The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

10🌼👀




මට ඒ අක්කට කියන්න තිබ්බා. කදුලු කම්මුල් දිගේ ගැලුවෙ හැම්දේටම වඩා අයියා මට කෑ ගැහුවෙ හිතේ තිබ්බ දුකට කියලා මතක් වෙද්දි. එයාට මට ගහන්න බැරුවයි හිටියේ. ඒ දෙන්නම දැන් අඩනවා ඇති. මං මේක හරි ගස්සන්න ඕනි. පවු අයියා හොදට තිබ්බ කුරුලු කූඩුව මං කඩලා දැම්මා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




තැනින් තැන හයි කරලා තියෙන බල්බ් නිසා ඇරෙන්න ඒ කොරිඩෝ එක අදුරුයි. අයියා බැනපු එක ඒ කෙල්ල කදුලු පුරවගෙන මූන රතු කරගෙන අහිංසක විදිහට ගියපු එක ඒ හැම දේම මතක් වෙද්දි මට එන ඉකිය කොරිඩෝ එකේ දෝංකාර දෙනවා.




කදුලු වැටෙන වැටෙන සැරේට මං කොරිඩෝ එක දිගේ දිව්වෙ කොහෙ යන්න ද කියලා අදහසක්වත් නැතුව.




හදිස්සියේ එක ඩෝ එකක් ලග නැවතුනෙ ඒ නම නිසා. මිහිලි..... ඒ ඩෝ එකේ තිබ්බෙත් ඒ නම. ඩොක්ඩර් මිහිලි නෙහාරා. ඔව් ඒ එයාම තමා. ඇස් දෙකේ කදුලු ඇඩුවේ නෑ වගේ පිහදගත්තත් මට මගෙ ඉකිය නවත්ත ගන්නවත් ඇස් දෙක රතු වෙන එක නවත්ත ගන්නවත් බෑ.




මං දොරට තට්ටු කරේ ලොකු හුස්මක් අරන් පිටකරලා.




" මේ අයි කම් ඉන් "




" යස් ප්ලීස් කම් " ඒ කට හඩ වෙනස් වෙලා. ලස්සනට කලු පාටින් දිලිසුන් ඇස් රතු වෙලා. රෝස පාටට තිබ්බ කම්මුල් විතරක් නෙවේ මූනම මැලවිලා රතු වෙලා. මං නිසයි ඒ. මගෙ අයියට කොච්චර දුක ඇතිද දැන්.




" ටේක් අ සිට් " එයා කිව්වෙ ඉස්සරහ පුටුව පෙන්නලා උනත් අහක බලාගෙන. එයා තවම මාව දැක්කෙ නෑ. මං දන්නෑ මාව දැක්ක ගමන් එයා මොනා කරයිද කියලා. කම්මුල් පාරක් කන්න හරි එයාට කතා කරලා යනව කියලා මං ඉද ගත්තා.




" ඔයා ? ඔයා කවුරු උනත් මට කමක් නෑ. ඇයි ආවෙ. ප්ලීස් යන්න මට තනියෙන් ඉන්න දෙන්න. "




" පොඩ්ඩක් අහන්න මං කියන දේ "




" මොනවද අහන්න කියන්නෙ. මට දැන් හැමදේම එපා වෙලා. ප්ලීස් ය්න්න මෙතනින් "




" ඒ ඔයාගෙ කවුද " ඇස් දෙක ලොකු කරන් එය මං දිහා බැලුවෙ පුදුම වෙලා.




" ඒ..... මගේ...... ම...මං එයා..... "




" ඔය දෙන්නා අදර එෆෙයා එකක්..... ? "




එයා බිම බලාගෙන ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ. අනේ එයා කොච්චර අහිංසකද. වෙන කෙනෙක් නම් මං මෙහෙම ඉදියිද කියලත් ශුවර් නෑ.




" ඇයි ඔයා මේව අහන්නෙ. ඇයි මං ඔයාට කියන්නෙ. ප්ලීස් යන්න මෙතනින්. යනව එලියට. ගෙට් අවුට් "




" ඒ මගේ අයියා. මගෙම අයියා. ඒක අම්මගෙ එක කුස උපන් අයියා. මං එයාගෙම නංගි. "




මං නැගිටලා දොර ගාවට ගිහින් දොර බාගෙට ඇරියෙ ආපහු පිටිපසන්න හැරිලා එයා දිහා බලලා. ඒයා ඉන්නෙ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව වගේ.




" ඔයා මගේ අයියට ඇත්තටම ආදරෙයි නම් එයාව අවිශ්වාස කරන්නෙ ඇයි. මගෙ අයියට කවදාවත් හිත් දෙකක් නෑ එයා අවංකයි. එයා නංගි කියලා කිව්වත් ඔයා හිතන්නැතුව එයාට බැනපු එකයි කරේ. චුට්ටක් විශ්වාස කරන්න තිබ්බ නේද. චුට්ටක් අයිය එක්ක හොදින් කතා කරන්න තිබ්බා. ඔයා අයියට ඇත්තටම ආදරෙයි නම් සමාව ගන්න එක ඔයාගෙ වැඩක්. "




එහෙම කියලා එයා තව එක වචනයක්වත් කියන්න කලින් මං එතනින් ආවෙ ඊලගට වෙන්නෙ මේකයි කියලා මං දැනන් හිටපු නිසා.




මං එලියට එනවත් එක්කම ඒ අක්ක දිව්වෙ අයියව හොයාගෙන කියලා මං දන්නවා. එයා අහිංසකයි. චූටි දේ තේරුම් ගන්න පුලුවන් නිසයි චුට්ටක් හිත රිද්දුවත් මං ඒ විදිහට කතා කරේ. නංගි කෙනෙක් විදිහට මං කරේ හරි දේද කියලා දැන ගන්න මං ඒ කෙල්ලගෙ පස්සෙන් ගියා.




දොරට කන තියන් බලන් හිටියේ අනේ හොද දෙයක් වෙන්න කියලා හිත හිත.




" මිහිලි.... මිහිලි මොකද මේ " මං හිතන්නෙ අයියව බදා ගත්තා.




" අයියෙ අයිම් සෝ සොරි. සමාවෙන්න අයියේ. මට ඔයාව විශ්වාස කරන්න තිබ්බා. මමයි වැරදි. ඔයා ඒ ඔයාගෙම නංගි කියලා කිව්ව එක මට විශ්වාස කරන්නයි තිබ්බෙ. මං ඔයාට ආදරෙයි අයියේ "




" ඒකට කමක් නෑ මිහිලි. මාත් ආදරෙයි "




දැන් මට නිදහසේ ඕන තැනකට යන්න පුලුවන්. දැන් ඒ දෙන්න ඒ දෙන්නගෙ. මං කාර් එක අරන් එතනින් ආවෙ බීච් එකට.




කාර් එක ඈතින් නවත්තලා වැල්ලෙ ඉද ගත්තෙ රැල්ල පාග පාග සෙල්ලම් කරන පොඩි ලමයි දිහා බලගෙන.




බෝලෙ පස්සෙ දුවන් පොඩි චූටි කෙල්ලව අල්ලන්න අම්මයි තාත්තයි දෙන්නම පස්සෙන් දුවන්නෙ හිනා වෙවී. ඒක නම් හරිම හිත නිවන දසුනක්. රන්ඩු වෙන පවුල් දැකල දැකල ඒ වගේ සතුටින් ඉන්න පවුලක් කියන්නෙ..... කොච්චර ලස්සනද. ඒ දුවන අම්මයි තාත්තයි චූටි ලමයයි මිහුදයි අල්ලලා මගේ අයි කැම් එකෙන් ෆොටෝ එකක් ගැහුවෙ ගතියට ෆොටෝ එක් වැදෙද්දි.




මුහුදු හුලග ඇවිත් මූනෙ වදිදි ඇස් පියවෙන්නෙ ඉබේටමයි. කොන්ඩෙ ගගගෙන යන්න වගේ. කකුල් දෙක වටේ අත් දෙක දාගෙන ෆෝන් එකත් අතේ තියන් එක එක ඒව හිත හිත ඉද්දි අයිස් ක්‍රීම් එක මතක් උනේ අයිස් ක්‍රීම් නලාවෙ සද්දෙ ඇහෙද්දි. කටට කෙලත් උනනවා වගේ. අයියෝ පර්ස් එක කාර් එකේනෙ. කාර් එක නැවැත්තුවෙත් දුර.




අයියා හිටිය නම් මොනා කරි කරලා ඉල්ල ගන්න තිබ්බා. දැන් එයත් නෑනෙ. ඊටත් වඩා දැණ් එයාට කෙල්ලෙක් ඉන්නවා. මං ගැන බලන්නත් බැරි වෙයි. එතෝට අයියට මාව මග ඇරෙයිද දන්නෑ 🥺 කෝම උනත් අවුරුදු 26ක් වෙලත් අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න කොල්ලෙක් නැති හැටි 😒 මගෙම කරුමෙ තමා.




" ඩූ යූ වෝන්ට් අයිස්ක්‍රීම් "




මගෙ මූන ඉස්සරහට අයිස් ක්‍රීම් එකක් ආවෙ ඉබේ පහල උනා වගේ. මොනා උනත් පුරුදු කට හඩක්. කටහඩේ අයිතිකාරයාගෙ මූන බලන්න කලින් අයිස් ක්‍රීම් එක කාල ඉන්නෝනි. මං ඒක ගන්න අත දික් කරද්දි ඒක චුට්ටක් ඈතට ගියේ එක්කො මට අයිස් ක්‍රීම් මැවි මැවී පේනවා. එක්කො අයිස් ක්‍රීම් එක මාත් එක්ක සෙල්ලම් කරනව කියලා හිතෙද්දි.




ඊට පස්සෙ අයිස් ක්‍රීම් එක ගන්න අත දික් කරද්දි නම් ඒක ගන්න පුලුවන් උනා. අම්මෝ ඒක චොක්ලට් එකක්. මං ආසම එකක්. අයිස් ක්‍රීම් එක කටේ ගහ ගත්තට පස්සෙ දෙවනි රාජකාරිය තමා දුන්නෙ කවුද බලන එක.




අයියා වෙන්න ඇති. ඒත් ඒ කට හඩ අයියාගෙ නෙවේ. ඒත් කටහඩ පුරුදු එකක්. මං පිටිපස්ස බැලුවට තිබ්බෙ කකුල් දෙක විතරයි. කකුල් දෙකේ ඉදන් උඩටම බැලුවෙ කවුරු උනත් රිට වගේ මනුස්සයෙක් කියලා හිතෙද්දි.




" ඔයා.... ? "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ " ඔයා කතාව දෙන්නෙත් නෑ දෙන එකත් චූටි " ඒ කමෙන්ට් එකෙන් පස්සෙ නම් හිතුනෙ බිත්තර කට්ටක් හොයා ගන්න වෙයි වගේ සීන් එකක්. අනේ ඇත්තටන සොරි කතාව දෙන්න බැරි උනාට. සමාව බාජනේකට දාලා දෙන්න මෙයාලා.




එකක් චූටි චූටි වැඩ වගයක් තිබ්බා. අනික මට කතාව ලියන්න හිතුනෙත් නෑ කමෙන්ට් අඩු නිසා. ඉතිම් සොම්රි ඇහ් 🥺 හරි ඔක්කොටම හරි යන්න අද බෝනස් දෙන්නම් හැබැයි කමෙන්ට් 500කවත් තිබ්බොත් 😌




කමෙන්ට් කරන නොකරන හැමෝටම ගොඩාක් තැන්ක්ස් 🌼❤️✨




♾ U_H

Report Page