The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

19🌼👀




අනේ මට ගෙදර ඉන්න බෑ 😩 ඇස් පියා ගත්ත මේ උන දේවල් මොනාද කියලා හිතෙනවා. ඇස් ඇරියම ශනෙල්ට කෝල් එකක් ගනින් කියලා අත යන්නෙම ෆෝන් එකට. ඇවිද ඇවිද හිටියම එක එක විකාර ගොඩක් හිතෙනවා. මට පිස්සු වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" ම්... මැඩම්.... මැඩම්.... මැඩම් නැගිටින්න මැඩම්... "




කවුරු හරි තට්ටු කරපු නිසා මං බර වෙලා තිබ්බ ඇස් පිහාටු අමාරුවෙන් ඇරියා. පැය කීයක්ද මන්දා ටේබල් එකේ ඔලුව තියන් හිටපු හින්දද් කොහෙද බෙල්ලත් රිදෙනවා. ඇස් පොඩි කර කර මං බැලුවෙ කාගෙද ඒ කටහඩ කියලා.




" අ.... ආලි ? 😯 "




ඒ ඉන්නෙ ආලි කියලා දැක්කමයි මතක් උනේ ඉන්නෙ කොහෙද මොකද උනේ කියලා. ඉක්මනට පුටුවෙන් නැගිට්ටම් මං බැලුවෙ වෙලාව කීයද කියලා. දෙයියනේ වෙලාව වෙලාව 7.30ටත් ලගයි. ඊයේ රෑ ආවෙ 12ට හරි ගෙදර ය්නවා කියලනෙ. කරුමෙට මට නින්ද ගිහිල්ලා උදේ වෙනකම්ම.




ආලි මං දිහා පුදුමෙන් බලන් ඉද්දි මං ෆෝන් එක අරන් ඉක්මනට දුවලා ගිහින් කා එක ස්ටාට් කරලා හයි ස්පීඩ් දාලා ඩ්‍රයිව් කරේ අදනම් මං ඉවරයි කියලා හිත හිත. දැන් ගෙදර ගිහින් අයියට මොනාද කියන්නෙ. දෙයියනේ දැන් බය වෙලා ඇති. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බොරු මතක් වෙන්නෙත් නෑ.




ඒ අස්සෙ අත වැදිලා වැරදිලා රේඩියෝ එක ඔන් උනේ ඒකේ සිංදුවක් වෙනුවට මොකෙක්දෝ එකියක් ඉදන් පච පච ගාලා නෙව්ස්ද කොහෙද කියවද්දි.




" ...... රිමාන්ඩ් බාරයට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර ඒ සඳහා පරීක්ෂණ සිදු කිරීම තවමත් ඇරඹී නොමැති වීම විශේෂත්වයකි..... "




මුල් ටික ඇහුන්නැති උනත් ඒ ටික මට හයිලයිට් උනේ කලර් ලයිට් නිසා කා එක නතර කරන්න උන නිසා.




කුස්සියෙන් ඇහුන පිගන් අදින සද්දෙ අයියා කුස්සියෙ වෙන්නැති කියලා මං ලොකු හුස්මක් අරන් පිට කරේ දැන් ඉතින් පේන්නැති වෙන්න ඇහෙන්නැති වෙන්න රූම් එකට පන ගත්ත නම් හරි කියලා හිතලා.




ඇගිලි තුඩු සද්දෙ ඇහෙන්නැති වෙන්න ටයිල් එකේ තියලා හෙමීට ඇතුලට ගියේ ශනෙල් නිසා දැන් මට මගෙම ගෙදර හොර්ෆෙක් වෙන්නත් වෙලා කියලා හිත හිත. අයියා නංගී නංගී ගාගෙන් මගේ රූම් එක පැත්තට එද්දි මං මගෙ රූම් එකට ගිහින් ජර්සි එක ගලවලා කබඩ් එකට විසි කරලා ඔලුව ඉදන් බෙඩ් ශීට් එක පොරවගෙනත් ඉවරයි. මට මං ගැන ආඩම්බරයි හැබැයි 😌 හිම්බිච්චි කෙල්ල වගේ හිටියට මටත් යමක් කමක් පුලුවන් එක ගැන ආඩම්බරයි.




" ඕයි නැගිටපන්. බඩගිනියි. තේකක් හදලා දෙනවකෝ "




මං බෙඩ්ශීට් එක අයින් කරලා අදේ ඉදගෙන ඈනුමක් එහෙම ඇරලා නිදිගැට කඩලා ඇස් ඇරියෙ ඇස් පොඩි කර කර.



" තේකවත් හදා ගන්න බැරිද. පුරුදු වෙනවකො හලෝ. මට නැත්තත් මගෙ නෑනටම වද දෙන්න බලන් ඉන්නෙ 😒 "




" ඉට්ස් මයි පරම සතුට නංගී 😝 "




බ්‍රෙක්ෆස්ට් එක අරන් අයියා අද අක්කත් එක්ක ගමනක් යන නිසා එක්ක ටිකක් රෑ වෙනවා කියලා වැඩට ගියේ මාත් ලෑස්ති වෙලා ඔෆිස් එකට යද්දි. ඔක්කොමත් හරි දැන් ආලිට මොනාද කියන්නෙ. ඊයා ලැජ්ජාවෙ බෑ.




මං යනකොට ඉදගෙන දනිස් දෙක උඩ වැලමිට තියාන අත්දෙකම මූනෙ ගහගෙන ඇස් පියාගෙන කල්පනාවක වගේ හිටියෙ අශේන්. මං දන්නව අශේන් අද ආවෙ ඇයි කියලා. අශේන් කියන්නෙ ඉක්මනට තරහ යන කෙනෙක්. එතකොට එයා දන්නෑ එයා කවුද කොතනද ඉන්නෙ කියලවත්. ඒත් පස්සෙ මුකුත් නොවුන ගානට ඇවිත් කතා කරන එක එයාගෙ හැටි.




" ගුඩ් මෝනින් අශේන් "




මං කිව්වෙ බෑග් එක තියලා මගේ චෙයා එකේ ඉද ගන්න ගමන්.




" අහ් ගුඩ් මෝනින් අසෙනි. "




" ආ යූ ඕකේ "




" ඇත්තටම සොරි බන් ඊයෙ වුන දේට. මට එපා වෙලා බන් තියෙන්නෙ. "




" මොකක්ද අශේන් ප්‍රශ්නෙ "




" එහෙන් අම්මා අනිත් පැත්තෙන් ශාම්. මං දන්නව මං අහක යන කුනු ගොඩක් ගෙනල්ලා දාපු නිසා උබ අවුලෙන් ඉන්නෙ කියලා. ඒ අස්සෙ මගේ පර්සනල් ප්‍රශ්නත් කියලා උබේ ඔලුව තවත් අවුල් කරන්න නෙවේ අසෙනි මං ආවෙ. මට කරන උදව්වක් විදිහට ශාම්ගෙ කේස් එක බාර ගන්න කියලා ඉල්ලනයි ආවෙ "




අශේන්ගෙ කටහඩ, හැසිරීම විතරක් නෙවේ මුලු මූනම කියන්නෙ එයා ඉන්නෙ ප්‍රශ්න ගොඩක කියලා. මට මංවත් සනසගන්න බැරුව ඉද්දි ඔයාව කොහොම සනසන්නද අශේන්. මං මටම කියාගෙන අශේන්ට කතා කරන්න ඉඩ දුන්නා.




" මේක උනේ මං ඔයාට මේ කේස් එක බාර ගන්න කියලා කෝල් කරන්න දවස් දෙකකට විතර කලින්. කොච්චර කිව්වත් ශාම් ඇහුවෙ නෑ. හිතනවට වඩා තත්වෙ බරපලයි. මෙතන මර්ඩර් එකක් වෙලා තියෙනවා බන්. ඒ විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න තියෙනව.




ඌ කිව්වෙම මේක මං ම බාර ගෙන පිටට යන්නැති වෙන්න මීඩියා වලට නොයන විදිහට කරන්න කියලා. වින් කරන්න බෑ කියලා දැන දැන ඌව අමාරුවෙ දන්න බැරි නිසයි උබට කිව්වෙ බාර ගන්න කියලා. ශාම්ට ඕනි උනේ මේ දේවල් උගෙ නංගිවත් අම්මවත් දැන ගන්නැති විදිහට කරන්න.




ඒත් දැන් වෙලා තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. නංගි අම්මා විතරක් නෙවේ මුලු රටම දැන් දන්නවා ශනෙල් නිමේෂ්ට විරුද්දව ෆයිල් වෙලා තියෙන කේස් එක. ඒ හැමදේම කමක් නෑ ඉවසමු කියලා ඉවසුවා. ඒත් ඊයෙ පෙරේදා ඉදන් ශාම් හැසිරෙන්නෙ පිස්සෙක් වගේ. කොටින්ම කිව්වොත්.... ඒ උබව හම්බෙලා මේ දේවල් කියන්න ආපු දවසෙ ඉදන්.




මං දන්නෑ උබයි ශාමුයි මීට් උනේ කොහොමද දන්නෙ කොහොමද කියලා. මට දැන ගන්න ඕනිත් නෑ. මොකද මං ඌ ගැනත් උබ ගැනත් හොදට දන්නවා. ශාම් කියන්නෙ මිනිස්සු තෝරලා බේරලා ආශ්‍රය කරන්න දන්න එකෙක්. උබත් හොදයි කියන්න මං දන්නවා. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. මේ කේ.... "




" අශේන් අහන්න. කේසස් මං පස්සෙ එනව මිසක් මං කවදාවත් කේසස් පස්සෙ ගියපි කෙල්ලෙක් නෙවේ. ඒක ඔයා දන්නවනෙ. ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නෙ ඔයා වෙනුවෙන් අපෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක වෙනුවෙන් මේ කේස් එක බාර ගන්නම්.




එක්කො ඔයා ශනෙල් කියන කෙනත් එක්ක ඇවිල්ලා මට කේස් එක බාර දෙන්න. මුල ඉදන් විස්තරේ කියන්නෙ. නැත්තම් කෝට් එකේදි ෆයිල්ස් ටික මට බාර දෙන්න. එතකොට විස්තරේ අහලා උනේ මොකක්ද කියන එක ගැන මං හොයන්නම් "




අශේන් කියාගෙන යද්දි මං කිව්වෙ නෙවේ නොහිතපු විදිහට ඒ වෙලාවෙ මගේ කටින් ඒක පිට වුනා.




" තැන්ක් යූ අසෙනි. ශුවර් මං.... එන්නම් "




අශේන් ම ශේක් හෑන්ඩ් කරලා ගියා. මං මගේ වැඩක් බලාගෙන ඔෆිස් එකේ වැඩ කරේ අදත් දවසම අවුල් වගේ කියලා හිතෙද්දි.




අයියත් රෑ වෙලා ගෙදර එනවා කියපු නිසා මන් ඔෆිස් එකෙන් එලිය ආවෙත් 7.30ත් පහු වෙලා. කලර් ලයිට්ස්වල රෙඩ් ලයිට් එක තිබ්බ නිසා ට්‍රැෆික් එක මැද්දෙ කා එක නැවැත්තුවම අහ්ම්බෙන් දැක්කෙ එහා පැත්තෙ නවත්තලා තිබ්බ කා එකේ හිටියෙ ශනෙල් කියලා. ඉස්සර දිබ්බ ඒ අහිංසක මූන දගකාර හිනාව දැන් ඒ මූනෙ ගෑවිලාවත් නැති තරම්. ශනෙල්ගෙ මේ වෙනස්වීමට මට දුකක් දැනෙන්නෙ අහේතුවකට.




ග්‍රීන් ලයිට් එක ආවම එයා දකුනු පැත්තට කා එක හරවද්දි මාත් හැරෙව්වෙ ඇයි හැරෙව්වෙ කියලා මං මගෙන්ම ප්‍රශ්නෙ අහද්දි. මං දන්නෑ ඇයි කියලා ශනෙල්ගෙ කා එක පිටිපස්සෙම මං මගේ කා එකත් ඩ්‍රයිව් කරා. අන්තිමට ශනෙල් ක එක නැවැත්තුවේ එක එක පාටින් ලයිට්ස් දාලා තිබ්බ ලාවට මියුසික් සවුන්ඩ් එකක් ඇහුන තැනක. ශනෙල් කා එකෙන් බහිද්දි මාත් කා එකෙන් බැස්සා.




කොහෙද යන්නෙ මං දන්නෑ ශනෙල්ගෙ පස්සෙන්ම මාත් ගියේ මං කවුද කියන එකත් අමතක වෙලා වගේ. එන්ටර් ඩෝ එක ලගදි ශනෙල් ආප්ස්සට හැරෙද්දි මාත් ඉක්මනින් අනිත් පැත්ත හැරුනෙ මාව දැක්කොත් කියන බයට.




එන්ටර් උනාට පස්සෙයි හිතුනෙ කරගත්ත මෝඩ කමක් කියලා. ඔව් ඒක ක්ලබ් එකක්. මෙහෙම තැනකට මං ආපු පලවෙනි පාර මේක. ශනෙල් මෙහෙම තැනකට එක එක ගැන මට දැනුනෙ දුකක්. ඒකට හේතුව මංවත් දන්නෙ නෑ. ඒත් ශනෙල් මෙහෙම තැනකට එන්න හේතුව එක්කො මං නැත්තම් මේ ප්‍රශ්නෙ කියල මං දැනන් හිටියා.




කන් පුපුරන තරම් හයියෙන් දාලා තියන මියුසික් එකට කෙල්ලො කොල්ලො බේදයක් නැතුව නටන්නෙ පිස්සුවෙන් වගේ. නිවි නිවි පත්තු වෙන ලයිට්ස් ඇස් දෙකට අමාරුයි. මිනිස්සු අස්සෙන් මං ඉස්සි ඉස්සි බැලුවෙ ශනෙල් කොයි කියලා.




එයා ඩ්‍රින්ග්ස් තිබ්බ තැන හිටියෙ. එක දනිස්සෙනුත් උඩට තිබ්බ ගයිට් ගවුමක් ඇදලා හිටපු කෙල්ලක් එතන ඉදන් හිනා වෙවී ශනෙල් එක්ක කතා කර කර හිටියෙ ශනෙල්ගෙ ආතත් අල්ලගෙන. ඒ වෙලාවෙ මට දැනුනෙ හදවත ගලවලා පැත්තකින් තියන්න හිතෙන තරම් දුකක්.




මං ඒ දිහා බලන් ඉද්දි එතන ඩාන්ස් කර කර හිටපු කෙනෙක්ගෙ ඇගේ හැප්පුනේ මං සොරි සොරි කියලා ඉස්ස්‍රහට යන්න හදද්දි.




ඒ තරුන කෙනෙක්. මට වඩා ටිකක් උසයි. කොන්ඩෙ උඩට උස්සලා ශර්ට් එකේ උඩ බොත්තන් ඇරන් හිටපු ඌ ගාවින් ආපු සැර ගදට කලන්තෙ දාන්න තරම් සැරයි.




" ඔහ් ස්වීටී. එහෙම සොරි කියලා හරියන්නෑ. එන්න ඩාන්ස් කරන්න. "




අනේ මට ගොඩක් බය හිතෙනවා. ඇයි මං මෙතන්ට ආවෙ. මටම බැන ගන්නවා ඇරෙන්න මට ඒ වෙලාවෙ වෙන කරන්න මුකුත් තිබ්බෙ නෑ.




" නෝ තෑන්ක්ස් "




එහෙම කියලා මං ඉස්සරහට යන්න හදද්දි ඒ කෙනා මගේ අතින් ඇල්ලුවෙ මගේ හාට්බීට් එක දෙකුනෙකින් වැඩි වෙද්දි. දැන්නම් ඇස් අග තියෙන කදුලු පනින්න ඔන්න මෙන්න.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ U_H

Report Page