The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

22🌼👀




ඔව් ඒ කතා කරේ ඊයෙ ඊයෙ ක්ලබ් එකේදි හම්බුන කෙනාම තමයි. මොන එහෙමකද ශනෙල් මාව හම්බෙන්න ආවෙ. ශනෙල් මේ කරන වැඩේ තේරුම මොකක්ද. එක වෙලාවකට පිස්සෙක් වගේ හැසිරෙනව. තව වෙලාවකට කෙල්ලො එක්ක බිබී ඩාන්ස් කරනවා. ආයෙ වෙලාවක මට ඇවිල්ලා දුක කියනවා. තව වෙලාවක මට විහිලු කර කර මුකුත් නොවුන ගානට කතා කරනවා. මං සෙල්ලම් බඩුවක් නෙවේ දෙයියනේ. මමත් හිතක් පපුවක් තියෙන කෙල්ලෙක් 😩😭




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




එදාම මාව ඩිස්චාජ් කරේ හසිරු අයියා අපෙ අයියට මං ඉස්සරහම උපදෙස් පත්‍රිකාවක්ම කියවන් යද්දි. රෑ වෙලා එන්නම් කියලා හසිරු අයියා එයාට පේෂන් කෙනෙක් ඉන්නව කියලා ගියේ මායි අයියත් කා පාක් එකට යද්දි. එතනට යනකනුත් අයියා මගේ අත තද කරලා අල්ලගෙන ගියේ හරියට මාව දැන් ඇදගෙන වැටෙයි කියලා බයෙන් වගේ.




අපේ කා එක පේන තරම් දුරින් ඉදන් අපෙ දෙන්නම එක වැර නතර උනේ ස්ට්‍රක් උනා වගේ. මං කෙසේ වෙතත් අයියගෙ ඇස්වල නම් තිබ්බෙ ඊලගට මොනා වෙයිද කියලා බයක් වගේ. ඔව් ඒ මිහිලි අක්කා. මං හිතන්නෙ අයියා මේ දේවල් අක්කට කියලා නෑ. හරි අද අයියට දෙයියන්ගෙම පිහිටයි.




අහක බලාගෙන හිටපු මිහිලි අක්ක අපි දැක්කම දුවන් ආවෙ අපෙ අයියා බිම බලාගෙන අඩියක් දෙකක් ඉස්සරහ යද්දි.




ආපු ගමන් මිහිලි අක්කා මාව බදා ගත්තෙ මට හිතන්නවක් වෙලාවක් නොතියා. මාව ත්ද කරන් බදන් හිටපු ඒ අක්කගෙ උනුසුම මට හරිම නුහුරුයි. එයා මාව ගොඩක් තදින් බදාගෙන හිටියෙ ඒ මගෙ අයියගෙ වෙන්න වයිෆ් විදිහට නෙවේ මගේම අක්ක කෙනෙක් කියන හැඟීම මටත් දැනෙද්දි. මාත් එයාව බදාගෙන විනාඩි දෙක තුනකට පස්සෙයි අක්ක මගෙන් ඈත් උනේ.




" ප්‍රශ්නයක් නෑ නේද නංගී. 🥺 "




අක්කගෙ ඇස්වල කදුලු දැක්කෙ පස්සෙයි. ඒ කදුලු මට කියන්නෙ එතන තිබ්බ සහෝදර බැදීමක කතාවක්.




අම්මෙක් නැති උනත් තාත්තෙක් නැති උනත් එතනින් ජීවිතේ ඉවර නෑ කියලා මට කියලා දුන්නෙ අයියා. දැන් මට මගෙම වගේ දැනෙන අක්කෙකුත් ඉන්නවා. මං වටේට මට ආදරේ කරන මට මොනව හරි උනාම ඒ ගැන වද වෙන්න මං වෙනුවෙන් කදුලු හලන්න කොච්චර නම් කට්ටිය ඉන්නද.




ශනෙල් කවදාවත් කොතනකදිවත් මගේ කවුරුවත් උනේ නෑ. එයාගෙ කතා වලට මං ආස කරපු එක ඇත්තක්. ඒ කෝල් එක එනකම් මං බලන් හිටපු එක ඇත්තක්. ඒ විදිහට රන්ඩු කරන්න ආයෙ ආයෙ කැමති උන එක ඇත්තක්. ඒත් ඒකෙන් කියවෙන්නෑ ශනෙල් වෙනුවෙන් මං අඩන්න ඕනි වද වෙන්නෝනි කියලා. එයා වෙන කෙල්ලො එක්ක බිබී නටද්දි මට දැනෙන දුක මට විතරක්ද. මගෙ කදුලක වටිනා කමක් නැති කෙනෙක්ට මගේ ජීවිතේ වටිනා කමක් දෙන්නෙ මොකටද.




මං ශක්තිමත් කෙල්ලෙක්. සමාජෙ ගරුත්වයක් තත්ත්වයක් තියෙන ලෝයර් කෙනෙක්. ශනෙල් වගේ කිසිම විදිහකින් සම්බන්දයක් නැති කොල්ලෙක් නිසා මගේ තැන නැති කර ගන්න ඕනි නෑ මං. ඒ නිසා ආයෙත් ශනෙල් කියන්නෙ මගෙ ජීවිතෙ මං ගරු කර එක ලෝයර් කෙනෙක් විදිහට විතරක්ම හිතේ තියන් ඉන්න මං තීරනේ කරා. ඒ යාලුකමක්වත් කිසිම බැදීමක්වත් එක්ක නෙවේ තවත් එක මනුස්සයෙක්ට මගෙ ජීවිතෙ දෙන තැනක් විදිහට.




බනියි කියලා හිතුවට අක්ක අයියට බැන්නෙ නෑ. මං හිතුවට වඩා අක්කා අපේ අයියව තේරුම් අරන් ඉන්නවා. මං නැති දවසක මගෙ අයියව බලා ගන්න දැන් කෙනෙක් ඉන්නවා. එක පැත්තකින් අයිය මගෙන් ඈත් වෙයි කියලා දුකක් තිබ්බත් එක පැත්තකින් ඒක හිතට ලොකු සතුටක්.




එදා ඩිස්චාජ් කරලා ගෙදර ඇවිල්ලා පස්සෙ දවසෙ ඔෆිස් යන්න ඈස්ති උන මට අයියගෙන් උදේම අහන්න ලැබුනෙ සුමිහිරි වචන ටිකක්. ඒ නිසා එදා හරිම බෝරින් එකේ රූම් එකට වෙලා සින්දුවක් අහලා ෆිල්ම් එකක් බලලා ගෙවලා දැම්මෙ ෆ්‍රී එකේ.




දෙවනි දවසෙ නම් නහයෙ අඩලා අඩලා පැය තුනකින් ගෙදර එනවා කියලා ඔෆිස් ගියා මං ඔෆිස් එකේ හිටියෙ පැය භාගයයි. කරන්න තරම් වැඩක් තිබ්බෙත් නෑ. ඔය ෆිල් කරන්න තිබ්බ ෆයිල් ටිකක් ෆිල් කරලා කැපචිනෝ එකක් කටේ ගහගෙන උදේම තිබ්බ සීතලට එලියට බැස්සෙ ජර්සි එකත් දාගෙන.




ඔලුවට හුඩ් එකත් දාගෙන එක අතකින් කැපචිනෝ එක කටේ ගහගෙන අනිත් එක ජර්සි එකේ සාක්කුවට දාගෙන ඔහේ පාර දිගේ ඇවිද්දෙ උදේ තිබ්බ මීදුමත් එක්ක ආපු සීතලට. කොහෙද යන්නෙ කියලවත් දන්නැතුව පාර අයිනෙ ඔහේ ඇවිද්දෙ බීච් එක තියෙන පාත් එකේ.




නිකමට පාර එහා පැත්ත බලපුහමයි දැක්කෙ රෙස්ටූරනට් එකක් එලියෙ තිබ්බ ටේබල් එකක ශනෙලුයි අර එදා ක්ලබ් එකේ ගර්ලුයි ඉන්නවා. ඒ දෙන්නා හිටියෙ එක්කෙනාට එක්කෙනා අත් අල්ලගෙන ලොකු කතාවක.




ඒක නොදැක්ක වගේ ඒක ගැන නොහිතා යන්න ගියත් ඒක දැක්කම මං එතනම නැවතුනේ ඒ දිහාම බලාගෙන. හැගීම් පාලය කර ගන්න කියලා මං මටම කොච්චර කිව්වත් මේ වගේ වෙලාවට ඇයි කදුලු එලියට පනින්න හදන්නෙ කියන එක මටම ප්‍රශ්නයක්.




ශනෙල් මූන හරවලා පාර දිහා බලද්දි මාව දැක්ක. එයා මං දිහා බලන් ඉන්නව වගේ දැනුන නිසා ඇස් අග තිබ්බ කදුලු වැටෙන්න කලින් මං එතනින් හැරිලා ආවත් එතනින් අඩියක් දෙකක් ඉස්සරහට තියද්දි කදුලු එලියට පැන්නෙ කැපචිනෝ එක අතේ අරන් මං දුවලා ගිහින් බීච් එකේ වැල්ලෙ ඉද ගද්දි.




උදේම නිසා මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් රැල්ල පාගන්න හිටියා. එතන්ට එක සේල්ස්මන්ලා එක්කෙනෙවත් තාම ඇතිත් හිටියෙ නෑ. ඒ පරිසරය නිහඩයි. සන්සුන්. ලස්ස්නයි. ඒත් මට ඒක මූසලයි.




කැපචිනෝ එක ආයෙත් කටේ ගහගෙන ක්ෂිතිජය දිහා බලන් හිටියෙ කදුලු දැන් නවතියි දුක දැන් අඩු වෙයි කියලා. මේ දේවල්.... ශනෙල් හම්බුන දවසෙ ඉදලා අද ඒ ශනෙල් කෙල්ලෙක්ගෙ අතක් අල්ලන් හිනා වෙවී ඉන්න මේ හැම සිද්දියක් ම කාට හරි වාත්තු වෙලා අඩ අඩ මට කියන්න තිබ්බ නම්. මට චූටි හරි නිදහසක් දැනුන නම්..... දන්නෑ ඒ දවස කවදද කොහොමද කියලා....




" නංගී..... "




කවුරු හරි මගෙ උරහිසට අත තිබ්බා කියලා දැනුන නිසා ඔලුව උස්සලා පිටිපස්ස බැලුවෙ ඇස් දෙකවත් පිහ ගන්නෙ නැතුවමයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H


Report Page