The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

13🌼👀




එක එක ඉන්ස්ටෘමන්ට් එකේක අය ප්ලේ කරනවා. සමහර චුටි ලමයි පවා ලස්සනට ප්ලේ කරනවා. ඉතින් මං දැන් අවුරුදු ගානක් එක දිහට ඒ ටූනමන්ට් එක බලන්න ගියා. අයියා මාත් එක්ක ඇවිත් තියෙන්නෙ එක සැරයයි. ඒකත් අහම්බයක්.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




හයි වෙස්ට් ට්‍රවුසර් එකට මුලු පපුවම ගැදර් කරල තියන කොට්න් රෙද්දෙන් තියෙන රතු පාට ඕෆ් ශෝල්ඩර් ශෝර්ට් බ්ලවුස් එකක් ඇදගෙන මගෙ කලු පාට හීල් එක චුට්ටක් මහතට තියන හීල්ස් දෙකයි රතු පාට මලක පෙත්තක් හැඩේට තියන දිග ඉයරින්ග්ස් දෙකයි සුදු පාට පබලුවක් විතරක් පෙන්ඩන්ට් එකට තියෙන මාලෙකුත් දාගෙන කොන්ඩෙ පෝනි ටේල් එකක් දාලා ෆෝන් එක අතේ අරන් කන්නාඩිය ඉස්සරහට ගියා.




මොකක් හරි ඩ්‍රස් එකක් මට ලුක් කියලා දැනුන දවසට මිරර් කැප්චර් එකක් ගහන එක මගේ සිරිතක්😌🙈 ඒ ඩ්‍රස් එක ඇදලා මිරර් කැප්චර් එකක් ගහලා පහලට ගියේ අතේ වොච් එක බැදින ගමන්.




අයියා වැඩට ගියාට පස්සෙ තමා මං ලෑස්ති වෙන්න ගත්තෙ. අයියා දන්නවා මං අද ඒ ටූනමන්ට් එකට යනවයි කියලා.




ඒක පටන් ගන්නෙ 9යට. එතනට මං යද්දි 8.45යි. තුන් වෙනි පේලියේ ඉතුරු වෙලා තිබ්බ ශීට් එකේ මං ඉද ගත්තෙ හෝල් එකේ තිබ්බ අඩ අදුරෙ.




පටන් ගන්න විනාඩි පහක් විතර තියලා මුලු හෝල් එකේම ලයිට්ස් ඔන් කරේ ඇස් දෙකත් එක්ක මොකදෝ වෙද්දි. එතකොටයි මං වට පිට බැලුවෙ. " මියුසික් ටූනමන්ට් 2022 " කියලා ලොකූවට ස්ටේජ් එකේ ලස්සන බැනර් එකක් එක්ක ස්ටේජ් එක ලස්සනට සරසලා තිබ්බා. ස්ටේජ් එක දෙපැත්තෙ හිට්ටවලා තිබ්බ වයලීන් එක දිහායි ගිටාර් එක දිහායි තමයි මං ඉස්සල්ලාම බැලුවේ.




1000ක් විතර මිනිස්සු මුලු හෝල් එක පිරෙන්නම හිටියා. චූටි චූටි ලමයි ඉස්සරහ පෝලිම්වල ඉන්දවලා හිටියා. ශීට් මදි වෙලා මිනිස්සු පිටිපස්සෙම හිටගෙනත් හිටියා. මට එහා පැත්තෙ හිටියෙ ඒලෙවල් විතර නංගි කෙනෙක්. අනිත් පැත්තෙ හිටපු දිහා බලද්දිම ඒ කෙනත් මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ අපි දෙන්නම මූනෙන් මූන බලාගෙන ඉද්දි.




අපි එක වචනයක්වත් කතා කරන්න කලින් මුලු හෝල් එකම අදුරු වෙලා ස්ටේජ් එකේ විතරක් මැදට ලයිට් එකක් ඔන් උනේ එනවුසින් කරන ගර්ල් කෙනයි බෝයි කෙනයි ටූනමන්ට් එක පටන් ගන්න එනවුසින් එක දෙද්දි.




" හෙලෝ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්. ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා...... ද මියුසින් ටූනමන්ට් 2022. ඉතින් අදත් හැම අවුරු..... "




එයාල මොනාද මොනාද කියද්දි මට දැනුනෙ එයා මං දිහා බලන් ඉන්නවා වගේ. මං ඒ පැත්ත බලද්දිම එයා ඉස්සරහ බලා ගත්තා.




" මේ හලෝ..... හැමදාම හැමවෙලේම මං යන තැනටම පස්සෙන් එන්නෙ වෙන වැඩ නැද්ද තමුන්ට "




මං ඇහුවෙ එනවුසින් වල සද්දෙත් එක්ක නිසා හිමීට.




" මං ඔයාගෙ පස්සෙන් ආවෙ නෑනෙ ලෝයර් මිස් 😅 ඔයා මං ගැන හරිම වැරදියට තමයි හිතන් ඉන්නෙ "




" බීච් එකට ගියොත් බීච් එකේ කැෆේ එකකට ගියොත් කැෆේ එකේ කෝර්ට් එකට ගියොත් කෝර්ට් එකේ දැන් මෙතන.... මං කියන්නෙ බොරු නෙවේ "




" බීච් එකේදිත් අහම්බෙන් කැෆේ එකේදිත් අහම්බෙන් කෝර්ට් එකේදිත් අහම්බෙන් මෙතනදිත් අහම්බෙන් නෙ මෙයා. ඔයාව ෆලෝ කරනවට වඩා මට වැඩ ගොඩක් තියනවා 😙😅 මං හිතන්නෙ මාව ෆලෝ කරන්නෙ ඔයයි "




ඒකට තරහ ගියා ඇත්තමයි. මෙයා මීට් වෙන වෙලාවලට කට වහන් ඉන්නැතුවට මටයි ගන්නෝනි. මගෙ නම්බුව මමම කා ගන්නවා වගේ වැඩක් තමයි මේයා එක්ක කතා කරනවා කියන්නෙ.




" දැන් අද මෙතනට ආවෙ ඇයි😏 "




" ඇයි එන්න පුලුවන් ඔයාට විතරද. මගෙ නංගී..... "




එයා කිව්වෙ ඉස්සරහා ප්ලේ කරන කෙල්ලව පෙන්නලා. ඔව් ඒ එයා. එදා පාර්ක් එකේදි දැක්ක ඒ ලස්සන කෙල්ල තමයි එයා. එයා ප්ලේ කරේ බටනලාවක්. ලස්සන බටනලාවක් ඒක. ඒක හරිම ලස්සන විදිහට ප්ලේ කරනවා එයා. හරියට ගොඩක් එක්ස්පීරියන්ස් තියනවා වගේ. හිත නිවන ඒ මියුසික් එක ඒ නංගිටම ගැලපෙන එකක්.




" එයා නිසයි මෙතනට ආවෙ. ඔයා ෆලෝ කරේ නෑ ලෝයර් මිස් 😌 "




" ඒ.... ඒ ඔයාගෙ.... ඔයාගෙ නංගිද " මට කියවුනේ ඉබෙටමයි. මං මොනාද අනේ ඒ හිතුවෙ. මං නම් මහ අනේ කොච්චර වැරදිද මං.




" ඔව් ඇයි මොකක්ද ප්‍රශ්නෙ "




නෑ නෑ මුකුත් කිය්න්නෙපා අසෙනි. එදා පාර්ක් එකේ දැක්ක එක කිව්වොත් ගෙදර දුවන්නයි වෙන්නෙ කටවහන් ඉන්න.




" නෑ නෑ මුකුත් නෑ. එයා ඒක ලස්සනට ප්ලේ කරනවා " මං කිව්වෙ ඇත්තටම.




" හ්ම්ම්ම් එයා හැම අවුරුද්දෙම මට කතා කරා එන්න. මං නැති නිසා ආවෙ නෑ. මං හිටියෙ ලංකාවෙ නෙවේ වෙන රටක ඒ නිසා ඉතින් යන්න බැරි උනා. පවු.... ඉතින් අද එක්කන් ආවා. "




" ඉතින් ඇයි ඔයා නංගිගෙ පාට්නර් උනේ නැත්තෙ "




" එයා යාලුවෙක් එක්ක ගියේ. "




ඔක්කොම ප්ලේ කරලා ඉවර උනාම එනවුසින් කරන දෙන්නා ස්ටේජ් එකට ආවෙ විනර්ස්ලා කියන්න වෙන්නැති.




" අද අපේ ටූනමන්ට් එකට විශේෂ දවසක් වෙනවා. මොකද ඇප්ලිකේෂන් නොදැම්මත් තවත් කපල් එකකට අවස්තාව තියනවා මේ ස්ටේජ් එකේ ප්ලේ කරන්න. දිනුම ඔබේ අතේ වෙන්න පුලුවන්. ඉදිරිපත්වීමයි වටින්නෙ. "




විනාඩි දෙක තුනකට පස්සෙ මට එහා පැත්තෙ හිටපු එයා නැගිට්ටෙ එයාගෙ පැත්තට ලයිට් එක කැරකෙද්දි. එතෝටම මං ඉන්න තැනත් එලිය උනා. එයා මං දිහා බලාගෙන. හැමෝගෙම අත්පුඩි මැද්දෙ එයාට තව පාට්නර් කෙනෙක් එන්න කියද්දි එයා මුලු හෝල් එක දිහාම බැලුවා. මේක මට ජීවිතේ හම්බෙන පලවෙනි අවස්තාව. අනික එයා එක්ක ප්ලේ කරනවා කියන්නෙ එයා කවුද කියලා අදුර ගන්නත් පුලුවන් වෙයි. ඊලග විනාඩියේ මං නැගිට්ටෙ හැමෝගෙම අත්පුඩි කනේ දෝංකාර දෙද්දි.




මං දන්නෑ ඒ මියුසික් එක මට ප්ලේ කරන්න පුලුවන් වෙයිද කියලා. වයලින් එක ප්ලේ කරන්න තෝර ගත්තට වයලින් එක අතට ගත්තෙත් ගොඩක් කාලෙකින්. දිනන්න ඕන්නෑ ආසවටයි ආවෙ. මං ප්ලේ කරේ මං බලපු එක වීඩියෝ එකක මට මතක මියුසික් එකක්. ඒකට එයා ගිටාර් එක කොහොම ප්ලේ කරයිද මං හිටියෙ බයෙන් වගේ.




ඒත් හිතුවටත් වඩා හොදට අපි දෙන්නගෙ ප්ලේ එක නැගලා ගියා. අපි දෙන්නම ඒක ඇතුලෙ ජීවත් උනා වගේ. මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලත් මට අමතජයි. හීනයක් වගේ. ජීවිතේට අමුතුම නුහුරු ලස්සන මතකයක් උනා ඒක.




අන්තිමට අවෝඩ් එකයි සෙටිෆිකට් එකයි දෙන වෙලාව ආවා. මං ලෑස්ති උනේ හෝල් එකෙන් එලියට යන්න.




" අසෙනි..... ඔහොම ඉන්න " එයා මගේ අතින් අල්ලපු පලවෙනි පාර ඒක. ස්ටේජ් එක දිහාම බලාගෙන එයා මගේ අත පුටුවට තද කරද්දි මාත් ස්ටේජ් එක දිහා බැළුවෙ මුකුත් හිතා ගන්න බැරුව.




" ද විනර් ඊස් මිසිස් අසෙනි එනාරා බෝවත්ත ඇන්ඩ්...... මිස්ටර් ශනෙල් නිමේෂ් කලුපහන. ප්ලීස් කම් ඔන් ද ස්ටේජ් "




මට අදහ ගන්නත් බෑ. ඉන්න තැනත් අමතක උන තරම්. වින් කරපු එකටත් වඩා එයා.... එයා තමයි නිමේෂ්.... ශනෙල් නිමේෂ්. යූඑස්වල හිටන් ෆේමස් ඒ ලෝයර් එයා තමා. මං මේක කොහොමද විශ්වාස කරන්නෙ. මෙච්චර කල් මං අපේ ෆීල්ඩ් එකේ සක්න්ඩ් වෙලා හිටියෙ එයා නිසා... ගොඩක් දේවල් අහපු දැකපු කවදාවත් හම්බෙන්න බැරි වෙයි කියලා හිතපු ඒ ලෝයර් එක්කයි මං මෙච්චර දවස් රන්ඩු උනේ. අද මේ වින් එක..... මට මේක හීනයක් වගේ.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



කමෙන්ට් වලට ගොඩාක් තැන්ක්ස් 🌼❤️✨




♾ U_H





Report Page