The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

14🌼👀




මට අදහ ගන්නත් බෑ. ඉන්න තැනත් අමතක උන තරම්. වින් කරපු එකටත් වඩා එයා.... එයා තමයි නිමේෂ්.... ශනෙල් නිමේෂ්. යූඑස්වල හිටන් ෆේමස් ඒ ලෝයර් එයා තමා. මං මේක කොහොමද විශ්වාස කරන්නෙ. මෙච්චර කල් මං අපේ ෆීල්ඩ් එකේ සක්න්ඩ් වෙලා හිටියෙ එයා නිසා... ගොඩක් දේවල් අහපු දැකපු කවදාවත් හම්බෙන්න බැරි වෙයි කියලා හිතපු ඒ ලෝයර් එක්කයි මං මෙච්චර දවස් රන්ඩු උනේ. අද මේ වින් එක..... මට මේක හීනයක් වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මං මේ කිසිදෙයක් දැනගෙන නෙවේ එයා එක්ක රන්ඩු උනේ. දැන් එයාගෙ මූනවත් බලන්නෙ කොහොමද මං. එක එක ප්‍රශ්න වලින් මගෙ ඔලුව පිරිලා. ඒ වචන ටික විතරයි මගේ කනේ ආයෙ ආයෙ ඇහෙන්නෙ.




ඒත් එක්කම මාව ඉස්සරහට ඇදුනෙ මාත් පාවෙනවා වගේ ඉස්සරහට ඇදිලා යද්දි. ටිකකින් අතේ කරන්ට් එකක් වැදුනා වගේ දැනුනෙ මට ඉබේම ඌයි කියවෙද්දි. එයා මගේ අත කිනිත්තුවා. එතකොටයි මං හොද සිහියට ආවෙ.




දාහක් මිනිස්සු විසිල් ගගහා අත්පුඩි ගගගා කෑ ගගහා චියර් කරනවා. ස්ටේජ් එකේ පහල සයිඩ් එකේ එයාගෙ නංගි කියලා ඉන්ට්‍රඩියුස් කරපු කෙනත් කෑ ගහන්නෙ උඩ පැන පැන. මුලු හෝල් එකම එකේක පාට ලයිට්ස්වලින් එලියයි. කවදාවත් නොදැක්ක අමුතු ලස්සන හිනාවකින් ඒ මූන අද ලස්සනයි. මට නම් මේක හීනයක්.




" What do u think about this moment and this victory ? lawyer Shanel....? Am I right ? "




" Yes u are right. I am Shanel Nimesh and I am lawyer. I participated in this competition for the first time. so I am very happy about this anexpected victory and I thank for hwo came forward as my partner "




ඒත් එක්කම කන කීං ගාන තරම් හයියෙන් ඕඩියන්ස් එකේ විසිල් හඩ ඇහුනෙ එනවුසින් කරන ගර්ල් මගේ පැත්තට මයිස් එක දික් කරද්දි.




" Yes.... this is the first time he and I have competed in this competition. like a deam 🥺😍 so..... i am very very happy "




මට ඒ වෙලාවෙ කියන්න වචන ආවෙත් නැති තරම් මගෙ හදවත ඩිඩ් ඩිඩ් ගාන සද්දෙ එහා පැත්තෙ ඉන්න එයාටත් ඇහෙන තරම්.




" Do u two know each other... ? are u friends "




මං නෑ කියනවත් එක්කම එයා ඔව් කිව්වෙ මුලු ඕඩියන්ස් එකම කුටු කුටු හිනාවක් පැතිරෙද්දි. ඇයි එයා එහෙම. යන යන හැමතැනම රන්ඩුඅක් පටන් ගන්න හේතු හදන්නෙ මමද දැන් 😏 නම්බුව කනවනෙ. බොරුද මං කියන්නෙ.




" නැල්ලු.... ඔව්ලු.... ඔකේ ඔකේ කොහොම උනත් අපි නම් ඔය දෙන්නවම දන්නවා. "




එයා කිව්වෙ ඕඩියන්ස් එක පෙන්නලා.




" ඈම් අයි රයිට් ඕඩියන්ස් ? ඩූ යූ නෝ අබවුට් ලෝයර් ශනෙල් නිමේෂ් ඇන්ඩ් ලෝයර් අසෙනි එනාරා ? "




" ය.....ස් වී නෝ " කන කීං ගානවා ඒ සද්දෙට. මට නම් අද නින්ද යන එකත් ශුවර් නෑ. ඒකත් අමතක කරමුකො. දැන් එලියට ගිහින් මෙච්චර කල් වෙච්ච රන්ඩුවලට සොරි කියන්නෙ කොහොමද මූනක් බලාගෙන ? සොරි කියන්නත් එයාට කතා කරන්නෙ කොහොම්ද ? සර්.... ? නෑ නෑ ඒක හුරු නෑ නේ. ඒත් කතා කරන්න ඕනි ඒහෙම නේද ? ම්ම්ම්හු ශනෙල්....? නැත්තම් අයියේ... ? තමුසෙට පිස්සුද අසෙනි. අයියෝ මංදා පිස්සු වගේ. ඒ ගැන හිතනකොටත් ගිලින්න කෙලත් නැති වෙනවා.




අවෝඩ් එකයි සෙටිෆිකට් එකයි අපි දෙන්නම එකට ගත්තෙ කියා ගන්න බැරි සතුටකින්. එයා නංගිගෙ කරට අතදාගෙන් එලියට එද්දි මං මගේ කා එකට නගින්න යන්න කී එක සාක්කුවට අත දාගෙන හොය හොය ගියේ අයියට දැන් කෝල් කරන්නත් වෙයි කියලා හිත හිත.




මගේ කා එක තිබ්බ ගහ යටට යද්දි මාව එක පාරට නතර උනේ මගෙ අතින් පිටිපස්සෙන් කවුරු හරි ඇද්ද නිසා. මං පිටිපස්ස හැරිලා බැලුවෙ මෙතන මගෙ අතින් අල්ලලා නතර කරන්න දන්න කෙනෙක්ට ඉන්නෙ එයා විතරනෙ කියලා දන්න නිසා.




තාමත් අල්ලන් ඉන්න මගේ අත දිහා මං නුහුරු හැගීමකින් බලන් ඉද්දි කරන්ට් එකක් වැදුනා වගේ එයා අත ගත්තෙ සොරි කියලා.




දැන් මං මොනා කියන්නද. නොදැනුවත්ව හරි එහෙම රන්ඩු උන එකට දැන් මට මූන බලන්නත් බැරි තරම්.




" සො.....සොරි....ස්....සොරි සර් " අමාරුවෙන් වචන ගැට ගහන් කිව්වම එයා කට කොනකින් හිනා වුනේ කින්ඩියට වගේ.




" මෙච්චර දවස් චන්ඩි පාට් දාපු ලෝයර් මිස්ට මොකද උනේ "




" ම.... මං දන්නෑනෙ ඒ ස...ස් සර්.... " ඉතුරු ටික කියන්න හම්බුන්නෑ එයා කතා කරා.




" මෙච්චර කල් මට සර් කිව්වෙ නෑ නෙ නේද. හලෝ.... ඔයා.... මෙයා කිය කියනෙ කතා කරේ. දැන් සර් කියන්නත් එපා ඉතින් "




" මං අහලා තිබ්බට ලෝයර් ශනෙල් ගැන කවදාවත් හිතුවෙ නෑ දැකලා කතා කරන්න පුලුවන් වෙයි කියලා. සර් කේස් හැන්ඩ්ල් කරන විදිහට මං ගොඩක් කැමතී. මුලු රටක්ම වගේ මාත් සර්ට රෙස්පෙක්ට්. ඒත් දවසක් බැන බැන රන්ඩු කරලා තියෙන්නෙ ඒ ලෝයර් එක්ක කියලා දැන ගත්තම..... සොරි සර්... " මං කිව්වෙ බිම බලාගෙනම.




" ඒත් ඉතින් මං නම් දන්නවා මේ ලෝයර් මිස් ගැන " එයා කිව්වෙ කොන්ඩෙ උඩට උස්ස උස්ස ඈත බලාගෙන හින්ට් එකක් ගහන්න වගේ.




" මොනාද අනේ. නඩු ගැන කතා කෝට් එකේදී කතා කරන්න ඉතුරු කරමු. රෙස්පෙක්ට් කරාට කමක් නෑ මාත් එහෙමයි. හැබැයි ඔයා විතරක් නෙවේ මෙතන අඔඒ ෆීල්ඩ් එකේ කවුරු හරි කෙනෙක් හිටියනම් අපි ලෝයර්ස් විදිහට ඒ හැමෝටම රෙස්පෙක්ට් කරන්නෝනි. ඉස්සර බැනලා රන්ඩු ක්‍රා වගේ නෝමල් එකේ ඉන්නකො හලෝ. එතෝටනෙ ලෝයර් මිස්ගෙ කියුට් එක පේන්නෙ "




එයා කිව්වෙ මං ඔලුව උස්සලා බැලුවෙ මොකක්ද ඒ කියපු හරුපෙ අහන්න වගේ.




" හාරි හාරි. මං ආවෙ තෑන්ක්ස් කරන්න. තැන්ක් යූ කරපු දේට "




" මං මොනවද කරේ "




" මගේ පාට්නර් උනාට "




" ඒක මගෙත් ආසවක්නෙ "




" මගේ පාට්නර් වෙන එකද "




මං ඇස් දෙක ඔලු කරලා බැලුවෙ මං කියන හැමදේම මූ අනිත් පැත්තටම හිතන්නෙ ඇයි කියලා හිත හිත.




" නෑ ටූනමන්ට් එකට යන එක 😒 "




" ඔයාට ලස්සනට වයලීන් ප්ලේ කරන්න පුලුවන්නෙ "




" තැන්ක්ස් ඇයි ඔයාටත් "




" හරි මං යන්නම් වෙන දවසක හම්බෙමු අහ් මට ඔයාගෙ නම්බර් එක..... දෙන්න පුලුවන්ද "




මුලු රටක් දන්න ලෝයර් කෙනෙක් මගේ කන්ටැක් ලිස්ට් එකේ ඉන්නකොට කාටද ආඩම්බර 😌 ආයෙ නොදී ඉදලා මං මොනා කන්නද. හදිස්සියකට අයිස් ක්‍රීම් එකක්වත් අරන් දෙන්නැතෑ. ඔන්න ඔහෙ දෙනවා.



" හරි කෝ දෙන්න" ෆෝන් එක අරන් මගේ නම්බර් එක ඩයල් කරලා දුන්නෙ ඔලුව දෙපැත්තට වනලා.




" මගේ පාට්නර් කියලා සේව් කරන්නම් 😙😝 "




එහෙම කියලා කොන්ඩෙ උඩට හද හද දුවලා මගක් ගිහින් ආයෙ මගෙ පැත්ත හැරිලා පස්සෙන් පස්සට ගියේ මොනාද කිය කිය. ඇහුනෙත් නෑ ලාවට වගේ ඇහුනේ.




" ජීවිත කාලෙටම උනත් කමක් නෑ හැබැයි 😛 "




මට ඉබේටම කට කොනකින් හිනාවක් ගියේ මටත් නොදැනිමයි. ඒක අහම්බෙන් වුන හමුවීමක්. අහම්බෙන් වුන අදුර ගැනීමක්. නොහිතපු විදිහට මට ඉන්ට්‍රඩියුස් උන එයා මට තාමත් විශ්වාස කරන්න බැරි තරම්. මට දැනෙන්නෙ කේස් එකකින් වින් කරලා ලෝයර් කෙනෙක් ලගන සතුට වගේ හැගීමක්.




ඒ නිල් කලු මික්ස් වෙච්ච පාටකින් තියෙන දිලිසෙන ඇස් දෙක අකීකරු කොන්ඩෙ මට විහිලුවක් කරලා ඇස් දෙක තද කරලා පියාගෙන දිව එලියට දාලා මට විරිත්තන මූන හැමදේම ලස්සන හීනයක් වගේ මතකයන්. නඩු කෝට් එක අයිස් ක්‍රීම් ඔෆිස් එක ඒ දේවල් වලට සීමා වුන මගේ ලයිෆ් ඒ මතක මැලවිලා තිබ්බ කොලේකට වතුර බින්දුවක් වැටුනා වගේ ෆීලින් එකක් ගෙනාවා.




ශනෙල් හරි කියුට්. එයාට කේස් ගලාගෙන එන්නෙ හැන්ඩ්සම් පෙනුම හිංදද දන්නෑ. මාත් ටිකක් කොන්ඩෙ උස්සලා හැන්ඩ්සම් විදිහට ඉදලා බලන්නෝනි. 😝 එක්කො ඕන්නෑ මේ දැන් අවිල්ලා තියන කේස් ටිකත් අර ඔෆිස් එකේ ඉන්න එවුන් ටිකට පින් සිද්ද වෙන්න බැලන්ස් එකේ කෙරීගෙන යන්නෙ තවත් කේස් එන්න ගත්තොත් මට අයිස් ක්‍රීම් එකක්වත් කා ගන්න වෙලාවක් නැති වෙයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



සොරි ඒයි දෙන්න බැරි උනාට 🤧 රිප්ලයි කරේ නැති උනාට කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වා. හැම එකටම ගොඩාරියක් තෑන්ක්ස්. තෑන්ක්ස් එක ඔයාලත් මං බාජනේකට දාලා දෙම්නම් 😌



♾ U_H

Report Page