The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

15🌼👀




ශනෙල් හරි කියුට්. එයාට කේස් ගලාගෙන එන්නෙ හැන්ඩ්සම් පෙනුම හිංදද දන්නෑ. මාත් ටිකක් කොන්ඩෙ උස්සලා හැන්ඩ්සම් විදිහට ඉදලා බලන්නෝනි. 😝 එක්කො ඕන්නෑ මේ දැන් අවිල්ලා තියන කේස් ටිකත් අර ඔෆිස් එකේ ඉන්න එවුන් ටිකට පින් සිද්ද වෙන්න බැලන්ස් එකේ කෙරීගෙන යන්නෙ තවත් කේස් එන්න ගත්තොත් මට අයිස් ක්‍රීම් එකක්වත් කා ගන්න වෙලාවක් නැති වෙයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" ගුඩ් මෝනින් මැඩම් "




" ගුඩ් මෝනින් ආලි. ආලි මන් තව පැය බාගෙකින් ඔෆිස් එකට එනවා. ෆයිල්ස් ටිකයි අපේ කට්ටිය ටිකයි රෙඩි කරගෙන මීටින් එකකට ලෑස්ති වෙලා ඉන්න. මං කෙලින්ම එන්නෙ මීටින් රූම් එකට ඕකේ ? "




" ඕකේ මැඩම් "




මගේ ඔෆිස් එකේ මං යටතෙ වැඩ කරන මෙම්බර්ස්ලා ඉන්නවා 5 දෙනෙක්. එයාලා මට ගොඩක් සපෝට්. ඒ ඒ අය අතරෙත් එයා මාත් එක්කත් තියෙන්නෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකක් වගේ බැදීමක්. හැම වැඩක්ම නීට් එකට හරියට හොයලා බලලා කරන එයාලටත් මං වින් කරන කේසස්වල ගෞරවය තියෙනවා.




ආලිට එහෙම කියලා ඉක්මනට බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරලා මං වොශ් එකක් දාගෙන රෙඩි උනා.




දනිස්සෙන් චුට්ටක් පහලට තියෙන කලු පාට ඒ ටයිට් ස්කට් එක දනිස්ස ගාවට විතර එනකම්ම පලලා. ඒකට අත් දිග තනි සුදු කොලර් එක තියෙන සිලික් බ්ලවුස් එකක් ඇදලා කොන්ඩෙ පෝනි ටේල් එක දාලා දම්වැලක් වගේ දිග ඉයරින්ග්ස් දෙකයි රත්තරන් බේස්ලට් එකයි දාගෙන ෆෝන් එකයි ලැප් එකයි අරගෙන හීල්ස් දෙකත් එක අතකින් අරගෙන හරි පඩියටද අඩිය තියන්නෙ කියලා බල බල ගියේ අතින් කටින් ඕන එකයි එපා එකයි ඔක්කොම එල්ලන් ගිහින් පඩිපෙල පල්ලෙ වැටිලා කකුලක් කඩා ගනින්කො කියලා මටම හිතින් බැන බැන.




කිව්වා වගේම පැය බාගෙකින් මං ඔෆිස් එකට ගියා. හැබැයි ඉතින් කිව්වා වගේ කෙලින්ම මීටින් රූම් එකට යන්න හම්බුන්නැත්තෙ ලැප් එක තියන්න මගේ රූම් එකට යන්න උන නිසා.




මං මීටින් රූම් එකට ඇතුල් වෙනකොට පස් දෙනාම නැගිටලා එකවැර ගුඩ්මෝනින් කිව්වෙ මාත් ගුඩ්මෝනින් කියලා හැමෝටම ඉද ගන්න කියද්දි.




එතන ඔක්කොම පස් දෙනෙක් ඉන්නවා. කොල්ලො තුන්දෙනයි කෙල්ලො දෙන්නයි. ඔක්කොම තරුන අය. මට වඩා වැඩිමල් කෙනෙක් විදිහට ඉන්නෙ මාෂි අක්ක විතරයි. මුලු පවුලම එයාට මං දෙන මන්ත්ලි සැලරි එකෙන් බලා ගන්න එයා ගොඩක් හොද මට මගෙම අක්කෙක් වගේ ඉන්නේ. ආලි, ප්‍රවීන්, ඔෂාන්, දේශාන් ඒ හතර දෙනයි මාෂි අක්කත් එක්ක ඔක්කොම පහයි.




" ආලි අපේ කේසස්වල තත්වෙ කොහොමද දැන්. අපේ අන්තිම කේස් එක ෆයිල් නම්බ 36 මට මතක විදිහට "




මං ඇහුව සැනින් ආලි නැගිටලා උත්තර දුන්නා.




" සොරි මැඩම් අන්තිම කේස් එක ෆයිල් නම්බ 39 මැඩම්. ෆයිල් නම්බ 26, 28, 30, 35 ඒ කේසස් ඔක්කොම පොඩි පොඩි ඒවා. අනිත් බ්‍රාන්චස් වලින් නෙවෙ ඒවා හැන්ඩ්ල් උනේ අපේ ඔෆිස් එකෙන්මයි. "




" මාෂි අක්කෙ. අපිට කේසස් එන ප්‍රමානෙ එහෙම කොහොමද ? "




" ඒව ඔක්කොම හොද තත්වෙක තියනවා මැඩම්. ෆයිල් නම්බ 27,28,29,32,33,35 ඒ කේසස් ඔක්කොම අපිට එක පිට එක ආපු කේසස්. පහුගිය සතියෙ අපිට කේසස් එන්න ගත්ත එක තවත් සීයට පහකින් වැඩි උනා " මගේ හිත විතරක් නෙවේ පස් දෙනාම ඒකට ක්ලැප් කරේ මූනු හිනාවල්වලින් පුර්වගෙන.




" ඔෂාන් අපේ බ්‍රාන්චස් ? "




" තියන බ්‍රාන්චස් තුනෙන්ම දෙකක් ගොඩක් හොද තත්වෙක තියෙනවා. පිට පිට ගොඩක් ලොකු කේස් ඇවිත් තියෙන්නෙ අපේ ඔෆිස් එකට විතරයි. ඒක මාෂිත් කිව්වා. අනිත් ඒවට ඇවිල්ල තියෙන්නෙ පොඩි පොඩි කේසස් උනාට බිස්නස්මන් මිස්ටර් ජයවීර වගේ අයගේ කේසස් හැන්ඩ්ල් කරලා තියනවා. ඒ වගේම වින් කරලා තියනවා " ඔෂාන් කතාව මැදදි නැවැත්තුවේ අනික් අයගෙ ක්ලැප් එක නිසා.




" ඒත් මැඩම්.... මීගමුව අපේ බ්‍රාන්ච් එක පිට පිට නඩු දෙකක්ම..... ෆේල්. ඒ වගේම බ්‍රාන්ච් එකේ තත්වෙ බාල වේගන එනවා වගේ තේරෙනව මැඩම් " ඔෂාන් කිව්වෙ බිමට ඔලුව නමාගෙන.




" ප්‍රවීන් අද දවල් වෙද්දි මීගමුව බ්‍රාන්ච් එකේ අපි නියුක්ත කරපු ලෝයගෙ ඩීටේල්ස් ටිකයි ඒ ෆේස් වුන කේසස් වල ඩීටෙල්ස් ටිකයි බ්‍රාන්ච් එකේ දැන් තත්වෙයි. එහෙම වෙන්න හේතුයි සහ ඒකේ මෙම්බර්ස්ලා ගාන කීයද ඒ අයගෙ ඩීටේල්ස් මොනාද කියලා විස්තර ටික හොයලා ෆයිල් එක මගේ ටේබල් එකට ගෙනත් දෙන්න ඕනි "




" ඕකෙ මැඩම් "




" ආ යූ හෑ එනි පොබ්ලම්ස්. නව් යූ කැන් ප්‍රසන්ට් ඉට් "




" යස් මැඩම්. " දේශාන් නැගිටලා අහපු ප්‍රශ්නෙත් කතා කරලා තව තව තිබ්බ චූටි චූටි ප්‍රශ්නවලට ආන්සර්ස් කතා කරලා මීටින් එක එන්ඩ් කරා.




මීට කලින් දවස් ටිකේම මං මගේ වැඩ විතරක් බලාන ෆ්‍රී එකේ හිටියා විතරයි. ඔෆිස් එකට එන්නවත් බැරි උනා. ඒ නිසාමයි මේ හදිස්සියේ මීටින් එකක් තියන්න හිතුවෙ. පස්සෙයි හිතුනෙ තියපු එක කොච්චර දෙයක්ද කියලා.




එදා අශේන් කතා කරලා ඔෆිස් එකට එනවා කිව්ව නිසා මං මගේ වැඩක් බලාගෙන එයා එනකම් කියලා හිටියේ රූම් එකෙ තිබ්බ ෆයිල්ස් ටිකක් චෙක් කර කර.




හවස 5ට ඕෆ් වෙන්න හිතාගෙන ඉද්දි හතර හමාරට විතර විදුලි කොට කොට ගොරව ගොරව වැස්සෙ අශේන් නිසා මට ගෙදර යා ගන්නත් බැරි උනා කියලා හිතද්දි.




වැස්සට ඉස්සරින් හැමෝම 4ට ඕෆ් උනා. දැන් ඉතින් කා එකේ ආපු නිසා මාත් තනියෙන් ඔෆිස් එකේ ඉදන් මොන කරන්නද හිතලා යන්න යද්දිම කා එකක් නවත්තනවා රූම් එකේ ජනේලෙන් ලාවට දැක්කා. අශේන් වෙන්නැති කියලා මං ඔෆිස් එකේ එන්ටර් ඩෝ එක ගාවට ගියේ මූ මේ වැස්සෙත් ඇවිත්නෙ කියලා බලලා.




" ඇයි බන් මේ තෙමි තෙමීම ආවෙ. මං කිව්වනෙ හෙටත් ඔෆිස් එනවා කියලා "



" එන්න දීපන්කො අසෙනි ඇතුලට 😒 "




බාගෙට තෙමිච්ච කොන්ඩෙ ගස ගස අශේන් ඇතුලට ඇවිත් මීටින් රූම් එකට ගිහ්හින් එද ගත්තෙ පුරුදු තැනක් වගේ. කොහොමත් එහෙමනේ. මාත් එයාට ඉස්සරහ තිබ්බ පුටුවෙ ඉද ගත්තෙ දැන් හරිද අහලා.




" උබට හිතෙන්නැද්ද මෙච්චර වැස්සෙ තෙමීගෙන කට්ට කන්නෙ ඇයි මේ එල කොල්ලෙක් වගේ ඉන්න අශේන් කියලා.




" ඒක තමා ප්‍රශ්නෙ. මොකක්ද සීන් එක බරපතලයි වගේ "




" බරපතලයි කියන්නත් බෑ බන්. ඒ උනාට නෑ කියන්නත් බෑ. "




" හරි හරි කියපන්කො "




" මේකයි. මගේ පට්ට බොක්කක් ඉන්නවා බන්. උබත් ඌව දන්නවා ඇති සමහර විට. ඌ ගැන තමා සීන් එක. ප්‍රශ්නෙ මේකයි ඌට කේස් එකක් ෆයිල් කරන්න තියෙනවා. මං ඌව උබට මුන ගස්සන්නම්. ඌ ප්‍රශ්නෙ මුල ඉදන් අගට උබට කියයි. කේස් එක වින් කරලා තීබන්කො අසෙනි "




" ඒත් අශේන්..... "




" හරි දැන් උබට බැරිද කියපන්කො "




" නෑ නෑ ඒ උනාට අශේන් ඔයාගෙ එච්චර හොද ලගම යාලුවෙක් නම් මං මේක භාර ගෙන ෆේල් උනොත්.... උබෙ ෆ්‍රෙන්ඩ්ශිප් එකත් ඉවරනෙ බන් "




" මෙච්චර කල් උබ කරපු කේස් පැරදිලා නෑ නෙ අසෙනි "





" හැමදාම මං දිනන්නෙත් නෑ නෙ අශේන් "




" හරි දැන් උබට බැරිද 😒 "




" ඇයි උබ භාර නොගත්තෙ. "




" මෙ දවස් වල මට මාවවත් ශුවර් නැති මූඩ් එකක බන් මං ඉන්නෙ. එහෙන් ඔෆිස් එකේ ප්‍රශ්න. එහෙන් කේස්වල වැඩ. තව මදිවට අපෙ අම්ම ප්‍රපෝසල් එකකුත් ගෙනල්ලා රෙද්ද 🥲😒 ඒවත් එක්ක ඌවත් භාරගෙන මට මේක වින් කරන්න බෑ බන්. උබ දක්ෂයි බන් මං දන්නවා. ඒකයි උබ ගාවට අරන් ආවෙ. මං නිකමට ට්‍රයි එකක් දීලා බැලුවා. ඔක්කොම සාක්ෂි මගෙ එකාට විරුද්දව බන් තියෙන්නෙ. ලේසියෙන් දිනන්න පුලුවන් එකක්නම් උබට කරදර කරන්නෑ බොක්ක. ටිකක් බලපන් "




" ඈපෝ බන් නහයෙන් අඩන්නෙ. හාරි හාරි එන්න කියපන්කො. ඔලුව දාලා බලමු "




" ඔලුව නෙවේ ඇගම දාපන් යකෝ 😒 මේක අරන් වින් කරලා ඊට ප්ස්සෙ තෝ මට කතා කරපන් "




" හාකො එන්න කියන්නකො "




" තෑන්ක්ස් ඇහ් "




අශේන්ගෙ බල කිරිල්ලට ඒක ගත්තට එච්චර අශේන්ගෙ ලගම යාලුවෙක්ගෙ කේස් එකක් අරන් ෆේල් උනොත් ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවර වෙන්නත් මමත් හේතුවකෙනෙ කියලයි මට හැමවෙලේම හිතුනෙ. කොහොම උනත් ඒක මං වැඩිය ඔලුව දාගත්තෙත් නෑ. අනික ඔය කිව්වට ඔය හාදයා එයිද දන්නෙත් නෑ. අශේන් ගියාට පස්සෙ මාත් වැස්සෙම ගෙදර ගියේ කා එකටයි අහම්බෙන් හම්බුන කුඩේටයි පිං සිද්ද වෙන්න.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



හැම කමෙන්ට් එකටම තෑන්ක්ස් හලෝලා ❤️🌼✨


♾ U_H


Report Page