The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

12🌼👀




මං ශේප් එකේ මගේ කාර් එක පැත්තට යන්න ගියාට අයියට තියෙන රබර් ඇස් දෙක හැමදාමත් වගේ ඉස්සර උනා.




" ඒයි.... කොහෙද තමුසෙ යන්නෙ "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




" ම... මගෙ කා එක ගන්න "




" ඒක පස්සෙ ගමු. නගිනවකො කා එකට "




අද නම් උබ ඉවරයි අසෙනි. මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව නගින්නැතුව බැරි කමට මං අයියගේ කා එකට නැග්ගෙ අයියත් එහා පැත්තෙන් නගිද්දි.




විනාඩි ගානක් යකම්ම අයියා මුකුත් කතා කරේ නෑ. අයියගෙ වෙනසක් වෙලාද මන්දා. ඇයි එයා මට බනින්නැත්තෙ. කුනාටුවක පෙර සලකුනුද දන්නෑ හැබැයි. ඉදලා ඉදලා මංම කතා කරේ මූට මොනාද වෙලා තියෙන්නෙ කියලා බලන්න.




" අයියේ.... "




තුන් සරයක් විතරම මං කතා කරා. එයා තරහ වෙලා කොහෙද. තරහ වෙලා මට බැන්නත් කමක් නෑ ඒත් අයියා මෙහෙම වචනයක්වත් කතා නොකර ඉන්නකොට දුකයිනෙ 🥺




" අනේ අයියේ මං පාලු නිසයි ඔයාගෙ හොස්පිට්ල් එකට ආවේ. මං එහෙම දෙයක් දන්නෑනෙ අයියේ. අනික ඔයා මට එහම දෙයක් කියලා තිබ්බද. මෙච්චර ලගින් ඉන්න මටවත් නොකියා ඔයා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. එක වචනයක් කිව්වද ඔයා ඒ ගැන. ඒ අතින් මං විතරක් නෙවේ ඔයත් වැරදියිනේ. කොහොම උනත් මං තමා වැරදි මට බනිනවා නම් බනින්න. ගහනවා නම් ගහන්න. ඒත් ඔහොම වච්නයක්වත් කතා කරන්නැතුව ඉන්නෙපා අයියේ 🥺 "




ඒත් එයා මුකුත් කිව්වෙ නෑ. අපි දෙන්න රන්සු උන දේවල් වල හැටියට ඒක චූටි දෙයක්. අනික දැන් ඒ අක්කා අයියා එක්ක තරහකුත් නෑ. ඇයි අයියා මෙහෙම හැසිරෙන්නෙ. පොඩි දෙයක්වත් දරා ගන්න බැරුව වගේ එයා පොඩි එකෙක් වගේ හැසිරුනාම මං මොනාද කරන්නෙ.




" අනේ අයියේ ප්ලීස් 🥺 "




ඒත් එක්කම අයියා හයියෙන් බ්‍රේක් කරේ නලල ඉස්ස්‍රහ ශටර් එකේ ගෑවී නොගෑවී යන තරමට වේගෙන්.




ඒ තත්පරෙන් අයියා මාව බදා ගත්තෙ මොකක්ද වෙන්නෙ කියල මට හිතා ගන්නවත් වෙලාවක් නොතියා.




" පැහිච්ච ආච්චි. උබට බැනලා මදි හම ගහන්නයි ඕනි. "




" සොරි ඉතිම් 🥺 "




" මමයි සොරි කියන්න ඕනි. මට ඔයාට කියන්න තිබ්බා. ඉතින් මටත් සොරි "




" එහෙම බෑ. කවුද ඒ අක්කා. කවද්ද කොහොමද කොතනදිද හම්බුනේ. "




" මෙහෙමයි. එදා ඔයාගෙ 25 වෙනි කේස් එකේදි හදිස්සියක් කියලා මං ආවා මතකද ඔයාට අයිස් ක්‍රීම් එකක් අරන් දිලා "




" ඔව් මතකයි. මොනාද ගොනෝ එච්චර කල් ඉදන් තියන එකක්ද මේක. තමුසෙව තියන්න වටින්නෑනෙ ඕයි 😒 "




" ඇඩ් දාන්නැතුව අහගෙන හිටපන් ඇහ්. එදා මීටින් එක රන් කරන්න තිබ්බෙ මට. එදා අලුත් ඩොක්ටර් කෙනෙක් එන්න ඉන්නවයි කිය්ලා බොසා කියද්දි විනාඩි 5කට විතර පස්සෙ ඒ ආපු අලුත් ඩොක්ටර් තමා ඒ චූටි කෙල්ල මිහිලි. අපි දෙන්නට එකට කරන්න ප්‍රොජෙක්ට් එකක් බාර උනා. එතෝට ඉතින් ඔය දන්නැද්ද. එයා ගොඩක් අහිංසක කෙල්ලෙක් නංගී. අනික ලස්සයි "




" ඔව් මං තරම් නෑ 😏 "




" ඇඩ් දාන්නෙපා යකො දෙන්නෙ පයින් හරිද. එයාගෙ කියන්න තරම් වැර්ද්දක් නෑනෙ නංගී. ඉගෙනගෙනත් ඉන්නෙ. ඉන්නෙත් අම්මා විතරලු. අනික..... මං ඒ අම්ම එක්කත් ක.... "




" තමුසෙ අම්ම එක්කත් කතා කරලා තියෙද. මගුල් කතා කරන්න කලින් මේ නංගිව මතක් උන්නැද්ද ගොබ්බයෝ "




" කියනකම් හිටපන් බන්. මං ඒ අම්ම එක්කත් කතා කරන්න හිටියෙ කියලා කිව්වෙ. එයා හොදයි නේත 🌝 උබ හොද නෑ කිව්වත් මං එයාට ආදරෙයි "




" හැච හැච තමා 😒 "




" මේ අයියේ අහනවකෝ " මං කතා කරේ හිතේ හිර කරන් හිටපු එක තවත් නම් බෑ කියලා හිතලා.




" කියනවා "




" ඔයාට එතකොට ඒ අක්ක ගැන බලන්නයි ජොබ් එකේ වැඩයි ඔක්කොමත් එක්ක මං එක්ක ටයිම් පාස් කරන්න බැරි වෙයි නේද. ඔය දෙන්න කවදා හරි යන තැනක මාවත් එක්ක යන්න හරිද. මාව අමතක කරන්න එපා ඇහ් 🥺 "




සීරියස් වෙලා මං කිව්වෙ මෙච්චර වෙලා හිත කිය කිය අඩපු දේ. ඇත්තටමයි අයියව මට මගෑරෙයි කියලා සාදාරන බයක් තිබ්බා. අයිය නැති උනොත් මට වෙන කවුරුත් නෑ. සල්ලිවලින් වැඩක් නෑ. සල්ලි තිබ්බට මට මගෙ අයිය වගේ අය ගන්න පුලුවන් කියලායෑ.




" පිස්සුද නංගී. තමුසෙ එච්චර දුර හිතුවද. හූ මෙන්න අඩනවෝ 😂 "




" තමුසෙනම් කොහෙට්වත් වැඩක් නැති එකෙක් මෝඩයා. ඒ අසර අක්ක පවු 😒 "




දවස් දෙකකට විතර පස්සෙ මං මගෙ ඔෆිස් එකට ගියා.




" හෙලෝ අසෙනි උබ ඔෆිස් යනවා නේද බන් "




" අහ් ඔව් අශේන් ඇයි මොකක් හරි හදිස්සියක්ද "




අශේන් කියන්නෙ අපේ ෆීල්ඩ් එකේම බැබලෙන තරුවක් වගේ කොල්ලෙක්. අපි දෙන්න සෙට් උනෙත් කේස් එකකට ෆේස් කරද්දිම තමා. දැන් අශේන් හොද යාලුවෙක් මට.




" ඔව් ටිකක් ඒ වගේ. මං හෙට අනිද්ද දිහාට උබව මීට් වෙන්න ඔෆිස් එකට එන්නම් මේ දවස් ටිකේම ඔෆිස් එකේ ඉන්නවා නේද "




" හෙට නෑ බන්. අනිද්ද ඉදන් දිගටම එනවා "




" හරි එල ඒනම් තිබ්බා කෙල්ලෙ. මං එන්නම්කො "




" හරි හරි "




අශේන්ගෙ කට හඩ කලබලයි. මොකක් හරි කේස් එකක් වගේ. අනිද්ද විතර එයිනෙ එතෝටම බලනවා.




හෙට තමා ඒ මියුසික් ටූනමන්ට් එක තියෙන්නෙ. හැම අවුරුද්දෙම මැයි 16 ඒ ටූනමන්ට් එක තියනවා. බේදයක් නැතුව මියුස්ක් ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න පුලුවන් වයකස මනුස්සයාගෙ ඉදලා අවුරුදු 5 පොඩි ලමයල එනකම් ඒ ස්ටේජ් එක ඕපන්. හැබැයි දෙන්න දෙන්න විදිහට තමයි ප්ලේ කරන්නෝනි. එකම ඉන්ස්ටෘමන්ට් එක වෙන්නත් බෑ දෙන්නා ප්ලේ කරන දෙක වෙනස් වෙන්නෝනි.




ඒ ටූනමන්ට් එකේ හොදම ප්ලේයර්ස්ලා දෙන්නට සෙටිෆිකට් එකයි අවෝඩ් එකයි එවලෙම දෙනවා. මට වයලින් එක ප්ලේ කරන්න පුලුවන් උනත් ඒකට කවදාවත් ප්ලේ කරලා නෑ මට තව පාට්නර් කෙනෙක් නැති නිසා. ඒත් මං ගොඩක් ගොඩක් ගොඩක් ආස කරා ඒක බලන්න.




එක එක ඉන්ස්ටෘමන්ට් එකේක අය ප්ලේ කරනවා. සමහර චුටි ලමයි පවා ලස්සනට ප්ලේ කරනවා. ඉතින් මං දැන් අවුරුදු ගානක් එක දිහට ඒ ටූනමන්ට් එක බලන්න ගියා. අයියා මාත් එක්ක ඇවිත් තියෙන්නෙ එක සැරයයි. ඒකත් අහම්බයක්.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ මොකද කියන්නෙ මෙයාලා තව කේස් එකකට බහිමුතේ 🌝


ඒක නෙවේ බලන්න ඔයාලා කොච්චර කුරිරුද කියලා. බෝනස් දෙනවා කිව්වම කමෙන්ට් 551ම තිබ්බා. ඊයෙ එකට එකසිය ගානයි තිබ්බෙ. ඇයි ඔයාලා ඕම 🥺😒


කමෙන්ට් වලට ගොඩාක් තැන්ක්ස් 🌼❤️✨




♾ U_H


Report Page