The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

11🌼👀




අයියා වෙන්න ඇති. ඒත් ඒ කට හඩ අයියාගෙ නෙවේ. ඒත් කටහඩ පුරුදු එකක්. මං පිටිපස්ස බැලුවට තිබ්බෙ කකුල් දෙක විතරයි. කකුල් දෙකේ ඉදන් උඩටම බැලුවෙ කවුරු උනත් රිට වගේ මනුස්සයෙක් කියලා හිතෙද්දි.




" ඔයා.... ? "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මං බනින්න කට හදද්දි එයා මට එහා පැත්තෙ ඉද ගත්තෙ සන්සුන්ව. එයා දකින් දකින හමවෙලේම මොකක් හරි දේකට මං කෑගහද්දි ඒ හැමදේටම හිනාවකින් උත්තර දෙන්න වගේ එච්චර සන්සුන්ව ඉන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.




" ඔයා මො.... ඔයා මොකද මෙතන කරන්නෙ "




වැල්ලෙ මට එහා පැත්තෙ ඉදගෙන මට දුන්න වර්ගෙම අයිස් ක්‍රීම් එකක් කකා ඉන්න එයාගෙ අකීකරු කොන්ඩෙ හුලගට උඩට ඉස්සෙන්නෙ එයාගෙ ලස්සන තවත් වැඩි කරලා. මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට එයා කරේ මුහුද දිහා බලන් හිටපු එක.




" මේ හලෝ.... 😒 "




" ඇයි මෙතන ඉන්න බැරිද මට "




" නෑ ඒත් මේ...... මෙතන ඉන්.... "




මං කියලා ඉවර කරන්නත් කලින් එයා කතා කරේ මගෙ මූනවත් නොබලා මුහුද දිහාම බලාගෙන.




" කවුද දුන්නෙ බලන්නෙවත් නැතුව දුන්න අයිස් ක්‍රීම් එක ගත්තා නම් එහා පැත්තෙ ඉන්නෙ කවුද බලන්නැතුව පාඩුවෙ කන්න. "




මොනා උනත් මනුස්සයෙක් එච්චර අසර කරනෙක හොදනෑ. මං ඒ දිහා ටිකක් බලන් හිටියෙ මොනවද දැන් කියන්නෝනි කියලා හිත හිත. අයිස් ක්‍රීම් එකකුත් දුන්න එකේ කෑ ගහන්නැතුව ඉන්නෝනි නැත්තන් ෆ්‍රී හම්බුන අයිස් ක්‍රීම් එකත් කා ගන්න බැරි වෙයි. මාත් මුකුත් කියන්නැතුව මුහුද දිහා බලන් දිව්‍ය භෝජනේ වගේ තිබ්බ අයිස් ක්‍රීම් එක ලෙවකෑවෙ මගෙ ඇග උඩ නෙවේනේ මට එහා පැත්තෙනෙ ඉදන් ඉන්නෙ කියලා හිත හදාන.




මොනා උනත් කාගෙන් අයිස් ක්‍රීම් ගත්තත් එයාගෙන් නොගෙන් ඉන්නයි තිබ්බෙ මට. කොහෙද ඉතින් කටට බ්‍රේක් නෑනෙ මගෙ 😒 දැන් ඉතින් මොනා කරන්නද.




විනාඩි දෙක තුනක්ම එයාවත් මංවත් හ්ම් කිව්වෙවත් නෑ. එයා එහා පැත්තෙ ඉද්දි මං හිත එක තැනක තියන් අයිස් ක්‍රීම් එක කන්නෙ කොහොමද. නිදහසෙ අයිස් ක්‍රීම් එකක්වත් කන්න දෙන්නෑ මේ මනුස්සයා. තනියෙන් ඉන්න හැමවෙලේම මොකට හම්බෙනවද මංදා. ශික්.




" මේ ඒක නෙවේ ඇයි මං හම්බෙන හැමවෙලේම ඔයා ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා රන්ඩු කරන්නෙ "




" ම.... මං මේ..... මං රන්ඩු කරේ නෑ ඔයානෙ එකේක ඒව කියලා පටන් ගන්නෙ 😒 "




" දැනුත් කරන්නෙ ඒකමනෙ ඉතින් නෑ කිව්වට. දැන් පටන් ගත්තෙ මමද "




නෑනෙ මමනෙ පටන් ගත්තෙ. බිම බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනා කියන්නද. එයා ලෝයර් කෙනෙක් වීමේ ප්‍රතිපල තමා මේවා. දවසක එයයි මායි කේස් එකක් හැන්ඩ්ල් කරොත් ශුවර් මං පරදින එකේ පෙර සලකුනු තමා මේවා.




" මුලු රටක් දන්න ලෝයර් මිස්ට මගෙ ඉස්සරහ මගෙ ඉස්සරහ කට වැහුනා කියන්නෙ කොහොමද කියලා වෙන්නැති කල්පනා කරන්නෙ " කින්ඩියට වගේ හින්ට් එකක් ගැහුවෙ මං එයාට රව ඉද්දි.




" ඔයා කොහොමද දන්නෙ මං ලෝයර් කෙනෙක් කියලා. එතෝට නම අසෙනි කියලා. මෙතන ඉදන් හිටියෙ මංමයි කියලා අදුර ගත්තෙ කොහොමද එතකොට. "




" අයිසෝ සිම්පල්නෙ. ලෝයර් කෙනෙක් කියලා දන්නෙ පලවෙනි වරට මගේ කාර් එක කෝර්ට් එකේදි ඩැමේජ් කරපු නිසා. නැත්තන් ඔයා කෝර්ට් එකට ගිහින් පොල් ගානවයෑ. නම අසෙනි කියලා දන්නෙ ඔයාව මං විතරක් නෙවේ මේ මුලු රටක්ම දන්න නිසා. අර අන්තිමට අහපු ප්‍රශ්නෙකට නම් උත්තරේ ඉතින්...... දන්නෑ "




" සමහර විට.... සංසාර පුරුදු වෙන්නැති "




කුටු කුටු ගගා ඒක කිව්වට මට ඒක ලාවට වගේ ඇහුනා.




" හෑ..... ආ යූ ක්‍රේසි.... සංසාර පුරුදුලු 😏😅 " මාත් කින්ඩියට වගේ හිනා උනේ රිටර්න් එකක් විදිහට. සකන්ඩ් වෙන්න පුලුවන්ද එහෙම 😏😌




මං කරපු විදිහටම එයත් මට රැව්වෙ එයා රවනවා දැක්ක පලවෙනි පාර නිසා මට හිනාවක් එද්දි. අවුලක් නෑ ඉන්න්වට වඩා රවනකොට ලස්සනයිද මංදා.



" මේ ඒක නෙවේ. එදා කැෆේ එකේදි අර පොඩි කෙල්ල අර අන්තිමට කියලා දිව්ව එකට ඔයා ඔලුව වැනුවෙ මොකද. ඒ පොඩි ලමයෙක් එයාලා කියන ඒව එයාල්වත් දන්නෑ කියලා දන්නැද්ද. ඒකටත් ඔලුව වනන්නෙ "




" පොඩි ලමයි ගැන දන්න නිසා තමා හා කිව්වෙ. ඒ චූටි ලමයට බෑ කිව්ව නම් හිත රිදෙනවනෙ. තව තව ප්‍රශ්න අහයි එහෙනම්. ඇයි ඔයා හිතුවෙ මං ඒක ඇත්තටම කිව්ව කියලද 😅 "




කින්ඩියට වගේ ඒක කිව්වෙ හානිය වෙන්නෙ මේ මගේ ආත්ම ගරුත්වෙටනෙ 😒 එයා එක්ක එකට එක කතා කරලා නම් දිනන්න හම්බෙන්නෑ කියලා තේරෙන්නෙ දැන් තමයි. තවත් මොකුත් නොකියා ඉන්නෙක ඇගට ගුනයි. නැත්තම් ඉල්ලන් කන්න වෙන්නෙ.




දෙන්නම මුහුද දිහා බලන් අයිස් ක්‍රීම් එකේ අන්තිම හරිය කෑවෙ අපි දෙන්න අතරෙ මුහුදු හුලගෙ සද්දෙ විතරක් තියෙද්දි.




" නංගී..... "




පිටිපස්සෙන් ඇහුන ඒ කට හඩට මං උඩ ගියේ ඒ කටහඩ අයියගෙනෙ කියලා අදුර ගද්දි. දැන් මං පිටිපස්ස බලලා අයියට මේ මනුස්සයා ගැන මොනවද කියන්නෙ. මොනා කියන්නත් දැන් බැලුවෙ නැත්තන් අයියා කලින් ඒවටත් එක්ක මෙතන තරහින් කෑ ගහයි.




" අ.... අය්....අයියා "




මං අයිස් ක්‍රීම් එක කටේ ගහගෙනම පිටිපස්සන බැලුවෙ නැගිටන ගමන්. ඒත් එක්කම එයත් නැගිට්ටෙ මං අයියා දිහා බලලා එයා දිහා බලද්දි. ඒ මූනෙ තිබ්බෙ ප්‍රශ්නාර්ත බැල්මක්. එතෝට මට ටිකිරි මොලයක් පහල උනේ ඒ වෙනකොට අයියගෙ තරහත් නිවිලා වගේ තිබ්බ නිසා.




මං අයියගෙ අතේ එල්ලුනේ අයියා ඒ කෙනාගෙ ඉඩ ඉදන් පල්ලෙහාටයි පල්ලෙහා ඉදන් උඩටයි බලද්දි.




" යාලුවෙක්ද ? "




අයියා ඇහුවෙ මගෙ මූන දිහා බලලා. මං ඔලුව උස්සලා අයියා දිහා බැලුවෙ එතකොටයි.




මං ඔව් කියන්නැතුව උඩටයි පල්ලෙහාටයි ඔලුව වැනුවෙ ආපහු නෑ කියන්න වගේ දෙපැත්තට ඔලුව වනලා.




" යාලුවෙක්ද නැද්ද. පිස්සෙක් වගේ හැසිරෙන්නෙපා "




" ඒ වගේ තමා " මං කිව්වෙ එයා දිහා බලලා.




" නගින්න කාර් එකට. ගෙදර යමු "




හරිනෙ. මං වැඩ්ඩා. රිටර්න් එක දෙන්නෝනි ස්තානෝචිතව 😌😏 ඇයි එදා එයාගෙ අතෙත් කෙල්ලෙක් එල්ලිලා හිටියේ. ඒ කෙල්ල වෙන්නැති. ඒම තියෙද්දි අද මට එහා පැත්තෙ වාඩි උනේ මොකටද. දැන් එයා හිතන්නෝනි මටත් කොල්ලෙක් ඉන්නවා කියලා. හරිනෙ අදින් ඒ කරදරෙත් ඉවරයි. ටිකිරි මොලේ තමා.




එයා පේන්නැති දුරට යනකම්ම මං පිටිපස්ස හැරිලා ආයෙ බැලුවෙත් නෑ අයියගෙ අත අතෑරියෙත් නෑ. එයා පේන්නැති දුරට ගිහින් අයියගෙ අත අතාරිද්දි තමා රත් උනේ.




දැන් අයියා අහන ප්‍රශ්න වලට දෙන උත්තර මොනාද. එයාට තරහ ගිහිල්ලත් හිටියෙ. ඒවටත් එක්ක අල්ලලා මේකට බනින්න ගත්තොත් මට ගෙදර ඉන්නත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ.




මං ශේප් එකේ මගේ කාර් එක පැත්තට යන්න ගියාට අයියට තියෙන රබර් ඇස් දෙක හැමදාමත් වගේ ඉස්සර උනා.




" ඒයි.... කොහෙද තමුසෙ යන්නෙ "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ බෝනස් දෙන්න ඔයාල ඉතින් කමෙන්ට් 500ක් දිලා තිබ්බෙ නෑනෙ මෙයාලා 😌 අරකට මේකයි මේකට අරකයි සමානයි ඇහ් එතෝට.




කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි උනාට ඔක්කොම කියවනවා. ගොඩාක් තැන්ක්ස් 🌼❤️✨




♾ U_H




Report Page