The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

21🌼👀




තවත් ඇස් අරන් ඉන්න බැරිම තැන ඇස් බාගෙට පියවෙද්දි ලාවට හීනෙන් වගේ දැක්කෙ අයියා දුවගෙම මගේ පැත්තට එනවා විතරයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" නංගි මොකක් හරි ප්‍රශ්නෙකද බන්.... "




" නෑ හසිරු. ඇයි මොකක්ද නංගිට 🥺 "




" නෑ නෑ කලබල වෙන්න දෙයක් නෑ. මොකක් හරි ටෙන්ෂන් එකකින් ඉදලා වගේ. ගොඩක් කල්පනා කරලා නිදිමරලා වගේ පෙනුනා ඒකයි. ගනන් ගන්න එපා දැන් සිහිය එයි. නංගි මට මැසේජ් කරද්දි කිව්ව මේ ටිකේම ඔෆිස් එකේ කියලා. සමහර විට ඔෆිස් එකේ වැඩ නිසා බිසී වෙන්නැති. උබ දන්නවනෙ කරන්නෝනි මොනාද කියලා. රෙස්ට් කරන්න කියපන් "




" තැන්ක් යූ හසිරුවො. උබෙ වැඩත් පාඩු උනා නේද. උබ දන්නවනෙ උණක් හැදුනක් නංගිට මට බෙ.... "




" හරි හරි බන්. දැන් ඔක්කොම හරිනෙ. මං දන්නවා උබ නංගිට ගොඩක් ආදරෙයි කියලා. නංගිව බලා ගනින්. මං යන්නම්. අද නයිට් ඩියුටි මට "




අපේ අයියගෙයි හසිරු අයියගෙයි කතාව ලාවට වගේ මට ඇහෙද්දි බරට එකට ඇලවිආ වගේ තිබ්බ ඇහි පිහාටු මං අමාරුවෙන් ඇරියේ තාමත් ඔලුව තදේට රිදෙද්දි.




මං හිටියෙ අයියගෙ හොස්පිට්ල් එකේ කියලා අදුර ගන්න මට වැඩි වෙලා ගියේ නෑ. මං කොච්චර වෙලාවක් සිහිය නැතුව හිටියද දන්නෑ. පවු මගෙ අයිය මං හින්දා දුක් විදිනවා. මේ හැමදේම ශනෙල් නිසයි. ශනෙල්ව පුලුවන් තරම් මගේ අතකෙන් ඈත් කරන්නයි මට ඕනි. ඒත් මං දන්නෑ ඒක මට කරන්න පුලුවන් වෙයිද කියලා.




අයියා මට උණක් හැදුනත් එයාගෙ අතින් කවදාවත් මාව චෙක් කරලා නෑ. චූටි කාරෙ ඉදන් උණට බෙහෙත් දුන්නෙත් හසිරු අයියා. දැන් නම් මිහිලි අක්කත් ඉදියි. අයියා හැමදාම කියන්නෙ...




" නංගි මං මගෙ අත් දෙකෙන් මේ අවුරුදු ගානටම ඔපරේෂන් කීයක් කරලා තියෙනවද කියලා මට මතකවත් නෑ. ඒ තරමට මේ අත් දෙකෙන් ඔපරේෂන් කරලා ඇති. ඒ එකක්වත් ෆේල් වෙලා නෑ. දැන් ඒ මිනිස්සු හිටියටත් වඩා හොදින් ඉන්නවා මං දැකලා තියෙනවා. එහෙම සක්සස් විදිහට ඒ ඔපරේෂන් කර ගන්න පුලුවන් උනේ ඒ මිනිස්සු මගේ කවුරුත් නොවෙන නිසා. ඒ මිනිස්සුන්ගෙයි මගෙයි අදර කිසිම බැදීමක් නොතිබ්බ නිසා. ඒත් මේ අත්දෙකින් ඔයාගෙ ඔපරේෂන් එකක් මට කරන්න උනොත්.... ඒක.... ඒක මට හිතන්නවත් බෑ. ඒ නිසා ප්ලීස් ආයෙ ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්නෙපා "




අයියගෙ ඒ උත්තරේදි මං ගොලු උන වාර අනන්තයි. එදායින් පස්සෙ මං ආයෙ කවදාවත් ඒගොං ප්‍රශ්නෙ අහලා නෑ. අහන්නෙත් නෑ. මොනා උනත් හසිරු අයියා වගේ අයියෙක් ලබන්නත් පිං කරන්න ඕනී 😌🖐️




හසිරු අයියා අපේ අයියගෙ පිටට තට්ටුවක් දලා රූම් එකේ හොරත් වහන් එලියට ගියා.




ඇස් දෙක ඇරගෙන ඇදේ හාන්සි වෙලාම එකේක විකාර හිත හිත ඉද්දි අයියා ඇවිල්ල මගේ මූනට වැටිලා තිබ්බ කෙස් කන පිටිපස්සට කරේ ඇද ලගම තිබ්බ පුටුවෙ ඉද ගන්න ගමන්.




" බඩගිනියි 😪 " මං කිව්වෙ අයියගෙ අත අල්ලගෙන.




" මොනා උනත් තමුසෙගෙ බඩේ ඉන්න හිගන්න නම් කවදාවත් නැති වෙන්නෑ 😒 "




" ඩොක්ටර් කෙනෙක් උනාම පේෂන්ස්ලට කරුණාව දක්වන්නෝනි කියලා දන්නැද්ද. කොහෙන්ද එම්බීබීඑස් ගත්තෙ 😒😝 "




" තමුසෙනම් නංගී. ඇදේ නොහිටිය නම් දන්නවා මං කරන දේ. හරි හරි මොනාද ඕනි කැන්ටීන් එකෙන් අරන් එන්නම් "




" අයිස් ක්‍රීම් 😌 "




" මැරෙන්නද යකෝ හදන්නෙ. තෝ මැරුනම මලගෙදරට වියදන් කරන්නත් ඕනි මං නෙ. අරන් එන එක කාපන්. "




එහෙම කියලා කින්ඩි හිනාවක් දාගෙන අයියා රූම් එකෙන් එලියට ගියා. අපෝ මේ අයියා නම්. ගොඩක් කාලෙකින් අයිස්ක්‍රීම් එකක් කෑවෙත් නෑ. අතේ සතේ නැතුව ඉද්දි අරන් දෙන්නෙත් නෑ. මොකෙක්ද මංදා. මුලු රූම් එකේම ඇහුනෙ මං හුස්ම ගන්න සද්දෙ විතරයි. පාලුව නිසාම මං ඇස් දෙක පියා ගත්තෙ අද ඉදන්වත් මට නිදහසේ ඉන්න ලැබේවා කියලා හිතාගෙන ඔලු හුස්මක් අරන් පිටකරන ගමන්.




ඒත් එක්කම රූම් එකේ දොර ඇරෙන සද්දයක් ඇහුන නිසා මං බැලුවෙ අයියා මෙච්චර ඉක්ම්නට ආවද කියලා. ඇතුලට ඇවිත් මට පිටුපාලා දොර වහන නිසා ඒ කවුද කියලා මූන පෙනුනෙ නැති උනත් ඒ ශනෙල් කියලා මං අදුර ගත්තෙ. එයා අතේ ලොකු මල්ලක් තිබුනා.




එතකොට ශනෙල් ඇවිත් තියෙන්නෙ මාව බලන්නද. ඊයෙ අර ක්ලබ් එකේ එයාගෙ අතේ ගර්ල් කෙනෙක් එල්ලිලා හිටියනෙ. ඉතින් ආයෙ ආයෙ ඇයි ශනෙක් මෙහෙම එන්නෙ. ශනෙල්ව අමතක කරන්න හදන හැමවෙලේම එක්කො ශනෙල් එක්කො ශනෙල්ගෙ කවුරු හරි එක්කො ශනෙල්ගෙ මතක.... ඇයි මෙහෙම එක පිට එක මගෙ ඉස්ස්‍රහට එන්නෙ. ඇයි මේ මටම මෙහෙම වෙන්නෙ. ශනෙල්ව විතරක් නෙවේ තව ටික කාලෙකින් මට මාවත් එපා වෙයි




ශනෙල් අනිත් පැත්ත හැරිලා එන්න කලින් මං ඇස් දෙක පියාගෙන නිදි වගේ හිටියේ ආයෙත් ශනෙල් එක්ක මට වචනයක්වත් කතා කරන්න ඕනි උන්නැති නිසා.




අරන් ආපු මල්ලද කොහෙද ලබ තිබ්බ ටේබල් එක උඩ තියනව ලාවට වගේ ඇහුනා. ලග තිබ්බ පුටුවෙන් ඉදගන්නවා මං අදුර ගත්තෙ හුලගත් එක්ක ආපු ඒ සුවදින්.




" අයිම් සොරි අසෙනි. දැන් මට මං ගැනම තියෙන්නෙ තරහක්. ඒ මං වගේ කෙනෙක් ප්‍රින්සස් කෙනෙක් වගේ ඉන්න ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන.




අවුරුදු 18ක් පිරුන ගමන් අම්ම අසනීප උන නිසා අම්මගෙයි නංගිගෙයි ජීවිත දෙකම ජීවත් කරේ මං. ඒ අර පොඩි කඩේක වේටර් කෙනෙක් විදිහට වැඩ කරලා. ඒ හැමදේම අස්සෙ රෑට ඇහැරගෙන පාඩම් කරලා මහන්සි වෙලා දැන් ලෝකෙම දන්න ලෝයර් කෙනෙක් වුනේ අම්මයි නංගියි හින්දා. තාත්ත නැති උනත් නංගිට ඒ අඩුව දැනෙන්න දෙන්න බැරි නිසා. හැමදාම තෙමි තෙමි ඉන්න නොදී අඩුම ගෙයක් හදලා දෙන්න ඕනි නිසා. ජොබ් එකෙන් හම්බුන සැලරි එකෙන් ටික ටික ඉතුරු කරලා එයාලට අවුරුදු 2,3කට ජීවත් වෙන්න ඇති වෙන සල්ලි තියලා මං පිටරට ගියේ ඒ වෙනකොට මට ගොඩක් මහන්සි දැනුන නිසා.




නිදහසක් හොයන් පිටරට ගියපු මට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. එතන තමයි මගේ ජීවිතේ වුන ප්ලවෙනි වැරද්ද වුනේ. ඒ ප්‍රශ්නෙ එතනින් ඉවරයි කියලා ආපහු ලංකාවට ආවට ප්‍රශ්න මාව හොයාගෙන ආවා. ඒ අතරෙ තමයි ඔයාව හම්බුනේ. දැන් මට මං ගැනම තියෙන්නෙ තරහක් වෛරයක්. ඔයා වගේ කෙනෙක්ට ජීවිතේවත් විශ්වාස නැති මං දුන්න බලාපොරොත්තු හැම එකකටම මං සමාව ඉල්ලනවා. ඒත් මං දන්නවා ඔයාට මං දුන්නෙ සමාව දීල ඉවර කරන්න බැරි දුකක් කියලා.




පිටරටදිත් මං කරේ ප්‍රශ්නෙන් පැනලා ආපු එක. දැනුත් කරන්නෙ ඒකම කියලා මතක් වෙද්දි..... මං ඔයාගෙ ජීවිතේ සතුට නැති කරන්න ආව කියලා හිතන්නෙපා අසෙනි. දවසක.... නෑ දවසක නෙවේ ලගදිම ඔයා දැන ගනියි ඒ දේවල්. ඔයා ගාවට ඇවිල්ල ඔයා ඉස්සරහ ඒ දේවල් කියනවට වඩා එල්ලිලා මැරෙන එක සැපයි අසෙනි.




මං කැමති නෑ මගෙ ප්‍රශ්න මගෙ පර්සනල් ජීවිතෙ කවුරුවත් දැන ගන්නවට. ඒක.... ඔයාවත්.... අම්මයි නංගී ඇරෙන්න මට ජීවත් වෙන්න හේතුවක් විදිහට තියෙන්නෙ ලෝකෙට මං බෙස්ට් ලෝයර් උන එක විතරයි. ඒ ආත්මගෞරවය විතරයි. ම්ං දන්නෑ ඉස්සට මට මොනවා වෙයිද කියලා. මගේ අනාගතේ තියා ජීවිතේවත් මට දැන් විශ්වාස් නෑ.




කොච්චර හිත හදා ගන්න හැදුවත් මට ඒවා ආයෙ ආයෙ මතක් වෙනවා. ඔයා අහගෙන හිටියෙ නැතත් මේ දේවල් මෙහෙම හරී කිව්ව එක මට ලොකු සැනසීමක්. එක අතකට ඔයාට මේ දේවල් ඇහුන්නැති එක මට සතුටක්. "




මං නිදි කියලා හිතලා ශනෙල් ඔහේ කියපු කතා හැම එකකම මට නොතේරුන රහසක් තිබුනා. ශනෙල් මේ දේවල් මට කියන්නෙ ඇයි. ඒ කතාවල තේරුම මොකක්ද. පිටරටදි ජීවිතේ වැරදුනා කිව්ව එකේ තේරුම මොකක්ද. එතකොට ප්‍රශ්න වලින් පැනලා ගියා කිව්වෙ ඇයි.




ඩීසන් එකේ හරිම සැහැල්ලු චරිතයක් වගේ ඉන්න ශනෙල්ගෙ පොඩි කාලේ එයාට විදින්න හම්බුනේ නැත්තෙ ඇයි. මටයි අයියටයි අම්මා තාත්තා නැති උනත් වෙලාවට කන්න ඉස්කෝලෙ යන්න සෙල්ලම් කරන්න මේ දේවල් හබුනා. ඒත් ශනෙල්ගෙ පොඩි කාලේ අපේ පොඩි කාලෙටත් වඩා එයා දුක් විදලා. මේ දගකාරයා ඇතුලෙ ඉදලා තියෙන්නෙ එහෙම දුක් විදපු දුක් විදින චරිතක් කියලා හිතෙද්දි ඇස් අග තිබ්බ කදුලු දෙපැත්තට රූටලා ගිහින් කන්පෙතිවල ගෑවිලා ගියේ මුලු ඇගම සීතල වෙලා යද්දි.




ටික වෙලාවක් මුකුත් කියන්නැතුව හිටපු ශනෙල් ඉදන් හිටපු පුටුවෙන් නැගිටිනවා මට ලාවට වගේ දැනුනා. ශනෙල් යන්න හැරෙද්දි එක අතකින් කදුලු පිහදගෙන අනිත් අතින් ශනෙල්ගෙ ඒ අතනි අල්ල ගත්තෙ යන්න හැරුන ශනෙල් පුදුමෙන් ආපහු මගෙ පැත්ත හැරෙද්දි. ඒ පලවෙනි පාර. ඒ ලොකු අත අල්ලපු පලවෙනි පාර ඒක.




කිසිදෙයක් ඇහුන්නෑ වගේ මං ශනෙල්ගෙ මූන දිහා බලාගෙන දෙපැත්තට ඔලුව වැනුවෙ යන්නෙපා කියන්න. මූන පුරා හිනාවක් දාගෙන මගෙ ඔලුව අතගාලා ශනෙල් ෆෝන් එකේ මොකක්ද ඔබලා කනේ තියා ගත්තෙ මං අල්ලන් හිටපු එයාගෙ අත අතාරිද්දි.




එක අතක් සක්කු දාගෙන හිනා වෙවී ශනෙල් ගත්තෙ කෝල් එකක් කියලා මට තේරුනා.




" හරි පැටියො දැන් වැඩේ ඉවරයි. මේ එන ගමන්. "




එහා පැත්තෙ මොන මොනවදෝ කිව්ව නිසා නවත්ත නවත්ත කතා කරපු ශනෙල් දොර ගාවට ගිහින් විනාඩියක් විතර නැවතිලා කතා කරේ මුලු මූනම හිනාවෙන් පුරවගෙන. ශනෙල් හිනාවෙද්දි පේන එයාගෙ නල දත ඒ හන්ඩ්සම් කම තවත් වැඩි කරා.




" නෑ නෑ අනේ ඒක එච්චර ලොකු වැඩක් නෙවේ. මේ ඕන්නැති නිකමනට කරන්න හිතුන වැඩක් "




" අහ් ඔව් ඔව් අදත් රෑට එතනම හම්බෙමු. "




" හරි හරි අනේ ඇති වෙනකම් ඩාන්ස් කරමුකෝ "




ඔව් ඒ කතා කරේ ඊයෙ ඊයෙ ක්ලබ් එකේදි හම්බුන කෙනාම තමයි. මොන එහෙමකද ශනෙල් මාව හම්බෙන්න ආවෙ. ශනෙල් මේ කරන වැඩේ තේරුම මොකක්ද. එක වෙලාවකට පිස්සෙක් වගේ හැසිරෙනව. තව වෙලාවකට කෙල්ලො එක්ක බිබී ඩාන්ස් කරනවා. ආයෙ වෙලාවක මට ඇවිල්ලා දුක කියනවා. තව වෙලාවක මට විහිලු කර කර මුකුත් නොවුන ගානට කතා කරනවා. මං සෙල්ලම් බඩුවක් නෙවේ දෙයියනේ. මමත් හිතක් පපුවක් තියෙන කෙල්ලෙක් 😩😭




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




අනේ ඔයාලගෙ කමෙන්ට් එන්න එන්නම අඩු වෙනවා 🥺 කතාවෙ අවුලක් නම් කියන්න ප්ලීස්. එපා වෙනව අනේ කමෙන්ට් නැතුව ලියන්න. මහ ලොකු දෙයක් නෙවේනෙ ඉල්ලන්නෙ. කමෙන්ට් එකක් දාන් යන්න. විව්ස් තියනවනෙ. 🥺❤️




මෙහෙම ගියොත් මං මේක නතර කරන්නෙ අසෙනිව හරි ශනෙල්ව හරි මරලා හරිද 😏😒




♾ U_H


Report Page