The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

17🌼👀




ශනෙල් මේ වෙලාවෙ මෙහෙ මොකද. ? මගේ ඔෆිස් එක කොහෙද කියලා ශනෙල් දන්නෙ නෑ. ඔෆිස් එක හොයා ගත්තෙ කොහොමද ? ප්‍රශ්නයක්ද. නෑ නෑ වෙන්න බෑ. මේකත් මොකක් හරි එයාගෙ ගොං වැඩක් වෙන්නැති. සමහර විට නිකම් ආවද දන්නෑ මාව බලන්න 🙈




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ශනෙල්ට ඇවිත් ඉදගන්න කියන්නත් කලින්ම මගේ ෆෝන් එක රින් උනේ මං ශනෙල් දිහා බලාගෙනම කෝල් එක ආන්සර් කරද්දි.




" අසෙනි මං අර මගේ යාලුවට කිව්වා අද උබව හම්බෙනයක් කියලා. සමහර විට දැන් ලගම ඇති. ඌ විතරේ කියයි බන්. චුට්ටක් බලපන්කො ඇහ්. අඩෝ මට එන්න වෙන්නෑ බන් දැන් කෝට් එකේ ඉන්නෙ තව විනාඩි 10කින් ඇතුලට යන්නෝනි. තියන්නම් ඇහ් "




අශේන් කියපු කතාවෙන් මං මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව කටට ආවට හරි හරි කියලා ෆෝන් එක කට් කරා. මං ස්පීක ඔන් කරේ නැති නිසා මං හිතන්නෙ ඒ කිසිදෙයක් ශනෙල්ට ඇහෙන්න නැතුව ඇති. ශනෙල්ගෙ ඇස්වලින් මට කියවගන්න බැරි කතා ගොඩක් කියවෙන්වා වගේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලමයි මට දැනෙන්නෙ.




ඒත් එක්කම ශනෙල්ගෙ ෆෝන් එක රින් උනේ ශනෙල් ගැස්සිලා මගෙන් ඇස් අයින් කර ගද්දි. ශනෙල්ගෙ ස්පීක ඔන්. මං ඉස්සරහ එයා ඒක ඕෆ් කර ගන්න බැරුව වගේ බිම බලාගෙන හිටියෙ අසරන විදිහට.




" ශාම් මේ අහපන්කෝ. කලබල වෙන්නෙපා බන් ඒකි දක්ෂයි මටත් වඩා. ප්ලීස් කලබල වෙන්නැතුව ඔක්කොම දේවල් හන්ගන්නැතුව කියපන් ශාම්. මට කිව්ව හැමදේම. අසෙනි ගැන උබ අහලා තිබ්බට කතා කරලා දැකලා නෑනෙ. ඒකී උබේ කවුරුත් නෙවේනේ. ඒ නිසා ඔක්කොම කියපන්. අනිවාරෙන් කේස් එක ගනියි මට ශුවර්. හෙ... හෙලෝ ශාම්... ශාම් උබ අහගෙනද ඉන්නෙ බල්ලො "




ඒ ඔක්කොම මට ඇහුනා. තේරෙන්නෑ මොකක්ද වෙන්න යන්නෙ කියලා. ශාම් කියලා ශනෙල්ට කතා කරපු ඒ කටහඩ අශේන්ගෙ කියලා මට අදුරගන්න වැඩි වෙලා ගියේ නෑ. එතකොට ශනෙල් අශේන්ගෙ යාලුවෙක් ? ඒත් මොකක්ද ශනෙල්ට සම්බන්ද කේස් එක. මේ දවස් ගානෙම ශනෙල් සයිලන් වෙලා හිටියේ මේක නිසාද එතකොට. ශනෙල්ගෙ මූනේ හගීම් ගොඩයි. හැමදේටම වඩා ඒ මූන කිව්වෙ මං අසරනයි කියලා.




බිම බලන් හිටපු ශනෙල් සැරින් සැරේ මං දිහා බලන්නෙ හොරෙන්. මං කෝල් එක ඇහුනේ නෑ දන්නෙ නෑ වගේ හිටියේ එයාව තවත් අසරන කරන්න බැරි නිසා. මොකක් උනත් ඒක ලොකු ප්‍රශ්නයක් වගේ. අශෙන් කතා කරපු විදිහට ශනෙල්ගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එක අශේන් දන්නෙ නෑ. එතකොට ශනෙල් එයාගෙ ප්‍රශ්නෙ මට කියන් එකක් නෑ. ඒත් කොහොම හරි ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුලුවන් රිඇක්ට් එක බලන්න ප්‍රශ්නෙ දැනන් ඉන්නෝනි. සමහර විට මං වැරදිද දන්නෙත් නෑ. බොරුවට ප්‍රශ්න ඇති කරන්නෙපා අසෙනි.




ශනෙල් අශේන්ට හරි හරි බන් කියලා ෆෝන් එක කට් කරලා මගේ ඉස්සරහ පුටුවෙන් වාඩි උනේ මං ඉදගන්න කියලා ඉස්සරහ පුටුව පෙන්නපු නිසා.




" ගුඩ්මෝනින් ශනෙල්. ආ යූ ඕකේ "




ශනෙල් හිටියෙ වෙන කල්පනාවක. මං ඉදගෙනම ශනෙල්ගෙ බිම බලන් ඉන්න මූනට එබිලා ඇහුව ප්‍රශ්නෙ එයාට ඇහුනේ නෑ. මං එයාගෙ මූන ඉස්සරහින් අතක් එහා මෙහා කරේ බොරු හිනාවක් මූනට අරගෙන.




" ශනෙල් ආ යූ ඕකෙ. වට්ස් යුව පොබ්ලම් "




" යා අයිම් ඕකේ "




මගේ මූන බලන්නැතුව ශනෙල් කිව්ව බොරුව මට තේරුනා. ශනෙල් මට බොරු කියද්දි කවදාවත් මගේ ඇස් දෙක දිහා බලන් කියලා නෑ. එයාට එහෙම කරන්නත් බෑ. ඒකත් මරු හැබැයි.




" එහෙනම්.... මෙහෙ මොකද "




" ම.... මං මේ.... න්.... නිකම්.... නිකං ආවෙ. "




" නිකම් ? " මං ඇහුවෙ ශනෙල්ගෙ මූනට් එබිලා




" ඔව් ඔව් "




" අශේන්ව දන්නවද "




" ඔව් යාලුවෙක් "




" එහෙමද "




" අ... අසෙනි ම... මං පස්සෙ එන්නම්. "




මේස උඩ තිබ්බ එයාගෙ ෆෝන් එක අරගෙන නැගිටලා ගියපු ශනෙල් දොර ලගට ගිහින් ආපහු හැරිලා බැලුවා. මං මුකුත් උන්නෑ වගේ හිනා උනේ ශනෙල් ඔෆිස් එකෙන් එලියට ගිහින් කා එක අරන් යනවා මං ජනේලෙන් බලන් ඉද්දි.




ශනෙල් ප්‍රශ්නෙක. ලොකු ප්‍රශ්නෙක. මට.... මට නිකම් මෙහෙම පැත්තටක වෙලා බලන් ඉන්න හිතෙන්නෙ නෑ. ඒක මොකක්ද ඇයි ඒ කියලා හොයන්නමයි හිතෙන්නෙ.




එදා ඔෆිස් එකේ රෑ 10ත් පහු වෙනකම් ම මට ගෙදර යන්න හිතුන්නෑ. ඒක ඔලුවෙන් අයින් කරලා වැඩක් කරන්න ගන්න හැමවෙලේම ඒ ප්‍රශ්නෙමයි මතක් වෙන්නෙ. තාමත් ඒ උනේ මොකක්ද කියලා සිද්දි එකට ගලපගන්න බැරුවයි මං හිටියේ.




ශනෙල් මගෙ කවුද. ඇයි එයාගෙ ලයිෆ් එකට මං ඇගිලි ගන්නෙ. මොකද එයාගෙ ප්‍රශ්න ගැණ මං හොයන්නෙ. ශනෙල් මගේ ලයිෆ් එකට ආවෙ මේ ලගදි. ඉතින් එයා ගැන එයාගෙ ප්‍රශ්න ගැන හොයනවට වඩා මට මං ගැන හොයන්න තියනවා. මගේ ගෙදර ගැන බලන්න තියෙනවා. අයියා ගැනත්.




ඒත් මගේ හිත කියන්නෙම ඒකෙ අනිත් පැත්ත. ශනෙල්ට උදව් කරපන් කියලා. ඒත් එහෙම පස්සෙන් ගිහින් ඒ ප්‍රශ්න හොයන එක වැරදියි. ඒක එයාගෙ ලයිෆ් එක. එයාගෙ පර්සනල් ලයිෆ් එකට ඇගිලි ගහන්න මට අයිතියක් නෑ. එයා එයාගෙ ප්‍රශ්නෙ කියන්න කැමතිත් නැත්තම් මං මොකටද හොයන්නෙ.




ඔලුවෙ කැරකෙන එක එක ප්‍රශ්න ගොඩයි. ඔලුවත් රිදෙන තරමට් නූල් බෝලයක් තරමටම මේවා ඔක්කොම පැටලිලා මට. තේරෙන්නෑ දැන් මොකද කරන්නෙ කියලා. ශනෙල්ගෙ ඒ හැසිරීම හිතට මෙච්චර වද දෙන එකට හේතුව තාමත් මං හොයනවා.




අන්තිමට මං තීරනය කරේ හෙට උදේම අශේන්ව හම්බෙලා මේ ගැන අහනවා කියල. නැත්තම් මේ ගැන හිතලා මාත් කාලකන්නි වෙයි. උදව්වක් කරන්න බැරි උනත් මොකක්ද ප්‍රශ්නෙ කියලා දැන ගන්න ඕනි.




අයියා වැඩට යන්නත් කලින් ඔෆිස් එකේ වැඩක් කියලා එලියට පැන ගත්තෙ අයියගෙ ප්‍රශ්න කෝටියක් මැද. උදේ 7 විතර වෙනකොටම මට අශේන්ගෙ ෆ්ලැට් එකට යන්න පුලුවන් උනා. අශේන් වැඩ නිසා නැවතිලා ඉන්නෙ එයාගෙ ඔෆිස් එකට ලග ෆ්ලැට් එකක. නිවාඩුවක් හම්බුන ගමන් එයා අම්මව බලන්න යනවා. එයාට ඉන්නෙ අම්මා විතරක් නිසාද මංදා අශේන් අම්මට පන වගේ ආදරෙයි.




ලගදි ප්‍රපෝසල් එකක කතාවක් කිව්ව නිසා අශේන් ෆ්ලැට් එකේ ඉදීද නැද්ද කියලා සැකෙන් මං ලිෆ්ට් එකට නැග්ගෙ අශේන් ගෙදර ඉන්න කියලා ප්‍රාර්තන කර කර.




" උබට තේරෙන්නෑ යකෝ. තොට බැරි නම් කට වහගෙන හිටපන්. මං මැරුනත් උබට මොකද. මට කියලා කවුරුත් නෑ. "




" මොනවද යකෝ කියවන්නෙ. අර අහිංසකීට මොකද වෙන්නෙ. එතකොට අර ගෙදර ඉන්න අහිංසක අම්මට මොකද වෙන්නෙ. අනික ඒකි තාම ඉගෙන ගන්නවා නේද. "




" ඒකිව උබ බලාගනින්. ඒත් බැරිනම් හිටප්න් ඒකිට ඒකිව බලාගන්න පුලුවන්. අම්මවත් "




" යකෝ උබට.... " ඇතුලෙන් ඊලගට මොනා ඇහෙයිද කියලා දන්නෙතුව දෙපාරක් හිතන්න කලින් මං බෙල් එක ගැහුවෙ මෙතනින් හැරිලා යන්නැතුව අනුන්ගෙ පර්සනල් ප්‍රශ්නවලට ඇගිලි ගහන මටම බැන බැන.




" අසෙනි උබ.... ? 😯 මේ වෙලාවෙ ? "




අශේන් දොර බාගෙට ඇරලා ඇහුවෙ මට කියන්නෝනි දේත් අමතක වෙද්දි.




" අ.... අශ්... අශේන් මේ.. ම..මට... මට පොඩ්ඩක් කතා කරන්නෝනි "




මට උත්තරයක් දෙන්නැතුව අශේන් රූම් එක ඇතුල බැලුවෙ ප්‍රශ්නාර්ත මූනකින්.




" කමක් නෑ අශේන් එහෙනම් මම..... පස්සෙ.... "




" නෑ නෑ වරෙන් ඇතුලට. "




මං ඇතුලට අඩිය තියවත් එක්කම මගේ මූන දිහායි අශේන්ගෙ මූන දිහායි තරයි දුකයි මික්ස් වෙච්ච බැල්ලක් දාලා එලියට ගියේ ශනෙල්.




මට ඉන්න තැනත් මතක උන තරම්. ශනෙල් තාමත් හිටියෙ ඊයෙ මාව හම්බෙන්න එද්දි ඇදන් හිටපු ඇදුම පිටින්. එයා රතු වෙලා. ටයි එක කරෙන් ලූස් කරලා ශර්ට් එකේ උබ බොත්තක් ගලවලා ශර්ට් අතේ අත් බාගෙට උඩට නමා ගෙන ඔලුවෙත් එක්ක වතුර හලාගෙනද කොහෙද වතුර බේරෙන ඒ කොන්ඩෙම් ඇස් දෙකත් වැහිලා ශනෙල්ගෙ ඒ විලාවෙ තිබ්බෙ මහ නපුරු පෙනුමක්. එයා ගොඩක් තරහින්. පිස්සෙක් වගේ. එයා ලගින් යද්දි දැනුන සැර ගද අදුර ගන්න මට වැඩි වෙලා ගියේ නෑ. ශනෙල් බීලා.




මොකක්ද මේ ශනෙල්ට වෙලා තියෙන්නෙ. ඇයි මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නෙ. කියුට් විදිහට ඕන කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන් තරමට ලස්සනට හිටපු ශනෙල් දැන් ඉන්නෙ එයා ලෝයර් කෙනෙක් කියන්නත් බැරි තරමට පිස්සෙක් වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කියන්න සතුටුයි මට ඉන්නෙ ගේමටම ඉන්න පාඨකයො ටිකක් ඇහ්😝❤️. තව ටික දවසකින් බිත්තර කට්ටක් හොයා ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ඒ වගේම තත්වෙ සෝචනීනයි ඊයෙ තිබ්බෙ කමෙන්ට් 103යි. 🤧😪මේම ගියොත් කතාව නවත්තව ඇහ්. 500ක්වත් තිබ්බෙ නැත්තම්. ඊයේ කමෙන්ට් හැම එකටම ගොඩක් සතුටුයි. හැමෝටම ගොඩක් තෑන්ක්ස් 🥺❤️




♾ U_H

Report Page