්වෙ එක අකුරක්වත් තවත් හිතේ හිර කරන්නැතුව. දන්නෙම නැතුව කම්මුල් කදුලුවලින් තෙත් වෙලා.




" මං දන්නෑ. වෙන අය වගේ නෙවේ එයාගෙ ප්‍රශ්නෙ පස්සෙන් පන්න පන්න මං හෙව්වෙ ඇයි කියලා මට තේරෙන්නෑ. ඒත් එක දෙයක් දන්නවා. එහෙම පන්න පන්න හොයන එකෙන් වෙන්නෙ මගෙ හිත තවත් පෑරෙන එක විතරයි. අයියා දන්නවනෙ.... මං කේසස් පස්සෙ යන්නෙ නෑ කේසස් තමයි මං පස්සෙන් එන්නෙ. ඒත් මං මගෙ තියරිය ඒ කොහෙවත් යන කොල්ලා නිසා වෙනස් කරා. මට මං ගැනම තියෙන්නෙ තරහක්. මට මං ගැනම ලැජ්ජයි අයියේ 😭 "




දනිස් දෙක ලන් කරලා දනිස් දෙක වටේ අත් දෙක යවලා ඔලුව තියා ගත්තෙ නවත්ත ගන්න බැරුව එක දිගට ආපු ඉකියයි කදුලුයි නිසා.




මට දැනුනෙ අයියා මං ලගින් නැගිටලා යනවා විතරයි. ඒකත් හොදයි කියලා හිතලා මං එහ්හෙම ඔලුව තියාගෙන ඇති ගලන කදුලුවලට ඔහේ ගලන්න ඉඩ දුන්නා. ඊලග විනාඩියේ ආයෙත් එහා පැත්තෙන් කවුරු හරි ඉද ගන්නව දැනුන නිසා මං ඔලුව උස්සලා බැලුවෙ කවුද කියලා.




එහා පැත්තෙ ඉදගෙන මුහුද දිහා බලාගෙනම මට අයිස් ක්‍රීම් එකක් දික් කරගෙන හිටියෙ හසිරු අයියම තමා. ඉකි ගගහම හසිරු අයියගෙ මූන දිහා බලාගෙන මං අයිස් ක්‍රීම් එක අරගෙන කටේ ගහගත්තෙ තිබ්බ දුක තරහ ඔක්කොමත් එක්ක. මං ඒක ගද්දි හසිරු අයියට කට කොනකින් හිනවක් ගියේ මට දැනුන ලැජ්ජාවට මං බිම බලා ගද්දි. ඒත් එක්කම හසිරු අයියා මගෙ කොන්ඩෙ ටිකක් ඇවිස්සුවෙ කිසි දෙයක් නොවුන ගානට හිනා වෙලා. ඒ රූපෙ හැමදේම අමතක කරන තරම්.




" දන්නවද එහෙම දැනෙන්නෙ ඇයි කියලා. පන්න පන්න හොයන්න හිතුනෙ ඇයි කියලා. "




" නෑ නෙ "




" ඔයා හිතන්නෙ ශනෙල් ඔයා හිතපු විදිහෙ කෙනෙක් නෙවේ කියලද "




" ඔව් එයා එහෙම නෑ. "




" ප්‍රශ්නයක් උනාම අඩන්නෙ ඔයා විතරද "




මගේ පැත්තට නැතුව හසිරු අයියා ඒ අහපු ප්‍රශ්නෙට මං එයා දිහා බැලුවෙ පුදුමෙන්. මුහුද දිහා බලන් හිටපු එයා මගෙ මූන බැලුවෙ එතකොටයි.




" ඔයා දැක්කද ශනෙල් සතුටින් ඉන්නවා. හොස්පිට්ල් එකේදි ඔයා ලගට ඇවිල්ලා එච්චර දේවල් කිව්ව නම් එයත් ඉන්නෙ ප්‍රශ්න ගොඩක් කියලා ඔයා හිතුවෙ නැද්ද. කවද ඉදන්ද අපෙ නංගි ඔච්චර ආත්මාර්තකාමී උනේ. කේස් එකක් හැන්ඩ්ල් කරද්දි ඔයා හිතන්නෙ ඔයාගෙ පැත්තෙන් විතරද. එහෙම හිතලද මෙච්චර කල් කේසස් වින් කරේ "




" අයියේ 🥺 "



හසිරු අයියා කියපු දේවල් පපුවට පිහියෙන් ඇන්නා වගේ. ඔව් එයා කියන්නෙ ඇත්ත. ශනෙල් නිසා මට උන දේ ශනෙල් නිසා මං අඩපු හේතු ශනෙල් නිසා මට ඇති උන ප්‍රශ්න හැමදෙම ශනෙල් නිසා ශනෙල් නිසා ශනෙල් නිසා.... ඇත්තටම මං හිතුවෙ මගෙ පැත්තෙන් විතරයි.




" කියන්න එහෙමද නැද්ද අසෙනි. ශනෙල් ඔයාගෙ ලගම කෙ.... "




" දැන් ඔයා කියන්නෙත් ඒකමනෙ. ඇයි ඔයා ශනෙල්ගෙ පැත්තෙන් විතරක් හිතන්නෙ. මගෙ පැත්තෙන් හිතලා බලන්.... "




මං දෙන්න බලාපොරොත්තු උන උත්තරේ නෙවේ ඒ වෙලාවෙ මගේ කටින් පිට උනේ. මං මගේ වැරැද්ද බාර ගන්න කැමති නැද්ද. ඇත්තටම මං ආත්මාර්තකාමී උනාද. එතකොට හසිරු අයියා කියන විදිහට නම් ශනෙල්ගෙ ප්‍රශ්නෙ මං හොයපු එක වැරැද්දක් නෙවේ. එහෙම හෙව්ව නිසා මට ෆේස් කරන්න උන ප්‍රශ්න නිසා ඒක වැරැද්දක් කියලා මගෙ හදවත පිලිගත්තා. හදවතින් නෙවේ මොලෙන් ප්‍රශ්න වලට උත්තර හොයපු කෙනෙක් මං. එතකොට....




" හරි.... මේක කියන්න්කෝ.... ඔයාගෙ අය්.... නෑ අයියා නෙවේ මාවන ගන්නකෝ. එතනදි මං ශනෙල් කියලා හිතන්නකො අසෙනි. ශනෙල්ට ඔයාගෙ ජීවිතේ තැනක් තියන්ව නම් ඒ තැණම මටත් තියනවා කියලා හිතන්නකො. මාවත් ඔයාට දැනෙන්නෙ ලගම ඔයාගෙ කෙනෙක් විදිහට. එතකොට මං ශනෙල් වගේ ක්ලබ් ගානෙ ගිහින් බිබී ප්‍රශ්න තිබ්බත් ඒවා ඔයාටවත් අයියටවත් පෙන්නන්නැතු ඉන්න ට්‍රයි කරන ගමන් මගේ ඔලුවෙ කැරකෙන ප්‍රශ්නවලට උත්තරත් හොයනවා.




ඔයයි අයියයි මගේ ප්‍රශ්න ගැන දැන ගන්නත් බෑ එහෙමයි කියලා මගේ ප්‍රශ්න නොවිසදිලා තියෙන්නෙත් බෑ. හැම අතින්ම මට ඕනි නිදහසක්. ඔයයි අයියයි දෙන්නම මගේ ප්‍රශ්න ගැන හොයන්න පටන් ගන්නවා. මං දන්නවා ඒ හොයන්නෙ මාව ඔයාලට වැදගත් නිසා කියලා. ඒ නිසා මං ඔයාලව මගේ ප්‍රශ්න වලින් ඈත් කරලා තිබ්බ තෝර ගන්නෙ අපේ බැදීම්. ඒක කඩ කරන්නෙ කොහොමද. එතනදි හම්බෙන පොයින්ට් එක අල්ලලා තමයි මං වැඩ කරන්නෙ. දන්නවා ඒකෙන් ඔය දෙන්නට ගොඩක් රිදෙනවා කියලා. ඒත් මං ඒකට තව තවත් කරන්නෙ ඔයාට තියන බැදීම නිසාත් මගේ ප්‍රශ්න මටම දෙන පෙශර් එක නිසාත්.




ඉතින්.... දැන් ඔයාම කියන්න.... මේ හසිරු අයියා දිහා එයාගෙ නංගි බලන ඇහැකින් නෙවේ මේ හසිරු අයියා දිහා ලෝයර් අසෙනි බලන ඇහෙන් බලනකොට ඔයා මේකට මොකද කරන්නෙ නංගී "




ඒ කට හඩ සන්සුන්. ඒ සන්සුන් කම ඒ වචන මාව පුච්චනවා. මෙච්චර කල් මං මේ දිහා බලලා තියෙන්නෙ නංගි කෙනෙක් අයියෙක් දිහා බැදීමක් ඇතුලෙ හිර වෙලා බලන ඇහැකින්. ඒත් බලන්න ඕනි ලෝයර් කෙනෙක්ගෙ ඇහැකින් නේද කියලා හිතෙද්දි මාව පිච්චෙනවා.




" ම්.... මං.... මං හොදින් බැරි නම් මගේ ක්‍රමයකට හරි ඔයාගෙ ප්‍රශ්නෙ දැන් ගන්නවා. "




" ඒ වෙලාවට ඔයා ගැන හිතනවද. මං නිසා ඔයාගෙ තියරිය වෙනසක් කරන්න උන එක ගැන..... කේසස් ඔයා පස්සෙ එනක්ම් ඉන්නැතුව ඔයා කේසස් පස්සෙ ගිය එක ගැන හිත හිත තමන්ටම වද දී ගෙන.... මේ දේවල් කරනවද "




" ලෝයර් කෙනෙක් විදිහට කේස් එකක් දිහා එහෙම බලද්දි ඒ වගේ මෝඩ වැඩ කරන්න වෙලාවක් තියෙන්නෙ විදිහක් නෑ "




" මේ ප්‍රශ්නෙ මෙච්චර දුර එනකම් මේ ලෝයර් කෙල්ල කොහෙද හැංගිලා හිටියෙ එහනම් "




එතකොටයි මතක් උනේ මං කියපු දේවල්. ඒ දීපු උත්තරේ දුන්නෙ අසෙනි නෙවේ. ලෝයර් අසෙනි. හසිරු අයියා හිනා වෙලා මගේ කොන්ඩෙ චුට්ටක් අවුස්සද්දි මං හසිරු අයියගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තෙ දැනුන සැහල්ලුවටමයි. අයියත් මුකුත් නොකියා ඔහේ හිටියා.




මට දැනුන සැල්ලුව කියා ගන්න බැරි තරම්. මං ගොඩක් වාසනාවන්තයි මේ වගේ සහෝදරයි නොවන සහෝදර සහෝදරියො ලබන්න. එතකොට මං තනි වෙන්නෑ. දැන් මං දන්නවා කරන්න ඕනි මොකක්ද කියාලා.




" අසෙනි.... "




විනාඩි ගානක්ම එහෙම ඔලුව තියන් ඉදලා ඒ ඇහුන පුරුදු කටහඩට මං ඔලුව උස්සලා බැලුවෙ ගැස්සිලා.




" ශ්... ශන්.... ශනෙල් "




" ඔව් ශනෙල් තමා. "




හසිරු අයියා කිසිමි කලබලයක් නැතුව වගේ ශනෙල් දිහා බැලුවත් ශනෙල් රතු වුන ඇස් වලින් හසිරු අයියට දැම්මෙ පිච්චිලා යන බැල්මක්. පාරත් හිටින්න තරම් හයියෙන් මගේ අත තද කරලා අල්ල ගත්ත ශනෙල් මාව ඇදන් මුහුදු වැල්ලෙ ඇවිද්දෙ අමාරුවෙන්.... වෙගෙන්.... තරහෙන්.....




වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කදුලු පිරුනු ඇස් වලින් මං හසිරු අයියා දිහා බැලුවා. කලබල වෙන්නෙපා කියන්න වගේ ඇස් දෙකෙන් මට සන් කරපු හසිරු අයියා දිහායි තරගෙන් මාව සරුංගලයක් වගේ ඇදන් යන ශනෙල් දිහායි මං මාරුවෙන් මාරුවට බැලුවෙ කිසිදෙයක් හිතා ගන්න බැරුව.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කමෙන්ට් කරන නොකරන හැමෝටම ගොඩක් තෑන්ක්ස් 🥺🌼❤️




♾ U_H

Report Page