The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

20🌼👀




එහෙම කියලා මං ඉස්සරහට යන්න හදද්දි ඒ කෙනා මගේ අතින් ඇල්ලුවෙ මගේ හාට්බීට් එක දෙකුනෙකින් වැඩි වෙද්දි. දැන්නම් ඇස් අග තියෙන කදුලු පනින්න ඔන්න මෙන්න.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඒ අත ගසලා දාලා යන්න හදපු මගේ අත තවත් තද කරලා ඒ කෙනා ඇල්ලු අත එහාට මෙහාට අඹර අඹර ඒ අතින් මගේ අත ගලවගන්න බලන ගමන්. මං දගලන්න දගලන්න ඒ මනුස්සයා මහ අමුතු හිනාවක් එක්ක මගේ අත තවත් තද කරා. ඒත් එක්කම ඒ මනුස්සයා එයාගෙ අනිත් අත මගේ කම්මුලට තියන්න හදද්දි කෑ ගහන්න හද්පු මගේ කටේ සද්දෙ පිටවුනෙත් නැති තරම්. ඇස් අග තිබ්බ කදුලු එලියට පැන්නෙ අසරන කමටමයි.




ඒත් එක්කම මගේ අත ඒ මනුස්සයා අල්ලන් හිටපු අතින් ඇදලා අරගෙන ඒ මනුස්සයාගෙ කම්මුලට ගැහුවෙ ඒ කෙනා විසි වෙලා යද්දි. ඒ කනට ගහපු සද්දෙට මං මුලු මූනම අත් දෙකෙන් වහගෙන ඇස් තද කරලා පියා ගත්තෙ දැනුන බයට. ඒ කවුරු උනත් මට ඒ වෙලාවෙ හැටියට දැනුන හැගීම වචනෙන් කියන්න බැරි තරම්. තාම්ත් මාව සීතලයි. මට මං ගැනම දැනුනෙ අප්පිරියාවක්. ඒ මනුස්සයා අල්ලපු මගේ අත මටම අප්පිරියයි දැන්.




කනට ගහපු ඒ මනුස්සයා විසි වෙලා ගිහින් නට නට හිටපු මිනිස්සුන්ගෙ ඇග උඩට වැටුනෙ හැමෝම අපි දිහා හැරිලා බලද්දි. ඒත් එක්කම ඒ මනුස්සයාට ගහලා මාව බේර ගත්ත කෙනා මගේ අතින් අල්ලගෙන ඇදගෙන ගියේ මාත් ඒ පිටිප්ස්සෙ සරුංගලයක් වගේ ඇදි ඇදි යද්දි. අඩ අදුරෙ උනත් ඒ කවුද කියලා මං අදුර ගත්තා. ඔව් ඒ ශනෙල්මයි. තාමත් කම්මුල් දිගේ කදුලු ගලන්නෙ දැනුන බයටමයි.




ක්ලබ් එකෙන් එලියට ඇවිත් කා පාර්ක් එක ගාවට මාව ඇදන් ආපු ශනෙල් මං ඉස්ස්‍රහට ආවෙ ඇස් රතු කරගෙන. කා පාර්ක් එකේ ඒ වෙලාවෙ කවුරුත් හිටියේ නෑ. පැත්තක තිබ්බ චූටි ලයිට් එලිය විතරයි මගෙ බය නැති කරන්න හිටියෙ. ඉස්සර තිබ්බ ඒ අහිංසක කම ඒ වෙලාවෙ ශනෙල්ගෙ ගෑවිලාවත් නෑ. ශර්ට් එකේ උඩ බොත්තක් දෙක ඇරගෙන ඇස් රතු කරන් මං දිහා විනාඩි දෙකක් විතර බලන් හිටපු ශනෙල්ගෙ ත ඊලගට නතර උනේ මගේ කම්මුලේ.




ඒ ගහපු පාරට මං අඩි දෙක තුනක් පිටිපස්සට විසි උනේ ඇස්වලින් ගලපු කදුලු ආයේ ආයෙ අලුත් වෙද්දි. අත් දෙකෙන්ම ඒ ගහපු කම්මුල අල්ලගෙන මං ඇස් පිල්ල්ම් ගහන්නෙත් නැතුව ශනෙල් ශිහා බලන් හිටියෙ ජීවිතේ කවදාත් නොදැනුන අසරන කමක් මට දැනෙද්දි. අදුරන්නැති කවදාවත් ඇවිල්ලා නැති මේ තැනේදි මං දන්න කෙනෙක් කියලා හිටියෙ ශනෙල් විතරයි.




ඉස්සර ශනෙල්ගෙ නමවත් නොදැන හිටපු දවස්වල මට ශනෙල් ලගදි දැනුන ඒ හැගීම ඒ යාලුකම ඒ කවදාවත් දැකලවත් නොතිබ්බ ඒ අහිංසක දගකාර කොල්ලා මගෙ ලගම කෙනෙක් ගොඩක් කල් ඉදන් දන්න අදුරන කෙනෙක් වගේ දැනුන ඒ හැගීම දැන් මගෙන් ඈත් වෙලා යනවා වගේ මට දැනෙනවා. මං අද මේ තැනට ආවෙත් ශනෙල් නිසාමයි. ඒ ආපු එකට මට මං ගැන ම තියෙන්නෙ තරක්. තමන්ගෙ කවුරුත් නොවෙන තමන් ගැන ත්බදොයිතුවක අගයක් නැති කෙනෙක්ව හොයන් මේ වගේ තැනකට මං ආපු එක ගැන මට මං ගැනම තරයි. කලකිරීමයි.




මං ශනෙල් දිහා බලන් ඉද්දි මං ගහලා එක අතකින් එයාගෙ කොන්ඩෙ එයාම ඇද ඇද අතිත් අත ඉනට තියාගෙන ශනෙල් පිටිපස්සෙ තිබ්බ ගලකට කයින් ගැහුවෙ එයාගෙ රතු වෙච්ච ඇස්වල තියන තරහ පිටකරන්න වගේ. මං මොකක්ද ශනෙල්ට කරපු වැරද්ද 🥺 එයාව මෙහෙම හොයන් ආපු එකද. මාව මේ විදිහට අසරන කරන්නෙපා ශනෙල්.




දෝරෙ ගලන කදුලුත් එක්ක මට ඉකියක් ආවෙ මටත් නොදැනිම. තවත් එතන ඉන්න තරම් මට හයියක් නෑ. මං අනිත් පැත්ත හැරිලා කා එක්ට දුවන්න යද්දි ශනෙල් මගේ අතින් ඇල්ලුව නිසා මං ආපහු අඩියක් පිටිපස්සට ඇදුනෙ දැන් මෙතන මට ගහලා ආඵු මාව නවත්ත ගෙන ශනෙල් මේ කරන එකේ තේරුම මොකක්ද කියලා හිත හිත.




" තමුසෙ මොකද මේ වගේ තැනකට කරන්නෙ " රතු වුන ඇස් එක්ක ශනෙල් ඇහුවෙ මගෙන් අල්ලන් හිටපු අත අතෑරලා.




" ම්.... මම්... මේ..... " අලුත් වෙවී කම්මුල් දිගේ ගලන් කදුලු එක්ක මං උත්තර දෙන්න වචන හෙව්වෙ බිම බලාගෙන.




" හේයි ශනෙල්..... පැටියෝ ඔයා මොකද මෙතන කරන්නෙ. යමු අපි ඩාන්ස් කරමු "




බිම බලාගෙන හිටපු මගේ ඇගපුරාම කරන්ට් එකක් ගියා වගේ දනුනේ ඉස්සෙල්ලා ක්ලබ් එක ඇතුලෙ හිටපු ඒ ගර්ල් ඇවිල්ලා ශනෙල්ගෙ අතේ එල්ලෙද්දි. අඩ අඩ හිටපු ඒ ගර්ල් මගේ දිහා උඩ ඉදන් පහලට බලනවා මං දැක්කා.




" හූ ඊස් දිස්. ඕහ්.... චීට් ගර්ල්.... අපි යමු පැටියෝ. " එහෙම කියලා ශනෙල්ගෙ අතින් ඇදගෙන මට රව රව ඒ ගර්ල් ඇතුලට ගියේ කකුල් දෙකට පන නැතුව මට එතනම ඉන්ද වෙද්දි.




ඒ ගර්ල් කවුරු උනත් ශනෙල්ව ගොඩක් කල් ඉදන් දන්න කෙනෙක්. ඒ වෙලා වෙ ඒ ගර්ල් එක්ක රන්ඩු කරන් තරම් මට හයියක් තිබුන්නෑ. මට දැනෙන්නෙ හදේම මං වටේ කැරකෙනවා වගේ. මව මූසල හිසබවක් මට දැනුනේ. මට මං ගැනම අප්පිරියයි.




කම්මුල් තෙත් කරන් නවතින්නැතුව වැටුන කදුලු එක්ක මං එතනින් නැගිටලා කා එකට ඇවිත් කා එකත් අරන් ඉක්මනට ගෙදර ආවේ ආයෙත් ඉස්සෙල්ලා වගේ දෙයක් උනොත් එහෙම මට ගහලවත් මාව බේරගන්න කෙනෙක් නැති වෙයි කියලා හිතෙද්දි.




මං එනකනුත් අයියා ගෙදර ඇවිල්ලා නැති එකට මගේ හිතට දැනුනෙ සැනසීමක්. ආපු ගමන් ඒ ඇදුම් පිටින්ම බාතෲම් එකට ගිහිල්ලා ශවර් එක ඇරලා බාත් ටබ් එක දිගේ රූටලා ගිහින් බිම ඉද ගත්තෙ ඒ වෙනකනුත් වැටුන කදුලු වතුරත් එක්ක දිය වෙලා යද්දි.




ඇස් දෙක පියාගෙන ශවර් එකෙන් වැටෙන වතුරට මූන අල්ලන් හිටපු මට ඒ ක්ලබ් එක ඇතුලෙද අර ජරා මනුස්සයා මගේ අතින් අල්ලපු විදීහ ආයෙත් මැවිලා පෙනුනෙ මං බ්‍රශ් එකක් අරගෙන ඒ මනුස්සයා මගේ අතින් අල්ලපු තැන තද කරලා මදිද්දි.




ආපු තරහ දුක ඔක්කොටම මං ඒ මනුස්සයා අල්ලපු තැන තද කරලා මැද්දට එතන වතුරට ඇල්ලුවට පස්සෙයි හිතුනෙ මීට වඩා අත පිච්චුනා නම් හොදයි කියලා. දරා ගන්න බැරි තරමට එතනින් වේදනාවක් දැණුනේ බ්‍රශ් එකේ කෙදිවලට එතන සීරිලා රතුම රතු වෙද්දි.




මට මං ගැණම දැනුනෙ දුකක්. මං අයියා එක්ක ජීවිතේ කොච්චර නම් නිදහැඑ හිටපු කෙල්ලෙක්ද. අම්මා තාත්තා නැතුව හැදුන මට හැමදාමත් ආදරේ කරෙත් ආදරේ කරන්නෙත් මගේ අයියා. කොහෙවත් යන කොල්ලෙක් නිසා අද ඒ කෙල්ල ක්ලබ් එකකටත් ගියා. ශනෙල් මගේ කවුද. ඇයි මං මේ ශනෙල් ගන මෙච්චර හිතන්නෙ. ඇයි වද වෙන්නෙ.




අශේන් කියන්නෙත් මගේ යාලුවෙක්නෙ. එයා ඉන්නෙත් ප්‍රශ්න ගොඩක් මැද. එහෙනම් ඇයි මං එයා ගැන මෙහෙම පන්න පන්න හොයන්නැත්තෙ. මොකක් මට මේ වෙලා තියෙන්නෙ. ඇයි හිත එක තැනක තියාගෙන නිදහසේ ඉන්න බැරි. ඉස්සර හිටපු අසෙනිට මොකද උනේ. ශනෙල් නිසා මං මාව වෙනස් කර ගන්නෙ ඇයි.




බාත්ටබ් එක යට ඉදගෙන පිච්චෙන තරම් වේදනාවක් දැනුන මගේ මගෙ අතත් අල්ලගෙන ශවර් එකෙන් වැටෙන වතුරට ඔලුව අල්ලන් හිටපු මට මගේ ඇස් තවත් ඇරගෙන ඉන්න බෑ වගේ දැනුනේ මුලු ඔලුව පුපුරන්න තරම් රිදුමක් එද්දි.




හීනෙන් වගේ නංගී ගගා දොරට ගහන සද්දයක් ඇහුනත් නැගිටලා ගිහින් දොර ඇරලා කතා කරන්න තියා මට ඇස් ඇරගෙන ඉන්නවත් බැරි තරම්. හැම දේකටම වඩා මට දැනෙන්නෙ මගේ හදවත පිච්චෙනව වගේ. ඒක ගලවලා පැත්තකින් තියන්න හිතෙන තරම්.




තවත් ඇස් අරන් ඉන්න බැරිම තැන ඇස් බාගෙට පියවෙද්දි ලාවට හීනෙන් වගේ දැක්කෙ අයියා දුවගෙම මගේ පැත්තට එනවා විතරයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කමෙන්ට් වලට රිප්ලයි නොකරට හැම එකක්ම කියවෙන. ඔයාලව කම්ෆියුස් කරන එක මගේ පරම සතුට ඒයි 😝🙈❤️ හැම කමෙන්ට් එකකටම තෑන්ක්ස් හොදේ. කමෙන්ට් කරන් යම්න ❤️🌼🥺




♾ U_H


Report Page