The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

18🌼👀




මොකක්ද මේ ශනෙල්ට වෙලා තියෙන්නෙ. ඇයි මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නෙ. කියුට් විදිහට ඕන කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන් තරමට ලස්සනට හිටපු ශනෙල් දැන් ඉන්නෙ එයා ලෝයර් කෙනෙක් කියන්නත් බැරි තරමට පිස්සෙක් වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ශනෙල් දොර වැහලා ගියේ මුලු ෆ්ලැට් එකම දෙදරලා යන තරම් හයියෙන්. එයා දොර වහන් ගියාට පස්සෙ මේ මුකුත් තේරුම් ගන්න බැරුව මං අශේන් දිහා බැලුවා.




ඒ රූම් එක ලස්ස්නයි. පැත්තක බෙඩ් රූම් එක තිබ්බා. ඒ ලගම මිරර් ටේබල් එක. මිරර් ටේබල් එක තියෙන්නෙ ජනේලෙට චුට්ටක් එහායින්. ඇතුල් වෙනකොටම නිල් පාට බූල් බූල් කාපට් එකක් උඩ ලා නිල් පාට සෝෆා සෙට් එකක් තියෙනවා. ඒ සෝෆා චෙයාර්ස් 4 මැද තිබ්බෙ පොඩි ග්ලාස් ස්ටූල් එකක්. තව රූම් එකේ පැත්තට ඩෝ එකක් තිබ්බෙ වොශ් රූම් ඩෝ එකද කොහෙද. රූම් එකේ ඇතුල් වෙනකොටම දකුනු පැත්තෙ චුට්ටක් එහාට වෙන්න තාප්පයක් බැදලා වගේ උසටමත් නැති බිත්තියකින් වෙන් කරලා තිබ්බෙ කිචන් එක නිසා.




කොල්ලෙක් උනත් අශේන් රූම් එක මාරම ලස්සනට තියන් ඉදලා තියනවා. කිචන් එකයි සෝෆා සෙට් එක ලගයි අවුල් වෙලා. මේවා ශනෙල්ගෙ වැඩ වෙන්නැති.




මං අශේන් දිහා බලද්දි අසරන වෙලා වගේ අශේන් මං දිහා බලලා සෝෆා සෙට් එක පෙන්නුවේ ඉදගන්න කියන්න.




සෝෆා සෙට් එක මැද ග්ලාස් ස්ටූල් එකේ අයිස් කියුබ් දාලා සැර ගදක් එන ඩ්‍රින්ක්ස් වගයක් තිබ්බෙ කොල පාට ග්ලාස් බොට්ල් එකකුත් එක්ක. මිරර් ටේබල් එකට ලග ග්ලාස් එකක් බිදිලා එකේ කෑලි හැම තැනම තිබ්බෙ ටයිල් එක ඒ හැලිලා තිබ්බ ඩ්‍රින්ග්ස් වලින් දිලිසෙද්දි.




" සොරි අසෙනි. මේවා උබ දකින්න ඕනි ඒවා නෙවේ. මේ දේවල් උබට මෙහෙම දකින්න ලැබුන එකට මං ලැජ්ජා වෙනවා. "




ග්ලාස් එකයි බොට්ල් එකයි අරන් කිචන් එකට ගිය අශේන් ඇවිත් මගෙ ඉස්සරහ පුටුවෙ ඉද ගත්තෙ මං කලින් කියන්නැතුව මෙහෙම ආපු එක වැරදියි කියලා මටම තේරෙද්දි. ඒකත් මේ අශේගෙ ෆ්ලැට් එකට එද්දි මට එක්කො කලින් කියන්න තිබ්බා. නැත්තම් එලියෙදි හම්බෙන්න තිබ්බා.




" සොරි බන්. උබට මෙහෙම අපහසු නම් අපි එලියට යමුද "




මං හා කියන්න ඔලුව වැනුවා නෙවේ ඉබේම වැනුනා. මේ බිත්ති හතර ඇතුලෙ දැන් උන දේවල් ඉස්සෙල්ලා ශනෙල් මේ රූම් එකේ හැසිරෙන්න ඇත්තෙ කොහොමද ඇයි ශනෙල් මෙහෙම හැසිරුනේ මට මේ හැමදේම දැන් පැටලිලා.




එදා කෝට් එකේදි අහම්බෙන් හම්බුන ශනෙල් ඊට ප්ස්සෙ මට ගොඩක් සැරයක් මීට් උනා. ඒ හැම හමුවීමක්ම හරිම ලස්සන මතකයන් වෙලා. එයත් වුන රන්ඩු මතක් වෙලා මට තාමත් හිනා යනවා. ඒ සමහර රන්ඩු වලට අපි දෙන්නට හේතු තිබ්බෙත් නැති තරම්. ඒ කවුද කියලා දැන ගත්ත ඒ දවස දිනෙයි වෙලාවයි එක්ක මට තාමත් මතකයි.




එහෙම හම්බුන ශනෙල්ගෙ කෝල් එක එනකම් මං බලන් හිටපු දවස් තිබ්බ. ඒක පුදුම හමුවීමක් එක්ක ගොඩනැගුන අමුතු ලස්සන යාලුකමක්. ඒ යාලුකමට මං ගොඩක් ආසයි. ඒත් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් දැම්මෙ නැති ඒ දවස් ටික නියගයක් මැද ජීවත් උනා වගේ. මමත් එයත් දෙන්නම ලෝයර්ලා. දෙන්නගෙම ලයිෆ් බිසී. ඒක තේරුම් අරගෙන ශනෙල්ගෙන් ඒ මතකයන්ගෙන් ඈත් වෙන්න ඕනි කියලා හිතා ගෙන පහුගිය සතියම ඔෆිස් ගියේ බිසී උනාම ඒ දේවල් අමතක වෙයි කියලා හිතලා.




ඒත් ඒවා ඒ මතක මාව හොයාගෙන ආවා. නිකම් නෙවේ අවුල් ගොඩක් එක්ක. එක පාරටම අශේන් කිව්වා කේස් එකක් තියෙනවා බාර ගන්න කියලා. ඒ කේස් එක ෆයිල් වෙලා තියෙන්නෙ අශේන්ගෙ යාලුවට. එතකොට අශේන්ගෙ යාලුවා තමයි මං අමතක කරන්න හදපු ඒත් කවදාවත් අමතක කරන්න බැරි කටකාර දගකාර ඒ ශනෙල්.




ඒත් අද උනේ මේ හැමදේම අනිත් පැත්ත පෙරලෙන වැඩක්. ශනෙල් බිව්වෙ ඇයි. එතකොට ශනෙල් හැමදාම මෙහෙම ඩ්‍රින්ග්ස් ගන්න කෙනෙක්ද. නැත්තම් ශනෙල්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද.




ඒත් එක පැත්තකින් හිතෙන්නෙ ශනෙල්ට මොන ප්‍රශ්නෙ තිබ්බත් මට මොකද කියලා. මං කෙල්ලෙක්. ලෝයර් කෙනෙක්. වෙන අය එයාලගෙ ප්‍රශ්න මං ගාවට ගේන්වා මිසක් එයාලගෙ ප්‍රශ්න හොයන් යන එක මගේ විදිහ නෙවේ. තමන්ගෙ කවුරුත් නොවෙන අහම්බෙන් හම්බුන නමක් ගමක් හරියකට නොදන්න කොහෙවත් යන කොල්ලෙක් නිසා මගේ විදිහ වෙනස් කරන්න ශනෙල් මගේ කවුද.




මට තේරෙන්නෑ. මට හම්බෙන ප්‍රශ්නෙ නූල් බෝයලක් නම් එකේ අග හොයා ගන්න එක වෙනුවට මං දැන් කරන්නෙ ඔන්නැති දේවල් ඔලුවට දාගෙන ඒ නූල් බෝලෙ තවත් ගැට ගහන එක නේද කියලා තේරෙද්දි මට පිස්සු වගේ. ඇයි මං මෙහෙට ආවෙ. අනුන්ගෙ කුනු ගොඩවල් අවුස්සන්නද. අශේන් නැත්තම් ශනෙල් මේ දේවල් මට කියනකම් මට ඉවසන්න බැරි උනේ ඇයි.




මේ දේවල් හිත හිත ඉද්දි මං ගැස්සිලා ගියේ අශේන් ගහපු බ්‍රේක් පාරට. දන්නෙම නැතුව අපි බීච් එකට ඇවිල්ලත් එක්ක. අශේන් කා එක පාක් කරලා එනකම් මං ගිහින් තිබ්බ බෙන්ච් එකක ඉද ගත්තා. විනාඩි දෙක තුනකින් අශේන් මං හිටපු තැනට ඇවිල්ලා මට එහා පැත්තෙ ඉද ගත්තා. තවත් මේවා හිතේ තියන් ඉන්න බැරි තැන අශේන් ඉද ගත්ත ගමන් මං ඇහුවෙ කටට ආපු දේ.




" ශනෙල් හැමදාම මෙහෙම බොනවද "




" නෑ අසෙනි. ඌ මේ ශෝට් පාරක් තියෙද්දි වටේ යන්න හදනවනෙ. ලේසියෙන් විසදගන්න පුලුවන් කම තියෙද්දි ඒක ඔලුකරන් දගලනවා. ඒවගෙ ප්‍රතිපල තමයි ඔය. ඌ බීපු පලවෙනි වතාව ඕක "




අශේන් කියාගෙන යද්දි මට පස්සෙ තමයි මතක් උනේ මං අශේන් ඉස්සරහ ඉන්නෝනි ශනෙල්ව දන්නෑ වගේ නේද කියලා. වෙලාවට අශේන්ට ඒක ගානක් ගියේ නෑ.




" ඇයි උබ එහෙම්..... පොඩ්ඩක් හිටපන්. උබ ඇහුවෙ ශනෙල් හැමදාම බොනවා කියලා නේද. ඒ... ඒ කියන්.... ඒ කියන්නෙ උබ ශාම්ව දන්නවද "




මුහුද දිහා බලන් ඔහේ කියව කියව හිටපු අශේන් මගේ පැත්තට හැරිලා ඇස් දෙකත් ලොකු කරලා අහද්දි නෑ මං දන්නෑ කියලා කියන්න මගේ මට ඇරුන්නෑ.




" ඇයි බන් උබ කලින් මේක මට නොකිව්වෙ. කියපන් ඉතින් දන්නවද උබ "




අශේන් මං දිහා බලාගෙන කෑ ගහද්දි මට ආපු තරහට් ඔව් මං දන්නවා තමයි කියලා මාත් කෑ ගැහුවෙ ඉන්න තැනත් අමතක කරලා.




" ඇයි යකෝ කලින් මට කිව්වෙ නැත්තෙ. බලපන්කො මං නිකම් බොරුවට ඌට කෑ ගැහුවා. පවු මගෙ එකා "




මගෙ එකා මගෙ එකා ගගා අශේන් කෑ ගහද්දි මං එතනින් නැගිටලා ආවෙ තවත් හිටියොත් මට මාවම කන්ට්‍රෝල් නැති වෙන නිසා. මට අහන්න ආපු ප්‍රශ්නත් මතක උනා.




එහෙම්මම කැබ් එකක් දාගෙන ගෙදර ගිහින් ෆෝන් එක ඇදට විසික් කරලා මගේ ඇදට පැන්නෙ මාව දෙපාරක් විතරම ඇදේ බම්ෆ් වෙද්දි. ඇස් දෙක පියා ගත්ත මට හේතුවල් නැතුවම කදුලු ආවෙ කොට්ටෙ අරන් මං මූනට තද කරද්දි.




ඒ විදිහට කොච්චර වෙලා මං හිටියද දන්නෑ. නැගිටලා ෆෝන් එකේ ලොක් ස්‍ක්‍රීන් එක ඔන් කරලා බලද්දි වෙලාව 9යි. එතකොටයි මතක් උනේ අයියව. තාම උයලත් නෑ. මොනා කෑවද දන්නෑ. පවු අයියා.




දඩි බිඩි ගාලා නැගිටලා ගිහින් ඉක්මනට පොඩි දෙයක් හදලා අයියට කතා කරලා ඩිනර් ගත්තා. ඩිනර් ටේබල් එකේදි මංවත් අයියවත් වචනයක්වත් කතා කරේ නෑ. පුලුවන් තරම් වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්නයි මං ට්‍රයි කරේ.




රෑ 9.30ට විතර ඇදේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි හිටියට මට නින්ද ගියේම නෑ. හීමීට පලෙහා තට්ටුවට එබිලා බැලුවෙ අයියා කෝ කියලා. එයාට සෝෆා එකේම නින්ද ගිහින්. දිග කලිසමට ඇදලා හිටපු චූටි පටි තියන ස්කිනි එකට ජර්සි එක ඇදගෙන ඒකේ හුඩ් එක ඔලුවට දාගෙන සද්දෙ ඇහෙන්නැති වෙන්න දොරත් වහගෙන ගිහින් කා එකට නැග්ගෙ මගෙ ඔෆිස් එකට යන්න.




අනේ මට ගෙදර ඉන්න බෑ 😩 ඇස් පියා ගත්ත මේ උන දේවල් මොනාද කියලා හිතෙනවා. ඇස් ඇරියම ශනෙල්ට කෝල් එකක් ගනින් කියලා අත යන්නෙම ෆෝන් එකට. ඇවිද ඇවිද හිටියම එක එක විකාර ගොඩක් හිතෙනවා. මට පිස්සු වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඔයාල එහෙම නම් මාත් එහෙමයි කියලා තමයි දුන්නැත්තෙ. 500ක් තිබ්බෙ නැනෙ. මං කිව්වනෙ තිබ්බෙ නැත්තම් දෙන්නෑ කියලා 😌🙈




විහිලුවට ඇහ් කිව්වෙ. මං දන්නවා කියවන දෙන්නෙක් තුන්දෙකෙන් හරි ඉන්නවා කියලා. එයාලට හරි කතාව දෙන්න එපැයි. වැඩ ගොඩක් තිබ්බා ඒකයි පරක්කු උනේ. කමෙන්ට් එකක් දාම් යම්න 🥺❤️🌼



♾ U_H

Report Page